ධර්ම යුද්ධය

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන්ලා මම අද බලලා අවේ: සිර ෆිල්ම් එකක්. මේකට සමහර විට විවේචන එයි. සමාජයට වැරදි ආදර්ශ දෙනවා වගේ මගුලක්, අපෙත් ඉතින් බෞද්ධ ගෝත්‍රික කට්ටියකුයි, සංස්කෘතික අයියල ටිකකුයි ඉන්නවනේ. කොහොම හරි සමාජයට කියන්න ඕනේ පණිවිඩ කීපයක් ප්‍රේක්ෂකයා කුතුහලයට පත්කරන කතාවක් හරහා කියල තියනවා.
    මම වැඩිය පොස්ට් දාන කෙනෙක් නෙමෙයි, එත් මේ මතකලෙකදී අපු, ෆිල්ම් එක එවර වෙලා තවත් කතා කරන්න දෙයක් ඉතුරු කරපු චිත්‍රපටියක්. චිකාගෝ ගේමක්. එහෙනම් මේ මම දැකපු ධර්ම යුද්ධය.

    220px-Dharmayuddhaya_sinhala_film.jpg

    මම දන්නේ නෑ මෙහෙම අදහස් දාන එක ලංකාවේ නිතිය අනුව කොහොමද කියල.
    මුලින් කියන්න ඕනේ casting එල. ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, තිසුරු යුවනිකා, තව ළමා නිලියක්. මේක පවුලේ චිත්‍රපටියක්; එත් සුරිය අරණ වගේ ළමා එකක් නෙමෙයි. මේ චිත්‍රපටියෙන් කතිකාවක් ඇතිකරන්න පැති ගොඩක් තියනවා. මුලින්ම මේ නම, "ධර්මයුද්ධය" පාවිච්චි කරපු එක. තනිකරම මට හිතෙන්නේ සෙනග අදාල ගන්න විශයෙන්ම සිංහල බෞද්ධ අයව. මොකද ඔය නම දැකපු ගමන් හිතන දේම නෙමෙයි ෆිල්ම් එකේ කතාව. සිද්දිය මෙහෙමයි,
    හරිස්චන්ද්‍ර මහත්තයා (ජැක්සන්), කතාව පටන් ගන්නේ ඔහුගේ පසුබිම ප්‍රේක්ෂකයාට කියල. පියා කුඩා කාලේදී මැරෙනවා, මවත් ඔහුට වයස 4 දී මිය යනවා. පාසල් කාලයත් 4 වසරට පමණක් සිමාවෙන හරිස්චන්ද්‍ර මහත්තයා ඊටපස්සේ ජිවිතේ ගැට ගහන්න සමාජයත් එක්ක හැප්පෙනවා. නෑදෑයෙක්, භාරකරුවෙක් නැති මොහු ජිවිතේ අරමුණු හොයනවා. ජිවත් වෙන්න සල්ලි හොයන්න මුලින් කරන්නේ හෝටල් වල පිගන් හෝදන එක. ඒ චරිතයේ ළමා අවදිය ගැන වැඩිය කියන්නේ නෑ. එක ප්‍රේක්ෂකයාට භාර කරනවා. කොහොමත් නිකන් හිතන්න එහෙම දරුවෙක් කොහොම කට්ටක් කන්න ඇද්ද. හැබැයි ඔහු ෆිල්ම් බලන්න පෙරේත වෙනවා. ඔහුගේ තමුන්ගේ ගුරුවරයා කරගන්නවා ඒ බලන චිත්‍රපටි. ඒ වයින් තමා ඒගෙන ගන්නේ. ඒ දැනුමත් සමාජයෙන් කටු කාල ඒ අත්දැකීම් වලිනුත් ඔහු දේපල වෙළදාම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. කාලයත් සමග ටිකෙන් ටික දියුණු වෙලා මොහු ඒ පළාතේ වැදගත් පවුලකින් විවාහයක් කරගෙන ළමුන් දෙදෙනෙකුගේ තාත්තෙක් වෙනවා. දුවල දෙන්නෙක්. කොච්චර වැඩ තිබ්බත්, සැමියා බිරිද(දිල්හානි ඒකනායක) කියන බැඳීමත් fresh ව තියාගන්නවා. අරමුණක්, බලාපොරොත්තු නැතිව හිටපු හරිස්චන්ද්‍ර ට එකම සම්පත වෙන්නේ තමුන්ගේ පවුල, අරමුණ වෙන්නේ කොහොම හරි ඒ පවුල රැකීම. සමාජයේ ප්‍රශ්වලින් පීඩිතව වැදුණු නිසාද කොහෙද ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නයේ ලත වෙන්නේ නැතුව වර්තමානයට අදාල පිළිතුර සෙවීම ඔහුගේ අපිටත් කියල දෙන ගුණාංගයක්.

    මුලටික බලනකොට නිකන් හිතෙන්නේ ලංකාවේ ගොත්‍රිකයෝන්ට ජීවත් වෙන හැටි කියන බණක් කියනව කියල. හරි ඉක්මනට ඒ සිද්ධීන් කියාගෙන කියාගෙන යනවා. ඇත්තටම බලන කොට මුල ටිකේ එපා වෙන හැඟීමක් ආවට එකපාරට වෙනමම දිශාවකට කතාව ආනති වෙනවා. ඒ වෙන්නේ තමුන්ගේ ලොකු දුව ( තිසුරි යුවනිකා) ට වෙන සිද්ධියක් එක්ක. ඒක අද කාලෙට ගැලපෙන දෙයක්, ඉස්කෝලේ තමුන්ගේ ඉගෙන ගන්න විෂයට අදාලව Field Trip එකක් යනවා, ට්‍රිප් කිව්වට එක දවස් දෙකක අධ්‍යනය චාරිකාවක් වගේ. වෙනත් පාසල් වල කෙල්ලෝ වගේම කොල්ලොත් එනවා. ඔතනට එනවා ඒ පළාතේ ප්‍රාදේශීය මන්ත්‍රීවරියක් වෙන හෝ එවැනි චරිතයක් හොබවන කාන්තාවකගේ (කුසුම් රේණු) පුතෙක්(අදකාලේ එකෙක් නම දන්නේ නෑ). ඔහු ටිකක් සෙල්ලක් කාරයෙක්, ඒ කදවුරේ හිටපු කෙල්ලොන්ගේ පින්තුර ගන්නවා අවසරයෙකින් තොරව. ඒ බව පසුව ඒ ශිෂ්‍යාවන් විසින් කදවුර භාර කරුට පැමිණිලි කරත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා කියන්නේ නෑ ෆිල්ම් එකේ කොහෙදිවත්. කරුමයකට දවසක් අර හරිචන්ද්‍ර ගේ දුව ඒහි නානකමරයක ඇදුම් ගලවන දර්ශනයක් අර කොල්ල වීඩියෝ කරනවා. ඊටපසුව චාරිකාව ගිහින් ආවට පස්සේ වෙනත් දවසක ඒ වීඩියෝ එක පෙන්නලා online දානවා කියලා බය කරලා ලිංගික ඉල්ලීම් කරනවා. ඔහුගේ කීමට බයට ඒ දුව එක්තරා පාලු තැනක store room එකකට එනවා. එතෙන්දි බලහත් කාරකමක් කරන්න යනකොට ඇයගේ මව පැමිණීමෙන් පසු දෙදෙනාවම බය කරලා ඒ වීඩියෝ එක මුදා හරින බවට තර්ජනය කරනවා. එතකොට අර තිරිසනාට ඒ අම්මා වැඳලා කියනවා ඒ වැඩේ නොකර ලෙස එහෙත් එවිට ඔහු කියන්නේ දුවගෙන් බැරිනම් අම්මගෙන් ඕනේ වගේ කතාවක් දානවා. ඒ තෙනදී දුව එල්ල කරපු පොලු පහරකින් ඔහු මැරෙනවා. කතාව පටන් ගන්නේ ඔතනින්. එතන ඉදන් ඒ අම්මයි දුවයි මිනිය වලලනවා ගෙවත්තේම, එක පොඩි දුවත් බලන්න ඉන්නවා. පසුවද නිවසට පැමිණි පසු එක විස්තරය තම ස්වාමියට (හරිස්චන්ද්‍ර මහත්තයට) කියනවා. එතන ඉදන් ඔහු හදන්නේ මේක නොවුනා ලෙස නිතිය ඉදිරියේ දැනෙන විදිහේ සාක්ෂි හදාගන්න.

    කලින් කියන්න අමතක උනා. ඔහු ෆිල්ම් වලින් ඉගෙන ගත්ත කෙනෙක්, එනිසා සමහර ප්‍රශ්න අවස්ථා වලදී ඔහුට එක එක ෆිල්ම් වල ඒ වගේ අවස්ථාවල සිදුවුණා සිදුවීම් ගැන flashbacks වෙනවා. ඊට පස්සේ ඒ විදිහට ඒ අදාල දෙයට පිළිතුරු හොයනවා. අනිත් එක ඔහු ගමටම උදව් කරගෙන හොද හිත දිනාගෙන, කාගේත් ආදරය කරුනාව විතරක් නෙමෙයි ගෞරවය දිනා ගෙන හිටපු කෙනෙක්. ඒ නිසා හැමෝගෙම සැලකිල්ල උදව් ලැබෙනවා. හොදයි කියන සම්මත කාර්ඩ් එකක් තියාගෙන ඉන්න මනුස්සයෙන්. තව චරිතයක් ඉන්නවා ඒ කතාවේ ඔහු පොලිස් නිලධාරියෙක්. විමල් (කුමාර තිරිමදුර) කියල. කඩ වලින් නිකන් කන, අසාධාරණ විදිහට වැඩකරන, ඔහුගේ වසම ඔහුගේ වැයික්කිය කරගෙන ජිවත් වෙනකෙනෙක්. ඒ ෆිල්ම් එකේ නම් එහෙම පොලිසියේ නිලධාරියෙක් ට ඉන්නේ එක්කෙනයි. හැබැයි අපේ සැබෑ ලංකා පොලිසියේ එහෙම අය තමා වැඩිම. කොහොම හරි අසාධාරණයට අකමැති හරිචන්ද්‍ර මහත්තයයි, පොලිස් විමල් ගෙයි සිතල යුද්ධයක් යනවා.

    දැන් නැවත කතාවට එමු. ඊට පස්සේ මුලුකතවම යන්නේ පවුලක් විදිහට අර සියලුම දෙනා ඒ ඔහුන් අතින් සිදුවූ මිනීමැරුම සඟ වීමට කරන උත්සාහය ගැන. ඔහුගේ සිරුර සඟ වීමට, ඒ කොල්ල අපු කාරය සැඟවීමට කරන තැත්කිරීම ගැන. අන්තිමේදී ඔවුන් ජය ගන්නවා. නඩුවක් අඩුවෙන්නෙත් නෑ, මිනියක් හමුවෙන්නෙත් නෑ. විමල් ව දුරයෙන් පහ කරනවා. අර කොල්ලගේ බලපුළුවන්කාර අම්මවත් පක්ෂයෙන් නෙරපනවා. මොකද සමහර අවස්ථාවල අයුතු විදිහට මුළු පවුලේ අයටම ගහල ඇත්ත දැනගන්න හදනවා. එත් පවුලක් විදිහට එකට ඉන්නවා කට්ටියම. පොඩි දුව පවා.
    මම එච්චරයි කියන්නේ ගිහින් බලන්නේ 6.30 ශෝව් එකවත්, වටිනවා.

    දැන් මට දැනිච්ච විදිහ මේ. මම හිටපු හෝල් එකේ අයත් නැගිටලා යනකොට වැරදි ආදර්ශයක් ද දෙන්නේ වගේ කතා කරනවා ඇහුනා. මිනීමැරුමක් කරලා නිකන් ඉන්න. එත් එතන තියෙන්නේ වෙනම දෙයක්. මම නම් කියන්නේ දැන් ඔය ඉතිහාස කතා, සමාජයට ආදර්ශයක් වෙන කතා කිව්වා ඇති. යථාර්තය ගැන කියන චිත්‍රපටි හදන්න ඕනේ. මේවගේ ඒවා.

    මෙතන මුලින් අර කොල්ල වීඩියෝ කරපු එක කෙල්ලට පෙන්නලා බය කරනකොට මට වගේම ගොඩක් පිරිමින්ට උ ගැන පට්ට තරහක් එන්න ඇත්තේ. ඒ සිද්දියේදී අර ලොකු දුව මුනේ ඉරියව් වලින් පවා, තේරුනේ අසරණ වීම ඒ අවස්ථාවේදී. බඩුවක් යෑ, ගමේ ළමිස්සියක්. එයාගේ කටින් අවේ අනේ එපා කියන අසරණ වචනය. ඒ වෙලාවේ ඉදන්ම මට ඕනේ උනේ ඒ කොල්ලව මරන්න. එත් අන්තිමට ඇයම ඔහුව මරනවා, එකත් හිතල නෙමෙයි. ඒ කොල්ල අම්මගෙන් ලිංගික අල්ලස් ඉන්නකොට අතේ තිබ්බ phone එකට ගහපු පාර වැදෙන්නේ ඔලුවට. එක නිකන් මට හිතුනේ ඔහුට දෛවයෙන් කරපු ඉරණමක් වාගේ. මොකද එක ලේ බිඳක් නෑ. සමහර විට මොලේ නහරයක් පුපුරන්න ඇති. කතාව හැදෙන්නෙත් එහෙමයි. මටනම් හිත කිව්වේ හොද වැඩේ කියල. එත් ඊට පස්සේ කුතුහලයක් සමඟ බියක් එනවා ඒ මරණය සඟවන්න දරන ප්‍රයත්න දිහා බැලුවාම. Cinematography නම් Hollywood ෆිල්ම්ස් ගානටම තියනවා. කොහොම හරි අර Mafia games, God Father ෆිල්ම්ස් වල වගේ Crime එකක් සඟවන්න දරන උත්සාහය ගැන කියන්නේ. පවුලක් විදිහට එකතු උනොත් ඕන දෙයක් පුළුවන්.

    ඔතනදි එක ප්‍රශ්නයක් එනවා. අර කොල්ලව මරපු එක සාධාරණද කියල නිකන් හිතන්න. ඒ කොල්ලට අවශ්‍ය ලිංගික දේවල් ඒ දුව දෙන්න ගියොත් එතැනින් නවතින්නේ නෑ. ඒ නිසා එක් තැනකදී දුව තමුන්ගේ ජිවිතේ නැති කරගනියි. ඊටපස්සේ ඒ දුකට එයාගේ අම්ම, පොඩි දුව. ඒ ගොල්ලන්ට මොනවා හරි උනොත් අර පවුල තමුන්ගේ ජිවිතේ බලාපොරොත්තුව වෙච්ච තාත්තා. පවුලම මැරෙනවා. ඒ නිසා ඒ ලොකු දුව ගත්ත තීරණය මාරයා ඉදිරියේ ඔහුට අභියෝග කිරීමක් වගේ.

    තව Scene එකක ඒ කොල්ල ආපු කාර් එක. හරිචන්ද්‍ර මහත්තය සඟවන්න යන්න හදනකොට ඒ අසල ගෙදරකට අපු විමල් පොලිස් කාරයා(එපා කරපු එකා) ඔහුව දකිනවා. එත් හරිස්චන්ද්‍ර ඔහුව දකින්නේ නෑ. ඔහු විතරයි ඇසින් දුටු සක්ෂියකට තියෙන්නේ. ලස්සන වැඩේ එක ඔහු පොලිසියට කිව්වත්, පොලිසියේ අය මෙන්ම ගමේ අය පවා හරිචන්ද්‍ර මහත්තයා සමඟ කෝන්තර පිරිමහනවා කියා ඔහුව පිළිගන්නේ නෑ. හරිස්චන්ද්‍ර මහත්තයා මම පෙර කියපු විදිහට ගමේ හොද නමක් තියන කෙනෙක්. මේකෙන් එක දෙයක් ගන්න තියනවා. කොච්චර හොද කෙනෙක් එක වැරද්දක් කරත් එක බහුතරය පිලිගන්නේ නෑ; ඒවගේම, වැරදි කරන කෙනෙක් කියන කරන හොඳ දෙයද පිළිගන්නේ නෑ. කොටි අවො කතාව වගේ තමා.

    මට ෆිල්ම් එක බලනකොට හිතුනේ ඕනෙම ප්‍රශ්නකට මුහුණදෙන්න ඉවසීම, එකමුතුබව, සැලසුමක් හා දෙවෙනි සැලසුමක්, බුද්ධියක් තිබීම අත්‍යවශ්‍ය බවයි. ෆිල්ම් වලින් මම ඉගෙන ගත්තේ කියන හරිචන්ද්‍ර මහත්තයා ඔහුගේ කතාවෙන් අපිට උගන්වනවා. හරියට අර The Equalizer, Denzel Washington ඉන්න ෆිල්ම් එකෙන් කියවෙන දේට වෙනස්ම කතාවක් නේ පාවිච්චි කරේ අවශ්‍ය දේ කියන්න ඒවගේ මේකත්.

    තවද මේ චිත්‍රපටියේ එක තැනක බුද්ධිය හා උගත්කම කියන දෙක පැති දෙකකට අරන් ප්‍රෂ්න කරනවා. අර බලපුළුවන්කාර කොල්ලගේ උගත් නීතිඥ අම්මා, ඉහල පැලන්ති බලතල පාවිච්චි කරලා
    අවනිතියෙන් පොලිසිය ඉවත් කරලා මැරයෝ දාල පවුලේ අයට ගහල ඇත්ත දැනගන්න හදනකොට , ඉස්කෝලේ නොගිය අර පුංචි යෝධයා බුද්ධිය පාවිච්චි කරලා දිනනවා. ඇත්තටම මෙතන සමාජ ආශ්‍රයෙන්, සමජානුයෝජනයෙන්, පොතේ පතේ දැනුමට වැඩ ගොඩක් දේවල් රැස් කරන්න පුළුවන් කියන එක ඒත්තු ගන්වනවා.

    කතාව අන්තිමට හරි ලස්සන සීන් එකකට ගේනවා. බලයෙන් පහකරපු, පක්ෂයෙන් නෙරපපු ඒ කොල්ලගේ අම්මා වහනයක් එවනවා අර හරිස්චන්ද්‍ර මහත්තය එක්ක කතාකරන්න එක්කන් යන්න. එතෙන්දි පාලු තැනක හරිස්චන්ද්‍රත්, අර අම්මත් ඒ ගේ මහත්තයත් මුණගැහෙනවා. මෙතෙන්දී මට හිතුනේ මේ දෙගොල්ලෝ මුනට මුණ බලන්නේ එකම පන්තියක ඉදල, අර පෙර බලපුළුවන්කාර උන ඒ ජෝඩුව අද මේ පොඩි මිනිහ ගානට වැටිලා. එතෙන්දි තේරෙන්නේ ඔය ලොකුයි කියල හිතාගෙන ඉන්න අය වටෙන්නම ඕනේ මහා පොලොව ගැන දැනගන්න. මුනට මුණ බලන්න ඉන්නේ දෙන්නම දරුවන් සිටින අය. එතෙන්දී හරිස්චන්ද්‍ර වටෙන් හෙළිකරනවා මම අපේ පවුල රැකගන්න ඕන දෙයක් කරනවා කියන එක. එත් එකට දෙයක් කියන්න කරන්න අර කොල්ලගේ දෙමව්පියන්ට බෑ එච්චර බලයක් දැන් ඔවුන්ට නෑ. ඔවුනුත් දැන් ඉන්නේ අර මනුස්සයාගේ පැලැන්තියේ, පොඩි මිනිහගේ පැලැන්තියේ. (මේ වෙනකොට ඒ අම්ම අර කොල්ල කරපු වැඩ ගැන දැනගෙන, එත් කොල්ල තාම මිසින් කියල යන්නේ). බලයෙන් ධනයෙන් ඉදිමුනාට, ඒ රැස් වලට, දහදියෙන් මනසින් ගොඩනැගුනු මිනිහව වට්ටන්න බෑ කියන අදහස දෙනවා. ජිවත් වෙන්න ඕනේ උගත්කම හෙවත් ඉගෙන ගත කම නෙමෙයි බුද්ධිය.
    ගිහින් බලන්න ඇත්තටම, මේක කොහෙන් හරි out වෙයි එත් ගිහින් බලන්න, එච්චර interesting කතාව. මේ මගේ අදහස් ඉතින්.


     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    ඕක StarGold channel එකේ පට්ට ගහපු ෆිල්ම් එකක්, Drishyam , අජෙය් දේව්ගන් ඉන්නවා , DTV , peoTV තියෙන අය බලල ඇති .
    "ධර්ම යුද්ධය" ඕක කොපියක් නොවී අලුත්ම ස්ටොරියක් උනා නම් කොචර හොද ද ?
    මට පුදුමේ ජැක්සොන් ඇන්තනි කොපියක් බව දැන දැන මේකේ ඉන්න එක ගැන , දැන සිනමාවට මක් වෙලා ද ?


    http://www.elakiri.com/forum/showthread.php?t=1807102

    19983937_10213075553474115_8109278707799385452_o.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    රෝසි ආච්චි;22051394 said:
    Drishyam eke amu copyak ban oka :lol:

    :lol: රටක සිනමාව ට ගිය කල , නව නිර්මාණ කරන්නේ නැතුව , කොප්ප ගහනවා :(
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට නම් ඕක බලද්දී ආගමක් වත් ජාතියක්වත් මතක් උන‍ෙ නෑ,මට පේන්නේ උඹත් itn එක වගේ මොකක් හරි කතාවක කොටසක් අල්ලලා සංහිඳියාව කිය කිය ජාතිවාදය වපුරනවා.ඒ උඹේ හිතේ තියෙන දෙයක් machan උඹ ඒ දෘෂ්ටියෙන් බැලුවම ඕනම දෙයක් පේන්නේ ඒ විදියට.මම ඔය film එකේ අනික් ඒවත් බලලා තියෙනවා මට හිතන්නේ ධර්ම යුද්ධය කියන එක අපේ රටට ගැලපෙන විදියට remake කරලා තියෙන බව.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකේ හින්දි එක බැලුවා, ඒකේ තියෙන්නේ හෙණ මිනිමැරුමක්නේ බන්. එක වැරැද්දක් වහන්න තව වැරැද්දක් කරලා ඒක සාධාරණීය කරන්න හදන සීන් එකක් තියෙන්නේ.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    අෆ්ෆට Drishyam නෙහ්... :lol:
    remake 10,12 ම තියෙන ෆිල්ම් එකක්නෙ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama oke mulinma baluwe malayalam.
    eeta passe tamil eka baluwa pappanasam da mokadada kiyala..
    eelagata baluwa hindi eka.
    saturaday baluwa sinhala eka.

    Thanikara copy ekak tamai.
    eth jacksonge acting hodai.
    paule samata kiwwata mul hariye lamai ekka balanakota nam aul wena debas ehema tiyenawa seen yanna wage hadanawa.
    a nisa lamai ekka balanna nam hodai kiyanna ba mul tike..
    lamai ekka apu kattiya ehema seen yanakota sadda na.
    eth samahara hina yanne nathi ewata lamai ekka bada allagena hina wenawa..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oka balanna yaddi ranjage film eke trailer eka damma..
    munna bhai MBBS eke copy ekak.
    patta chora..
    :lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    malayalam එක බලපන්...ඒක තමයි ඔරිජිනල් එක
    නැහැ බන් ඒකත් ගහල තියෙන්නෙ ජපන් එකකින් 2008 ගහපු.
    ස්ටෝරිය කොපියක් උනාට ජැකා කාලෙකට පස්සෙ උපරිමයෙන් වැඩ කරල තියෙනව බලන්න ඕනි නන් ෆිල්ම් එක බලපන්.