රුසියාව සහ ලෙබනනයේ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සිරියානු සිවිල් යුද්ධයේදී සමීපතම මිත්‍රයන් බවට පත්ව තිබේ.දෙපාර්ශ්වයම සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙයි.නමුත් මොවුන්ගේ සම්බන්ධතාවය සෑම විටම මිත්‍රශීලී නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.1985 වර්ෂයේදී හිස්බුල්ලා සංවිධානය විසින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනෙක් පැහැරගෙන ගොස් එක් අයක් මරාදමන අතර ත්රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට සෝවියට් දේශය කේජීබී සංවිධානයේ "ඇල්පා" විශේෂ බලකා කණ්ඩායම පිටත් කර හරියි.
ඇල්පා ගෲප් යනු බුද්ධි තොරතුරු ජාලයක්,ත්‍රස්ත මර්ධන කණ්ඩායමක් සහ විශේෂ බලකා ඒකකයක් ලෙස ක්‍රියා කරන සහ ඇමෙරිකානු සීල් ටීම් විශේෂ බලකායට සමාන විශේෂ හමුදා ඒකකයකි.
මෙම කණ්ඩායම ප්‍රථම වරට සිය මාරාන්තික හැකියාව ප්‍රදර්ශනය කරන්නේ 1979 වර්ෂයේ සිදුවූ ඇෆ්ගන් ආක්රමණයේ ආරම්භක අවදියේදී කාබුල් හි ජනාධිපති මන්දිරයට එල්ල කල ප්රහාරයෙනි.1980 සහ 1990 දශක මුලුල්ලේ මොවුන් ඉහළ පෙළේ ත්‍රස්ත මර්ධන සහ පැහැරගෙන යන්නන් දඬයම් කිරීමේ මෙහෙයුම් වලට සහභාගී වී තිබේ.කේජීබී සංවිධානය සහ සෝවියට් හමුදාවෙන් කොටසක් 1990 වර්ෂයේ කුමන්ත්‍රණයක් සඳහා ප්රයත්න දරද්දී ඇල්පා ගෲප් එකට පැවරුනේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි.සෝවියට් දේශය බිද වැටීමෙන් ඇල්පා ගෲප් ඒකකය අවසන් නොවූ අතර දැනට ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් කේජීබී සංවිධානයේ අනුප්‍රාප්තිකයා යටතේ පාලනය වේ.ලෙබනනයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සිද්ධියේදී ඔවුන් හිස්බුල්ලා සංවිධානය සමග ගැටීම ඉතා පුළුල්ව සාකච්ඡා වූ සහ මෙම කණ්ඩායමේ කෲරතම මෙහෙයුමකි.
කේජීබී සංවිධානය, ඇල්පා ගෲප්( Alpha Group)හෙවත් 'ස්පෙට්ස්ගෲපා ඒ' නම් විශේෂිත ඒකකය පිහිටුවන්නේ 1974 වර්ෂයේදීය.ඒ ඊට වසර දෙකකට පෙර සිදුවූ මියුනිච් ඔලිම්පික් උළෙලේ කළු සැප්තැම්බරය ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.පලස්තීන විමුක්ති පෙරමුණට සම්බන්ධ ත්රස්තවාදීන් අටදෙනෙක් ඔලිම්පික් ගම්මානයට රහසේ ඇතුලුවී ඊශ්‍රායල ක්‍රීඩකයන් දෙදෙනෙක් මරා දමා තවත් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.බටහිර ජර්මනියේ පොලිසිය ඉන් පැය කිහිපයකට පසුව නේටෝ ගුවන් තොටුපොලකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට දරන ලද අසාර්ථක උත්සාහයේදී තවත් ඊශ්‍රායල ජාතිකයෝ නමදෙනෙක් සමග ත්රස්තවාදීන් පස්දෙනෙක්,එක් පොලිස් නිලධාරියෙක් මරණයට පත්විය.
ඇල්පා ගෲප් ඒකකය පිහිටුවන්නේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වීමට වුවද වැඩිකල් නොගොස් ඔවුන්ට සිය කාර්යයභාර්යය රටෙන් පිටත්දී ඉටුකරන්නට සිදුවේ.1979 වර්ෂයේදී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි.එහිදී ඇල්පා ගෲප් සහ කේජීබී සංවිධානයේ 'සෙනිත් ගෲප්' යන විශේෂ බලකා ඒකකවල 700ක පමණ පිරිසක් කාබුල් හි ටැජ්බෙග් මාළිගය අල්ලාගැනීමට යවනු ලැබේ.ඔවුන් සෝවියට් තානාපති කාර්යාලයේ ආරක්ෂාව මත රටට ඇතුල්වේ.ටැජ්බෙග් මාළිගය අල්ලා ගැනීම 1979 දෙසැම්බර් 27 දා ඇරඹෙන අතර එය සෝවියට් ආක්රමණයේ පළමු පියවරයි.ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින් එදින සවස් කාලයේ මාළිගය තුල සිවිල් ආරාධිතයින් රැසකට සහ මාළිගයේ පදිංචිකරුවන් වෙනුවෙන් සාදයක් පත්වන අතර ඒ අතරතුර සෝවියට් ප්‍රහාරකයෝ කඩාවදියි.ප්‍රහාර සිදුවන විට ඒ තුල කාන්තාවන් සහ ළමුන්ද සිට තිබේ.
මෙම මෙහෙයුමට සහභාගී වූ විශේෂ බලකා නිලධාරියෙක් 2009 වර්ෂයේදී බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ ගොඩනැගිල්ල තුල වූ සියලුදෙනා මරාදමන්නට සෙබලුන්ට ඉහළින් නියෝග ලබා දී තිබූ බවයි.
"මම සෝවියට් සෙබලෙක්ව සිටියා.අපව පුහුණු කර තිබුණේ ප්‍රශ්න කිරීමකින් තොරව නියෝග පිළිපදින්නයි.මම සේවය කලේ විශේෂ බලකාවල.ඒක ඉතා නරක රැකියාවක් වුනා" -රස්ටම් ටුර්සන්කුලොව්
සෝවියට් සෙබලුන් මාලිගයට කඩා වදින අවස්ථාවේ ඒ තුල එකලොස් හැවිරිදි නජීබා නම් දැරියද සිටියාය."මම දුටු දෑ,අහෝ දෙවියනේ.මිනිසුන් බිම වැටී සිටියා.මම දැක්කා මනුෂ්‍යයෙක් ,හරියට චිත්‍රපටයක එන භයජනක අත්දැකීමක් වගේ.මළ සිරුරු ගණනාවක් තිබුණා." නජීබා සිය අත්දැකීම් බිබීසී නාලිකාවට එලෙස විස්තර කර තිබිණි.
"කරුණාකරලා තේරුම් ගන්න එහි සටන් සිදුවෙමින් තිබුණේ.එහි ළමුන් සිටියාදැයි සෙවීම අමාරු කාර්යයක්.ඕනෑම හමුදාවක එවැනි කුරිරු දෙයක් කිරීමට හැකි අයෙක් සිටියා.අතිශය දරුණු කාර්යයන්.අවාසනාවට,ඒ සෙබලුන් නොවේ,දේශපාලනඥයින් යුද්ධ නිර්මාණය කරන්නේ." - රස්ටම් ටුර්සන්කුලොව්
ජනපති අමින්ගේ 11 හැවිරිදි පුත්‍රයා ද මාලිගාවට එල්ල වූ ප්‍රහාරයෙන් මරණයට පත් විය.බොහෝවිට ඔහු සටනේදී මිය යන්නට හෝ ඉන්පසුව ඝාතනයට කරන්නට ඇති.අනුව මාලිගයේදී මරා දමන ලද සියලු දෙනා බුමුතුරුණුවල ඔතා කිසිදු අවමංගල පූජා විධියකින් තොරව ආසන්න තැනක වලළා දමන ලදි.
ඇල්ෆා කණ්ඩායම කේජීබී සංවිධානයේ නායකත්වය යටතේ 1980 දශකය පුරාවට සෝවියට් දේශය තුල ප්‍රති-ත්‍රස්තවාදී සහ ප්‍රති-බුද්ධි තොරතුරු මෙහෙයුම් දියත් කරන ලදි.එම ඒකකය ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ නියෝජිතයන් දඩයම් කිරීමටද සහභාගී විය.1983 වර්ෂයේදී ජෝර්ජියාවේ ටබිලිසි හිදී ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 පැහැරගැනීමේ සිද්ධියේදී ඇල්ෆා කණ්ඩායමේ මැදිහත්වීමෙන් සැකරුවන් තිදෙනෙක් මරා දමා ඉතිරි සිව්දෙනා අත් අඩංගුවට ගන්නා ලදි.නමුත් ප්‍රාණ ඇපකරුවෝ පස්දෙනෙකුට දිවි අහිමි විය.
1985 වර්ෂයේදී ලෙබනන ප්‍රාණ ඇපකරු අර්බුදය ඇල්ෆා කණ්ඩායම,කුරිරු-නමුත් ඵලදායි ප්‍රති ත්‍රස්තවාදී ඒකකයක් ලෙස ජාත්‍යන්තර කීර්තිය හිමි කරගත් අවස්ථාවයි.
1985 සැප්තැම්බර් මස 20දා හිස්බුල්ලා සංවිධානයේ කොටසක් වන ඉස්ලාමීය විමුක්ති සංවිධානය විසින් ලෙබනනයේ බේරූට් නගරයේදී සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයෝ සිව්දෙනෙක් පැහැර ගන්නා ලදි.පිලඩෙල්පියාහි ඩේලි නිවුස් පුවත්පතේ ජැක් මැකිනෙයිගේ වාර්තාවකට අනුව ත්රස්තවාදීන්ගේ පණිවුඩය මෙසේය."ලෙබනනයේ උතුරුදිග වරාය නගරයක් වන ට්‍රිපොලි හි සිටින ඉරානයට පක්ෂපාතී මූලධර්මවාදී සටන්කාමීන්ගේ ස්ථානවලට සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට මොස්කව් රජය බලපෑම් නොකල හොත් අත් අඩංගුවේ පසුවන සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනා එකා බැගින් ඝාතනය කරනවා"
මොස්කව් රජය මුලදී සන්නිවේදන චැනලයක් විවෘත කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ත්රස්තවාදීන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කලේය.නමුත් එක් රුසියානුවෙක් ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග මොස්කව් රජය ඇල්ෆා කණ්ඩායම ලෙබනනයට යැවීය.
ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් සති කිහිපයක් තුලදී මුදා හැරුණේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින්ය.මන්ද ඔවුන් සිතා සිටියේ ප්‍රාණ ඇපකරුවන් ලෙබනනය තුල මාස ගණනක් හෝ සමහර විට වසර ගණනක් තබා ගනිවී කියාය.
එවකට ලෙබනනයේ සිරියානු හමුදා වෙනුවෙන් ඔත්තු සේවා ප්‍රධානියා ලෙස සේවය කල බ්‍රිගේඩියර් ජෙනරල් ගාසි කනාන්,සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රශංසාවට පාත්‍ර විය.මෙම පුවතම අනෙක් රටවල මාධ්‍යවේදීන් වෙතටද වහා ලගා විය.
"සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් නිවසෙන් නිවස සෝදිසි කරමින් ත්රස්තවාදීන් ප්‍රාණඇපකරුවන් රදවාගෙන සිටින ප්‍රදේශයට ක්‍රමයෙන් ලගා වීම නිසා,ත්රස්තවාදීන්ට ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සිදුවූයේ යැයි බටහිර මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි." - ජැක් මැකිනෙයි
කෙසේවෙතත් ඊශ්‍රායල මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත අවධාරණය කරන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට සැබෑ හේතුව වූයේ කේජීබී සංවිධානය බවයි. Hezbollah: The Global Footprint of Lebanon’s Party of God ග්‍රන්ථයේ කතෘ මැතිව් ලෙවිට්ට අනුව ඒ කේජීබී සංවිධානයේ මෙහෙයුම්කරුවන් නොව ඇල්පා නම් ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුම් ඒකකයයි.
මැතිව් ලෙවිට්ට අනුව "ප්‍රාණ ඇපකරුවන් රදවාගෙන සිටි සංවිධානයේ ප්‍රධානියාගේ ඥාතියෙක්ව කේජීබී සංවිධානයෙන් පැහැර ගෙන ඥාතියාගේ කණක් කපා එය ඔහුගේ පවුලේ අයට යවා තිබේ.මෙම කතාවේ තවත් සංස්කරණයක සඳහන් වන්නේ ඇල්ෆා කණ්ඩායම ත්‍රස්තවාදීයෙකුගේ සහෝදරයෙක් අල්ලාගෙන ඔහුගේ ඇගිලි දෙකක් වෙන වෙනම ලියුම් කවරවල බහා ඔහුගේ පවුලේ අයට යවා ඇත"
anith tika pahalin.
