මෝඩයන්ගේ කලු සුදු ලෝකය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මෝඩයන්ගේ කලු සුදු ලෝකය


    toonvectors-15164-940.jpg

    මම පුද්ගලික සේවයේ වසර 16 ක් රැකියාව කලෙමි. පෞද්ගලික සේවයේ ඉහලට යාම සිදුවන්නේ පිරමිඩයක් මත නගින්නාක් මෙන් බවත් මෙන් බවත් ඉහලම ඇති සුලු ඉඩට යන්නේ බොහෝම ප්‍රායෝගික මිනිසුන් බවත් වටහා ගතිමි.

    මම රාජ්‍ය අංශයේ වසර 5ක් ස්වේච්ඡාවෙන් සේවය කලෙමි. (ස්වේච්ඡාවෙන් යනු පෞද්ගලික අංශයේ උපයමින් සිටි වැටුප අත්හැර, තමුන්ගේ කාරය, තමුන්ගේ දුරකතනය, තමුන්ගේ ලැප්ටොප් පරිගනකය භාවිත කරමින් කිසිදා හොඳක්නම් නොකියන ජනතාව වෙනුවෙන් වැඩ කිරීමය ). මේ කාලය තුල රාජ්‍ය අංශයේ කාර්යක්ෂම නිලධාරීන් යනු තීරණ ගැනීමට බිය නැති අතලොස්සක් දෙනා බවත් එවැනි නිලධාරීන් කිහිප දෙනෙකු සෑම රාජ්‍ය ආයතනයකම ඉහල නිලධාරින් අතර මෙන්ම පහල නිලධාරීන් අතරද සිටින බවත්, ඔවුන් කිහිපදෙනා නොවන්නට රාජ්‍ය අංශයෙක් කිසිදු වැඩක් කර ගත නොහැකි බවත් තේරුම් ගතිමි.

    මමත් රාජ්‍ය සේවය කල කාලය තුල තීරණ ගත්තෙමි. වසරක් තුල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ ලාබවල 35% ක වර්ධනයක් පෙන්වන්නටත්, දෙවසරක් තුල සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට හොඳ අඩිතාලමක් දමන්න්ටත්, කොටස් වෙළඳ පොල හරහා එහි ආයෝජකයින්ට වසර 2 1/2 තුල රුපියල් බිලියන් 600 කට වඩා ලාබ ලබන්නට උපකාර වන්නටත් පුලුවන් වූයේ ඒ නිසාය.

    තීරණ ගැනීම හිරේ යන මුලක් බව මම එදා දන සිටියේ නැත.මන්ද ගන්න හැම තීරණයක්ම ටක්කෙටම නිවැරදි වන්නට නම් තීරණ නොගෙනම සිටිය යුතු නිසාය.

    ඒ කාලයේ මම ලලිත් වීරතුන්ග හා අනුෂ පැලපිට දැන සිටියෙමි.

    ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශිව ශංක මෙනන් විසින් රචිත ඇතුලන්තය නම් පොතේ සඳහන් වන ආකාරයට යුද්ධය ජයගැනීමට රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ඉතා ඉහල සේවයක් කල " ට්‍රොයිකා' නමින් හැඳින්වුන තුන්දෙනාගේ කන්ඩායම අතර ලලිත් වීරතුංගද සිටියේය. අද ඔහුට වූ විපත ගැන මුනු පොතේ උදම් අනන කාලකන්නි ශ්‍රී ලාංකිකයන් සමහරවිට යුද්ධය වෙනුවෙන් ඔහු කල දායකත්වය නොදන්නවා විය යුතුය.

    අනුෂ පැල්පිට දක්ෂ නිලධාරියෙකි. ඔහු රජයේ මුදල් සත පහක් හොරකම් කල බවට චෝදනාවක් නැත. වත්මන් විදුලි සන්දේශ කොමිසම කෝටි ගනන් වටිනා සංඛ්‍යාත දේශපාලකයන්ගේ හිතවතුන්ට බෙදා දෙන්නාක් මෙන් දේවල් ඔහුගේ කාලයේ සිදුවූ බවක් අප අසා නැත. නමුත් ඔහුද රටට ආදරය කල, තම විශය පථය හරහා රටට විශාල වශයෙන් ආදායම් උපයන්නට මහන්සි වූ අයෙකු බව පමනක් දනිමි.

    ඔවුන්ගේ නඩුවේ තීරණය ගැන මම කතා නොකරමි. ඒ මම නීතිඥයෙක් නොවන නිසාය. නීතිඥයින්ටත් වඩා තමුන් දන්නවා යැයි සිතා සිටින අයගේ ගනයට වැටෙන්නට මම අකමැති නිසාය.

    නමුත් මේ තර්කය අනුව දේශපාලන අල්ලසක් ලෙස රාජ්‍ය සේවකයින්ට මැතිවරණ සමයේ රුපියල් 10,000/- න් පඩි වැඩ කොට එදා වේල ගැට ගසා ගන්නට බැරුව දේපල පවා විකුනන රජයට වසරකට රුපියල් මිලියන 156,000 ක වියදමක් එකතු කිරීමේ නියෝගයට අත්සන ගැසූ නිලධාරීන්ගේ අනාගතය ගැනද අප කම්පා විය යුතුය. මන්ද ඔවුන් කලේත් අනුෂ පැලපිට හා ලලිත් වීරතුන්ග කල දේම නිසාය. ඒ නියෝග ක්‍රියාත්මක කිරීමය.

    ඒ කෙසේ වෙතත් නහයෙන් එහා දුර නොපෙනෙන පන්ඩිතයින් කිහිපදෙනෙකු අද සිදු වන දේවලට හුරේ දමන විට මට මතක්වන්නේ හුරේ දමමින් එදා හිට්ලර් පසු පස ගිය අමන ජර්මානුවන්වය. ඔවුන්ට ඇස් ඇරෙන විට රටක් ඉතුරුව නොතිබිනි.

    හිට්ලර්ගේ වද කඳවුරක සිට පහත දැක්වෙන ලෝක ප්‍රසිද්ධ කවි පෙල ලිවූ මාර්ටින් නිමොලර්ද ඉන් එක් ජර්මානුවෙකි,

    "මුලින්ම ඔවුන් ආවේ සමාජවාදීන් සොයාගෙනය. මම සමාජවාදියෙකු නොවන නිසා මම ඒ ගැන කතා නොකලෙමි

    ඊලඟට ඔවුන් ආවේ වෘතීය සමිති ක්‍රියාකාරීන් සොයාගෙනය. මම වෘතීය සමිති ක්‍රියාකාරිකයෙකු නොවන නිසා මම ඒ ගැන කතා නොකලෙමි.

    ඊලඟට ඔවුන් යුදෙව්වන් සොයාගෙන ආවද මම කතා නොකලෙමි. මන්ද මම යුදෙව්වෙකු නොවන බැවින්.

    අන්තිමේදී ඔවුහු මා සොයාගෙන ආහ. ඒ වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකු ඉතිරිව සිටියේ නැත "

    ( මාර්ටින් නිමොලර් - හිට්ලර්ගේ නාසි වද කඳවුරක සිට )
    Nalaka Godahewa
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔව් බන් හිරේ දාන උන් ඔක්කොම අහිංසකයි ...ඒකනේ බන් දර ගන්න බැරි උන ගමන් hospital එකට යන්න වෙන්නේ...පව් බන් හෙන පජාත නීතියක් තියෙන්නේ ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113

    Nalaka Godahewa

    Nalaka Godahewa - තවත් ලෝක හොරෙක් :lol:

    IMG_5119-600-2.jpg


    Nalaka Godahewa In Hot Water Over Deal With Krrish Company

    August 08, 2016 0


    Former Securities and Exchange Commission Chairman Nalaka Godahewa and several others are being investigated for an allegedly fraudulent deal with India's Krrish Company, the police told Colombo Fort Magistrate today.

    This was revealed when the magisterial inquiry on the case against UPFA MP Namal Rajapaksa, concerning the misplacement of Rs 70 million of funds provided by the Krrish company, was held this morning.

    The police informed court that Godahewa had allegedly promised to give a land to the company and had obtained Rs 40 million. A forged deed had been allegedly provided by Godahewa to the company.

    An individual named Dinusha Sewwandi had accepted another Rs 7 million for preparing a project report, court was also told. In addition, an individual named Abdul Badurdeen has coordinated with lawyer Sujith Rohitha Perera who allegedly prepared the forged deed, the court was told.

    Investigations are being carried out in this regard.

    Meanwhile the police informed court that investigations have been completed on Namal Rajapaksa in the alleged misplacement of funds.

    - http://www.asianmirror.lk/news/item/18130-nalaka-godahewa-in-hot-water-over-deal-with-krrish-company

    New SEC Chairman – A Pawn Of The “Stock Market Mafia”

    By Faraz Shauketaly

    The appointment of Dr Nalaka Godahewa as Chairman of the Securities Exchange Commission far from putting the controversy surrounding pump and dump and market manipulation at the Colombo Stock Exchange at rest, has caused an uproar amongst seasoned investors. The uproar has been fuelled by Dr Godahewa’s links to Dilith Jayaweera who admitted to the media last week that he had received ‘five’ letters – and he was talking about events surrounding the Securities Exchange Commission (SEC).
    Nalaka Godahewa’s links and investments in companies in which Dilith Jayaweera is also involved has seen him being appointed Chairman of George Stuarts Finance and Colombo Land & Development Plc.
    Godahewa was also previously a Director at Seylan Bank. In the days leading to his SEC appointment Godahewa resigned his position at George Stuarts Finance.

    10-new-1.jpg

    10-02.jpg

    11-02.jpg

    10-tab.jpg

    10-tab-21.jpg


    In the Annual Report for 2011 of Colombo Land & Development Plc Godahewa is listed as the 7th largest shareholder holding 2,301,000 shares – valuing the shares at the end of 2011 at Rs 126.3 Million. The shares are listed as being on lien to Seylan Bank.

    Our Previous Exposés On Nalaka Godahewa

    The Quarterly Report for March 2012 shows Godahewa holding the same portion of shares but the value of the shares had crashed to Rs 39 from the 2011 close of Rs 54.90. A notional loss of Rs 36.5 Million however should only have made Seylan Bank become alert as a tranche of 2,301,000 shares are on lien to them. If Seylan Bank was exposed to 50% of the holding in 2011 and lent Rs 60 m to Godahewa by March 2012 the value of those shares had dipped by Rs 36.5 Million or more than half of the amount Seylan Bank lent Godahewa – one time Director of the bank.
    The Quarterly Report for June 2012 shows Godahewa still holding to his 2,301,000 shares but the share value had dropped below March 2012 levels. In June 2012 the share was trading at Rs 32.20 and Godahewa was staring at a notional (paper) loss of a staggering Rs 52.3 Million – perilously close to the Rs 60 Million he obtained from Seylan Bank. On the basis that Seylan Bank granted a loan of Rs 60 million when the shares were worth Rs 126.3 Million, (keeping in line with the norm of 50% although we cannot establish whether as a Director of Seylan Bank at the time Godahewa received preferential treatment).
    In 2012 according to documentation publicly available from the Colombo Stock Exchange under statutory disclosure rules, Dr Godahewa is reported as having made several purchases of stock in Colombo Land: 9,100 shares at Rs 30.00; 35,300 shares at Rs 30.50. None of these shares are listed as having a lien to any bank.
    A separate entity, Pasikudah Beach Resort is listed by Citrus Leisure as a subsidiary with notes stating that a sum of Rs 168 Million was spent for Pasikudah Beach Resort to purchase prime land in Pasikudah. The ownership of this land is disputed with the Swiss nationals owning the property maintaining that they have never sold the land. The land was sensationally purchased by the Deputy Mayor of Kotte Madura Vithanage for Rs 60 Millon, who sold it several days later to Pasikudah Beach Resort, a company connected to Dilith Jayaweera, for Rs 168 Million. A legal battle to establish the authenticity of the ownership is ongoing.
    It has also been revealed that Godahewa is listed as the owner of 1,091,700 shares valued at Rs 10.7 Million in Waskaduwa Beach Resort Plc making him the 10th largest shareholder there. The entire shareholding is on lien to Seylan Bank and under normal circumstances the bank would have advanced Godahewa 50% of the value making the bank’s exposure Rs 5.2 Million. The interest Godahewa is likely to attract would work out at Rs 880,000 per year or Rs 74,000 per month. With the interest on the other loan for the Colombo Land & Development shares, Godahewa is servicing a loan of Rs 700,000 plus per month to Seylan Bank.
    Additionally Godahewa has a tranche of 500,000 shares in Waskaduwa Beach, making him the 16th largest shareholder with that – occupying both 10th and 16th position. This tranche of shares is not on lien to Seylan Bank.
    According to the Inland Revenue Department, whilst capital gains realised on investments on the Stock Exchange are not ordinarily subject to income tax, monies utilized to service loans will be deemed to be income and taxed accordingly. Further reports state that a group of Sri Lankan citizens are readying themselves to petition the Courts claiming that Dr Godahewa’s continuation as Chairman at the Sri Lanka Tourism Development Authority is unconstitutional and that his appointment at SEC displays a very high degree of ‘conflict of interest’.
    The web of Godahewa’s link lays bare his claim that he is permitted to hold office at Sri Lanka Tourism because Colombo Land & Development does not operate a hotel and therefore is not in breach of the Tourism Act. A legal eagle told us that was a singularly one-sided view of the events, The Tourism Act specifically debars anyone who has a link in operating hotel services from holding office.
    But Godahewa has demonstrated that he does have a link or indeed had such a link at some point whilst he continued to hold office at Sri Lanka Tourism.
    As our diagram shows, Godahewa is intrinsically linked to Colombo Land & Development, Waskaduwa Beach Resort and Kalpitiya Beach. All of these are patently also linked to Dilith Jayaweera directly or through other companies in which Jayaweera has interests.
    By his own admission to the media Jayaweera has admitted to being the recipient of letters from the SEC but has denied being part of any alleged ‘Mafia’ operation at the SEC in what is widely believed to be Mr Jayaweera alluding to allegations that he was part of the pumping and dumping and market manipulation at the Colombo Stock Exchange.
    As part of the work that Nalaka Godahewa will have to oversee as Chairman of the SEC, would be the investigations that are already underway. The former Chairman of the SEC, Tilak Karunaratne told the President that he had sent out 226 letters to investors asking for more information. The prospect of Godahewa overseeing an investigation into his business partner or indeed a fellow shareholder in the form of Dilith Jayaweera has caused more serious questions to be raised as to the integrity, probity and transparency of any investigation being contemplated or already under way by the SEC. A number of telephone calls and e-mails addressed to Nalaka Godahewa went unanswered; the opportunity for Godahewa to respond to this article went unheeded.
    ([email protected])

    - http://www.thesundayleader.lk/2012/09/02/new-sec-chairman-a-pawn-of-the-stock-market-mafia/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    වහල්කමේ මිල

    9 සැප්තැම්බර්, 2017

    9-1.jpg


    හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට හිමි වූ සිර දඬුවම, ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා පිල එක දිගට ලැබු ක්‍රිකට් පරාජයන් පවා අමතක කර ඇති බවක් පෙනී යයි. දැන්, රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මේ කාරණයයි. මහජන දේපොළ අයථා පරිහරණය කිරීම කිසිසේත්ම සාධාරණය කළ නොහැකි වරදක් වුවද සුපුරුදු ලෙස රාජපක්ෂ හිතවාදීන් මේ කාරණයේදීත් තම කැත දේශපාලන සිතැඟියාවන් පෙරට රැගෙන විත් ඇත. ඔවුන් දිගින් දිගටම අසමින් සිටිනුයේ ‘සිල් රෙද්දක් දන් දෙන එක හොරකමක්’ වන්නේ කෙසේද කියාය. පැහැදිලිවම ඔවුන් ඉදිරියට දමා ඇති එම තර්කය විහිළු සහගත එකකි. :lol:

    සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ කෙනෙකු දන් දෙනුයේ මෙලොව පරලොව යන දෙලොවටම පින් රැස් කිරීමේ චේතනාවෙනි. 2015 ජනාධිපතිවරණ දිනය වූ ජනවාරි 8 වැනි දාට පැය අනූ හයකට පෙර දුරුතු පොහොය දිනක ලක්ෂ අටක උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදා දීමට රාජපක්ෂ කල්ලිය කටයුතු කළේ පින් ලබා ගැනීමේ චේතනාවෙන් නොව වැඩි වැඩියෙන් තමන් වෙත ඡන්ද එකතු කර ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. :lol: ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ලෙස තමන්ගේ ඡන්ද කුට්ටිය තර කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇති අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් එම කටයුත්ත ජනතා මුදල් හොරකම් කරමින් සිදු නොකිරීමට ඔහු වග බලා ගත්තේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් සදාචාර ප්‍රමිතීන් හෝ නෛතික විධිවිධාන පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒ හැටි සැලකිල්ලක් දැක්වූවෙක් නොවේ. ඔහු මෙරට පාලනය කළ දශකයකට අධික කාලය තුළ හොරකම වංචාව රටේ නීතිගතව පැවැතිණි. සිල් රෙදි බෙදා දීම හොරකමක් වනුයේ මහින්ද ඒ සඳහා වියදම් කළේ තම පසුම්බියෙන් නොව ජනතා බදු මුදල්වලින් නිසාය. හොරකම් කර සිල් රෙදි බෙදා දීම හා බුදුසරණයි කියා ලොරියේ ඉදිරිපස ගහමින් හොර හරක් පැටවීම අතර ඒ හැටි වෙනසක් අපට නොවැටහේ.

    බලහත්කාරයෙන් මුදල් මංකොල්ල කමින්, දන් දීම පින් ලැබෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක දේශනා කර නැත. මහින්ද රාජපක්ෂ තම පාලන ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණවලදී අත දිග හැර අල්ලස් දීම් ප්‍රසිද්ධියේ සිදු කළේය. සිල් රෙදි, ඔරලෝසු, ගෑස් ළිප්, පොත්පත්, ලිත් පමණක් නොව බත් පැකට් ද ඔහු ඒ වෙනුවෙන් බෙදුවේය. ඔහු ඒවා බෙදා දුන්නේ පිනට නොවේ. එය සැබැවින්ම ගනුදෙනුවක් විය. එකී අල්ලස් ලබා ගන්නා පුද්ගලයා කුමන ප්‍රශ්න පැවැතිය ද තමන් වෙනුවෙන් ඡන්දය දෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය. ලංකාව වැනි දේශපාලනික වශයෙන් නොදියුණු තුන්වන ලෝකයේ රටක් තුළ එය සාර්ථක ක්‍රමෝපායක් විය. ඡන්ද අල්ලස් ලබා දෙද්දී ඒ සෑම දෙයක් සමඟම තම නම හා ඡන්ද සලකුණ සන්නාමකරණයට ලක් කිරීමට ද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවෝ වග බලා ගත්හ. උදාහරණයක් ලෙස බත් පැකට්ටුවක් පිරිනමද්දී බත් ඇටයේ හැර අන් සෑම තැනකම රාජපක්ෂ සන්නාමකරණය දැකගත හැකි විය.

    2015 ජනවාරි 4 වැනි දින මහින්ද වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට අර්ථපතිත්වය දැක්වූයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නමැති රාජ්‍ය ආයතනයයි. වර්ෂ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත මඟින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දකුණු ආසියානු කලාපයේ ඒ මාදිලියේ පළමු නියාමන ආයතනය ලෙස සැලැකේ. සංඛ්‍යාත කළමනාකරණය, බලපත්‍ර නියාමනය හා තාක්ෂණික ප්‍රමිතිකරණය ආදි කටයුතු ප්‍රධාන වශයෙන් ඉටු කරමින් ක්ෂේත්‍රයේ සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රටේ ලාභදායි ආයතනයක් ලෙස ප්‍රකටය. සංඛ්‍යාත විකිණීම ආශ්‍රිත ගනුදෙනු හා සියලු දුරකථන සේවා සැපයුම්කරුවන් හා අලෙවිකරුවන් උදෙසා වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීමේ කටයුතුවලින් එහි ආදායම තර වේ. සිල් රෙදි බෙදා දීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් කටයුත්තක් නොවුවද ඒ යටතේ සමාජ සත්කාර සඳහා වෙනම වැය ශීර්ෂයක් පවතී. සාමාන්‍යයෙන් ඒ සඳහා වෙන් කරනු ලබන්නේ රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් බව කියැවෙන මුත් අනුෂ පැල්පිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2014 වසරට වෙන් කළ එකී මුදල් අවසන්ව තිබියදී පවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව රුපියල් මිලියන 600ක මුදලක් කඩිමුඩියේ සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බව මේ නඩු විභාගය අතරතුර දී හෙළි විණි.

    ලලිත් වීරතුංග, හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් පදනම් කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ද ලබා නොගනිමින් සිල් රෙදි ව්‍යාපෘතියට හැරෙන තැපෑලෙන් එනම් මේ සඳහා ඉල්ලීම් කළ දිනට පසු දිනම ජනාධිපති ලේකම්වරයාගේ නමින් වූ ගිණුමකට මුදල් ප්‍රේෂණය කර ඇත. ඒ සියල්ල දෙස බලද්දී මෙය කෙතරම් සූක්ෂ්මව සිදුව ඇත්ද යන්න පැහැදිලිය.

    මෙරට විධිමත් ආකාරයෙන් රාජ්‍ය සේවාව ස්ථාපිත වීම සිදු වූයේ දහනව වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේය. අධිරාජ්‍යවාදී පාලකයන් වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යමින්, බදු ආදායම් රජයට එකතු කර දීමේ වගකීම ඒ සමයෙහි රාජ්‍ය සේවකයන්ට පැවැරිණි.

    අධිරාජ්‍යවාදී අවශ්‍යතා මිසක මෙරට සංස්කෘතිය හා චර්යාවන් කෙරෙහි එය නිර්මාණය කිරීමේදී සැලකිල්ලක් අවධානයක් යොමු වූයේ නැත. යටත් විජිත පාලනයට අවශ්‍ය නිලධාරී පැළැන්තියක් අපේ රාජ්‍ය සේවය තුළ නිදහසින් පසුව පවා දැකගත හැකි වුවත් සාඩම්බර රාජ්‍ය සේවාවක් මෙරට තුළ නවසිය හැත්තෑව දශකය තෙක්ම පැවැති බව පොදු විශ්වාසය.

    එහෙත් 1973 වසරේදී රාජ්‍ය සේවය සම්බන්ධ පාලන බලතල අමාත්‍ය මණ්ඩල යටතට ගත් පසු තත්ත්වය මුළුමනින්ම වෙනස් වන්නට විය. දේශපාලකයන්ගේ තීන්දු තීරණවලට පවා ප්‍රසිද්ධියේ අභියෝග කළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ කතන්දර ලේඛනාගාරයට එකතු වී දේශපාලනඥයන්ගේ සිතැඟියා අනුව ක්‍රියාත්මක වන නිලධාරී පැළැන්තියක් බිහි වීම ඉන් අනතුරුව ඇරැඹිණි. ජනතා සේවකයන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන්නා වූ ක්ෂේත්‍රයක් බවට ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ හැඩතල වෙනස් වීම ඉහත කී වෙනසට සමාන්තරව සිදු විණි.

    දේශපාලනඥයන් හමුවේ පිටකොඳු බිඳ නොගත් අතළොස්සක් වූ ඉහළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ඉඳහිට අතරින් පතර අසන්නට ලැබුණද ක්ෂේත්‍රයේ බහුතරයක් දේශපාලනඥයන්ගේ පදයට නටන ඒ මත යැපෙන පිරිසක් විය. 2001දී බලයට පත්වුණු එක්සත් ජාතික පෙරමුණු රජය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවාව ස්වාධීන කිරීම උදෙසා සාධනීය උත්සාහයක් ගත් මුත් අනතුරුව බලයට පත් වූ රාජපක්ෂ රජය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවය යළි පෙර තිබූ තත්ත්වයට රැගෙන ගියේය. ඉහළ රාජ්‍ය නිලධාරීන් රාජපක්ෂවරුන්ට නාම පුවරු පමණක්ම වූ අතර, ඔවුන් ලවා තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම නොපිරිහෙළා අඩුවකින් තොරව ඉටු කර ගත්තේය. මහින්දගේ කෙනකු වීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන්ද සූදානමින් සිටි බැවින් එම අවශ්‍යතා ද්විත්වය මනාව එකිනෙකා හා පෑහිණි.

    ලලිත් චන්ද්‍ර කුමාර් වීරතුංග ශ්‍රී ලංකා පරිපාලන සේවාවට 1977 වසරේදී එකතු වී මහින්ද රාජපක්ෂ වෙත පැමිණීම දක්වා වූ කාලය තුළ වැදගත් භූමිකා රැසක් පරිපාලන සේවාව තුළ හොබවා තිබේ. ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂට සමීප වූයේ සජින් ද වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරයාට සමීප වූ ආකාරයටමය. මහින්ද සමඟ කලින් දැනහැඳුනුම්කම් තිබුණද වීරතුංග ඔහු වෙත වඩාත් සමීප වූයේ රාජපක්ෂ මහතා වෙත වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් පසුව බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය නමැති විෂය ආගන්තුකව පැවැති කාලසීමාවේදී පවා වීරතුංග ඒ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළ මෙරට සිටි පුද්ගලයන් කිහිප දෙනා අතර විය. ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණය නැංවීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් පවා වීරතුංග ඇතුළු කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් නිර්මාණය කර තිබිණි.

    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ වීරතුංග අනතුරුව ජනාධිපති ලේකම් තෙක් උසස් වීමක් ලැබුවේය. වෘත්තීය දක්ෂතාවක් සහිත නිලධාරියකු සේ සැලකුණු මුත් රාජපක්ෂ යුගයේදී, වීරතුංගගේ භූමිකාව සැබැවින්ම බෙහෙවින්ම සීමාසහිත එකක් වී තිබිණි. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වතාවට බලයට පැමිණීමෙන් පසු ඒ තත්ත්වය වඩාත් හොඳින් දැකගත හැකි විය. රාජපක්ෂ සමයේ සිදුවුණු බොහෝ අකටයුතුකම්වලදී වීරතුංගලාට කළ හැකිව තිබුණු මැදිහත් වීම අවම මට්ටමක විය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා තිස්ස අත්තනායක වැනි පුද්ගලයන්ට ඇමැතිකම් පිරිනමද්දී කිසිඳු ගැටලුවකින් තොරව එම තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය වීරතුංගලා දුන් බව මේ ලියුම්කරුට මතකය.

    අනුෂ පැල්පිට ද එවැනිම ඊට නොදෙවැනි උන්නතිකාමි ආශාවන් සහිත පුද්ගලයෙකු විය. පරිපාලන සේවයට එක් වීමට පෙර ගණකාධිකාරිවරයකු වූ අනුෂ සතුව පැවැති එකම සිහිනය වූයේ කෙදිනක හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීමය. රාජපක්ෂවරුන් සතුටු කරමින් ඔවුන් වෙනුවෙන් සේවය කිරීම ඒ සඳහා පහසු මඟක් ලෙස ඔහු විශ්වාස කරන ලදී. රාජපක්ෂවරු පරාජයට පත් වීමෙන් පසුව ද ඔහු තම “සිහිනය”ට ළංවීමට උත්සාහ දැරුවේය. සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්වීමට තරම් යම් ආකාරයක දක්ෂතාවක් ඔහුට විය. නමුත් ඒ අවස්ථාවේදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙතින් මතු වූ ප්‍රබල විරෝධය හමුවේ එම පත් වීම අහෝසි කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගත්තේය.

    සැබැවින්ම මේ නඩු තීන්දුව එක් එක් දේශපාලනඥයන්ගේ පදයට නටන්නේ නැතිව පෞරුෂයක් සහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් පොලඹවයි. පවතින තත්ත්වය තුළ එය වඩාත් සාධනීය තත්ත්වයකි. වැරැදි වැඩ අනීතික ක්‍රියා සඳහා නියෝග ලබා දෙන දේශපාලනඥයන් වැඩ වැරැදුණු පසු තමන්ව අත්හරින බව රජයේ සේවකයන් දැන්වත් තේරුම් ගත යුතුව ඇත. ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට දඬුවම් හිමි වෙද්දී අවම තරමින් ඔවුන්ගේ සුව දුක් විමසීමට හෝ ඔවුන් සමඟ එදා සිටි එකදු දේශපාලනඥයකු අධිකරණ භූමියට පැමිණ සිටියේ නැත.

    මේ සිල් රෙදි නඩුවට අදාළ පළමු පැමිණිල්ල දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයට නිර්නාමික ආකාරයට ඉදිරිපත් කර තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන් පිරිසකි. ඉන් අනතුරුව ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ද දූෂණ විරෝධි පෙරමුණ නියෝජනය කරමින් මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒවා පදනම් කරගනිමින් ලිපිගොනු සෑදීම සිදු කරනු ලද්දේ දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයයි. අනතුරුව මේ පිළිබඳව ක්‍රියාත්මක වීමේ වගකීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැවැරුණු අතර රවී වෛද්‍යලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රමුඛ කණ්ඩායම එහිදී යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් මහත් උනන්දුවක් සහිතව දැක්වූහ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සතුව සිටින හොඳම නිලධාරියා ලෙස පිළිගැනෙන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මීට අදාළ නඩු කටයුතු මෙහෙයවූයේය. මේ සිල් රෙදි නඩුවට අදාළව යුක්තිය ඉටුකිරීම හා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ සියලු පාර්ශ්ව වෙත අනිවාර්යයෙන්ම ගෞරවය හිමි විය යුතුමය.

    චාමර ලක්ෂාන් කුමාර


    - http://www.silumina.lk/2017/09/09/දේශපාලනය/වහල්කමේ-මිල
     
    Last edited: