මොහොමඩ් උත්තර බඳිනු -- උත්තර
ඔය කියන බිලොග් එකේ අයිතිකරු මම නෙවෙයි. නමුත් ඔය ප්‍රශ්ණ වලට මේවා පිළිතුරු වේවි කියල හිතනවා.
1. මැවීම පැත්තකින් තියල, මෙච්චර විද්‍යාව දියුණු ලෝකේ ඔය කියන විදිහට ටිකෙන් ටික ජීවීන් ඇති වුනා කියල ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවද කියල කියනවද, මම දන්නෑ මොන පදනමක් උඩ ඉඳන් ඔයා ඔහොම කියනවද කියල. ඩාවින්ගෙ පරිණාම වාදයට අවු 100 ට වැඩි වුනත්, ඒක තාම නියමයක් බවට ඔප්පු කරන්න බැරිවෙලා තියෙනවා. ( නියමයක් කියන්නෙ ප්‍රමාණවත් සාක්ෂි ඇතුව විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්, වාදයක් කියන්නෙ ඔප්පු කරන්න සාක්ෂි අඩු, හුදෙක් කෙනෙක් විසින් ඉදිරිපත් කරන දෙයක්) නව පොසිල සොයා ගැනීම් වලින් දැන් ඩාවින්ගේ පරිණාම වාද ගස ව්‍යාකුල වෙලා ගිහිල්ලා. වාදයකට අවු 100 ක් කියන්නෙ ඉතා විශාල කාලයක්.ඒක කවදාවත් ඔප්පු කරන්න හම්බ වෙන්නෑ. මහා පිපුරුම් වාදයත් තාමත් වාදයක්, සතත ආතත වාදයත් තාමත් වාදයක්,,, ඉතින් ඔය මහ ලොකු විද්‍යාවෙන් මට මොකුත් ඔප්පු කරල දීල නෑනෙ මැවීම පැත්තකින් දාලා මේක පිළිගනින් මේක තමයි හරි කියල. ඉතින් කුර්ආනයේ තියෙන යම් යම් සාක්ෂි අනුව මම මැවීම පිළිගන්නවා, (1.1)උදා. කුර්ආනයේ කියල තියෙනවා කඳුවලට මුල් තියෙන විත්තිය,සාගර දෙකක් එකතුවෙන කොට ඒවයේ ජලය එකට මිශ්‍ර නොවන වග වගේ හුගක් දේවල්. මේවා ඉතා මැතක දී විද්‍යාවෙන් සොයාගත් දේවල්. මේ වගේ විද්‍යාවෙන් සොයාගන්න ඉස්සෙල්ලා කුර්ආනයේ යම් යම් දේවල් සාක්ෂි විදිහට කියල තියෙනවා. මේවා හින්දා නිතැනින්ම මැවීම මට පිළිගන්න වෙනවා.
තවකෙනෙක් කියන්න පුළුවන් අපේ ආගමෙත් කියල තියනවා විශ්ව ප්‍රසාරණය ගැන කියලා, විශ්ව ප්‍රසාරණය ගැන හුගක් ආගම් වල කියල තියෙනවා, හින්දු වේද ග්‍රන්ත වලත් තියෙනවා
2. කුර්ආනය එහි ඇති දේවල් තර්කයකින් තොරව පිළිගන්න කියන්නෑ. උදා. ඉස්සෙල්ලා ප්‍රශ්ණයේ මැවීම ගැන ගත්තොත් කුර්ආනයේ කියනවා ‘‘‘භූමියේ විසිරගොස් මේවා කෙසේ මවා ඇත් දැයි බලව‘‘‘ කියලා. මේකෙන් කියන්නෙ මැව්වැයි කියපු පලියට පිළිගන්නෙ නැතුව, හොයල බලන්න කියල, (නැවත බලන්න 1.1).
තවත් තැනක කියනවා ‘‘‘බුද්ධිමත් අයට මෙහි අගනා සාක්ෂි ඇත්තේය‘‘‘ කියලා. බුද්ධිමත් අය යම් දෙයක් ගැන අතිශය ගැඹුරින් විමසල, පර්යේෂණ කරලයි නිගමනයකට එන්නේ.මේකෙන් කියන්නෙ එහෙම ගැඹුරින් විමර්ෂණය කරන්න කියලයි. උදා. පළමු ප්‍රශ්ණයේ දී ක්‍රමයෙන් ජීවීන් ඇතිවුනාය කියලා කියල තියෙන්නෙ පරිණාම වාදයට අනුව නම්, ඒක හුදෙක් ඔප්පු කරගන්න බැරුව දගලන වාදයක් කියන එක ඔයා දන්නෑ. ඒ කියන්නෙ ගැඹුරින් විමර්ෂණය කරල නැහැ.
3. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලියන්න ප්‍රශ්ණය බලද්දි මම මගේ කාලය නිකන් කනවද කියලත් හිතුනා,,,, මුස්ලිම් අය හඳ දේවත්වයෙන් සළකන් නෑ. මුස්ලිම් අය පාවිච්චි කරන්නෙ චන්ද්‍ර කැලැන්ඩරේ, ඒකයි හඳ බලල හඳේ කලාවන්ට අනුව ආගමික චාරිත්‍ර කරන්නෙ. සාමානයෙන් එදිනෙදා අපි පාවිච්චි කරන කැලැන්ඩරය සූර්ය කැලන්ඩරයක්. බෞද්ධ කැලැන්ඩරයත් මීට සමානයි.
ඇමරිකානුවන් හඳට ගියා කියල, කියල දැන් හුගක් කල්. ඒ දවස්වල ඇමරිකාවත් එක්ක සීතල යුද්ධයක පැටලිල හිටිය රුසියාව හෝ අභ්‍යවකාශ තාක්ශණය තිබුණු කිසිම රටක් අද වෙනකල් හඳට යන්න හිතල බැලුවෙ වත් නැහැ. ඇයි ?????? ඇත්තටම මිනිහෙක් හඳට ගෙනියන්න තරම් තාක්ෂණය තවමත් දියුණු නැහැ. පොඩි උදා. අභ්‍යවකාශයේ තියෙනවා ‘ඇලන්වැලන් විකිරණ කලාප‘ කියල විකිරණ බහුල ප්‍රදේශ, ජීවීන්ට මේවා හරහා යන්න බැහැ, යනවනම් දැනට තියෙන තාක්ෂණයට අනුව 9“ වලට වඩා ගනකම් ඊයම් තහඩුවලින් යානයක් හදල තමයි යන්න වෙන්නේ.එහෙම යානයක් හදන්න පුළුවන් ඒත් අධික බර හින්දා යන්න බැහැ. හඳට ගියැයි කියපු සැටන් 5 රොකට්ටුවෙ වත්, ඇපලෝ යානයේ වත්, ලූනා මොඩියුලයේ වත් විකිරණ වලින් ආරක්ෂාවෙන්න කිසිම උපක්‍රමයක් යොදලා තිබුනෙ නෑ. ඇමරිකන් කාරයා නිකන් චිත්‍රාගාරයක වීඩියෝ ටික අරන් ‘මෙන්න අපි හඳට ගියා‘ කියල පෙන්නුවා, ඔය ගොල්ලොත් ඉතින් ‘එසේ ය‘ කියල පිළිගත්තා. ඒක හරියට දෙවෙනි ප්‍රශ්ණයෙ කියල තියෙනව ආකාරයට හරකෙක් පෙන්නල බැටළුවෙක් ය කියල කිව්ව වගේ තමයි.
4. පිළිම වලට ගස්වලට වැදීමෙන් ප්‍රයෝජනයක් නැති බව මම ධමීම පදයෙත් කියවල තියෙනවා. අල්ලාහ් කියල තියෙනවා මුස්ලිම් පාලකයන් නිවැරදිව රට පාලනය නොකරනවා නම් අන්‍ය ආගමිකයන් ලවා එම පාලනය ඉවත් කරන බව. මේ දෙගොල්ලන්ටම සිද්ද උනේ මේ දේ, තලයිබාන් වරුන්ගේ හා සදාම්ගේ දරුණු පාලනය අල්ලාහ් ඔහු පෙර කී ආකාරයටම ඉවත් කරා, ඕක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි. තවත් මීට මදක් සමාන දෙයක් කියල තියෙනවා, මුස්ලිම් වරු ධර්මය ප්‍රචාරය නොකරනවානම් අන්‍යාගමිකයන් ලවා මම (අල්ලාහ්) ධර්මය ප්‍රචාරය කරවන බව. එළකිරි එකේ මම ඒක දකිනවා. කව්රු හරි මොනව හරි බැනල දානවා, ඊට පස්සෙ ඒවට මුස්ලිම් අය දෙන උත්තර වලින් නොදන්න දේවල් අනිත් අයත් ඉගෙන ගන්නවා, මට උනත් මෙහෙම ප්‍රශ්ණ ටිකක් අහපු නිසානෙ මෙතන්ට ඇවිල්ලා මෙහෙම දීර්ඝ පිළිතුරක් දෙන්න හිතුනෙ..
පසු වදන....
මුස්ලිම් කෙනෙක් වුනු පලියට අල්ලාහ් සියළු සැප සම්පත් ලබාදෙන් නෑ. මුස්ලිම් වරුන්ට මේ ජීවිතය එක්තරා විදිහක විභාගයක්. අල්ලාහ් නිරන්තරයෙන්ම මුස්ලිම් වරුන්ගේ විශ්වාසයේ ප්‍රභලත්වය කුසගිනනෙන්, මරණ වලින්, දුක් ගැහැටවල් වලින් පරීක්ෂාවට ලක්කරනවා. දවසක් නබි (සල්) තුමා ලඟට හුඟක් පොහොසත් මනුස්සයෙක් ඇවිල්ලා කිව්වා මට ඔබතුමාගෙ දහම වැළඳගන්න ඕන කියලා, එතකොට නබිතුමා කිව්වේ ඔබ එහෙනම් දුප්පත් වෙන්න දුක්විඳින්න ලැහැස්ති වෙන්න ඹ්න කියලයි.

Last edited: