.
.
.
.
.
.
.
.
ඇයි බන් මේ සමහර සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරි?.
.
.
.
.
.
.

උන් මෝටර් බයික් පදින එවුන් දිහා බලන්නෙත් අමුතු සත්තු ටිකක් දිහා බලනවා වගේ. හැබැයි උන් ගැන ටිකක් හොයල බැලුවම, උනුත් කලින් හොදට බයික් පැදපු එවුන්. උන් සෑහෙන්න එදිනෙදා වැඩ කරගෙන තියෙනවා බයික් වලින්. හැබැයි ටික ටික දියුනු වෙලා සමාජ තත්වය, රැකියාව, ආර්ථික තත්වය අතින් ටික ටික උඩට එනකොට සහ වාහන එහෙම ගත්තම මෝටර් බයික් පිලිකුල් කරනවා. දියුනු වෙලා වාහන අරන් බයික් පදින එක නවත්තන එක ගැන ගැටළුවක් නෑ. ප්‍රශ්නේ, බයික් සහ බයික් පදින එවුන් පිළිකුල් කරන එක
. මට මුන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න බෑ. අපේ පවුල් වලත් ඉන්න ඒ වගේ කිහිප දෙනෙක්.මමත් මචන්ලා, ලංකාවෙ පිළිගන්නා විදිහට executive job එකක් කරන, මටම කියලා වාහනයක් එහෙම තියෙන කෙනෙක් (පම්පෝරි නෙමේ ඕං
). හැබැයි පොඩි කාලේ ඉඳන් බයික් වලට තියෙන ආසාව තාමත් බිංදුවක් වත් අඩු වෙලා නෑ, අඩු වෙන්නෙත් නෑ. මන් නම් කියන්නේ ඒ, feeling එක ගන්න බෑ වෙන මොන මඟුලකින්වත්❤. කාලයක් Hornet එකක් එහෙම පැද්දා, හැබැයි ඒක දෙන්න උනා ඉක්මනින්ම, වාහනේ ගන්න සල්ලි ටිකක් මදි උනු නිසා
. දැනට තියෙන්නේ සෑහෙන කාලයක් තිස්සෙ පදින Pulsar 150 ක්, ඇත්තටම ඒකට සලකනවා මම වාහනේට වඩා
. ඊලඟ හීනේ තමයි CB4 Revo Hyper Vtec එකක් ගන්න එක
.සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරිවෙන්න හේතුව මොකද්ද උඹලා හිතන්නේ
- සමහර සිංහලුන්ගේ තියෙන මෝඩ උද්දච්චකම නිසා ද?
- Unsafe කියලා හිතන නිසා ද?
- Confident පිට බයික් පදින්න තියෙන නොහැකියාව නිසා ද?
- දුප්පත් පෝසත් භේදයක් නැතුව හැමෝම ලඟ තියෙන නිසා ද?
- ගොං හරක් වගේ පාරෙ බයික් පදින උන් ගැන තියෙන තරහ නිසා ද?
මොකද්ද උඹලා හිතන්නේ?