මෝසූල් මුදාගැනීම
2017 ජූලි මස 9 වනදා ඉරාක අගමැති හයිඩර් අල්-අබාඩි මෝසූල් නගරයට පැමිණියේය.ඒ එම නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව ප්‍රකාශයට පත් කිරීම සඳහාය.අගමැතිවරයාව ඉරාක සෙබලුන්,නිලධාරීන් සහ සිවිල්වැසියන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර ඒවන විටත් නගරයේ බලය අල්ලාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් විශාල ප්‍රමාණයක් මරා දමන්නට ඉරාක හමුදා සමත්ව සිටියහ.මෝසූල් නගරය මුදාගැනීමේ සටන ඇරඹුණේ පසුගිය වසරේදී වන අතර එය මාස ගණනක් පුරා ඇදී ගියේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රතිරෝධය ඉහළ මට්ටමක පැවතුණු නිසාය.
ඉරාක අගමැතිවරයාගේ මෝසූල් සංචාරය සිදුවන අවස්ථාව වන විටත් ඉරාක හමුදාවේ පැරණි මෝසූල් නගර ප්‍රදේශයේ සටන් කරමින් සිටියේ පළායමින් සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමගයි.අගමැති අල්-අබාඩි මෝසූල් නගරයේ දකුණු පසට වන්නට පිහිටා ඇති ෆෙඩරල් පොලිස් මූලස්ථානයේ දී සිය අණදෙන නිලධාරීන් හමුවී ප්‍රකාශ කර තිබුණේ නගරයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රස්තවාදීන් දමාගිය බිම් බෝම්බ මර උගුල් ආදිය ඉවත් කර සිවිල් ජනයා සුරක්ෂිත කල යුතු බවයි.
ජූලි මස 9 වනදා ඉරාක ප්‍රති-ත්‍රස්තවාදී හමුදාවල උප අණදෙන්නා වන ලුතිනන් ජෙනරල් අබ්දුල් වහාබ් අල්-සාඩි සහ ඔහුගේ හමුදා විසින් පැරණි මෝසූල් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතුව තිබූ අවසන් භූමියත් අත්පත් කරගෙන ටයිග්‍රීස් ගංගාවේ ඉවුරේ ඉරාක ධඡය ඔසවන්නට සමත්විය.2017 ජූලි මස 10 දා ඉරාක අගමැති හයිඩර් අල්-අබාඩි විසින් මෝසූල් නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව ප්‍රකාශයට පත් කරන ලදි.ඉරාක ජාතිය බෙදා වෙන් කිරීමට යෙදූ සියලු උපක්‍රම පරාජය කිරීමට ඉරාකය සමත් වූ බවත් වෙනදාටත් වඩා දැන් ඉරාකය එක්සත් බවත් ඔහු කීවේය.
මෝසූල් නගරය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීම සැමරීම උදෙසා ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් හි හමුදා පෙළපාලියක් සංවිධානය කිරීමට ඉරාක රජය පසුගියදා කටයුතු යොදා තිබිණි.මේ අවස්ථාව සඳහා ඉරාක අගමැතිවරයා,ඉරාක හමුදාවේ ප්‍රධානීන්,ඒකකවල නිලධාරීන් සමග රටවල් කිහිපයක තානාපතිවරුන්ද සහභාගී විය.
මෝසූල් නගරයේදී ඉරාක සෙබලුන් විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධ පුද්ගලයින් මරාදමන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධව ඉරාක රජය පරීක්ෂණයක් කරන බවට ඊයේ දිනයේ නිවේදනය කරන ලදි.මෝසූල් නගරය මුදා ගැනීමෙන් පසුව ත්‍රස්තවාදී සැකකරුවන්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදුකිරීම සම්බන්ධව දේශීය සහ විදේශීය සංවිධාන කිහිපයකින් ඉරාක හමුදාවට චෝදනා එල්ල වේ.ත්‍රස්තවාදීන්ගේ පවුල්වල පිරිස් මෙලෙස ඉරාක හමුදාවේ වද හිංසාවලට ලක්වන බව සඳහන් වේ.කෙසේවෙතත් පසුගිය වසර ගණනාවක් තිස්සේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඉරාකයේ දැවැන්ත මනුෂ්‍ය සංහාරයක් සිදුකරන ලදි.ඔවුන්ගේ ගොදුරු බවට පත්වූයේ ඉරාකයේ ෂියා මුස්ලිම් ජනයා සහ සෙබලුන්ය.
මාස 9ක් පුරාවට ඇදී ගිය මෝසූල් සටනේදී ඉරාක හමුදාවට සිදුකල හානිය සම්බන්ධව වාර්තාවක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සම්බන්ධ අල්-නබා නම් පුවත්පතේ පළ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් විසින් සටන් වලදී ඉරාක සෙබලුන් සහ අනෙකුත් ත්‍රස්තවිරෝධී සටන්කරුවන් 11,700ක් මරා දැමීමට සමත්ව තිබේ.ඉන් 1629ක් මරා දමා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ස්නයිපර්කරුවන්ය.තවද මෝසූල් සටනේදී ඉරාක සෙබලුන් දස දහස් ගණනකට තුවාල සිදු කරන්නට සමත්වූ බවත් ඔවුන් කියා සිටියි.
මෝසූල් නගරයේ සිටි ඉරාක හමුදා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 482ක් එල්ල කරන්නට සමත් වූ බවත් හම්වී රථ 1049ක්,අනෙකුත් වාහන 841ක්,බීඑම්පී-1 රථ 167ක්,සෝවියට් යුද ටැංකි 44(බොහෝමයක් ටී-72,ඒබ්‍රම්ස් යුද ටැංකි 76ක් ඇතුලු වාහන 2622ක් විනාශ කරන්නට තමන් සමත් වූ බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සඳහන් කර තිබේ.ඊට අමතර ඉරාක හමුදාවේ සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා 103ක් සහ ඉරාක හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 15ක් බිම හෙළන්නට ත්‍රස්තවාදීන් සමත්ව තිබේ.කෙසේවෙතත් ඉදිරියේදී ඉරාක හමුදාව පාර්ශ්වයෙන්ද මෝසූල් සටනේ ජයග්‍රහණ සහ අහිමිවීම් සම්බන්ධව මෙවැනිම වාර්තාවක් නිකුත් කිරීමට නියමිතය.
Source:southfront.org
-HarshaLulzSec-

ඉරාක අගමැතිවරයා මෝසූල් නගරයට පැමිණි අවස්ථාව
ඉරාක අගමැතිවරයාගේ මෝසූල් සංචාරය සිදුවන අවස්ථාව වන විටත් ඉරාක හමුදාවේ පැරණි මෝසූල් නගර ප්‍රදේශයේ සටන් කරමින් සිටියේ පළායමින් සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමගයි.අගමැති අල්-අබාඩි මෝසූල් නගරයේ දකුණු පසට වන්නට පිහිටා ඇති ෆෙඩරල් පොලිස් මූලස්ථානයේ දී සිය අණදෙන නිලධාරීන් හමුවී ප්‍රකාශ කර තිබුණේ නගරයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රස්තවාදීන් දමාගිය බිම් බෝම්බ මර උගුල් ආදිය ඉවත් කර සිවිල් ජනයා සුරක්ෂිත කල යුතු බවයි.
අගමැතිවරයා ඉරාක ආරක්ෂක හමුදා හමුවීම
ජූලි මස 9 වනදා ඉරාක ප්‍රති-ත්‍රස්තවාදී හමුදාවල උප අණදෙන්නා වන ලුතිනන් ජෙනරල් අබ්දුල් වහාබ් අල්-සාඩි සහ ඔහුගේ හමුදා විසින් පැරණි මෝසූල් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතුව තිබූ අවසන් භූමියත් අත්පත් කරගෙන ටයිග්‍රීස් ගංගාවේ ඉවුරේ ඉරාක ධඡය ඔසවන්නට සමත්විය.2017 ජූලි මස 10 දා ඉරාක අගමැති හයිඩර් අල්-අබාඩි විසින් මෝසූල් නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව ප්‍රකාශයට පත් කරන ලදි.ඉරාක ජාතිය බෙදා වෙන් කිරීමට යෙදූ සියලු උපක්‍රම පරාජය කිරීමට ඉරාකය සමත් වූ බවත් වෙනදාටත් වඩා දැන් ඉරාකය එක්සත් බවත් ඔහු කීවේය.
මෝසූල් නගරය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීම සැමරීම උදෙසා ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් හි හමුදා පෙළපාලියක් සංවිධානය කිරීමට ඉරාක රජය පසුගියදා කටයුතු යොදා තිබිණි.මේ අවස්ථාව සඳහා ඉරාක අගමැතිවරයා,ඉරාක හමුදාවේ ප්‍රධානීන්,ඒකකවල නිලධාරීන් සමග රටවල් කිහිපයක තානාපතිවරුන්ද සහභාගී විය.
මෝසූල් නගරයේදී ඉරාක සෙබලුන් විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධ පුද්ගලයින් මරාදමන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධව ඉරාක රජය පරීක්ෂණයක් කරන බවට ඊයේ දිනයේ නිවේදනය කරන ලදි.මෝසූල් නගරය මුදා ගැනීමෙන් පසුව ත්‍රස්තවාදී සැකකරුවන්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදුකිරීම සම්බන්ධව දේශීය සහ විදේශීය සංවිධාන කිහිපයකින් ඉරාක හමුදාවට චෝදනා එල්ල වේ.ත්‍රස්තවාදීන්ගේ පවුල්වල පිරිස් මෙලෙස ඉරාක හමුදාවේ වද හිංසාවලට ලක්වන බව සඳහන් වේ.කෙසේවෙතත් පසුගිය වසර ගණනාවක් තිස්සේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඉරාකයේ දැවැන්ත මනුෂ්‍ය සංහාරයක් සිදුකරන ලදි.ඔවුන්ගේ ගොදුරු බවට පත්වූයේ ඉරාකයේ ෂියා මුස්ලිම් ජනයා සහ සෙබලුන්ය.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මෝසූල් සටනේදී මරා දැමූ ඉරාක සෙබලුන් සහ විනාශ කල යුද්ධෝපකරණ සම්බන්ධව පුවත්පතක පළ කල වාර්තාව
මාස 9ක් පුරාවට ඇදී ගිය මෝසූල් සටනේදී ඉරාක හමුදාවට සිදුකල හානිය සම්බන්ධව වාර්තාවක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සම්බන්ධ අල්-නබා නම් පුවත්පතේ පළ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් විසින් සටන් වලදී ඉරාක සෙබලුන් සහ අනෙකුත් ත්‍රස්තවිරෝධී සටන්කරුවන් 11,700ක් මරා දැමීමට සමත්ව තිබේ.ඉන් 1629ක් මරා දමා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ස්නයිපර්කරුවන්ය.තවද මෝසූල් සටනේදී ඉරාක සෙබලුන් දස දහස් ගණනකට තුවාල සිදු කරන්නට සමත්වූ බවත් ඔවුන් කියා සිටියි.
මෝසූල් සටනේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක්-වීඩියෝ දර්ශන ISIS ඩ්‍රෝන් යානා යොදාගෙන ලබාගත් ඒවාය

+9