මොකක්ද මේ Tax PIN කතාව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඌට around 1lakh වගේ තමා salary එක. මුට දැන් දවස් ගානකට කලින් letter එකක් ආවා. Content එක මෙහෙමයි.

    පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) නිකුත් කිරීම

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව (IRD Tax Portal) වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ඔබ වෙන පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) නිකුත් කර ඇති බව සතුටින් දන්වමි.

    කරුණාකර මෙම නිවේදනයේ සඳහන් දින සිට දින 45 ක් ඇතුළත ඔබගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සමග අළුනෙන් නිකුත් කරන ලද පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) භාවිතකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත පිවිසෙන්න. මෙය ඔබ වෙත ලබා දෙන ලද තාවකාලික පෞද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත සාර්ථකව ප්‍රවේශ වන පළමු අවස්ථාවේ දී ඔබ එම අංකය වෙනස් කිරීම අවශ්‍ය වන බවත් කරුණාවෙන් සලකන්න.

    කරුණා කර ඔබගේ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) අන් අයට හෙළි නොකරන්න.

    ඔබ වෙත නිකුත් කරන ලද පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) භාවිත කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව වෙත පිවිසීමේ දී යම් ගැටළුවක් මතු වුව හොත්, ඔබට සහාය වීම සඳහා කරුණාකර 1944 ඔස්සේ අප අමතන්න.

    1. මට තියෙන ප්‍රශ්ණය මෙහෙම letter එකක් එන්නේ මොන criteria එකක් බලලද? IT field ඉන්න උන්ටත් මෙහෙම එකක් ආවාද

    2. 2024 ඉඳලා අපිට ගෙවන්න වෙන tax percentage එක වැඩි වෙනවද.

    3. අපි වෙනම tax file එකක් open කරන්න ඕනි මොකක් හරි දෙයක් අලුතෙන් තියෙනවද
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    TIN එකක් කරල ඊට පස්සෙ ඒකෙ Online Access දෙන්න තමයි PIN එවන්නෙ
    ඒත් ගොඩක් එවුන්ට TIN එක දැනුම් දීල නැහැ
    PIN එක විතරක් post කරල
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    TIN එකක් කරල ඊට පස්සෙ ඒකෙ Online Access දෙන්න තමයි PIN එවන්නෙ
    ඒත් ගොඩක් එවුන්ට TIN එක දැනුම් දීල නැහැ
    PIN එක විතරක් post කරල
    yeah. same here. i paid taxes while i was in SL until 2013. eeta passe rate nane tax gewanna. so no idea what is TIN.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    mata TIN eka එව්වා email
    PIN එක ගෙන්න ගන්න මට email 3k 4k ගහන්න උනා උන්ට... :rofl:


    Bulk Forced Registration
    සීන් එකක් තියෙන්නෙ,

    email eka එන්නෙ
    Commissioner
    Information and Forced Registration Unit එකෙන්
     
    • Like
    Reactions: NRTG