මොනාලිසා

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    monalisa.jpg



    ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුන සිතුවම ලොව අතිවිශිෂ්ට කලා නිර්මාණයකි. මෙම සිතුවම නිර්මානය කර ඇත්තේ 1505-1517 කාල වකවානුව තුල දී යයි සැලකේ.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. :rolleyes:

    මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ Lisa Gherardini නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. ඇය ධනවත් සිල්ක් වෙලෙන්දෙකු වූ Francesco del Giocondo ගේ බිරිඳ විය.:P තම නව නිවසේ කටයුතු අවසන් වීමත් දෙවන පුතුගේ උපත සැමරීමත් සඳහා Francesco del Giocondo තම බිරිඳගේ සිතුවමක් නැගීම ලියනාඩෝ ඩාවින්චි හට පවරන ලදි.

    1503-1504 කාලය තුලදී ඩාවින්චි විසින් මෙය ඉතාලියේදි අරඹන ලද අතර 1516 දී ප්‍රංශයේ රජතුමා වූ François I ගේ ආරාධනයකට අනුව ඔහු ප්‍රංශයට යනවිට දී සිතුවම ඔහු සමග ගෙනයන්නට ඇති බව සැලකේ. ඩාවින්චිගේ මියයාමත් සමග මොනාලිසා සිතුවම සහ ඔහුගේ තවත් නිර්මාණ Salai නම්වූ ඔහුගේ ගෝලයා සතුවිය. ප්‍රංශ රජතුමා Salai ගෙන් මෙම සිතුවම මිලදී ගැනීමත් සමග එය ප්‍රංශයට අයත්විය. :sorry:

    1911 අගෝස්තු 11 වන දින මොනාලිසා සිතුවම Louvre කෞතුකාගාරයෙන් අතුරුදන් වීම මහත් ආන්දෝලනයට ලකවිය. මෙයට සම්බන්දයයි සැකපිට ප්‍රංශ කවියෙකු වූ Guillaume Apollinaire සහ සුප්‍රකට කලාකරුවෙකු වූ Pablo Picasso අත් අඩංගුවට ගන්නා ලදි. එයින් ඔවුන් නිදහස් වු අතර මොනාලිසා පිලිබඳ කිසිදු තොරතුරක් නොවීය. කෙසේ හෝ වසර දෙකකට පසු 1913 දී සිතුවම සොරකම් කරුනු ලැබූ Vincenzo Peruggia නම් වූ ඉතාලි ජාතිකයා එය ඉතාලියේ කෞතුකාගාරයකට විකිණීමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විනි. ඔහු Louvre කෞතුකාරයේ සේවකයෙකුද විය. බොහෝ ඉතාලි ජාතිමාමකයන් මොනාලිසා සිතුවම ඉතාලියට අයත් යයි සැලකීය. මෙනිසා Vincenzo Peruggia ඉතාලියේ මහත් ප්‍රසාදයට පත් වූ අතර සොරකම හේතුවෙන් ප්‍රංශයේ දී මාස හයක සිර දඩුවමකට ලක්වීමට සිදුවිය.

    1956 දී පුද්ගලයෙකු සිතුවමට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරිමත් එම වසරේදීම තවත් පුද්ගලයෙකු ගලක් ගැසීමත් නිසා සිතුවමට හානි සිදුවුනි.:confused: පසුව නැවත පිලිසතර කර වෙඩි නොවදින වීදුරුවකින් ආරක්ෂා කරන ලදි. එම නිසා 1976 සහ 2009 වසර වල එල්ල වූ ප්‍රහාර වලින් සිතුවම ආරක්ෂාවිය. :yes:


    http://www.nawalowadenuma.com/