මෝටර්රථඉතිහාසය – History of Motor Car
අද ඉතාමත් දියුණු කාර් අපි පාරෙ හැම තැනම දකිනවා. ඒත් මේ කාර් වල අතීතය ගැන ඔබ නොදන්නා කරුණු ටිකක් බලමු.
මෝටර් රථ ඉතිහාසය
carl benz
මෝටර් රථ ඉතිහාසය ආරම්භ වන්නේ වර්ෂ 1769 තරම් වූ අතීතයකිනි. ඒ මිනිසුන් ප්‍රවාහනය කළ හැකි වාෂ්ප එන්ජින් සහිත වාහන නිපදවීමත් සමගයි. 1807 දී, François Isaac de Rivaz විසින් ප්‍රථම වරට ඉන්ධන වායු මගින් ක්‍රියාකරන අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහනයක් නිපදවන ලදී. නමුත් එය අසාර්ථක විය. පසුව 1885 දී, අදටත් දක්නට ලැබෙන පෙට්රල් මගින් ක්‍රියාත්මක අභ්‍යන්තර දහන එන්ජිම හඳුන්වා දෙන ලදී. වර්ෂ1886 දී ජර්මන් ජාතික නිමැවුම්කරුවකු වූ Karl Benz විසින් නිපදවන ලද මොටර් රථය නවීන මෝටර් රථයේ උපත ලෙස සළකනු ලබයි.
20 වෙනි ශත වර්ෂයේදී පමණ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ (Electric Vehicle) එළි දැක්වුනද ඒවා 21 වන ශත වර්ෂය වන තෙක් විශාල වශයෙන් භාවිතයට නොගැනුනි.
17වන සහ 18වන සියවස
ලෝක ඉතිහාසයේ මෝටර් රථ පිලිබඳව කතා කෙරෙන පළමු යුගය මෙයයි. චීන අධිරාජයාට ත්‍යාගයක් ලෙස Ferdinandnicolas joseph Verbiest, නැමත්තා 1672දී ප්‍රථම වරට වාෂ්ප මගින් බලය ලබාදෙන වාහනයක් නිපදවා ඇත. රියදුරකු රැගෙන යාමට තරම් එය විශාල නොවූවත් ප්‍රථම වාෂ්ප එන්ජිමක් සහිත වාහනය ලෙස එය හැඳින්වේ. මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනයට තරම් විශාලත්වයක් ඇති වාහන නිපවනු ලැබූවේ 18 වන සියවස අග භාගයේදීය. Nicolas-Joseph Cugnot විසින් 1970 සහ 1971 කාලවලදී වාෂ්පයෙන් ක්‍රියාත්මක වන යුධමය ට්‍රැක්ටර්යක් ප්‍රදර්ශණය කළද එය ප්‍රායෝගික නොවූ නිසා තවදුරටත් නිශ්පාදනය වූයේ නැත.
1784 දී, William Murdoch විසින් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වාහනයක් සාර්ථකව අත්හදා බලන ලදී.
Steam engine by William Murdoch
1801 දී, Richard Trevithick විසින් විශාල ප්‍රමාණයේ වාහනයක් මාර්ගයේ පදවන ලදී. මෙම වර්ගයේ වාහන කලක් යන තුරු භාවිත කළද, ඊළඟ දශකය තුල hand brakes, ගියර පද්ධති (transmission systems), සහ දියුණු මට්‍ටමේ සුක්කානමක් (steering) සහිත වාහන නිපදවන ලදී. මේ අතර වාෂ්ප වාහන සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රථම පේටන්ට් බලපත්‍රය 1789 දී Oliver Evans වෙත පිරිනමන ලදී.
වාණිජ වශයෙන් සාර්ථක හා විශාල වේගවත් වාහන නිපදවීමේ ප්‍රතිඵලයක් ලෙස, එංගලන්තයේ රථවාහන පනත (Locomotive Act) 1865 දී, හඳුන්වා දෙන ලදී. එම පනත මගින්, පොදු පාරවල වාහනයක් ගමන් ගන්නා විට, පයින් යන මිනිසකු විසින් රතු කොඩියක් වැනීමට හා නලාවක් හැඬවීම අවශ්‍යතාවයක් විය. මෙම හේතුවෙන් 19වන ශත වර්ෂයේ ඉතිරි භාගය තුල, එංගලන්තය තුල රථවාහන දියුණු වීම ඇණ හිටින ලදී. එනිසා නව නිපැයුම්කරුවන් හා ඉංජිනේරුවන් තම අවධානය දුම්රිය දියුණු කරවීමට යෙදවූහ. (රතු කොඩියක් වැනීමේ අවශ්‍යතාවය 1878දී ඉවත් වුවද, මෙම නීතිය1896 වනතෙක් ඉවත් නොවුනි)
autoguide
බලල නිකන් යන්න එපා මචන්ලා bump එකක් වත් දාගෙන යන්න