මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

    මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

    වළ පල්ලට ගිය රටවල්
    image_8d70f2226e.jpg

    රටක් ප්‍රපාතයට ඇද වැටෙනවාය කියන්නේ ඒ රටේ ආර්ථිකය කඩාවැටුනාමය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුනාමය. කන්න නැතිව ජනතාව මහ මගට ඇදවැටුණු විටය. එවැනි රටක උන්නතියක් සිදුනොවේ. සිදුවෙන්නේ අවනතියකි. එම රටවල පවතින්නේ මජර දේශපාලනයකි. ඒවා පාතාලයේ ගිලුන රටවල්ය. ඒ දේශයන්හි පාතාලයන් පෝෂණය වෙන්නේ දේශපාලකයින්ගේ හයියෙනි. ඒ රාජ්‍යයන්ට හෙණ ගහන්නට ඉඩදී කට බලියාගෙන බලාගෙන සිටින්නේ දැවැන්ත අයුරින් දූෂණ ක්‍රියා සිදු කරනා දේශපාලකයින්ය. ලෝකයේ කණකොකා හැඬූ තවත් රටකි කොංගෝව. වළපල්ලට ගිය කොන්ගෝව ඉන් ගොඩ එන බවක් නම් පෙනෙන්නට නැත.

    පසුගිය දෙසතිය තුළදී මා ඉදිරිපත් කළේ හයිටිය සහ සෝමාලියාව මකර කටට ඇද වැටුණ ආකාරය පිළිබඳ විස්තරයකි. කොංගෝවද දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස ඇති රාජ්‍යයකි. කොංගෝවේ සිටින්නේද සැබෑ ජනතා ප්‍රශ්න අමතක කළ අදූරදර්ශී අමනෝඥ, අවස්ථාවාදී දේශපාලකයින්ය. මගේ මෙම උත්සාහය ලොව තවත් දිළිඳු රටක ජනතාවගේ ජීවිතයේ පැතිකඩක් ස්පර්ශ කිරීමයි. මෙය තවත් රටක දැවැන්ත ඛේදවාචකයක ඇතුල් පැත්ත විවර කිරීමකි.

    මේ අවාසනාවන්ත දේශයන්හි දේශපාලකයින් දිවා රෑ දෙකෙහි සාකච්ඡා කරන්නේ රට කන හැටි ගැනය. තමන්ට හිමි කුට්ටිය මත රැඳෙන මේ දේශපාලකයෝ රටකට පිළිලයකි. බොහෝ රටවල කෛරාටික දේශපාලකයින් ගිරිය පුප්පාගෙන කියන්නේ තමන් පයට පෑගෙන දූවිලි මෙන් නිහතමානී වෙන බවය. එසේ කියා බලය ලබාගන්නා ඔවුන් ජනතාවට පයින් ගසා විරාජමානව වැජඹෙයි. කොංගෝවේ සිදුවී ඇත්තේද මේ ටිකමය. මොවුන් ජනතා දුක තුට්ටුවකට මායිම් නොකරයි.

    හිඟාකන කොංගෝව

    කොංගෝව පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේය. දකුණු සුඩානය, උගන්ඩාව, රුවන්ඩා, බුරුන්ඩි, ටැන්සානියාව, සැම්බියාව යන රටවල් රාශියකට මැදිව කොංගෝව පිහිටා ඇත. ලොව විශාලතම රටවලින් 11 වැනි ස්ථානය හිමිවී ඇත්තේ කොංගෝවටය. එහි අද ජනගහණය හත් කෝටි අසූ ලක්ෂයකට අධිකය. විශාලත්වය වර්ග කි.මී. 2345409 කි. එදා අති දැවැන්ත ඛනිජ සම්පත්වලින් අනූනව පැවති කොංගෝව අද හිඟාකන තත්ත්වයට පත්වී ඇත්තේ කෙසේද?

    ලොව දූෂිතම රාජ්‍යයන්හි නාම ලේඛනයෙහි ඉහළින්ම සිටින්නේ කොංගෝවයි. කාන්තා හිංසනය වැඩිපුරම සිදුවන්නේ කොංගෝවේය. එහි සිටින දෙමව්පියන් නැති අනාථ ළදරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 40 කට අධිකය. එහි ජනතාවගෙන් ලක්ෂ 25 කට අධික පිරිසක් දිවි ගෙවන්නේ අනාථ කඳවුරුවලය.

    ලිංගාශ්‍රිත රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව 12 ස් ලක්ෂය ඉක්මවයි. තවමත් මැලේරියාව පවතින දේශයකි. මේ රට 1960 ජුනි 3 වැනිදා බෙල්ජියමෙන් නිදහස ලබාගත් පසු ගතවූ වසර 58 තුළදී මේ රට ආපස්සට ගිය හැටි අනුවේදනීය වන්නේය. එම කාලය තුළ රට අඳුරු අගාධයකට තල්ලු වී ගියේය.
    image_a265e172df.jpg

    කොංගෝවද ගිල දැමුවේ දේශපාලන මිනී මෝරුන්ය. දේශය කා දමන මිනී කාක්කන්ය. රටේ සාරය උරාබොන ලේ මාපිල්ලුය. රටට විණ කරන නූල්සූත්තර කාරයින්ය.

    කොංගෝව යන නම කිව් විගස කාගේත් මතකයට නැගෙන්නේ පැට්‍රික් ලුමුම්බා යන නාමයයි. කොංගෝවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රථම පාලකයා ලුමුම්බාය. ඒ 1960 මැයි මාසයේදීය. ලුමුම්බා ඝාතනය කිරීමෙන් පසු එහි බලයට පත්වූ ජෝශප් මොබුටු වසර 32 ක් ඒකාධිපතියෙකු මෙන් කොංගෝව පාලනය කළේය. එම රටට කණකොකා හැඬුවේ මේ කාලයේදීය. කොංගෝව සෝවියට් දේශය හා ඇමරිකාව අතර පැවති බල අරගලය හේතු කොටගෙන විනාශ මුඛයට පත්වූ බව කියනු ලැබේ.

    මොබුටු රට පාලනය කළේ ඇමෙරිකාවේ හයිය කරට ගෙනය. මොබුටු කොමියුනිස්ට් විරෝධියකු නිසා ඔහුට ඇමෙරිකාවේ සහාය ලැබුණි. 1998 සිට 2003 (4) වර්ෂය දක්වා මෙහි සිදුවූ අභ්‍යන්තර කැරැල්ලෙන් මියගිය සංඛ්‍යාව පනස් හතර ලක්ෂයකට වැඩි බව වාර්තාවේ. මෙහි කැරළි කරුවන්ට අල්ලපු රටවල සහය ලැබීම මෙම අරගලය දුරදිගයාමේ ප්‍රබල හේතුවකි. රුවන්ඩාව සහ උගන්ඩාව කොංගෝව විනාශ කිරීමට බෙහෙවින් හවුල්වූ රටවල්ය. ලුමුම්බා හිටියා නම් කොංගෝවට මේ තත්ත්වය අත්නොවන්නට ඉඩ තිබුණි.

    මොබුටු (Mobutu) ලොව මෙතෙක් බිහිවූ දූෂිතම පාලකයෙකු වශයෙන් ප්‍රකටය. වසර 32 ක් තිස්සේ රට පාලනය කළේ ඔහු ප්‍රමුඛ මුළු පවුල විසිනි. කොංගෝව පවුල් රාජ්‍යයක් බවට පත්විය. රටේ සම්පත් කොල්ලකෑම ගජරාමයට සිදුකළේ මේ මොබුටු පවුල විසිනි. ඔහු ප්‍රමුඛ පවුල සොරකම් කළ මහජන මුදල් සම්භාරය ඩොලර් බිලියන 5.4 කට වැඩිය. රත්රන්, දියමන්ති, තඹ, යුරේනියම්, රේඩියම් වැනි ඛනිජ ද්‍රව්‍ය පිටරට පටවා මුදල් විශුද්ධිකරණය දිගට හරහට සිදුකළ මේ ඒකාධිපති පාලකයා රට වළපල්ලට යැව්වේය.

    මොබුටු කොංගෝව විනාශ කළ හැටි

    ඔහුටම ගැළපෙන දේශපාලකයින්, රජයේ නිලධාරීන් සහ ඥාතීන් පිරිවරාගෙන මහජන සම්පත් අමුඅමුවේ කොල්ලකමින් මොබුටු සිදුකළ ජාතික අපරාධය නිසා දුක් පීඩාවලට ගොදුරු වුනේ එරට අහිංසක ජනතාවය. එරට දූෂණයට ලක්වූ ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි. ස්ත්‍රීන්ට කිසිදු රැකවරණයක් නැති දේශයකි.

    තඹ අපනයනයෙන් ලෝකයේ මුල්තැන දිනාගෙන සිටි කොංගෝව දුප්පතුන්ගේ අපායක් බවට පත්කිරීමට දේශපාලකයින් සමත්වූහ. එදා වසරකට තඹ ටොන් 175,000 ක් නිපදවා ලොව පුරා අපනයනය කළ කොංගෝවේ අද ඇත්තේ පස් පමණකි. එහි ජනතාවට අද සිදුවී ඇත්තේ පස් කන්නටය. කපු හා රබර් වගාවටද මුල් තැනක් ලබාගෙන සිටි කොංගෝව අද මිනී කාක්කන්ගෙන් පිරි කාන්තාරයක් බඳුය. මෙය දේශපාලකයින් විසින් රට සූරා කෑමේ ප්‍රතිඵලයකි.

    image_fa5ddb3cca.jpg
    රට කා දැමූ ඒකාධිපතියා


    මෙහි පවතින්නේ දූෂිත පාලකයින් රකින, හොරදෙටු දේශපාළුවන් සුරක්ෂිත කරන ඔවුන්ට රැකවරණය ලබාදෙන අධිකරණ ක්‍රමවේදයකි. මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කන දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. මොබුටුට වසර 32 ක් යකඩ හස්තයකින් රට පාලනය කිරීමට ඉඩ ලැබුණේ මේ නිසාය. රට කාබාසිනියා කළ දේශපාලකයින් එරට අතහැර ගොස් විදේශ රටවල සුරසැප විඳියි. ජනතාව කන්න නැතිව මහමග මියයති. දේශපාලකයින් අතර පවතින බල පොරයට මැදිවී දුක් ගෙවන්නේ රට වැසියන්ය.

    කොංගෝවේද ජනගහණයෙන් සියයට 95 ක් පමණ අන්තදුගී අසරණයින්ය. සියයට 5 ක් පමණ රජ සැප විඳින දේශපාලකයින්ය. ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ය. දේශපාලකයින්ට උඩගෙඩි දෙන රජයේ ඉහළ නිලධාරීන්ය. වංචා දූෂණවලට සම්බන්ධ ව්‍යාපාරිකයින්ය. එකම රටක ඉරණම් දෙකක ජනතාවක් දිවි ගෙවන්නේ මෙසේය. කොංගෝවේ ජනතාවට සිදුවී ඇත්තේ දේශපාලකයින්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටී පිළිසරණ යැදීමටයි.
    ටැන්සානියාව, ඇෆ්ගනිස්ථානය, බෙනින් යන රටවල් වගේම කොංගෝවත් අසමත් රාජ්‍යයක් වී තිබෙන්නේ ඒ රට ගොඩ ගැනීමට විදේශ රාජ්‍යයන් ලබාදුන් ආධාර මුදල් පාලකයින් විසින් යටිමඩි ගසාගත් නිසාය. විදේශ ණය ලබාගෙන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීම තුළින් රටක් ඉදිරියට යන්නේ කෙසේද? ආසියාවේ රටවල් කීපයකට අද මේ තත්ත්වය අත්වී තිබේද? නිදහස ලබාගත්දා සිට (1948) වසර 70 ක් තිස්සේ ලංකාවේත් සිදුවුනේ මෙම ක්‍රියාදාමයද?


    පවුල් පාලනය

    1997 දී මොබුටු පලවා හැර බලයට පත්වූ කැබිලාද (Kabila) රට සූරා කෑවේය. කැබිලා ඝාතනය කිරීමෙන් පසු 2001 දී බලයට පත්වූ ඔහුගේ පුත්‍රයාවූ ජෝශප් කැබිලාද (Joseph Kabila) රටේ සම්පත් කොල්ලකෑවේ රාජ්‍ය නිලධාරීන්ගේ හිතෛෂීවන්ත භාවයද ලබාගනිමිනි. පියාගෙන් පුතාට පාලන බලය හුවමාරුවීම තුළින් කබලෙන් ලිපට වැටුණේ කොංගෝවේ පුරවැසියන්ය. කොංගෝව පාලනය කළ හැම පාලකයෙක්ම ස්විස් බැංකුවල නීතිවිරෝධී අයුරින් කෝටි ප්‍රකෝටි ගණනින් ධනය තැන්පත් කර තිබූ අයුරු හෙළිවී තිබේ. අප්‍රිකාවේ දූෂිත රාජ්‍යයන්ගෙන් මුල්තැන කොංගෝවට හිමිවී තිබේ.

    ජනතාවට බඩගිනි අපිට ලැම්බොගිනි

    දූෂිත රාජ්‍යයන්ගේ ලැයිස්තුවේ ඉහළම සිටින රටවල් වන්නේ බංගලදේශය, ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, ඇෆ්ගනිස්ථානය, ද. අප්‍රිකාව, ඇන්ගෝලාව, කෙන්යාව, සෝමාලියාව, ටැන්සානියාව, උගන්ඩාව, සිම්බාබ්වේ යන දේශයන්ය. එච්.අයි.වී. වයිරසයෙන් කොංගෝවේ වසරකට මියයන සංඛ්‍යාව 30,000 ඉක්මවයි.

    වාසි පැත්තට හෝයියා කියමින් පිල් මාරු කරමින්, රට ආරාජික තත්ත්වයට පත්කරන දේශපාලකයින් බහුල වශයෙන් සිටින කොංගෝව අද නරකාදියකි. අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, විදුලිය, ජලය ආදී පහසුකම් ජනතාවට සැපයීම පසෙකලා තම වර්ගයාගේ සුඛ විහරණය ගැන පමණක් සිතන මේ රටේ දේශපාලකයින් ජනතාවට බඩගිනි අපිට ලැම්බොගිනි සම්ප්‍රදාය සුරකින උත්තමයින් මෙන් වැජඹෙති.

    අවුරුදු 58 කට පෙර පැට්‍රික් ලුමුම්බා කොංගෝව ගොඩනගන්නට වෙර දැරුවේය. දැඩි අධිෂ්ඨානයෙන් දුර දක්නා නුවණින්, ආත්ම පරිත්‍යාගයෙන් දේශ භක්තියෙන්, අවංක කැපවීමකින් කොංගෝවට නව පණක් ලබාදෙන්නට සටන් කළේය. දේශද්‍රෝහීන් ඔහු අමු අමුවේ මරා දැමීමෙන් පසු කොංගෝව ලෝකයෙන් කොන්වී ගියේය. අඳුරු අගාධයක ගිලුනේය. කොංගෝවට අද පළදී තිබෙන්නේ පැට්‍රික් ලුමුම්බා මරාදැමූ ශාපයද?
    දුගී දුප්පත් ජනතාව ජීවත්වෙන වළපල්ලට ගිය රටවල සැබෑ තත්ත්වය අවබෝධ වෙන්නේ ​ඇමෙරිකාව වැනි දියුණු රටක ජීවත් වෙන විටය. ලංකාවත් ක්‍රමයෙන් වළපල්ලට යන බව පෙනේ. මේ ලිපිය අවසානයේද මට කියන්නට තිබෙන්නේ වියෝ ගිනි මැද දැවෙන ජීවිත අද වගේ හෙට හමු නොවේවා කියන එකය. අැසූ දුටු පමණින් ගත සිත සනසන්නේ නැති රටකි කොංගෝව.




    සිරී හීන්පැල්ල
    නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    කොංගෝව පවුල් රාජ්‍යයක් බවට පත්විය. රටේ සම්පත් කොල්ලකෑම ගජරාමයට සිදුකළේ මේ මොබුටු පවුල විසිනි. ඔහු ප්‍රමුඛ පවුල සොරකම් කළ මහජන මුදල් සම්භාරය ඩොලර් බිලියන 5.4 කට

    Any proofs? :lol: :lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ අවාසනාවන්ත දේශයන්හි දේශපාලකයින් දිවා රෑ දෙකෙහි සාකච්ඡා කරන්නේ රට කන හැටි ගැනය. තමන්ට හිමි කුට්ටිය මත රැඳෙන මේ දේශපාලකයෝ රටකට පිළිලයකි. බොහෝ රටවල කෛරාටික දේශපාලකයින් ගිරිය පුප්පාගෙන කියන්නේ තමන් පයට පෑගෙන දූවිලි මෙන් නිහතමානී වෙන බවය.

    නියමයි රෙප් දුන්න
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මහින්දයා හිටිය නම් කලින්ම කරලා ඕක නෙත්නම් තව එකෙක් අනිවා අපේ රටත් ඔය දේම කරනවා
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Our politicians do the same thing. Only the name of the party is different. Very small percentage of people (elite and their boot lickers) enjoy fruits in this corrupted system. Yet very few understand how cruel that system is.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවෙ උන්ට (බහුතර) මේ මජර දේශපාලනය නැතුව බෑ.ඒකෙන් වෙන්නෙ හොද ජීවන රටාවක් බලා පොරොත්තුවෙන මිනිස්සු පසුතැවෙන එක.කාටවත් ඒක වෙනස් කරන්න ඔනත් නෑ.දේශපාලන ආර්තික නීතී වෙනස් විමක් නැතුව මේ රට සිංගප්පූරුක් වේවී කියල හිතන් ඉන්නවනම් ඒක විහිලුවක්.වෙනසක්නෑ ඔයිවගේම තමයි මෙහෙත්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ වාසනාවට අපිට අප්පච්චිල බාප්පල කලිසං ඇන්දට පුන්ච් අම්මල ඒ අයට උදව් කරන්න යට ඇඳුම් ඇන්දට එන ඕන කෙනෙක්ට ඒක පහත් කරල පුද දෙන කට්ටියකුයි ඉන්න නිසා (නොදී ඉන්න අය තමන්ගෙ කෙනා ආවම දෙනව) කිසිම අව්ලක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කොංගෝව පවුල් රාජ්‍යයක් බවට පත්විය. රටේ සම්පත් කොල්ලකෑම ගජරාමයට සිදුකළේ මේ මොබුටු පවුල විසිනි. ඔහු ප්‍රමුඛ පවුල සොරකම් කළ මහජන මුදල් සම්භාරය ඩොලර් බිලියන 5.4 කට

    Any proofs? :lol: :lol:

    :rofl::rofl: