ඕක මෙහෙමයි බන් කොලිටි එකේ වෙනසක් තියෙනවා. . නමුත් උන්ගේ ලාබ ප්‍රතිශත වැඩියි. .
මෙහෙම කියන්නම්කෝ ඒකේ ලක්ශ 2 එක ඒ කොලිටි එකෙන්ම අපිට ලක්ශෙට කරන්න පුලුවන්. .
ගොඩක් වෙලාවට අපෙන් ලක්ශෙට ගන්න එක තමයි ලක්ශ 2ට විකුනන්නේ. .
මොරටුවෙම වුනත් ඔය වෙනස්කම තියෙනවා. . මම 50ට දෙන කැබිනට් එකම සොයිසාපාර මුල 80ක් වෙනවා. . නමුත් එකම කොලිටි එක මගෙන්ම තමයි ගන්නේ. . මම නිශ්පාදනය කරනවා ඒගොල්ලෝ මගෙන් ෆිනිශ් ප්‍රඩක්ට් එක ගන්නවා. .
අපි තොග මිල යන නිසා අපිට ට්‍රාන්ස්පෝට් වත් ෆ්‍රී දෙන්න බෑ. . නමුත් එගොල්ලෝ ෆ්‍රී දෙන්න ඉඩතියෙනවා මොකද ලොකු ලාබ තියලානේ විකුනන්නේ. .
Owala polish eka nan chora.body eka gawena thana polish eka yanawa.hena thin layer ekak gala tiyenne
එහෙම යන්නේ නෑ බන්. . ලැකර් කෝඩ් එකක්නේ වදින්නේ. .
මචන් අවන්කවම ඔවගේ ඩුයුරබලිට් එක කොහොමද? සාමාන්යෙන් අපි ගෙදරක හදන ඒව ලයිෆ් ටයිම්. තව පොඩි ගානක් වැඩි උනත් කමක් නෑ හොදටම කරගන්න පුලුවන්ද?
ගොඩක් අය කියනව සාප්පු බඩු බාලයි කියල, උබ ඉන්න එකත් ලොකු දෙයක්
තේක්ක ලීයට මුකුත් වෙන්නේ නෑ බන් ස්ප්‍රේ එක වුනත් වෙනසක් වෙන්නේ නෑ. . ඕනනම් අවුරුදු 20කින් විතර ස්ප්‍රේ කෝඩ් එකක් ගහගන්න තියෙන්නේ. .
කුශන් එකත් කොලිටිම රෙදි වලින් කරන්නේ. . ඕනනම් කුශන් රෙදිටික මාරු කරගත්තැකි අවුරුදු 10න් 10ට වගේ. . කුශන් සෙට් එකම අයින් කරන්න ඕනේ නෑ රෙදිටික විතරක් මාරු කරැකි රබර් ශීට්, රබර් කොට්ට එහෙම අලුතෙන් දාන්න ඕනේ නෑ. .
සාප්පු බඩු බාලයි කියන ගොඩක් අය ලාබෙටම ලී බඩු හොයපු අය. . මන් කලින් කිව්ව කැබිනට් එකේ උදාහරනෙම ගමු. . මම ඕක විකුනන්නේ 50ටනේ. . ඒකේ ලීය තුන්කාල ගනකම, සම්පූර්න තේක්කෙන් කරලා තියෙන්නේ. . මට ඕක ඔයිටවඩා අඩුවට දෙන්න බෑ කොහොමත් මම ශොප් වලට දෙන්නෙත් 50ක්. .
දැන් මනුස්සයෙක් එනවා මගේ කබඩ් එක බලනවා. . මගේ ගාන 50යි. . එයා බලලා එන්නම් කියලා යනවා. . එයා ඔහොම බල බල යද්දි කබඩ් එකක් සෙට් වෙනවා මගේ එක වගේමයි. . පෙනුම එකම විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒක 30යි. . මේ මනුස්සයා හිතින් මටත් බැනලා ඕක ගන්නවා. . ගාන අඩු නිසා ගත්තට ඇයි ගාන අඩුවුනේ කියලා එයා හිතන්නේ නෑ. . මගේ ලීයේ ගනකම තුන්කාල ඒ කිව්වේ නුල් 6. . ඒකේ ගනකම නූල් 4. .මගේ ඔක්කොම තේක්ක ඒකේ ඇතුලේ ලී සපු නැත්තන් කැටකෑරල හෝ වෙනත් ලීයක් එක්ක කලවම්. . ස්ප්‍රේ එකත් මගේ ලැකර් ඒකේ පොලිශ් කලවම්. .
දැන් ඕක ගෙනියන මිනිහා මොකද කරන්නේ? ගාන අඩුවට බාල බඩු අරන් කෙලෝගෙන මොරටුවටම බනිනවා. . මටනම් ඔහොම මිනිස්සුම තමයි ගොඩක් සෙට් වෙලා තියෙන්නේ. . මිනිස්සුන්ට දෙයක් පහදලා දීලා බිස්නස් කරන්න අමාරු නිසයි මම ගොඩක්ම ශොප් වලටම බඩු දෙන්නේ. . ඒක මට ලේසියි. .