කොහොම කිව්වත් ගෙදර ඉන්නකොට, පිට ඉන්නවට වැඩිය කරදර ටිකක් හරි අඩුයි... සැප හොයනවනම් PhD කරන්න යන්නෙ නෑනේ ..
![]()
... මම අදහස් කලේ පිට ඉඳන් කරන එකත් එක්ක සාපෙස්ක්ෂව බැලුවාම ගෙදර ඉඳන් කරන එක දාහකින් සම්පතයි කියන එකයි.
රිසර්ච් වලට ආසාවක් නැත්තන් පටන් ගන්න හිතන්නෙ නෑනෙහොරකම් ගැන නම් කුමන කතාද ...
මොකක්ද ඒ සීන් එක .. අපි අපිටම ෆන්ඩ් කරගන්න බැරිද ?![]()
බොහොම ස්තුතියි අදහස් වලට.. ඔයා කියන දේවල් වලට අනුව ඔයාගෙ ෆස්ට් ඩිග්රි එක ගත්තෙ ලංකාවෙන් PhD එක කලේ overseas ද ?
ඔව් බලන්න ඕනෙ පිටරටක කරගන්න, කොහොමත් ලංකාවෙ කරන එක නම් මට ලේසි වෙයි. හැබැයි, ඒත් ෆොරින් PhD එකකට enroll වෙන්න ලංකාවෙ enroll වෙනවට වඩා ලේසි වෙයි උන්ගෙම Standard වලට කරපු Qualifications තියෙන නිසා. බලමු තව ටිකක් හොයල බලන්න ඕනෙ විස්තර ..![]()
රෙප් ඉවරයි පස්සෙ දෙන්නම්
රෙප් ඕනේ නැහැ මල්ලි. මම BS සහ PhD (with MPhil) දෙකම කලේ ලංකාවේ. PhD එක complete කරන්න අවුරුදු 7ක් ගියා මට Funding ප්‍රශ්න නිසා. නමුත් මගේ supervisors ල ගොඩක් හොඳයි. ඒ ගැන කතාවක් නැහැ. එහෙම අය ඉන්නේ කලාතුරකින්. එත් අපිට ඕනේ දේ කරන්න අපිට facility මදි ලංකාවේ. මම දැන් ඉන්නේ USA මගේ field එකේ හොඳම තැනක, ඒ ලංකාවේ කරපු PhD එකෙන් තමයි. එත් ඒක ගන්න විඳපු දුක දන්නේ ඒක කරපු කෙනා විතරයි. PhD project එකකදී project එකේ principle investigator (PI), proposal එක submit කරලා ඒකට අවශ්‍ය මුදල් funding agency එකෙන් approve කරගන්න ඕනේ. එකේ PhD student ට ගෙවන allowance එක include වෙනවා. PhD එකට register වෙන්න ඕනේ අදාල uni එකේ research and higher degrees committee (RHDC) එකේ, project එකේ PI, තමන්ගේ PhD supervisor විදියට නම් කරලා. සියලුම බලතල තියෙන්නේ එයාට. එයාල ඔයාගේ project proposal එක බලල ඒක PhD එකකට සුදුසු නම් registration එක approve කරනවා. සමහර වෙලාවට PhD offer කරනවා ඔයා අතින් ගෙවල කරන්න. ඒ කියන්නේ registration fees and ඔයාගේ stipend එක (allowance ) එක ලැබෙන්නේ නැහැ. Project එක කරන්න මුදල් ලැබෙනවා. මුදල් සම්බන්ධයෙන් ඔයාට කිසිම කතාවක් නැහැ. ඒවායේ සම්පුර්න අයිතිය PI ට. සාමාන්යෙන් ඕනෙම project proposal budget එකක PI ගේ ඉඳන් වැඩ කරන හැමෝටම allowance එකක් වෙන් කරනවා. ඒ කියන්නේ ඔයාට salary එකක් ලැබෙනවා. එහෙම නැත්නම් post-graduate scholarship එකකට apply කරන්න පුළුවන්. නමුත් grant එක එන්නේ ලංකාවේ agency එකකින් නම් අය වැය වලින් research වලට වෙන් කරන ප්‍රතිපාදන මත budget cut කරනවා සමහර වෙලාවට. එතකොට තියන මුදල් වලින් project එක ඉවර කරනවා පුළුවන් විදියට. මොකද ඔයා සහ ඔයාගේ PI, RHDC එකටයි funding agency එකටයි every 6 months progress reports දෙන්න ඕනේ. එහෙම උනාම සමහර වෙලාවට අපිට ඕනේ හැම දේම කරගන්න සල්ලි මදි. allowance නම් කොහොමත් කපා හැරෙනවා. project එකේ වියදම් කරන හැම සතේම Audit වෙනවා. ගෙදරින් සල්ලි ගෙනත් project එකට වියදම් කරන්න ඔයාට බැහැ. ඔයාට කරන්න පුළුවන් එකම දේ ඔයාගේ stipend එකක් නැතිව අතින් වියදම් කරන් ගිහින් project එක complete කරන එක. මගේ අවුරුදු 7න් 4කම අතින් තමයි වියදම් කලේ. අපි ලංකාවෙන් එලියට ඇවිත් research කරද්දී තමයි හිතෙන්නේ අපි කොයි තරම් පිරිමහගෙනද research කලේ කියල. අද $500.00 එක reagent එකක් ගෙන්නනවා. අපේ monthly budget එක $9000.00. එත් මගේ PhD එකේ එක project එකකට සම්පුරන්යෙන් approve උනේ ලක්ෂ 20 යි. ඕකයි අපේ දුප්පත් රටේ තත්වේ. මොලේ කොයි තරම් තිබුනත් research කරද්දී සල්ලි නැතුව වැඩ කරගන්න අමාරුයි. අනිත් එක ගොඩක් PI ල බලන්නේ පිටරට workshop එකක් අවොත් එක student ට නොදී එයා යන්න. මොකද එතනින් කියක් හරි සල්ලි ලැබෙනවා. කරගෙන යනකොට සංසාරේ එපා වෙනවා ඕව දැකල. හැබැයි මම වැඩ කලේ දෙවියෙක් වගේ ගුරුවරු එක්ක. ඒ අස්සේ ඕනේ තරම් පිරිහුණු සල්ලි මත්තේ දුවපු අය හිටිය.
මගේ එකම advice එක කොහේ PhD එක කරන්න ගියත්, මුලින්ම PI ගේ academic record එක බලන්න. එයා අවුරුද්දකට research papers 2ක් 3ක් වත් publish කරනවා නම් ඒවා high quality නම් එයත් එක්ක වැඩේ කරගන්න පුළුවන් වේවි. මොකද funding problems ලෝකේ කොහෙත් තියනවා. අනිත් එක පිට රටක කරනවා නම් Spanish, Indian, China, PI ලත් එක්ක වැඩ කරන්න හිතන්නවත් එපා. උන් students lawa මරවනවා. නිකම් සත්තුන්ට වගේ. මල්ලි PhD එක ලේසියෙන් පහසුවෙන් හොඳ quality එකකින් ඉවර කරනවා කියන්නේ වාසනාවක්. අඩුම තරමේ first author articles 3ක් 4ක් වත් publish කරන්න ඕනේ ඉවර වෙද්දී. කරදර ගැන හිතනවා නම්, research කරද්දී PI හොඳ නැත්නම්, funding නැත්නම්, project එක quality නැත්නම්, මේ වගේ දාහක් ප්‍රශ්න එක්ක දිව්‍ය ලෝක සැප ලැබුනත් වැඩක් නැහැ. මොකද ඔයාගේ මුළු අනාගතේම තියෙන්නේ ඔය කියන PI ගේ අතේ තමයි. ඒ හන්ද PI සහ එයාගේ work quality එක ගැන හොඳට හොයල බලල, funding sources ගැන අවබෝධයක් ලබාගෙන PhD එකට enroll වෙන්න. නැත්නම් ඔයාට research විතරක් නෙවෙයි මුළු ජීවිතේම එපා වේවි. මම මේ හැමදේම කිව්වේ ඔයාව discourage කරන්න නෙවේ. ඔයා කරන්න යන දේ ගැන අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ නිසයි. මොකද අපිට ඕව කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. මමත් අවුරුදු 24න PhD එක කරන්න ගියේ 29 වෙද්දී PhD එක ගන්න හිතාගෙන. කොහොම උනත් දුක විඳලා කරගත්තොත් ඉතින් ගොඩක් හොඳයි. මගේ ලංකාවේ PhD එකට මම New York Uni එකට ආවා. දැන් වැඩ කරන්නේ හොඳම government research institute එකක. ඒ හන්ද මම ලංකාවේ දේ පහත් කරන්නේ නැහැ. නමුත් මුලින් කියපු ගැටළු අනිත් රටවල් වලට වැඩිය ගොඩක් වැඩියෙන් ලංකාවේ තියනවා.
පිට රටක නම් option දෙකක් තියනවා. එකක් teaching assistant වෙලා teach කරන ගමන් PhD එක කරන එක. එහෙමත් නැත්නම් ඔයාගේ monthly stipend ලැබෙන project එකක් කරන එක. ඒක scholarship එකක් වගේ. දෙවිදියටම ඔයාට monthly salary එකක් ලැබෙනවා. US වල නම් $20000-30000ත් අතර වගේ annualy. දෙවෙනි විදිය ගොඩක් පහසුයි, මොකද full time research කරන්න පුළුවන්, teaching commitment එකක් නැති හන්ද.
Good Luck.
Last edited:
... සැප හොයනවනම් PhD කරන්න යන්නෙ නෑනේ ..
... මම අදහස් කලේ පිට ඉඳන් කරන එකත් එක්ක සාපෙස්ක්ෂව බැලුවාම ගෙදර ඉඳන් කරන එක දාහකින් සම්පතයි කියන එකයි.
හොරකම් ගැන නම් කුමන කතාද ... 
බොහොම ස්තුතියි .. ගොඩක් වටිනව විස්තර ඇතුව ලියපු උපදෙස් සහ තොරතුරු ... PhD කරන්න හිතන් ඉන්න අනිත් අයටත් ගොඩක් වටිනව ... අවු: 7ක් කළා කියන්නෙ එපා වෙන්න ඇති ..