මොකක් හරි මතක් වෙනවද?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    240956346_944956729433437_5913664235133062385_n.jpg




    2019 අවුරුද්ද ?
    මොකක් හරි මතක් වෙනවද?
    ඔව්..
    ඒක තමයි අපි නිදහසේ හුස්ම ගත්ත
    අන්තිම අවුරුද්ද

    2020/2021 mask, santizer
    වලටම හැංගිලා අපි ගෙවනවා නේද
    ඉස්සර එකට එක පොදියට
    බස් එකේ නැගලා වැඩට ගියපු
    Clz ගියපු කාලේ,
    බස් එකෙන් බැහැලා පොර කකා
    පෙට්ටි කඩේකින් වඩේ කාපු දවස්
    කොහේදෝ හැංගිලා ගිහින් වගේ

    මේ දවස්වල බස් එකකට නගිනකොට
    ඉස්සර තිබ්බ නිදහස නෑ වගේ කියලා හිතෙනවා
    මොකද්දෝ බයකින් බස් එකට නැගලා
    මොකද්දෝ සැකයකින් තමයි
    වටේ ඉන්න මිනිස්සු දිහාත් බැලෙන්නේ

    බස් එකෙන් බැහැලා
    වෙනදාට පුරුද්දට වගේ ගියපු වඩේ කඩ
    දැක්කේ නෑ වගේ මං හැරිලා යනකොට
    මට වඩා දස දහස් ගුණයක් අසරණකමෙන් මං දිහා බලන
    කඩේ uncle මොනවා හිතනවා ඇතිද?
    ඒ මනුස්සයගේ අඹු දරුවෝ
    මොනවා කනවා බොනවා ඇතිද?

    කොච්චර අසරණකමක් ද?

    නෙපෙනෙන වෛරසයක් නිසා
    මිනිස්සු කී දාහක් හුල්ලනවද?
    මිනිස්සු කී දාහක්ගේ හීන
    දිනක් නියමයක් නැතුව කල් ගිහින්ද

    ඒ වගේම කී දාහක්ගේ හීන බලාපොරොත්තු එකට එක පොදියට
    දවස ගානේ අළු වෙනවද?

    Mask එකට මුණේ හිනාව හැංගුණු
    Santizer ගාලා ගාලම අතේ හම ගැලවුණ
    Vaccine එකට පොර කකා පොලිම් ගානේ තෙරපිලාම හති වැටුණු
    මේ අවුරුද්දත් ගෙවිලම යනකොට

    කොරොනා උඹට හති වැටුණු දවසක නැවතියන්
    මොකද අපිට නම් උඹ නිසා හති වැටිලා
    භාගේටම මැරිලා ඉන්නේ
    🥺


    මම ෂෙහානි කොරොනා නිසා හති වැටුණු තවත් එක්කෙනෙක් ....