මොනවද මේ NOS..

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොනවද මේ NOS..

    මෝටර් ස්පෝර්ට්ස් වලට උනන්දුවක් දක්වන අයට සහ මෝටර් රථ තාක්ෂණයට කැමති හැමෝම දැනගන්න අසාවෙන් බලාගෙන ඉන්න දෙයක් ගැන කතා කරන්න හිතුව
    . අපි හිතුව අද NOS ගැන එහෙමත් නැත්තම් nitruos oxide ගැන කතා කරන්න .ලංකාවේ වාහනයක NOS තක්ෂයනය අපිට බලන්න අමාරු උනත් හැමෝම වගේ NEED FOR SPEED ගේම් සීරීස් වලින් කීපයක් හරි සෙල්ලම් කරලා ඇතිනේ එක ගහල තියන අය දන්නවා NOS වලින් මොකද්ද වෙන්නේ කියල. ඒ වගේම FAST AND THE FURIOUS ෆිල්ම් සීරිස් එකෙත් මේක හොදටම බල ගන්නා පුළුවන් ..
    අපි මුලින්ම බලම මොකදද මේ NOS system එකක් යොදා ගන්නා එකෙන් තියන ප්‍රයෝජනය මොකද්ද කියල .මේ මගින් මෝටර් රථ එන්ජිමක ක්ෂණිකව විශාල බලයක් නිපදවා ගන්නා පුළුවන් රියදුරාට අවශ්‍ය අවස්ථාවකදී එනම් සාමාන්‍ය මෝටර් රථයකට උනත් සවිකරොත් turbo charger එකක් හෝ super charger එකක් නැතිව වැඩි horse power ගණනක් ක්ෂණිකව නිපදවාගන්න පුළුවන් ලාභදායී ක්‍රමයක්.

    දැන් අපි බලමු මොනවද මේ NOS කියන්නේ කියලා
    NOS නමින් හදුන්වන්නේ nitrogen හා oxygen යන වායුන් දෙක එකතුකරලා නිපදවපු වායු සංයෝගයක් . මේකේ රසායනික සුත්‍රය වෙන්නේ N2O එනම් nitrogen පරමාණු 2 කුත් oxygen පරමාණු එකකුත් එකතුවෙලා හැදුනු වායුවක් ..හැමෝම දන්නවා ඉස්කෝලේ ලැබ් එකේ පරික්ෂන වලදී යොදා ගත්ත laughing gas කියන්නෙත් මේකටම තමයි . නමුත් මේක දහනයට උපකාරී වෙන වායුවක් නෙමෙයි මේක ගිනි නොගන්නා වායුවක් .අපි බලමු ගිනි නොගන්න වායුවක් වෙලා කොහොමද මේ එන්ගිමක දහනයට උපකාරී වෙලා එන්ජිමේ බලය වැඩි වෙන්නේ කියල .

    මෙම N2O ද්‍රව බවට පත්කරලා සිලින්ඩර් එකක් තුල ගබඩා කරලා තමයි ප්‍රයෝජනයට ගන්නේ .මෙම අදි පිඩනයක් යටතේ ගබඩා කරලා තියන ද්‍රව NOS එන්ගජීමේ intake manifold එකට ලබා දෙන්නේ solenoid switch එකක් මගින්. රියැදුරා විසින් NOS switch එක on කරාම සිලින්ඩරයේ තියන ද්‍රව N2O අධික පීඩනයක් යටතේ intake manifold එකට විදිනවා මෙසේ විදීමේදී සිදුවන් පීඩන වෙනස නිසා ද්‍රව NOS කුඩා වායු අංශු බවට පත්වෙනවා මෙලෙස වායු බවට පත්වෙන්න අවස්ථාවේදී ද්‍රව වාෂ්ප බවට පත් වීම සදහා manifold එක තුල ඇති තාපය අවශෝෂණය කර ගන්නවා .එවිට intake manifold එක තුල අධික සිසිලසක් ඇතිවෙනවා .මේක හරියටම ගෙදර පාවිච්චිකර ශිතකරන්යේ ඇතුලේ සිදුවන ක්‍රියාවට සමාන ක්‍රියාවලියක්.මේ සිසිල නිසා එන්ජිමේ දහනය සදහා ඇතුලට ඇදගත් වාතය සිසිල් බවට පත් වෙනවා හැමෝම පුන්චිකලේ ඉගෙන ගත් බොහොම සරල දෙයක් තම වාතය රත් වුන විට ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩුවෙනවා සිසිල් වෙනවිට සන්කොචනය වෙලා ඝනත්වය වැඩි වෙනවා කියන එක .මෙන්න මේ හේතුව නිසා සිසිල් manifold එක තුල ඇති වාතය සිසිල් වී ගණත්වය වැඩිවීමෙන් ඒකක පරිමාවක් තුල ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩිවෙනවා ..

    වැඩි ඔක්සිජෙන් වායු ප්‍රමාණය ඇතිවිට වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනය කල හැකි වීම නිසා වැඩි බලයක් එන්ගිමෙන් ලබා ගත හැකි වෙනවා .ඒ වගේම මෙම සිසිල් වාෂ්ප බවට පත් වූ N2O අනු එන්ගිම තුලට ගිය පසු අහි ඇති ඉහල උෂ්ණත්වය නිසා අනුවෙහි මුලද්‍රවය අතර බැදී පවතින බන්දන බිදී නයිට්‍රජන් N2 ලෙසටද ඔක්සිජන් O ලෙසටද වෙන් විම සිදුවෙනවා .එහෙත් ඔක්සිජන් මුලද්‍රවය ලෙස පරිසරයේ සිටීමට ඇති අකමැත්ත නිසා බන්ධන බිදීමෙන් වෙන් වූ අනික් ඔක්සිජන් අනුවක් සමග එකට බැදී නැවත O2 ඔක්සිජන් වායුව බවට පත්වෙනවා.. මේ මගින් අමතර විශාල ඔසිජන් ප්‍රමනයක් එන්ගිම තුලට නිදහස් වෙනවා ..මේ අමතර ඔක්සිජන් දහනය සදහා අමතර ඉන්දන ප්‍රමාණයක් වෙනම මාර්ගයකින් එකතුකර දෙනු ලනබනවා. මේ නිසා ක්ෂණිකව ඇති විශ්ල බලයක් උත්පාදනය කරීමට එන්ගිමට හැකියාව ලැබෙනවා

    NOS system වර්ග 2ක් තියනවා එකක් dry type NOS system අනික wet type NOS system මේ දෙකෙන්ම කෙරෙන්නේ එකම කාර්ය නමුත් කරන විදිය වෙනස් වෙනවා dry type ක්‍රමයේදී N2O පමණක් manifold එකට ලබාදෙන අතර ඉන්දන රථයේ ඉන්දන පද්දතියේම වැඩිදියුණු කිරීමකින් ලබා දෙනවා wet type එකේදී රථයේ සාමාන්‍ය ඉන්දන පද්දතිය එලෙසින්ම ක්‍රියාත්මක වෙද්දී N2O වලට අවශ්‍ය ඉන්දන ප්‍රමාණය ඒ සමගම මිශ්‍රකර manifold එක තුලට ලබා දෙනු ලබනවා මෙය electric solenoid valve 2ක් හරහා සිදී කරනු ලබනවා .

    By uthpala maheekantha
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1.gif
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    nos system එකක් සවි කරද්දි තව pistons,cooling system එක එහෙම වෙනස් කරන්න ඕන නේද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    fe-lix:21395272 said:
    nos system එකක් සවි කරද්දි තව pistons,cooling system එක එහෙම වෙනස් කරන්න ඕන නේද?

    නොස් වලට ඔරොත්තු දෙන පිස්ටන් බෙයරින් දාන්න ඕන එන්ජිනට