"යකඩවලට වඩා ජීවිත මට වටිනවා" - ජනපති
යකඩවලට වඩා තමන්ට සෑම විටම වටින්නේ මනුෂ්‍ය ජීවිත බවත් මවුබිම ආරක්ෂා කිරීමට කැප වන අයුරින් ජීවිතවල වටිනාකමත් තමන් හොඳින් අවබෝධ කරගෙන තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සර උළෙල වෙනුවෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටිය දී සිදුවූ කෆීර් යානා අනතුරෙන් මියගිය ගුවන් නියමු මොනාත් පෙරේරා මහතා ඊයේ පැවැති සමරු උළෙලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ සිහිපත් කිරීමට ලක් කරමින් ඔහු මේ අදහස් පල කලේය.
මවු බිම බේරා ගැනීමේ සටනට අපහාස කළ අය අද විජයග්‍රහණය සැමරීම නුසුදුසු යැයි ප්‍රචාර ගෙන යන බව කී ජනාධිපතිවරයා මේ රටේ සැබෑ විරුවන් සියලු දෙනා එක්ව ලද ජයග්‍රහණය විකුණාගෙන කෑමට තමා කිසිසේත් සුදානම් නැතැයිද අවධාරණය කෙළේය.එදා මෙන්ම අදත් ඒ පිරිස එක්ව රටට එරෙහි ප්‍රචාර ලෝකය වෙත ගෙන යාමට කටයුතු කරමින් සිටින බව රහසක් නොවේ යැයි ජනාධිපතිවරයා පැවැසීය. යුද්ධයෙන් විනාශ වූ රට කියා අප රට හඳුන්වා ගැනීම අපටම අවමානයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප රට විනාශ වුණේ යුද්ධයෙන් නොව ත්‍රස්තවාදයෙන් බවත් අප දැන් මේ සංග්‍රාමයක නිරත වන්නේ ත්‍රස්තවාදයෙන් වැනසුණු රට ගොඩනැඟීමට බවත් ප්‍රකාශ කළේ ය.