තොපි සේරම යක්කු...යකින්නියො... බොලව්...
"මිනිහ යකෙක් වගේනෙ වැඩ කරන්නෙ.."
"උඹ මාර යකෙක්නෙ...?
"යක්ස වැඩක්නෙ......"
"මොන යකා ආවත් මං බය නෑ.."
මේ වගේ වැකි නිතරම අපේ කන් වල වැකෙනව...
"යක්කු" කිවුවට අපේ බොහෝ දෙනා හිතාන ඉන්නෙ, හෙන දිග දත් තියෙන,, කොන්ඩෙ වවාගත්තු, විරූපී, තඩි ඇස් තියෙන ඩයල් කියාල...
පුංචි කතාවක් කියන්නම්.. ඔයාලත් දන්නව.. සමහරවිට දන්නෙ නැති අයත් ඇතිනෙ..
ඉන්දියාවෙන් හත් සියයක් සෙනග එක්කල පිටුවහල් කරපු "විජය" මුලින් ම ලංකාව කියන පින් භූමියට අඩිය තියෙනකොට, කුවේණි කියන යක්ෂ ගෝත්‍රික කාන්තාව මුණ ගැහුණලු.. පස්සෙ අර යක්ෂ ගෝත්‍රික කුවේණිගෙ උදවුවෙන් මේ රටේ රජකම ගත්තලු..
හ්ම්ම්... කතාව ඉවරයි...
එ'ත්, අපිට මේ කතාවෙන් තේරුම් ගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් තියෙනව..
විජය මේ රටට එනකොට කුවේණි හිටියෙ කපු කටිමින්... එ' කියන්නෙ එතකොටත් මේ රටේ මිනිස්සු "ඇඳුම් අඳින්න දන්න" ශිෂ්ඨ ජාතියක්... රජෙක් හිටිය...
මතක තියාගන්න,,, එ' කාලෙ මේ රටේ යක්ෂ සහ නාග කියල ගෝත්‍ර දෙකක් උන්නා... නාග වෙච්ච පමනින් එ' ගෝත්‍රයේ මිනිස්සුන්ට පෙනයක් තිබුණෙත් නෑ.. යක්ෂ වෙච්ච පමනින් එ' මිනිස්සුන්ට "කෙකි වගේ දිග දත් දෙකක්" තිබ්බෙත් නෑ..
හිදෙක් ම "යක්ෂ" යනු කුවේණියගෙ ගෝත්‍රය විතරයි..
එසේනම්, මේ පින් බිමේ මුල් පදිංචිකරුවන් වන කුවේණිය ගේ ගෝත්‍රයත් යක්ෂ නම්, එම පරම්පරාවෙන් පැවතෙනා අපි යක්ෂ ගෝත්‍රයේ මෑත කාලීන පුරුක් නොවෙමු ද? සිංහලෙන්ම කිවුවොත්, යක්කු කියන්නේ සිංහලයෝ ය..
"මිනිහ යකෙක් වගේනෙ වැඩ කරන්නෙ.." කියල කිවුවෙ සිංහල මිනිස්සුන්ට හොඳට මහන්සි වෙලා වැඩ කරනන් පුළුවං නිසා..
හිතල බලන්න... එවැනි "යක්ෂ වැකි" අනාදිමත් කාලෙක ඉඳල තාමත් අපි අතරම නොනැසී පවතින්නෙ ජාතිය, ආගම කෙසේ වෙතත් අපෙ ඇඟේ තියෙන "යක්ෂ ගතිය" නිසා..
එ' නිසා, ආයෙමත් තමන්ට කවුරු හරි "යකෙක්" / "යකෝ" කිවුව කියල අහිතක් හිතන්ඩ එපා ඔන්න.. එ' ජන්ම ගතියටම කියවෙන වචන..
කරුණු කාරණා එහෙම නම්, අර දැන් ඉන්න "හෙන පත නයි අරින" කට්ටිය නාග ගෝත්‍රිකයො කියාල කිවුවත් කමක් නැහැ නේද හා? එ'ත් උනුත් සිංහල ම තමයි යකුනේ, යකින්නියනේ..
"මොකද යකො ? " කිවුව කියා..
මොකද අනේ තරහ වෙලා..
යක්ෂ ගෝත්‍රයේ නිසා..
සිංහලයෝ යක්කු වුනා..
- චන්න ඊ. කටුවාවලගේ
Last edited:




