මොනවද මේ “මෙගා පික්සල්ස්…”

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මොනවද මේ “මෙගා පික්සල්ස්…”

    .


    mega-poxel.jpg
    සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල්
    එකක් කියන්නේ මොකක්ද…?

    පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ ලක්ෂ කෝටි ගණනක් එකතු වෙලා. උදාහරණයක් විදිහට ඔයා පාවිච්චි කරන ඩිජිටල් කැමරාව මෙගාපික්සල් අටක කැමරාවක් නම්, ඒක පාවිච්චි කරලා ගන්න ඡායාරූපයක් හැදෙන්නේ අර කිව්ව වගේ තිත් මිලියන අටකට ආසන්න ගාණක් එකතු වෙලා.
    අපි වගේ නවකයන් අතර ජනප්‍රිය DSLR එකක් තමා Nikon D3100 කියන්නේ. ඔයාලා Nikon D3100 කැමරාවකින් ගත්තු ඡායාරූපයක් කපන්න කොටන්න කලියෙන් දිග පලළ බැලුවොත් දකීවී 4,608 X 3,072 විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඡායාරූපය හැදිලා තියෙන්නේ තිත් 14,155,776 (4,608 X 3,072) කින්. ඒකයි Nikon D3100 එක මෙගා පික්සල 14.2 ක කැමරාවක් කියන්නේ.
    මෙගා පික්සල් ගණන වැදගත් වෙන්නේ ඔයාලා ඩිජිටල් කැමරාව භාවිතා කරලා ගන්න ඡායාරූප මුද්‍රණය කරන්න යනකොටයි. ඔයාගේ කැමරාව ඉතා අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් නම්, මුද්‍රණයේදි ඔයාලාට යන්න පුලුවන් ප්‍රමාණය සීමා වෙනවා. නමුත් මතක තබාගත යුතු වැදගත්ම දේ තමා කැමරාවක මෙගා පික්සල ගණන ඒ කැමරාවේ ගුණ අගුණ කියන එකම සාධකය නෙවෙයි. මොකද මෙගා පික්සල පහක කැමරාවකින් වුනත් හොඳ නිමාවකින් යුතු 8×10 ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කර ගන්න පුලුවන්. අනෙක් අතට සමස්ථ කැමරාවේ තත්ත්වය, කැමරා වර්ගය (DSLR ද Compact ද), සංවේදකයේ (Sensor) වර්ගඵලය වගේ වෙනත් සාධක හින්දා එකම මෙගා පික්සල ගණනකින් යුතු කැමරා දෙකකින් ගන්න ඡායාරූප වල පවා මුද්‍රණ නිමාවේ වෙනස් කම් තියෙන්න පුලුවන්. ඒ හින්දා ඩිජිටල් කැමරාවක් මිලදි ගනිද්දි මෙගා පික්සල ගණන පස්සෙම යන එක නුවණට හුරු නැහැ.
    මට කොච්චර මෙගා පික්සල ගණනක් ඕනේද…?
    ඔයා ගන්න ඕනේ මේගා පික්සල කීයක කැමරාවක් ද කියන එක තනිකරම තීරණය වෙන්නේ අපි ගන්න ඡායාරූපවලින් අපි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියන කාරණය මතයි. ඔයා ඔයාගේ පින්තූරයක් මුද්‍රණය කරන්න බලාපොරොත්තුවක් නැත්නම්, පරිගණකයෙන් නරඹන්න විතරක් හිතාන ඉන්නව නම් අඩු මෙගා පික්සල ගණනක කැමරාවක් ඔයාට හොඳටම සෑහෙනවා. නමුත් ඔයාට හොඳ නිමාවකින් යුතු 8 x 10 ප්‍රමාණයේ වගේ ඡායාරූප මුද්‍රණය කරන්න ඕන් නම්
    මෙගා පික්සල ගණන ටිකක් වැඩි වෙන්න ඕනේ.

    ඔයාට අවශ්‍යය මෙගා පික්සල ගණන තීරණය කරන්න කලියෙන් අපි බලමු මුද්‍රණයෙදි ඡායාරූපයක් නිමාවට බලපාන කාරණයක්. ඒකට කියන්නේ DPI (Dots per Inch) අගය කියලයි. ඒ කියන්නේ වර්ග අඟලක තියෙන තිත් ප්‍රමාණයයි. යම්කිසි ඡායාරූපයක් 300DPI අගයකින් මුද්‍රණය කලොත් සෑහෙන්න හොඳ නිමාවක් ලබාගන්න පුලුවන්. 240DPI කියන්නෙත් සෑහෙන මට්ටමක හොඳ තත්ත්වයක්. ඉතින් මේ ගණන් ටික දාලා ගණන් හදලා බැලුවොත්,
    8×10(300DPI) = [8 ‍‍X 300] X [10 X 300] = 2,400 X 3,000 = 7,200,000 = 7.2MP
    16 X 20(240DPI) = [16 ‍‍X 240] X [20 X 240] = 3,840 X 4,800 = 18,432,000 = 18.5 MP
    ඔයාලට උඩ තියෙන සමීකරණයෙන් මෙගාපික්සල ගණන සහ මුද්‍රිත නිමාවේ ප්‍රාමාණය ගැන පැහැදිලි අදහසක් එන්න ඇති කියලා හිතෙනවා. නමුත් මේ සමීකරණය ටිකක් සංකීර්ණ වෙන්නේ අපි ගන්න ඡායාරූප කප්පාදු කරන්න (Crop) සිදු වුණාමයි. අපි ගන්න ඡායාරූපයකින් ආවරණය වුණු සම්පූර්ණ කොටසම වැදගත් වෙන්නේ බොහෝමයක් කලාතුරකින්. ඉතින් එහෙම අවශ්‍යය හරි නාඹිගත වෙලා හරින තියෙන කොටස විතරක් කපලා කොටලා අරගත්තොත් අපිට මුද්‍රණයෙදි යන්න පුලුවන් ප්‍රමාණ සීමා වෙනවා. නැත්නම් අනෙක් අතින් DPI අගය අඩු කරන්න වෙනවා. එතකොට නිමාවේ තත්ත්වයට බලපානව. ඒ හින්දා වැඩි මෙගා පික්සල ගණනක් ඕනෑ වෙනවා.
    - Sampath
     
    • Like
    Reactions: erozan and sudeewa