මොනාද මේ පීලි වෙඩි කියන්නේ?

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මොනාද මේ පීලි වෙඩි කියන්නේ?

    රේල් වෙඩි එහෙමත් නැත්නම් පීලී වෙඩි ගැන පොඩි විස්තරයක්

    11393446_635725006564792_3749298780351865917_o_zpspjdd6ykt.jpg


    රේල් වෙඩි එහෙමත් නැත්නම් පීලී වෙඩි ගැන පොඩි විස්තරයක් ලියලා දාන්න හිතුනා.කාලෙකට පස්සේ තමයි ආපහු ලියන්න ගත්තේ මේ.මොනාද මේ පීලි වෙඩි කියන්නේ??
    සමහරු දැකලා ඇති.සමහරු දැකලා තියා අහලවත් නැතුව ඇති.ඒ ඔක්කොටම හරියන්න මේ ආර්ටිකල් එක ලියන්නේ.මම මුලින්ම රේල් වෙඩිල්ලක් දැක්කේ හපුතලේ හයික් එකකදි.ඊට පස්සේ විස්තරාත්මක විග්‍රහයක් ලබා ගත්තේ කඩුගන්නව-රඹුක්කන හයික් එකකදි.ඔයාල බිම්බෝම්බ,ජොනිබට්ටො ගැන දන්නව ඇතිනෙ.ඒවගෙ
    පීඩනයක් හමුවෙ පුපුරා යන්න තමයි මෙවත් හදලා තියෙන්නේ.හැබයි මිනිස්සු මරන්නවත් දේපල හානි කරන්නවත් නෙමී විශාල දුම්රිය අනතුරු වලක්වලා ජිවිත හා දේපල හානි අවම කරන්න.කොහොමද එහෙම කරන්නේ??
    රඹුක්කනින් ඉහල පෙට්ට්‍රල්මන් කෙනෙක්ට තියන වගකීම ඉතාම විශාලයි.ඒ භූගෝලීය වෙනස්කම් හා මාර්ගය වැටී තියන අති දුෂ්කර ගිරි දුර්ග හා වනාන්තර හරහා වීම හේතුවෙන්.පෙට්ට්‍රල්මන් ගෙ රාජකාරිය තමයි තමන්ට පැවරුනු මාර්ග කොටසේ නිර්න්තර පරික්ශාවට ලක්කරමින් දුම්රිය මාර්ගය අවහිර වීම්(ගල් පෙරලීම්,නායයෑම්,ගස්කඩා වැටීම්)හේතුවෙන් විය හැක භයානක අනතුරු වලවා ගැනීමයි.ඉතින් එසේ මාර්ගය අවහිරවීමක් සිදු වුවහොත් ඒ ගැන යම් දුරක් ඇතුලතදි දුම්රිය රියදුරාට,ගාඩ්වරයාට දැනුම් දීම
    සඳහා තමයි පීලී වෙඩි නොහොත් රේල් වෙඩි භාවිතා කරන්නේ.කොහොමද බාවිතා කරන්නේ??
    පෙට්ට්‍රල්මන් වරයා මාර්ගය අවහිර වීමක් දු‍ටු වහාම මීලග දුම්රිය පැමිනෙනෙ දිසාවට අවහිර වීම සිදුවූ තැනින් සැතපුම් භාගයක් දුරින් පීලී වෙඩි දෙකක් බදිනව.පසුව ඊලග දිසාවට ගිහින් ඒ ආකාරයටම පීලි වෙඩි දෙකක් බදිනවා.මේ වෙඩි දුම්රිය රෝදයට අහුවුනාම අධික පීඩනයට විශාල ආවේනික හඩක් සමග පුපුරා යනවා.ඒ ශබ්ධය රියදුරුට හා ගාඩ්වරයාට හදුනාගන්න පුලුවන්.සැතපුම් භාගයක් වගේ ඇතුලත අවහිරවීමක් ඇතිබව රියදුරු තේරුම් ගන්නවා දුම්රිය අනතුර වලක්වනවා.උඩරට මාර්ගයේ දුම්රිය දාවනයට මෙය අතිෂ්ය වැදගත් කාර්යක් ඉ‍ටුකරනවා.
    පෙට්ට්‍රල්මන් පැය 24 පුරාවට මාර්ගයේ ‍රැදී සිටිය යුතු අතර ඒ ස්ඳහා අවශ්‍ය සියලු පහසුකම් දුරිය දෙපාර්තුමේන්තුව මගින් සලසා දිල තියනවා.මෙය ඉතාම භාරදුර රාජකාරියක්.මොකද වැරදීමක් උනොත් හානිය විශාලයි වගේම පෙට්ට්‍රල්මන්ට ‍රැකියාව අහිමි වෙනවා විතරක් නෙමේ ජීවිතාන්තය දක්වාම සිරගත වෙන වරදක් වෙන්න පුලුවන් බවයි පෙට්ට්‍රල්මන් වරයකුගේ ඇග කිලිපොලා යන අත්දැකීමක් විස්තර කිරීමෙදී ඒත්තු ගියේ...


    Source : Lovindu Lakmal Chathuranga..
    https://www.facebook.com/5954896405...5489640588329/635725006564792/?type=1&fref=nf
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    meka mama liyapu ekak newei
    ekai source eka dala tiyenne
    math deyak danagaththa nisa share karanna hithune
    FB link ekata gihin oyalage comment dammanam watinawa
    :)