මොනාද දැන් තියෙන healthy කෑම ලංකාවේ

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බද්ද කොස් පැලයක් හීටවගනින්. ප්ලාස්ටික් බැරල් භාගෙයක හිටෙව්වත් අවුරුදු 2 යද්දි ගෙඩි හැදෙනවා
    අවුරුදු 2 න් හැදෙනවද බන් ?? ඒ ගසේ ෆොටෝ තියනවද ??
     
    • Haha
    Reactions: EnIgma001

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පරිප්පු?

    මාලු kal thiyaganna monawa danawada kawda danne?

    healthy nam gedara hadana kaama pamanai
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    අවුරුදු 2 න් හැදෙනවද බන් ?? ඒ ගසේ ෆොටෝ තියනවද ??
    ෆොටෝ නම් ගූගල් කරත් එනවා. මම දැකපුවගේ ෆොටෝ නෑ. ගිනි වරකා කියන වර්ගය තමා වැඩියෙන්ම බද්ධ කරන්නේ. සමහර අය ලේයර් ක්‍රමයටත් පැල හදනවා. බද්ධ කරනවට වඩා ලේයර් කරපුවගේ ඉක්මනින් ගෙඩි එනවා. ගහ අඩි 2-3ක් වගේ උස. ගහට දරා ගන්න බැරි විදියට ගෙඩි හැදෙනවා. ඒවට කරු තියන්න ඕනි. එක්කෝ ගෙඩි 4-5ක් ඉතුරු කරලා ඉතුරු පොලොස් ගැට ටික කපලා අයින් කරන්න ඕනි . කොස් විතරක් නෙමෙයි. ලේයර් ක්‍රමයට ගොඩක් ගස් හදන්න පුලුවන්. රුදාක්‍ෂ(නිල් වෙරළු) , මසං වගේ හෙන ගස් හැදෙන ඒවත් දැන් ලේයර් විදියට පෝච්චිවල හදලා අවුරුදු කීපෙකින් ගෙඩී ගන්න පුලුවන්
     
    • Like
    Reactions: War Fighter

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    මඩු දළු, බරු කොකු, තෝර කොළ, ගොඩ කොහිල, කතුරු මුරුංගා, කැලෑ දෙල්(බැදි දෙල් ), පොලොස් ගැට, මියන කොළ, කංකුං, මුගුණවැන්න
    තව ගෙදර වත්තෙ හදාගත්තු බෝංචි, මෑකරල්, වම්බටු, මිරිස්, පතෝල , වැටකොළු ඕව තමයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    කඩල , මුන් ඇට, කව්පි, බතල, මඥ්ග්නොක්ක, ග්‍රීන් පීස්, චිකන්, බීෆ්, මාළු, බිත්තර, චීස්, බටර්, කොළ ජාති, සමපෝෂ, ත්‍රීපෝෂ වල නම් ප්‍රෝටීන් ලොකුවට නැත.
    Thani piti godawal ne yako..

    පරිප්පු?

    මාලු kal thiyaganna monawa danawada kawda danne?

    healthy nam gedara hadana kaama pamanai
    Maalu gannawanum koori ganing.. kapana maalu walata Formalin danawa narak wenne nathi wenna.. thawa karawala haalmasso walatath danawa.. kahapatata hodana kota yanne.. hena carcinogen ekak formaldihyde..
    ------ Post added on Feb 17, 2025 at 12:36 PM
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හොද ත්‍රෙඩ් එකක්.

    මමත් කොරෝනා කාලේ ගෙදර එළවලු හැදුවා. . පරණ මෙගා බීම බෝතල්, මල් පෝච්චි, ප්ලාස්ටික් පැකට් වල.

    මෙගා බෝතල් නං එල්ලුවා වැටේ දිගට. දැන් අවුරුදු 4 ක් විතර ඇති. තාම තියෙනවා හොදට. මුකුණුවැන්න, ලීක්ස්, මිංචි, පොල්පලා වගේ දේවල් මෙගා බෝතල් වල හැදුවා.

    වම්බටු, තිබ්බටු, සේර, කහ, අමු මිරිස්, කොච්චි මිරිස්, ඉඟුරු වගේ දේවල් මල් පෝච්චි , පැකට් වල හැදුවා. බිම හැදුවා අන්නාසි, පේර, දෙල්, ජම්බු, මඥඥෝකකා, දෙහි, ෆැෂන්, කෙසෙල් වගේ දේවල්. පොල් පැල තුනක් හැදුවා. දෙකක් හරි ගියා. එකක නං ගෙඩිත් කැඩුවා. ලොකු පොල් ගස් කීපයක් තියෙනවා තව. කරපිංචා, රම්පෙ, කොස්, නිවිති එහෙමත් තියෙනවා.

    කහ එහෙම නං මාරම හොදට හරි ගියා. එක පාරකට එන අස්වැන්න අපිට අවුරුද්දක විතර ඇති. වේලලා කොටලා ගත්තම. මාරම සුවඳයි ඒවා. කහ සුද්ද කර දවස් වල අත් රත්තරං පාටයි කහ වලට.

    ගෙදර සමහර එළවලු හදන එකේ වියදම වැඩියි කඩෙන් ගන්නවට වඩා. වතුර දාන්න ඕනි. කොම්පෝස්ට් වගේ පොහොර දාන්න ඕනි. වතුර උනත් සල්ලි යනවානේ. එක්කෝ මෝටර් කරලා ගන්න ඕනි. ඒවාට බිලක් යනවා. මහන්සි වෙන්න ඕනි. කාලයක් වැය කරන්න ඕනි.

    එහෙම බලද්දී වියදම වැඩියි කඩෙන් ගන්නවට වඩා. මොකද වෘත්තීයක් විදියට කෘෂිකර්මය කරද්දී මහා පරිමනෙන් කරන නිසා අස්වැන්න වැඩි, මුදලට සාපේක්ෂව.

    ගෙදර හදා ගන්න එකේ හොද ඉතින් හිතට සතුටක් දැනෙනවා. ඇගට ව්‍යායාම. කෘෂි රසායනික දාන්නේ අඩුවෙන්.