මොන්ගොලියන් BBQ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මොන්ගොලියන් BBQ


    bbq1.jpg




    මේකතාව මට ඇහුන කතාවක්. මගෙ එකක් වගෙ කියුවට, මම ලුනු ඇඹුල් එහෙම දාලා ගත්තා. ඒ කෑමකට උනත් අඩු වැඩිවෙන්න ලුනු ඇඹුල් දැම්මම තමයි රසය වැඩි වෙන්නෙ. බොරුනම් "මාරයාගෙ හෝරාව" ලියන මාරයාගෙන් අහලා බලන්න.
    මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.

    ඔන්න මේ කතාවට සම්බන්ද කතා නායිකාවො ආවෙ දැන් තමයි. හඳ එළිය වැටෙන හන්දා දවල් දාපු අව්කන්නඩිත් දාගෙනයි උන්නෙ. තුන්කාලෙ කලිසම් ඇඳගෙන බුරිය පෙන්න ඉතුරුකරලා උඩ වහගන්න උවමනා තැන් විතරක් වහගෙන නලව නලව තමයි බුෆෙ එකට ඇවිත් තියෙන්නෙ .
    දැන් බුෆෙ එක පටන් ගත්තා විතරය් . මෙ තුන්දෙනා වට පිට හොඳට බලලා තමන් දිහා කවුදැයි බලන් ඉන්නෙ කියලා. මොකද ගෑනු ළමයි කැමතිනෙ තමන් දිහා හොරෙන් හරි කවුරු හරි බලනවට. තුන්දෙනාම ගියා අර මස් මේස පැත්තට. අතෙ තියන පිගන් වලට ගමකට මදි නොවෙන්න මස් බෙදා ගෙන තව සලාද කොලයි ඔය තියන සෙරම එළවලු වර්ගයි බෙදාගෙන තුන් දෙනාම තරගෙට වගේ ආවා තම තමන්ගෙ අසුන්වලට . මෙ සිද්දිය බලන් උන්නලු වෙටර් කෙනෙක් . උන්නැහෙ හිමිහිට ළඟට ගිහින් ඔය ටික BBQ කරගන්න කියලා එක්කෙනෙකුට ලංවෙලා කියලා. තියන උද්දච්ච කමට කනකට අරන් නෑනෙ. වෙටර්ටත් පොඩි සද්දයක් දාලා. පොරත් ඉතින් මොනව කරන්නද කියලා පැත්තකට ගිහින් හිමිහිට බලන් ඉන්නවලු වෙන්නෙ මොකකද කියලා.

    තුන් දෙනාම පොඩ්ඩ පොඩ්ඩ අමු මස් කනවා . අනෙ මොනවා උනත් මෙ මනුස්සයට දුක හිතිලා F&B Manager ට කියලා. තම සෙවා දායකයව බෙරාගැනීම යුතුකම නිසා F&B Manageරුත් ඉක්මනට ඒ පැත්තට ගිහින් . අනෙ ඒ වෙනකොටත් අර තුන් දෙනා අමු මස් භාගයකට වඩා අමාරුවෙන් බඩට දාගෙන. මැනෙජරුත් හිමිහිට ලංවෙලා කන හැටි කියලා දීලා BBQ දාන තැනත් පෙන්නලා දීලා. ලැජ්ජාවෙන් නැගිට්ට තුන්දෙනා BBQ දාන තැන කෙසේ වෙතත් හෝටලේ පිටවීමෙ දොරටුව පැත්තට දුවගෙන යනවා මට කතාව කියපු කෙනා දැකලා තියනවා.


    පසු සටහන : අපෙ මිනිස්සු නොදන්න දේ පොඩි මිනිහෙකුගෙන් ඉගෙනගන්න අකමැතියි. දන්නවා වගෙ ඉඳලා නිකන් අමාරුවෙ වැටෙනවා. සමහර පොඩි මිනිස්සුන්ගෙන් අපිට ඉගෙන ගන්න සෑහෙන්න දෙවල් තියන විත්තිය අපි දැනගන්න ඕනෙ.



    Source:
    pettagama.jpg



    Code:
    http://oldpettagama.blogspot.com


    :):)
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    පසු සටහන : අපෙ මිනිස්සු නොදන්න දේ පොඩි මිනිහෙකුගෙන් ඉගෙනගන්න අකමැතියි. දන්නවා වගෙ ඉඳලා නිකන් අමාරුවෙ වැටෙනවා. සමහර පොඩි මිනිස්සුන්ගෙන් අපිට ඉගෙන ගන්න සෑහෙන්න දෙවල් තියන විත්තිය අපි දැනගන්න ඕනෙ.


    :yes::yes: