මොකෙන් බොන්න ද?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකෙන් බොන්න ද?

    වීණා වාදනය

    වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.

    ‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
    ‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
    ‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා ගනිමිනි.

    දත් මොකටද?


    එය යුද සමයයයි. හදිසියේ බෝම්බ දැමීමක් සිදුවුවහොත් කුමක් කළ යුතු දැයි සියලුම රටවැසියන් දැනුවත් කර තිබිණ.

    දිනක් රාත්‍රි අනතුරු හැඟවීමේ නළාවක් නොනැවතී මහ හඬින් නාද වන්නට වූ වහාම තම බිරිඳ අවදි කළ පේ‍්‍රමචන්ද්‍ර වහා ඇදෙන් බිමට පැන්නේ සුරක්ෂිත ස්ථානයකට දිව යන අදහසිනි. මේ අතර තම බිරිඳ විමලා ඒ මේ අත යමින් ප්‍රමාද වනවා දුටු ඔහුට ඉවසුම් නැති විය.
    ‘මොනවද විමලා කරන්නෙ, ඉක්මනට එන්නෙ නැතුව?’ ඔහු යටිගිරියෙන් කෑ ගැසුවේ කෝපයෙනි.
    ‘මගෙ දත් කුට්ටම නැති වෙලා...’ විමලා කීවේ විමසුම් නෙතින් ඒ මේ අත බලමිනි.
    ‘මෙන්න මෙහෙ එනවා යන්ඩ. අහසින් බිමට දාන්නෙ බෝම්බ. එහෙම නැතුව අපිට කන්ඩ කේක් නෙමෙයි.’ කියමින් පේ‍්‍රමචන්ද්‍ර විමලාගේ අතින් ඇදගෙනම දුවන්නට විය.

    පෙනීම දුර්වලයි


    ‘ඒයි මට හෙටම කණ්ණාඩි කුට්ටමක් ගන්ඩ වෙයි.’ වැඩ අවසන් වී නිවෙසට පැමිණි මෛත්‍රිපාල ඇඟපත සෝදා ගන්නට සූදානම් වෙමින් කීවේය.

    ‘ඒ මොකද වදේ මේ හදිස්සියෙම?’ බිරිඳ ඇසුවේ පුදුමයෙනි.
    ‘නෑ බං සුගුණවතී, මම සල්ලි ණයට ගන්න පොලීකාරයෙක් අද ළඟට එනකම්ම මම දැක්කෙ නෑනෙ.’ මෛත්‍රී සිනාවෙමින් කීය.

    මෙන්න රත්තරන්


    “මම මේ මඟ බලා හිටියෙ ඔයා එනකං තමයි. ‘මෙන්න රත්තරන් වළලු ජෝඩුවක්.’ කියල මහ උජාරුවට ගිය මාසෙ මට ගෙනත් දීපු වළලු ජෝඩුව ආන් හොඳටම කළු ගැහිලා.” නිලන්ති කරුණාරත්න දුටු මනතින් පරල වූවාක් මෙන් කියවන්නට වූවාය.

    ‘ඉතින් ළමයෝ මම කිව්වයැ ඒ වළලු ජෝඩුව රත්තරන් කියල. මම ඔයාටනෙ රත්තරන් කිව්වෙ.’ කරුණාරත්න කීවේ කැඩුණු දත පෙන්නා සිනාසෙමිනි.

    විශේෂත්වය


    පේ‍්‍රමදාස, සිරිපාල සමඟ තැබෑරුමට ගොඩ වී රා පොල්කටු දෙකක් එක හුස්මට බී අවසන් කොට සිරිපාල ගෙන් මෙසේ ඇසීය.

    “උඹ දන්නවද ‘රා’ වල තියෙන විශේෂත්වය.”
    “මොකද්ද බං විශේෂත්වය?” සිරිපාල ඇසුවේ රා මතින් අඩවන් වූ ඇස් අමාරුවෙන් අරිමිනි.
    “ඇයි බං, ‘රා’ එක අකුරෙන් ලියන්ඩ පුළුවන්. ඒ වගේ ම එක හුස්මට බොන්ඩත් පුළුවන් නෙ.” පේ‍්‍රමදාස කීය.

    මොකෙන් බොන්න ද?


    ‘දැන් මහ ලොකුවට වස කුප්පියක් අරගෙන කුස්සියට දිව්වේ වහ බොනවයි කියල. කෝ තවමත් ඔය වස කුප්පිය එහෙමම නෙ.’ යමුනා කුස්සියට එබී බලා එහි බංකුවක වාඩි වී සිටි දයානන්දට කීවේ සෝපහාසයෙනි.

    ‘වහ බොන්නේ මොකෙන්ද ගෑනියේ? කෝ, කුස්සියෙ තියෙන එක වීදුරුවක් වත් හෝදලා නැහැනෙ.’ දයානන්ද කීවේ කෝපයෙනි.


    link
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ෆට්ට් මචන්.. අවසාන එකයි මාලේ කතාවයි මැක්සා..:lol::lol::lol::lol:
    You must spread some Reputation around before giving it to suranga84 again