මොහොමඩ්?

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
මොහොමඩ් කලීල් සහ ජමල් කසීම්......මත්ද්‍රව්‍ය ජාවාරම

මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය රාජපක්ෂලා කුඩු ඛෙදාහැරීමේ මධ්‍යස්ථාන කරගෙන: රාජපක්ෂලාගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන රනිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්--------

කෝටි 201 ක් වටිනා කුඩු කන්ටේනරය සමග අල්ලාගත් මොහොමඩ් කලීල් සහ ජමල් කසීම් පිටුපස සිටින ශ්‍රී ලාංකිකයා ගැන පරීක‍ෂන සිදු නොකරන්නේ ඇයිදැයි විමසන රනිල් වික්‍රමසිංහ මහතා මත්තල ගුවන් තොටුපොලත් හම්බන්තොට වරායත් රාජපක්ෂ රෙජීමයේ කුඩු ජාවාරමට යොදාගෙන ඇතැයි එල්ටීටීඊ නැව් යොදවා කුඩු ප්‍රවාහනය කරන්නේ යැයිද මත්තලට කුඩු ප්ලේන් දෙකක් පැමිණියානම් ඇතැයිද කියමින් රාජපක්ෂලාගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිකරමින් වැදගත් ප්‍රකාශයක් කෙළේය. ඔහු මෙසේ පැවසුවේ පසුගියදා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික කාර්යාලයේදී පැවැති ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ හෙළිදරව්ව මෙසේය.

zzබෝම්බ ගැසීමෙන් හෝ වෙඩි තැබීමෙන් කවදාවත් සියලූ ජනයා විනාශ කිරීමට නොහැකි බව අප දන්නවා. මේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී තර්ජනය අවසන් වී තිඛෙන මේ මොහොතේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය යටතේ මත්කුඩු තර්ජනයට මුහුණදීමට අපට සිදුව තිඛෙනවා. මත් කුඩුවලින් සිදු වන්නේ මිනිස් ජීවිත නැති කිරීම හෝ රටේ ගොඩනැගිලි විනාශ කිරීම නොව මිනිසුන්ගේ මනස විකෘති කර පුද්ගලයා විනාශ කිරීමයි. මිනිසුන්ගේ මනස විකෘති වුණාම සොරකම පැතිර යන අතර ආර්ථිකය කඩා වැටී නීතිය උල්ලංඝණය කෙරෙනවා. එසේ නම් යුද්ධයෙන් පසුව ඒකාධිපති රාජපක්ෂ රෙජීමය යටතේ මතුව තිඛෙන අලූත්ම තර්ජනය වන මත් කුඩුවලින් මිනිසුන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියාවලියට අපට මුහුණදීමට සිදුව තිඛෙනවා. සියලූ දේටම සිත මුල් වන බව බුදු රජාණන් වහන්සේ ධම්ම පදය දේශනා කරමින් මනාව පැහැදිලි කළා. සිත නොමැතිව අපට කිසිදු වැඩ කටයුත්තක් කළ නොහැකි වන අතර සිත මනාව පාලනය කරනවා නම් අපට දියුණුව කරා යා හැකියි. මත් කුඩුවලින් සිදු වන්නේ මනස මනාව පාලනය කර මෙහෙය වීම සම්පූර්ණයෙන්ම නැති කර විකෘති කිරීමයි.

මේ මත් කුඩු ජාවාරම රටට විශාල තර්ජනයක් බවට පත් වෙලා. තරුණ තරුණියන්ව මත් කුඩුවලට ඇබ්බැහි කරනවා කියන්නේ ඒ අයගේ අනාගතය විනාශ කිරීමයි. ත්‍රස්තවාදී බෝම්බයෙන් සහ වෙඩි උණ්ඩයෙන් සියලූ දෙනාම විනාශ කිරීමට නොහැකි වුණාට මත් කුඩුවලින් සමස්ත ජාතියම විනාශයට පත් වෙනවා.

වෙළෙඳපොළට ගොස් කිරි පැකට්ටුවක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණත් කුඩු පැකට්ටුවක් නම් ඉතා පහසුවෙන් සොයා ගත හැකියි. කිරි පැකට් ආදිය නම් රට පුරා ඛෙදා හරින්නේ ඒ සමාගම් පත් කළ නියෝජිතයිනුයි. නමුත් මේ කුඩු පැකට් බොහෝ විට ඛෙදා හරින්නේ පොලිසියෙන්ම බව කණගාටුවෙන් වුවත් කියන්න සිදු වෙනවා. මේ මත් කුඩු තර්ජනය තව අවුරුදු කිහිපයක් පැවතුණොත් මුළු රටත් - ජනතාවත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වන බව කිව යුතුයි. මේ මත් කුඩු ජාවාරමට ආණ්ඩුවේ දේශපාලකයින්, ආණ්ඩුවට සම්බන්ධ අය සහ මහජන නියෝජිතයින් සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වී තිඛෙනවා.

මේ මත් කුඩු ඛෙදා හැරීම පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි ඇයි? මත් කුඩු ව්‍යාපාරය සමග ආණ්ඩුවට තිඛෙන සම්බන්ධය කුමක්ද? මැලේසියාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ආදී රටවල ස්ථාවරය වී තිඛෙන්නේ දකුණු ආසියාවට, අග්නි දිග ආසියාවට සහ මැදපෙරදිගට මත් කුඩු ඛෙදන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව තිඛෙන බවයි.

ඉන්දීය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මත් කුඩු තොගයක් සමග තිදෙනෙකු මීට දින කිහිපයකට පෙර එරට දී අත්අඩංගුවට ගනු ලැබුවා. ඇෆ්ගනිස්ථානයෙන් මත් කුඩු පාකිස්ථානයට ගෙන්වා එරටින් ඉන්දියාවේ පන්ජාබ් නුවරට ප්‍රවාහනය කර, එතැනින් උතුරු ඉන්දියාව හරහා දකුණු ඉන්දියාවට ද, දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යවා එතැනින් ඛෙදා හරින බව ඉන්දීය නියෝජ්‍ය පොලිස් කොමසාරිස් සංජීව කුමා යදේව් ඉන්දියාවේ ප්‍රධානතම ඉංග්‍රීසි පුවත්පත වන 'ඩෙකෑන් ක්‍රොනිකල්' පුවත්පතට ප්‍රකාශ කර තිඛෙනවා. ඇෆ්ගනිස්ථානයේ කණ්ඩායමක් මත් කුඩු නිෂ්පාදනය පාලනය කරන අතර කුවේටයේ සිටින පුද්ගලයෙකු ඛෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ද එම පුවත්පත පැහැදිලිව වාර්තා කර තිඛෙනවා.

ඉන්දියාවේ, පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් මේ මත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධව සිටින බව ඉන්දියාවේ 'ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත වාර්තා කර තිඛෙනවා. ශ්‍රී ලංකාවෙන් මේ මත් කුඩු ව්‍යපාරයට සම්බන්ධ වී සිටින පුරවැසියා කවුද?

ඉන්දීය පොලිසිය මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින අතර එරට පොලිසියට කිසිවෙකු බලපෑම් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවෙන් මේ වැඩ කටයුතු සඳහා කිසිදු සහයෝගයක් නොලැඛෙන බව ඉන්දීය පොලිසිය කියනවා. පාකිස්ථාන පොලිසිය ද මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සිටින අතර එරට පොලිසිය කියා සිටින්නේ ද ශ්‍රී ලංකාව මේ ජාවාරමට අදාළ තොරතුරු ලබා දී නොමැති බවයි. සෑම අවස්ථාවකදීම එදිරිවාදීව කටයුතු කරන ඉන්දියාවේ සහ පාකිස්ථානයේ පොලිසි මේ මත් කුඩු ජාවාරම අල්ලා ගැනීම සඳහා එකට එක්ව වැඩ කරනවා. අග්නිදිග ආසියාව, මැලේසියාව සහ තායිලන්තය සමග මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුවේට් රජය කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් ආසියාවේ ආශ්චර්යය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක් සමග සාකච්ඡා කරමින් එකට එක්ව ඊට එරෙහිව වැඩ කරන්නේ නැහැ. දෙයියෝ සාක්කි..!

විශාලම මත් කුඩු තොගය හසු වූයේ ඉන්දියාවේ දිල්ලියෙන් නොව, ශ්‍රී ලංකාවෙන් වන අතර ඒ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට චෝදනා එල්ල වී තිඛෙන මත් කුඩු කන්ටේනරයයි. මේ සිද්ධියෙන් කාලයකට පසුව පොලිසිය කියා සිටියේ ඒ කුඩු ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 65 ක් පමණක් බවයි. නමුත් ඒ මත් කුඩු තොගයේ ඇත්ත වටිනාකම රුපියල් කෝටි 201.4 ක් බව පැහැදිලිව කිව යුතුයි. මේ මත් කුඩු තොගය ගෙන්වා තිඛෙන්නේ ජමල් කසීම් නැමැත්තා වන අතර ඔහු නතර වී සිටියේ ශලීමා හෝටලයේයි. මේ හෝටලයේ සිට මොහොමඩ් කලීල් සහ විට්ටච්චි නැමැත්තන් හමුවී ඔහු අගමැතිගේ කාර්යාලයෙන් මේ ලිපිය ලබා ගත්තා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විභාග කෙරෙන නමුත් ඒ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් කර නැහැ. මොහොමඩ් කලීල් සහ ජමල් කසීම් පිටුපස සිටින්නේ කවුරුන්ද? ඒ අය මේ වැඩේට යොමු කළේ කවුරුන්ද? මේ මත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධව ශ්‍රී ලංකාවේ සිටින අය කවුරුන් ද කියා මොහොමඩ් කලීල් දන්නවා. ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? පාකිස්ථානය උසාවි නියෝගයක් ගෙන ජමල් කසීම්ගෙන් ප්‍රශ්න කළා. ඔහු සමග සිටි ඔහුගේ හවුල්කාරයා පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ඔහුව ප්‍රශ්න කිරීමෙන් පසුව ඉතිරි තොරතුරු සොයා ගැනීම සඳහා පාකිස්ථානයට එවන්නැයි එරට බලධාරීන් අපේ රටේ බලධාරීන්ට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ පොලිසියෙන් අදාළ වාර්තා මේ වනතුරු ඉදිරිපත් කර නැහැ. පාකිස්ථානයේ දී අල්ලා ගත් පුද්ගලයා ගැන කරුණු සොයා බැලීමට කිසිවෙකු ශ්‍රී ලංකාවෙන් එරටට ගියේ නැහැ. මේ කටයුතු සඳහා යොදවා තිඛෙන්නේ පොලිසිය නොව රේගු අධිකාරියයි. නමුත් ඉන්දියාව සහ පාකිස්ථානය මේ ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිඛෙනවා.

මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අපේ විශේෂ පොලිස් කණ්ඩායමක් පාකිස්ථානයට නොයවන්නේ ඇයි? මොහොමඩ් කලීල් කියන්නේ කවුරුන්ද? ජමල් කසීම් සමග සම්බන්ධව සිටියේ කවුරුන්ද? මේ ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රී ලංකා ජාතිකයින් කවුද? මේ තොරතුරු සොයා ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ ඇයි? ජමල් කසීම්ට ශ්‍රී ලංකාවේ දී උදව් කළේ කවුරුන්ද?

අග්නිදිග ආසියානු රටවල මත් කුඩු ඛෙදා හරින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එදා මත් කුඩු ඛෙදා හැරිය අය බව ඒ රටවල් කියා සිටිනවා. මත් කුඩු ඛෙදා හැරීමේ ජාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබුණා. යුද්ධයෙන් පසුව ඒ ජාලයට සිදු වූයේ කුමක්ද? මේ කණ්ඩායම් දැන් මෙහෙයවන්නේ කවුරුන්ද? පුහුණු කරන්නේ කවුරුන්ද? අග්නිදිග ආසියානු රටවල් කියන ආකාරයට මේ කුඩු ප්‍රවාහනය කෙරෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු නැව් මගිනුයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ සියලූම නැව් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන්වා ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එදා කියා සිටියා. නමුත් ඒ නැව් අපට ලැබුණේ නැහැ. මේ මත් කුඩු ඛෙදා හරින එල්.ටී.ටී.ඊ. ජාලය තිඛෙන්නේ ඒ නැව් තිඛෙන අය සමගයි. ඒ ජාලය සමග ශ්‍රී ලංකාවේ යමෙකු සම්බන්ධ වී සිටිනවාද? අපට ඒ ජාලය සමග සම්බන්ධයක් තිඛෙනවාද? එක්සත් ජාතික පක්ෂයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ මේ කරුණු කාරණා වසා ගැනීම සඳහා ද? මේ ජාලය පාලනය කරන්නේ කවුරුන්ද?

කොළඹ සහ රත්මලාන ගුවන් තොටුපොළ අවට සියලූ දෙනාම අවධානයෙන් සිටින නිසාත්, ඉන්දියාව සහ පාකිස්ථානය මේ ගැන බලාගෙන සිටින නිසාත්, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ මගින් මත් කුඩු ප්‍රවාහනය කිරීමට මේ අය තීරණය කර තිඛෙනවා. ඒ කියන්නේ නැව් නොමැති වරායට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ රාජකාරිය පවරලා.... ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළට ද ඒ රාජකාරියම පවරා තිඛෙනවා. එහෙම බැලූවාම මත් කුඩු රැගත් ගුවන් යානා දෙකක් සතියකට ආවත් හොඳමට ඇති.... මේ අනුව මාගම්පුර කුඩු පුරයක් බවට පත් වෙලා.

මේ මත් කුඩු ජාවාරම වසා දැමීමට ක්‍රියා කරන්නේ ඇයි? තංගල්ලේ සභාපති සොයා ගැනීමට නොහැකි අය කුඩු ගෙන්වන අය සොයා ගන්නේ කෙසේද? මේ කුඩු ජාවාරම කරන්නේ කවුරුන්ද? මේ පරීක්ෂණය අගමැතිතුමාගෙන් අවසන් වනවාද? එතැනින් එහාට මේ පරීක්ෂණ කටයුතු යනවාද?

ස්වාධීන පොලිස් කොමිසම නොමැති නිසා මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ස්වාධීනව, අපක්ෂපාතීව සහ විධිමත් ආකාරයට කළ නොහැකි බව පොලිසිය කියනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම නොමැති නිසා මේ ප්‍රශ්නයේ දී ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව රේගු නිලධාරීන් කියනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ආණ්ඩුව යටතේ පාලනය වන නිසා ස්වාධීන නීතිපතිවරයෙකු නොමැති තත්ත්වය යටතේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් නඩු පැවරීමට එම දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ.

මේ මත් කුඩු ජාවාරම සම්බන්ධ පරීක්ෂණ සඳහා විවිධ බලපෑම් එල්ල වනවා. ඒ බලපෑම් එල්ල වන්නේ කිනම් අයෙකුගෙන් ද? කිනම් පාර්ශ්වයකින් ද? මත් කුඩු ජාවාරම සම්බන්ධ පරීක්ෂණ විධිමත්ව කිරීමට නම් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්වාධීන පොලිස් සහ රාජ්‍ය සේවා කොමිෂන් ඇතුලූ කොමිෂන් සභා බලගැන්විය යුතු බව අප කියා සිටින්නේ මේ තත්ත්වය යටතේයි. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සිද්ධියෙන් පසුව විනිසුරුවරුන් කියා සිටින්නේ ඒ අය විවිධ බලපෑම් එල්ල වන බවයි. ඉන්දියාවේ ස්වාධීන අධිකරණයක් තිඛෙනවා. එරට අධිකරණය බිය නොමැතිව ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබා දෙනවා. පාකිස්ථානයේ හමුදා පාලනයක් තිබුණත් එරට ද ස්වාධීන අධිකරණයක් තිඛෙන අතර ඒ අධිකරණය පොලිසියට නිවැරදි නියෝග ලබා දෙනවා.

අධිකරණයේ, පොලිසියේ, රේගුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය විනාශ කරමින් ආණ්ඩුව ශ්‍රී ලංකාව දියුණු කුඩු මධ්‍යස්ථානයක් බවට පත් කරමින් කුඩු රාජ්‍යයක් කරා රට මෙහෙයවමින් සිටිනවා.

ශ්‍රී ලංකාව කුඩු රාජ්‍යයක් බවට පත් වනවාට ඔබ කැමතිද? ආණ්ඩුව මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් සැබෑ පරීක්ෂණයක් කරනවා නම් ඊට උපරිම සහයෝගය ලබා දීමට අප කටයුතු කරනවා. ස්වාධීන කොමිෂන් සභා බලගන්වා මත් කුඩු විරෝධී ජාත්‍යන්තර බලවේග ගෙන්වා ඉන්දියාව, පාකිස්ථානය සහ අග්නිදිග ආසියාව සමග එකට එකතු වී කටයුතු කළොත් මේ මත් කුඩු තර්ජනය පැය 24 කින් සම්පූර්ණයෙන්ම නැති කිරීමට අපට හැකියාව තිඛෙනවා.

ආණ්ඩුව තවමත් ඒ කිසිවක් කිරීමට සූදානමක් නොමැති නිසා රට බේරා ගැනීම සඳහා දේශපාලනය අමතක කර සියලූ දෙනාම එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බැසිය යුතුයි. සියලූ බලවේග එකට ඒකරාශී කර මේ ඒකාධිපති රෙජීමය පෙරලා වහාම ජනතාවට සහන සලසන ආණ්ඩුවක් ඇති කළ යුතු යැයි අපේ ජාතික මහා සම්මේලනයේ දී අප ඒකමතිකව තීන්දු කළා.

මේ මත් කුඩු ජාවාරමට එරෙහිව මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියලූ බලවේග එකට එක්ව මේ මස 28 වැනි දා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කොළඹ කොටුවේ දී සංවිධානය කෙරෙන අතර අප ඊට අපේ උපරිම දායකත්වය සහ අනුග්‍රහය ලබා දෙනවා.

දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණවලට මුහුණ දෙමින් ඒ මැතිවරණ ජය ගැනීමට කටයුතු කරන අතරම මේ අවුරුද්දේ මැද භාගයේ සිට මහ පාරට බැස සටන් කරමින් ආණ්ඩුව පෙරළා අපේ ආණ්ඩුවක් ගොඩනැගීමේ ව්‍යාපාරය ද ආරම්භ කළ යුතුයි. කුඩු තර්ජනය නැති කිරීමට නම් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය නැති කළ යුතුයි.


1604772_656220221109813_342785776_n.jpg