යකඩ_කෙල්ලෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    16252279_10210050577755193_3624301662280314618_o.jpg



    ''ලෝකෙටම පාඩමක් ඉගැන්වූ යකඩ කෙල්ලෝ තුන්දෙනා''
    හිතට දැනෙන කතාවක්....
    දවසක් හැන්දෑවක් ගෙදරට කන්න මොනවා හරි ගේන්න කඩේට ගිය දිල්කිගේ තාත්තා, ගමේ මිනිස්සු පුවක්කොට දාලා යන්තමින් අටවාගෙන තිබුණු පාලමෙන් ඔයට වැටිලා මියයනවා.තමන්ගේ ආදරණිය පියාගේ මරණයෙන් පස්සෙවත් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දමමින් තිබූ අබලන් පාලම ගැන නිසි බලධාරියෙක්ගේ අවධානය යොමු නොවීම පිළිබද දිල්කි වගේම ගමේ මිනිස්සු හැමෝම හුගාක් කම්පාවෙනවා.
    කාලය ගෙවිලා ගිහින් වෙනසක් නොවෙන ඒ අබලම් පාලම තමන්ගේ අතින්ම හදන්න දිල්කි තමන්ගේ හොදම යාළුවො වෙච්ච සදුනි සහ නිලුෂිකාට කතා කරනවා. සදුනිත් නිලුක්ෂිත් දෙපාරක් නොහිතා දිල්කි එක්ක මේ දැවැන්ත අභියෝගෙට මුහුණ දෙන්න එකතුවෙනවා. නෙළුවේ මේ කෙල්ලෝ තුන්දෙනා එකතුවෙලා ගමේ තවත් කෙල්ලොත් එකතුකරගෙන 30 දෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම යෞවන සමාජයක් විදිහට ලියාපදිංචි කරගන්නේ පාලම හදන වැඩේට හයියක් වෙන්න.
    යෞවන සමාජයකට ගමේ වැඩකට රු 75,000ක් ලැබෙන බව දැනගන්න සදුනි සහ ගමේ කෙල්ලෝ ටික ඒක ලබාගෙන අලුත් පාලමක් හදන්න හීන දකිනවා.ඔයට උඩින් පාලම හදන එක ගැන හරියටම සැළසුම් කරත්දී තමයි දැනගන්නේ පාලම හදන්න ලක්ෂ 30කට වැඩිය යනබව.ඒ ආරංචිය සදුනි ඇතුළු කෙල්ලෝ ටිකට තරමක් කණගාටුවක් ගෙනාවත් එයින් සදුනි ඇතුළු ගමේ කෙල්ලෝ පසුබට වෙන්නේ නෑ.
    සදුනි කෙල්ලෝ ටිකත් එක්ක පාරට බැහැලා ට්කට් ගහලා හැමතැනම විකුණනවා, ගෙයක් ගෙයක් ගානේ ගිහින් සල්ලි එකතු කරනවා, තේ පැක්ටරි වලට ගිහින් සල්ලි එකතු කරනවා.සදුනිලා මෙහෙම කරත්දී ඒකට උදව් කරපු ගමේ අය වගේම ''ඕවා කරන්න පුලුවන්න,බොරු වැඩ කරන්නේ,කළුගලේ ඔලුව ගහගන්න යන්නේ'' කියපු ගමේ අයගේ වචන වලට මේ යකඩ හිත් තිබ්බ කෙල්ලො සැලෙන්නේ නෑ.
    අනේකවිධ අභියෝග හමුවේ මේ යකඩ කෙල්ලෝ ටික දවස් අනූවක් යනකොට දෙගම් යා කරමින් අඩි 68දිග පාලම හදලා ඉවර කරනවා........!
    ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබාදෙන්න වෙහෙසෙන ඉන්ජිනේරුවෙකුගේ කතාව කියවෙන ''ස්වදේශ්'' චිත්‍රපටයත්, සිය බිරිද අනතුරට පත්වීමෙන් පසු ඉක්මනින රෝහලට ගෙනයාමට විශාල කන්දක් වටා යාමට සිදුවීම නිසා බිරිද මියයෑමේ වේදනාවෙන් වසර 25 පුරා තනිව කන්ද මැදින් පාරක් කැපු දිරිය මිනිසෙක් ගැන කතාව කියවෙන ''මන්ජිත්'' චිත්‍රපටයත්, පිළිකා රෝගයෙන් මියයන්නට මාස හයක් ඉතිරිව තිබියදී තනිව ළමා උයනක් සාදා නිමකම මිනිසෙක් ගැන නිමවූ ''ඉකුරු'' චිත්‍රපටියත් වගේ සදුනිලා ගැන චිත්‍රපට හැදෙන එකක් නෑ !
    මේ යකඩ කෙල්ලෝ ටික කරපු මේ වැඩේ අපේ රටට වටේම ලෝකෙටම දුන්න ආදර්ශය කොහොමත් ඒ තරම් ලඝු කරන්න බැහැ.ඒ නිසා මේ ගැන චිත්‍රපට නොහැදුනාට කමක් නෑ..රටේම ස්තුතිය විතරක් උඹලට හොදටෝම ඇති....
    දයාබර සොයුරියනි,
    නුඹලාට සදාකල්
    යෝධ බල යෝධ ශක්තියම
    ලැබේවායි පතමි !
    ස්තුතියි නුඹලාට
    කළ නොහැකි දෙයක් නැතිවග
    ලෝකෙටම කියා දුන්නාට !!!
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දයාබර සොයුරියනි,
    නුඹලාට සදාකල්
    යෝධ බල යෝධ ශක්තියම
    ලැබේවායි පතමි !
    ස්තුතියි නුඹලාට
    කළ නොහැකි දෙයක් නැතිවග
    ලෝකෙටම කියා දුන්නාට !!!

    11.gif

    11.gif
    11.gif

     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Owa dammata wadak ne..kellek heluwen inna pic ekak dapan..ethkota thamai thread eka negala ynne
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    දයාබර සොයුරියනි,
    නුඹලාට සදාකල්
    යෝධ බල යෝධ ශක්තියම
    ලැබේවායි පතමි !
    ස්තුතියි නුඹලාට
    කළ නොහැකි දෙයක් නැතිවග
    ලෝකෙටම කියා දුන්නාට !!!

    :yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වැඩේ පටන් ගත්ත හේතුව පවුද්ගලික උනත් කරල තියෙන පොදු වැඩෙන් ලැබෙන කුසලය නම් මහත් පල මහානිසංසයි. ඔබලා මේක කියවනවා නම් පාලම මතක් වෙන වාරයක් පාසා සිතට දැනෙන සතුටු සිතුවිල්ල නිවනටම උපනිශ්‍රය වේවා කියල ප්‍රාර්ථනා කරන්න. වරදින්නෙ නැහැ.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පියසේන ගමගේට තිබුන්නෙ නැත්ද මේක හදලාදෙන්න තවලම හන්දියෙ ෆිලින්ග් ස්ටේෂන් එක හදපු සල්ලිවලින්.....
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රජයෙන් මෙිවා කරන්නෙ නැත්තමි ප්‍රයිවටි හරි,මිනිස්සු හරි ගැනු හරි එකතු වෙලා හරි මෙිවා හදන එක හොදයි.
    අන්ඩුව කරනකං බලං ඉන්නද.
    ගමට කැකිරි කොළඹ කිරි.කොළඔටම විතරයි කරන්නෙ.
    මෙි රට අන්ඩුවෙන් පාලකයින්ගෙන් එදා ඉදලම අද වෙනකං පොඩි මිනිහට කුඩමිමාගෙ සැලකිලි.
    මෙික ඇත්තටම ලෝකෙටම හොද ආර්ශයක්.

    :yes::yes:
     
    Last edited: