මොරටුව විශ්ව විද්‍යාලයේ නව ව්‍යාපාර පීඨය

waligamaya

Well-known member
  • මොරටුව විශ්ව විද්‍යාලයේ නව ව්‍යාපාර පීඨය

    මොරටුව විශ්ව විද්‍යාලයේ නව ව්‍යාපාර පීඨයට (Faculty of Business) සුබ පැතුම්.

    16508242_1210815322367667_5309137255375263417_n.jpg



    තවත් එක් කළමනාකරණ පීඨයක් ලෙස ආරම්භ කොට ගණකාධිකාරණය,අලෙවිකරණය,මූල්‍ය කළමනාකරණය,මානව සම්පත් කළමනාකරණය වැනි විෂයයන් උගන්වනවා වෙනුවට මොරටුව විශ්ව විද්‍යාලය අපේ රටේ විශ්ව විද්‍යාල වල කළමනාකරණ පීඨයන් තුළ තිබූ දැවැන්ත අඩුපාඩුවක් හඳුනාගෙන එය සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇත.ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එළියට එන කළමනාකරණ උපාධිධාරීන් සතු දැවැන්ත අඩුපාඩුවක් වන්නේ ගණිතය සම්බන්ධයෙන් ඔවුන් දක්වන දුර්වලතාවයයි.වාණිජ විෂයයන් හදාරන්නවුන් ගණිතයට දුර්වල වන්නේ කෙසේ දැයි ඔබට ගැටළුවක් මතු විය හැකි නමුත් ගණිතය යනුවෙන් මා අදහස් කරන්නේ එකතු කිරීම් අඩු කිරීම් ගුණ කිරීම් බෙදීම් පමණක් යොදා ගනිමින් ගිණුම් වලට හර බැර කරමින් පිළියෙළ කරනා ලාභාලාභ ගිණුම් ශේෂ පත්‍ර ගැන නොවේ.ඒවා සම්බන්ධයෙන් අපේ බොහෝ වාණිජ උපාධිධාරීන් විශේෂඥයන් ය.

    ගැටළුව මතු වන්නේ සම්භාවිතා නීති,මූලික සංඛ්‍යාන (statistics) සංකල්ප,කලනයේ මූලික සංකල්ප ආදී අවිනිශ්චිත ව්‍යාපාර ලෝකය තුළ පුරෝකතථනයන් (forecasts) සිදු කිරීමට උවමනා කරනා ගණිතමය දැනුම අපේ වාණිජ උපාධිධාරීන් අතර ඉතා හිඟ වීමය.බොහෝ කළමනාකරණ පීඨ වල පළමු වසර තුළ දී ව්‍යාපාර ගණිතය සහ ප්‍රමාණාත්මක ක්‍රම (Business mathematics and quantitative techniques) යනුවෙන් විෂයයක් උගන්වා මේ දැනුම් අඩුපාඩුව සම්පූර්ණ කිරීමට උත්සහ කළ ද මොකක්දෝ ලොකු හදිසියකින් ගණිත සංකල්ප රාශියක් මාස කීපයකින් උගන්වන්නට යාමත් ඒවා ඉගෙන ගන්නා ශිෂ්‍යයින් "ඉගෙන ගත්තා,විභාගේ ලිව්වා,අමතක කළා" යන මානසිකත්වයේ සිටීමත් නිසා විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරීන් ලෙස එළියට එන කළමනාකරණ උපාධිධාරීන් ගෙන් 99% ක්ම දන්නා ගණිතයක් හෝ ප්‍රමාණාත්මක ක්‍රම දැනුමක් නැත.ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන් ඉතා සීමිතය.තීරණ විද්‍යාවන් (Decision sciences) සම්බන්ධයෙන් උපාධි ලබනා කළමනාකරණ ශිෂ්‍යයින් යම් ප්‍රමාණයක් සිටියද එය ප්‍රමාණවත් නොවේ.

    මේ අඩුපාඩුව පිරිමැසීම වෙනුවෙන්ම බිහි වී ඇති CFA (Chartered Financial Analyst) වැනි විදේශ පාඨමාලා පැවතිය ද ඒවා ඉතා මිල අධික පාඨමාලා වේ.වාණිජ ශිෂ්‍යයින් සතු මේ ගණිත දැනුම් අඩුපාඩුව ඉතා හොඳින් දැකිය හැකි තවත් තැනක් වන්නේ වරලත් ගණකාධිකරණය,CIMA,ACCA වැනි පාඨමාලා හදාරනා ශිෂ්‍යයින් කළමනාකරණ ගණකාධිකරණය (Management accounting) සහ මූල්‍ය කළමනාකරණය (Financial management/Corporate finance) වැනි විෂයයන් සම්බන්ධයෙන් දක්වන දුර්වලතාවයයි."Costing අමාරුයි FM අමාරුයි" යනුවෙන් පවසන බහුතරයක් ශිෂ්‍යයින් හට නොමැත්තේ ව්‍යාපාර සංකල්ප ගැන දැනුම නොව මූලික ගණිත දැනුම බව ශිෂ්‍යයෙක් ලෙස ඉගෙන ගන්නා කාලයේ ද අද ඉහතින් කී විෂයයන් උගන්වන ගුරුවරයෙක් ලෙස ද මා අත්දැක ඇත.නමුත් ගණිත,ජීව විද්‍යා විෂයයන් උසස් පෙළට හදාරා පසුව ඉහතින් කී පාඨමාලා හදාරණ ශිෂ්‍යයින් මෙම විෂයයන් වලට ඉතා පහසුවෙන් මුහුණ දෙයි.

    දැනට විස්තර ලැබී ඇති පරිදි මොරටුව විශ්ව විද්‍යාලය පහත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපාධි පිරිනැමීමට සැළසුම් කොට ඇත.

    The main goal of the Faculty of Business is to produce graduates who will be ready to take the businesses to a higher level in the next decade. With the increasing use of data analytics for improving business efficiency, the world is looking for a new breed of business graduates who can bring fresh insights to an organization. The business faculty at University of Moratuwa will be offering world class undergraduate degree programs in Business Science training students with conceptual underpinning as well as vocationally relevant knowledge and skills. The key feature in all degree programs is the focus on analytical skill development.

    Faculty of Business at University of Moratuwa will be offering the Bachelor of Business Science in 3 specializations:

    Business Analytics,
    Business Process Management
    Financial Analytics.
    These degree programs are ideal for students with high quantitative and analytical skills and will be open to students who sat G.C.E A/L 2016 in the streams of Physical Science and Commerce and first intake of 100 students will be taken in September 2017.

    අදාළ සුදුසුකම් ඇති වාණිජ හෝ ගණිත අංශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සටහන කියවන්නේ නම් මේ උපාධි පාඨමාලා ඔබ වෙනුවෙනි.සුදුසුකම් ඇති අයෙක් ඔබ හඳුනන්නේ නම් ඔවුන්ව ද දැනුවත් කරන්න.

    ප.ලි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨය ද රුහුණු විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය අරබමින් ලංකාවේ වැඩිම පීඨය ගණනක් (9) ඇති විශ්ව විද්‍යාලය විඇත ඔවුන්ට ද සුබ පැතුම්.


    from friend FB post.
     
    Last edited:
    • Like
    Reactions: Ruuzz

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Okata samana external degree ekak tiye colombo university eke Bsc in Financial Engineering kiala. Eketh godak maths side ekata tama bara