::: Photography ඉගනගන්න තියෙන පාඨමාලා l :::
::: ලංකාවේ Photography ඉගනගන්න තියෙන පාඨමාලා :::
දැන් ඕනම කොල්ලෙක් කෙල්ලෙක් අතේ අනිවා DSLR කැමරාවක් බැරි නං පොඩි ඩිජිටල් කැමරාවක් හරි තියෙනවා. ඒ නැතත් දැන් ගන්න තියෙන හදිසියකට කෝල් එකක් ගන්න පුලුවන් ස්මාට් කැමරාවලිනුත් අඩුවක් පාඩුවක් නැතුව ඩිජිටල් කැමරාවකින් වගේම ෆොටෝ ගන්න පුලුවන්. දැන් ඔතනින් එක කොටසකට ඕන කරන්නේ තමන්ගේ හිතට අල්ලන විදියට ෆොටෝ එකක් අල්ලගන්න. තව කොටසකට ඕන කරන්නේ ෆොටෝ එකක් හරියට නොගත්තත් සෝබනේට කැමරාව පේන්න අරගෙන යන්න. හැබැයි වැඩි කොටසකට ඕන කරන්නේ නියම විදියට ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න. විනෝදාංශයක් විදියට ඡායාරූප කලාව කරන්න. ආන්න ඒ උදවිය තමයි එක්කෝ ඔය කලාව තනියෙන් ඉගෙනගන්න උනන්දු වෙන්නේ, එහෙම නැතිනම් ඒකට ගැලපෙන හොඳ ඡායාරූපකරණ පාඨමාලාවක් හොයන්නේ. ආන්න ඒ උදවිය වෙනුවෙන් තමයි මේ විස්තර ටික මෙතනින් එහාට ලියවෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක්වෙන ඡායාරූප පාඨමාලා ඉදිරිපත් කරන තැන් කීපයක් විතරයි.
1. හෑගොඩ සේයා ශිල්ප නිකේතනය
ලාල් හෑගොඩ කිව්වහම නොදන්න ලංකාවේ මනුස්සයෙක් ඉන්න විදියක් නෑ කියලා හිතෙන තරමට හෑගොඩ නම ප්‍රසිද්ධයි. ඒ ලාල් හෑගොඩ කියන්නේ දේශ දේශාන්තර වල ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් නිසා විතරක් නෙවෙයි, ඡායාරූප ශිල්පය ගැන ගුරුහරුකම් දෙන්න ලංකාවේ ඉන්න අති දක්ෂ ගුරුවරයෙකුත් නිසා. ඉතින් හෑගොඩ සේයා ශිල්ප නිකේතනය මගින් මෙහෙයවන ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාව අපි ඡායාරූපකරණය නිවැරදිව, පිළිවෙලකට ඉගෙන ගන්න ආසාවක් තියෙන ඕනම කෙනෙක්ට නිර්දේශ කරන්න කැමතියි. මේ පාඨමාලාවේදී ඩිජිටල් කැමරා සහ උපාංග මෙහෙයවීමේ සහ භාවිතයේ ඉඳන් කාච වර්ග සහ ආලෝකකරණය දක්වාත්, එතන ඉඳන් ෆොටෝෂොප් වගේ මෘදුකාංග භාවිතය දක්වාත් උගන්වනවා. ප්‍රායෝගික පුහුණුවත් තියෙනවා.
2. කැලණිය විශ්වවිද්‍යාලයීය ඡායාරූප ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාව
කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා බොහොම වටිනා කියන ඩිප්ලෝමා පාඨමාලාවක් ඡායාරූප ශිල්පය ගැන උගන්වන. අවුරුද්දක් වගේ කාලයක් ඇතුළේ තියරි සහ ප්‍රැක්ටිකල් කියන අංශ දෙකම එක්ක ඡායාරූප ශිල්පියෙක් වෙන්න අවශ්‍ය මූලික සහ ද්වීතීයික දැනුමත්, ප්‍රවීණත්වයත් ලබාදෙන මේ ඩිප්ලෝමා එකට ඉල්ලුම් කරන්න අවම සුදුසුකම තමයි අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ සමර්ථ වෙලා තිබීම. මේ පාඨමාලාවෙන් ඇත්තටම පැරණි පන්නයේ කැමරාවක් භාවිතා කිරීමේ ඉඳලා නවීන කැමරා සහ ලෙන්ස් වර්ග භාවිතය, නියමාකාර ආලෝකකරණය ඇතුළු බොහෝමයක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. අර පරණ තාලෙට රීල් සුද්ධ කරන ඩාර්ක් රූම් එකකුත් මේ ඩිප්ලෝමා එක කරන යුනිට් එක යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුණා. තාමත් ඒක තියෙනවද, ඩිප්ලෝමා එක කරන අයට ඒකෙන් ප්‍රයෝජන ගන්න ලැබෙනවද කියන එක නම් අපි දන්නෙ නෑ.
3. MIBM – Photographic Workshops
මෙට්‍රොපොලිටන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ආයතනයෙන් වෘත්තිය ඡායාරූප ශිල්පීන් විදියට කටයුතු කරන්න ආසාවක් තියෙන ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදියට ඡායාරූප ශිල්පය හදාරන්න කැමති අයටත් වැඩමුළු මාලාවක් හඳුන්වලා දීලා තියෙනවා. මංගල ඡායාරූපකරණය, වනසත්ව ඡායාරූපකරණය, මූලික ෆොටෝෂොප්, ආලෝකකරණ තාක්ෂණ ක්‍රමවේදයන්, නිරූපණ ශිල්පී/ශිල්පිණියන්ගේ ඡායාරූප ගැනීම, ක්‍රියාදාම ඡායාරූපකරණය, කුරුල්ලන් ඡායාරූප ගැනීම, රාත්‍රී ඡායාරූප ගැනීම, ප්රවෘත්ති ඡායාරූපකරණය, ගෘහ නිර්මාණ ඡායාරූපකරණය සහ තවත් මාතෘකා ගණනාවක් පුරා ආවරණය කෙරෙන වැඩමුළු මේ අය පිරිනමනවා.
4. AMDT – Photography Undergraduate Program
ඡායාරූප ශිල්පය ගැන ඩිප්ලෝමා, පාඨමාලා තිබුණට, ඒ වෙනුවෙන්ම වෙන් වුණු උපාධි පාඨමාලා හොයාගන්න නැති තරම්නේ. හැබැයි ඇකඩමි ඔෆ් මල්ටිමීඩියා ඩිසයින් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනේ පිරිනමනවා ඡායාරූප ශිල්පයේ ගැඹුරට හදාරන්න ඉඩ ලබාදෙන උපාධියක්. කෙලින්ම ඩිග්රි ගහලා ෆොටෝ ගන්න පුලුවන්. හැබැයි අවුරුදු දෙකක්. ඒත් පාඩුවක් නෑ, මොකද මේ පාඨමාලාවේ කෙලින්ම ආට් ඇන්ඩ් ඩිසයින් වල ඉඳන් පටන් ගන්නේ. එතන ඉඳන් ස්ථාන ඡායාරූපකරණය, වෙළෙඳ දැන්වීම් ඡායාරූපකරණය, විලාසිතා ඡායාරූපකරණය, මිනිස් ඡායාරූපකරණය, මංගල ඡායාරූපකරණය, වනසත්ව ඡායාරූපකරණය, ඩිජිටල් ඡායාරූපකරණය, ආලෝකකරණය, දෘෂ්‍ය සැලසුම්, ග්‍රැෆික් නිර්මාණයන්, වීඩියෝ නිෂ්පාදනයන් වගේ සෑහෙන ක්ෂේත්‍ර ප්‍රමාණයක් ගැඹුරට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා.
5. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් මෙහෙයවන ඡායාරූප ශිල්ප පාඨමාලා කීපයකුත් තියෙනවා. සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉගෙන ගන්න පුලුවන් මේ පාඨමාලා ඉලක්ක කර කරගන්නේ ඡායාරූප ශිල්පය ගැන උනන්දුවක්, කැමැත්තක් තියෙන ආධුනිකයන්ව තමයි. සාමාන්‍යයෙන් මාස තුනේ සහ හයේ සති අන්ත පාඨමාලා වල කැමරාවක මූලිකාංග වල ඉඳන් ආලෝකකරණය දක්වා තාක්ෂණික කරුණු ඉගැන්වෙනවා. ගොඩක් වෙලාවට මේ පාඨමාලා වල තාක්ෂණික කාරණා වැඩියි කියලා හිතුනත් බය වෙන්න දෙයක් නෑ. හැමදේම සරලව සහ ප්‍රායෝගික පුහුණුව සහිතව ඉගැන්වෙන්නේ කියලා කියන්න පුලුවන්.
6. CameraLK Academy
කැමරා එල් කේ ඩොට් කොම් ගැන සාමාන්‍යයෙන් කැමරාවක් ගන්න හොයන හැමෝම දන්නවා. මොකද ලංකාවේ කැමරා සහ උපකරණ විකුණන්න තියෙන ප්‍රමුඛතම ආයතනයක් තමයි කැමරා එල් කේ ඩොට් කොම්. හැබැයි මේ අයගේ ෆොටෝග්‍රැෆි ඇකඩමියක් තියෙනවා කියන එක ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ඇත්තටම ප්‍රධාන වශයෙන් පාඨමාලා තුනක් මේ අය පිරිනමනවා. පළවෙනි එක One-on-One professional Training. මේකෙදී තනි තනි පුද්ගලයින්ව වෙනම පුහුණුකරුවෝ එක්ක තමයි වැටෙන්නේ. එතනදී එක් පුහුණුකරුවෙක්ගේ අවධානය සම්පූර්ණයෙන්ම එක් කෙනෙක්ට යොමු වෙන නිසා ඒ කෙනාගේ දැනුම, අවශ්‍යතාවයන් අනුව ඉගෙනගන්න පුලුවන්. ඊට පස්සේ Beginner’s Photography Workshop කියලා කොටස් දෙකකට පාඨමාලා දෙකක් තියෙනවා. මේ පාඨමාලා වලදී සම්පූර්ණ ආධුනිකයෙක්ට DSLR කැමරාවක් මෙහෙයවීමේ ඉඳන් ඡායාරූපකරණයේ ගැඹුරු කාරණා දක්වා දේවල් උගන්නනවා. මේ එක පාඨමාලාවක්වත් හදාරන්න විශේෂ සුදුසුකම් ඕන වෙන්නෙ නෑ. ඕන වෙන්නේ ආසාව සහ කැපවීම විතරයි.

උපුටා ගැනීම : අනිවා.lk