⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
⬇
SIP කියන්නේ Self Improvement Project කියන එකයි
අපේ ජීවිතවල Rewind button එකක්වත් Undo button එකක්වත් නෑ. අපි හැමෝම දන්නවා පසුතැවිලි වුනා කියලා කිසි දෙයක් සිදුවෙන්නෙත් නෑ සිදුවුණ දෙයක් වෙනස් කරන්නත් බෑ. ඒ නිසා හුදෙක් අතීතය ගැන කල්පනාකිරීමෙන් පමණක් අපේ ජීවිතවල දියුණුවක් ඇතිවෙන්නේ නෑ. මෙය තේරුම් නොගන්නා තාක් එයින් ඇතිවන අහිතකර බලපෑමද තේරුම්ගන්න බැරි වෙනවා. ජීවිතයට දියුණුවක් අවශ්‍ය නම් ධනාත්මක වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ජීවිතයට හොඳ දැක්මක් තිබීමත් වැදගත් දෙයක්. ඒ තුලින් ශක්තිමත් අභිප්‍රේරණයක් ලබා දෙනවා හැම බාදකයක්ම හමුවේ නොනැවතී ඉදිරියටම යන්න.
ඉතිං මෙම ධනාත්මක වෙනස ජීවිතයට ඇති කරගන්න නම් නැවුම් ආරම්බයක් සහ හොද ස්වයං පාලනයක් අවශ්‍ය වෙනවා. පුද්ගලයන් වශයෙන් මේ සඳහා ප්‍රයෝගිකව කළහැකි දේවල් බොහොමයක් තියෙනවා වගේම පහත කරුණු 12 ඔබට උදව් වේවි හොද ආරම්භයකට....
1. තමන්ටම නරක ලෙස දොස් පවරාගැනීම නවත්තන්න.

ඔයාට ලේසියෙන්ම ඔයාගෙම සතුරා වෙන්න පුළුවන් නමුත් වැදගත් වෙන්නේ හැම සැමවිටම ඔයාටම ආචාරශීලී වීමයි. අනවශ්‍ය ලෙස ඔයාවම අවතක්සේරු කරගැනීම මානසික ශක්තිය අඩු වීමට බලපානවා. “මම කිසිම වැඩකට නැති එකෙක්” , “මං මහා කාලකන්නියෙක්” , “මට වැඩ හොදට මගේ යාලුවට පුළුවන්” වගේ ඍණාත්මක ආකල්ප කරගන්න එක නවත්තන්න. “මගේ යාලුවට පුළුවන් නම් අනිවරෙන්ම මටත් පුළුවන්” කියල හිතන්න පටන්ගන්න.
2. තමන්වම අභිප්‍රේරණය කරගන්න.

මෙහි ඇති වටිනාකම අත්දැකීමට ඇති හොදම ක්‍රමේ තමයි කොලයක් අරගෙන ඔයාගේ අරමුණු සහ එම අරමුණු සපුරගනීමෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාබ list එකක් විදියට ලියලා නිතරම පේන තැනක තියාගන්න. ඒකෙන් ඔයාවම motivate වෙයි නිරායාසයෙන්ම. මෙය එක ක්‍රමයක් විතරයි තව ගොඩක් ක්‍රම තියෙනවා.
3. තමන්ව පිළිගන්න.

ඔයා කරන හෝ කරපු කිසියම් දෙයක් වැරදියි නම් එය වැරද්දක් බව පිළිගැනීමට කිසිවිටෙකත් පසුබට වෙන්න එපා. ඒ වගේම ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුනත් ඔය කරන හෝ කරපු හොඳ දෙයක් ගැන තමුන්වම අගය කිරීමට පුංචි හෝ වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්නත් එපා. එකෙන් ඔයාගේ මානසික ශක්තිය වැඩි කරනවා වගේම ඔයාගේ අරමුණු වලට පහසුවෙන්ම ලගාවීමට උදව්වක් වේවි.
4. කඩලා දාන්න භීතියේ රාමුව.

භය කියන්නේ ඕනෑම මිනිසෙකුට සිටින ප්‍රධානම සතුරෙක්. මිනිසුන් වශයෙන් අපි හැමවිටම භය වෙනවා වැරදි පිළිගන්න. අපි භය වෙනවා අසමත් වෙන්න, කඩා වැටෙන්න, පරාජය වෙන්න. ඒත් පරාජය වෙන භයයි නම් කවදාවත් තරඟ කරන්නත් බෑ. ඒ නිසා උත්සහ කරන්නේවත් නෑ. ඒ කියන්නේ දිනන්නත් බෑ. මේ රාමුව කලා දාන්න. එතකොට ඔය මෙතෙක් කල් දැකපු නැති ගොඩක් මාර්ග පෙනේවි ඔයාගේ අරමුණු වලට ලගා විය හැකි.
5. ප්‍රියමනාප පරිසරයක් නිර්මාණය කරගන්න.

ඔයා ජීවත් වෙන්නේ ප්රයමනප නොවන පරිසරයක නම් එය අනිවාර්යෙන්ම ඔයාගේ ධනාත්මක සහ නිර්මාණාත්මක සිව්තුවිලි විනාශ කරලා දමාවි. ඔයාගෙම කාමරයෙන් පටන් ගන්න. එය නිතරම පිරිසිදුව සහ පිළිවෙලට තියාගන්න. ඔයාගේ කාර්යාල මේසයටත් ඒ විදියටම කරන්න. ඔයත් අනිත් අයට ප්‍රියමනාප වෙන්න එතකොට අනිත් අයත් ඔයාටම එසේම වේවි.
6. කුසලතාවයක් වර්ධනය කරගන්න.

ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම කුමන හෝ ක්ෂේත්රයක දක්ෂයෙක්. ඔයා දක්ෂ මොන දේටද කියල හරියටම හඳුනාගන්න. ඔයාගේ හැකියාවන් මොනාද කියල හඳුනාගන්න. ඉන් පසු ඒවා තවත් වැඩි දියුණු කරගැනීමට කටයුතු කරන්න.
7. ඔයාගේ සංවර්ධනය සහ ජයග්‍රහණ පිලිබඳ සටහන් තබන්න පුරුදු වෙන්න.

දිනපොතක් භාවිත කිරීමේ පුරුද්දක් තිබුනෙම නැත්තන්, දැන් පටන්ගන්න. කාපු boot ගැනයි පැනපු කොටු ගැනයි ලියන්න නෙමෙයි ඔයා මෙතෙක් ලබා තිබෙන සංවර්ධනය සහ ජයග්‍රහණ සටහන් කරන්න. එකෙන් ඔයාට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වේවි ඔයාගේ ගමනේ ඔය හරියටම ඉන්න තැන, ඇවිත් ඇති සහ ඉදිරියට යාමට ඇති දුර.
8. ඔයාගේ එකම තරගකරුවා ඔයාම වෙනකන් වර්ධනය වෙන්න.

ඔයා දැනට වැඩ කරන තැන ඔයා ඇති දක්ෂයෙක් වෙන්න පුළුවන් නමුත් තවත් තැනක ඔයාට වඩා දක්ෂයෙක් ඉන්න පුළුවන්. ඔයාගේ එකම තරගකරුවා ඔයාම වෙනකන් වර්ධනය වෙන්න.
9. තමන්ගේම SWOT විශ්ලේෂණයක් කරගන්න.

Concept එකක් විදියට මේක හැමෝම දන්නා දෙයක්. මේක ඔයාටම පාවිච්චි කරන්න. ඔයාගේ ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන හඳුනාගන්න. ශක්තීන් (Strengths) පුළුවන් තරම් වැඩි කරගන්න. දුර්වලතා (Weaknesses) කල් තියා හදුනාගෙන ඒවා අවම කරගන්න කටයුතු කරන්න. අවස්ථාවන්ගෙන් (Opportunities) නිවැරදිව ප්‍රයෝජන ගන්න. තර්ජනයන්ට (threats) සාර්ථකව මුහුණ දෙන්න. මතක තියාගන්න ශක්තීන් නැතිව තර්ජන වලට මුහුණ දෙන්න යන්න එපා. දුර්වලතා බහුලව තියාගෙන අවස්ථා පසුපස හඹා යන්න හදිස්සි වෙන්න එපා.
10. ප්‍රතිචාර / විවේචන සඳහා විවෘත වෙන්න.

ඔයා ගැන ඔයාට නොපෙනෙන සමහර දේවල් තවත් කෙනෙක්ට පේන්න පුළුවන්. ඒ නිසා කෙනෙකු ඔයාගේ වැරද්දක් හොර දුර්වලතාවයක් පෙන්නලා දෙන ඕනෑම අවස්ථාවක එය විවෘත ලෙස පිළිගැනීමට, ධනාත්මක ආකාරයෙන් බාරගැනීමට පුරුදු වෙන්න. ඒ වෙනුවෙන් කැප වෙලා ඒ වැරැද්ද හදාගන්න.
11. උට්ඨාන වීර්ය.

ජයග්‍රහණය කරන තෙක් උත්සාහය අත්හරින්න එපා. අමාරු අවස්ථාවන් එයි. වැටෙයි, තුවාල වෙයි, බයවෙන්න එපා නැගිටලා නැවතත් අරමුණු කරා ගමන් කරන්න. වැටිලා නැගිටපු කෙනෙක්ව අයෙත් වට්ටන්න ලේසි නෑ.
12. උතුම් මිනිසුන්ව ආදර්ශයට ගන්න.

උතුම් මිනිසුන්ව ආදර්ශයට ගන්න. ඔවුන්ගේ ජීවිත වලින් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් අරගෙන ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න උත්සහ කරන්න.
එහෙනම් ජය වේවා හැමෝටම !!!!