යක්ෂ පැටව් - 01

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    01.Willie Bosket

    s77QePa.jpg


    අමෙරිකාවේ Harlem හි උපත ලද මොහු ,පොඩි කාලයේ සිටම තමා ත් තම පියා මෙන් මිනීමරුවෙකු වෙන බවට ප්‍රකාශ කර තිබුනා .....1978 මාර්තු මස 19 වන දින, එවකට 15වියැති Willie Bosket පුද්ගලයන් තිදෙනෙකු තබනු ලබනවා ....

    S3tab33.jpg


    එහිදී අත්අඩංගුවට පත් වන මොහු , ව ර ද පිලිගන්නා අතර මොහු ව වසර 5කට Goshen Youth Facility( අඩු වයස නිසා ) වෙත යොමු කරනු ලබනවා .....දඩුවම නියමවී වසර 2ක් තුල එම ස්ථානයෙන් පලා යන මොහුව පැය 2ක් තුල නැවත කොටු කර ගැනීමට බලධාරීන් සමත් වෙනවා.... ඉන්පසුව මොහුව වැඩිහිටි පුද්ගලයෙකු සේ සලක නීතිය ක්‍රියාත්මක කරන අතර වසර 4ක් සදහා සිරගත කරනු ලබනවා.....

    jdLWDbN.jpg


    1983දී නිදහස ලබන මොහු මාස 3කට පමණ පසු තව පුද්ගලයෙකුට පහර දී , ඔහුව කොල්ලකනු ලබනවා....නැවතත් තම නඩු දිනය පටන් ගන්න තෙක් බලා සිටින මොහු උසාවි නිලදාරීන් කිහිප දෙනෙකුට පහර දෙනු ලබන අතර වසර 7ක් දක්වා හිරේට නියම වෙනවා...

    2aQKAtS.jpg



    හිරේදීම තම අවසානය ලග වේ යයි සිතූ මොහු එහි ආරක්ෂකයින්ට පහරදී සහ ගිනි තැබීමක්ද සිදු කරනු ලබනවා.. .. නැවතත් ක්‍රියාත්මක වන මොහු ආරක්ෂකයෙකුට පිහියකින් අනින අතර තව කෙකුට දම්වැලකින් පහර දෙනු ලබනවා .... මෙම සියළුව වැරදි සදහා 75වසරකින් දඩුවම දීර්ඝ වෙන අතර මොහුව Woodbourne හි පිහිටි solitary confinement එකක සිරගත කරනු ලබනවා...
    YOwiNSH.jpg

    එසේ දැඩි රැකවල් යටතේ සිරගත් කරන මොහුව ආරක්‍ෂිත කැමරා 4ක් මගින් දවස මුළුල්ලේ නිරීක්ෂනය කරන අතර දවසට පැයක් පමණක් පිටතට ගනු ලබනවා.. ...2062 වන විට මොහුට නිදහස ලබා ගත හැකි අතර එවිට ඔහු ගේ වයස අවුරුදු සියයක් වේ ...
    බන්දනාගාර පද්ධතිය විසින් තමාව තිරිසෙනෙකු බවට පත් කලා යැයි සිතු මොහු ඊට විරුද්දව සටන් ප්‍රකාශ කල අතර 1985 සහ 1994 අතර කාලය තුල 250කට අධික වැරදි ප්‍රමාණයක් සිදු කොට තිබෙනවා...1994 පසුව අද දක්වා ඔහු සාමකාමී සිරකරුවෙකු ලෙස තම දඩුවම වෙනුවෙන් හිරබත් කන අතර සාමාන්‍ය සිරකරුවන් සමග සිටීමට අහුට අවස්ථාවක් ලැබෙනුයේ වසර 2046.දිය....1995දී New York වාර්තාකරුවෙකු වන "Fox Butterfield" විසින් මොහු පිළිබද ග්‍රන්ථයක්ද(All God's Children: The Bosket Family and the American Tradition of Violence) රචනා කරන ලදී .....

    9EM0DXo.jpg


    02.Josh Phillips

    kzKUHP5.jpg

    Joshua Earl Patrick "Josh" Phillips ලෙස 1984 මාර්තු මස 17වන දින අමෙරිචාවේ Jacksonville හි මොහු උපත ලබනවා...14වන වියේදී සිරගත කරනු ලබන්නේ , අවුරුදු 8ක් වයසැති තම අසල්වාසී Maddie Clifton 1998 නොවෙම්බෙර් මස ඝාතනය කිරීම නිසාවෙනි ...

    msKWbhK.jpg


    මොහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යොමු වන අතර
    මෙම සිදුවීම අලලා වාර්තාමය චිත්‍රපටයක්ද(Why did Josh Kill?) නිපදවා ඇත ..
    1998 නොවෙම්බෙර් 3වන දින Maddie Clifton අතුරුදහන් වන අතර
    පළමු සැකකරු වශයෙන් ලිංගික චෝදනාවන් වලට වැරදිකරු වූ Larry Grisham නමැත්ත අත්අඩංගුවට පත් වෙනවා...නමුත් ඔහුව යොමු කල "lie detector" පරීක්ෂණයෙන් අසමත් වන මුත් තම මෙම අතුරුදහන් වීම සිදු වන විට සිටි ස්ථානය පිළිබද සාක්ෂි තිබීම හේතුවෙන් නිදහස ලබනවා..


    QHsP5Il.jpg


    පොලිසිය පසුව Maddie Clifton සෙවීම අත්හැර දමන මුත් අසල්වාසීන් සහ 400 පමණ වූ ස්වච්චා පුද්ගලයන් විසින් සෙවීමේ කටයුතු දිගටම කර ගෙන යනු ලබනවා...
    තොරතුරක් ලබා දෙන්නෙකු හට ඩොලර් 50,000 ක් ලබා දෙන බවට ප්‍රකාශ කරන අතර පසුව එය ඩොලර් 100,000 දක්වා වැඩි කරනු ලබනවා..Josh Phillipsද ස්වච්චාවෙන් මෙම සෙවීමේ කටයුතු වලට සම්බන්ද වෙනවා...


    සතියකට පසු Joshගේ මව වන Melissa, Joshගේ කාමරය පරිසිදු කිරීම සදහා ඇතුළුවන අතර
    එහිදී ඇයට ඔහුගේ waterbed එකෙන් ජලය කාන්ඳු වීමක් දක්නට ලැබෙනවා...
    ඒ පිළිබදව විමසිලිමත්වීමේදී Maddie ගේ සිරුර එය තුල සගවා ඇති බව දුටු ඇය පොලිස් සහය .පතනවා..


    Br3xe5G.jpg


    එම දිනයේදීම Josh Phillips තම පාසලේදී අත්අඩංගුවට ගනු ලැබෙනවා..
    Josh Phillips සිද්ධිය මෙසේ විස්තර කරනු ලබනවා..:
    සිද්දිය උනු දින ඔහු නිවසේ තනියම සිටි බවත් ,හවස වන විට Maddie පැමිණ ඔහුට baseball ගැසීමට කතා කල බවත් සෙල්ලම් කිරීමේදී තම එල්ල කල පහරක් හේතුවෙන් බෝලය ගොස් ඇයගේ ඇසේ අධික රුදීර වහනයක් පටන් ගත් බව කියා තිබුණු අතර එයින් බියට පත් ඔහු Maddieව තම කාමරය තුලට ගෙන ගොස් දුරකතන වයරයෙන් ,මිනිත්තු 15ක් පමණ කාලයක් ගෙල සිර කිරීමට උත්සහ දරා තිබෙනවා..ඉන් පසුව baseball පිත්තෙන් පහරක් එල්ල කරන අතර 11 වාරයක් පිහියෙන් අනින ලද බවද තම කට උත්තරය දෙමින් පවසා සිටියා ..
    මරණ පරීක්ෂන්යේදී කිසිදු ලිංගික අතවරයක් සිදු වී තිබු බවට ඔප්පු නොවුනත් Maddieගේ ඉනෙන් පහල නිර්වස්ත්‍රව පැවතුනි.


    gVFADUt.jpg

    තම පියාට බයෙන් මෙම අපරාධය සිදු කල බවත් Maddie(තුවාල වූ අවස්ථාවේ) තම ගේ තුල සිටිනු පියා දුටුවහොත් තරහ යන බව සිතු බැවින් මෙය සිදු කල බවට ඔහු වැඩිදුරටත් පවසා තිබුනා . ...සිරගත වී සිටින අතර තුර Blackstone Career Institute වෙතින් අධ්‍යාපනය ලබන ( distance learning program) මොහු 2007දී උපාදියක්( Paralegal ) ලබා ගනු ලබනවා..
    VwjLKZM.jpg


    අද වන විට මොහු විසින් අභියාචනා ඉදිරිපත් කොට ඇති අතර 2017 ජුනි මස එය ඇසීමට නියමිත වේ ....
    keiflAA.jpg




    අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ...

    • BUMP එකක්
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපරාධකාරයන්ගෙ මානව හිමිකම් රැකීමේ විපාක :yes: පුලුවන් වුනාම රෙප් දෙන්නං :yes:
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF