යටටමොනවත්ඇදගන්නවකො
“හෙළුවෙන් නාන්න මට ලැජ්ජයි බං....”
“ඇයි උඹට තියෙන්නෙ අපිට තියෙනවට වඩා වෙනස් එකක්ද... ඇයි ඒක ඇදවෙලා නැවිලා අංග විකල වෙලාද... ?? මෙන්න මේ ඔය මගුල තෙමන්නෙ නැතුව ගලවල ඇවිත් නාපං... රෑට ගස් බඩගාන්න ඕක නැතුවද යන්න හදන්නෙ... ??”
“අනේ නෑ බං ඒ උනාට මට ලැජ්ජයි....ගෙදර බාත් රූම් එකේ උනත් මම නාන්නෙ අන්ඩවෙයාර් එක පිටින්...”
“නොදකින් තෝ.... බැදපු දවසට ගෑනිට කියපං මම මේක ගලවලම නෑ ඒක නිසා ලැජ්ජයි කියල... ”
“යකෝ මගේ පාටියවත් ඔච්චර ලැජ්ජ නෑ... ශූටින් ගියපු පලවෙනි දවසෙම ඕක ගලවවන්න ඔච්චර කියන්න උනේ නෑ ඒකිට.....”
මේ අපේ සෙට් එක එක්තරා කාල වකවානුවකදි රෑ අපේ එකෙක්ගෙම ගෙදර පිටිපස්සෙ නානගමන් හැමදාම වෙච්ච කතා බහේ සාරාංශය... ඒ දවස්වල ෆ්‍රිෆෙක්ට් ඩේ එකට වැඩ කරන කාලෙ... හවස ඉකෝලෙ ඇරුනයින් පස්සෙ තියෙන වැඩක් කරල එහෙම නැත්නම් ක්‍රිකට් ගහල...හවස් වෙනකොට අහල පහල ඉන්න එකෙක්ගෙ ගෙදරට සෙට් වෙනවා.... වැඩි හරියක් සෙට් වෙන්නෙ කෑදරලහට..... ස්කෝලෙ ඉදල කිලෝ මීටර් 3ක් විතර ඊට වඩා ලග උන්ගෙ ගෙවල් පහු කරගෙන කෑදරලහටම සෙට් වෙන්නෙ සතියෙ දවස් පහම උන්ගෙ ගෙදර වෙන කවුරුවත් නැති නිසාමයි... ඒක එතකොට අපේ රාජ්ජෙ... උයාගෙන කාල බැල්කනි එකේ හාන්සිවෙලා කට්ටියත් එක්ක කයියක් දාගෙන ගෝල්ඩ්ලිෆ් එකක් බොන්න කාගෙන්වත් තහනමක් තිබුනෙ නෑ...
ටයිල් පොලවෙ හාන්සිවෙලා ඉන්නකොට එන්නෙ මාරම ආතල් එකක්... ඊටත් වඩා ආතල් එක හපුගල කැම්පස් එකේ කෙල්ලො ඉන්න බෝඩිමක් පහලින් තිබුන එක.. මම හිතන විදියට කෙල්ලො දහයක්වත් ඉන්න ඇති ඒ බෝඩිමේ... උන් දහයම නෑවෙ ඒ බැල්කනිය පල්ලෙහා තිබුන ලිදෙන්.....
උදේ ඉදං හිරකරං ඇදං ඉදපුව වැලට දාල ගලවල නාල කාල ඉන්න වෙලාව.... ඉතිං ටයිල් පොලවෙ හාන්සිවෙලා ඉන්න හෝ නැගිටලා ඉන්න තහනමක් ඇත්තෙම නෑ... කොල්ලො ටික විතරයි....
පිටින් එන කෙනෙක්ට ඒ වෙලාවෙ ගෙදර ඉන්න කොල්ලො ගාන සෙවීමෙ සූත්‍රය තමයි
n +1
n = වැලේ සිටින ජොක්කු ගාන...
තංගෙයි කවදාවත් ජොකා ගලවන්නෙ නැති නිසා එකක එකතු කරන්න ඕනෙ...
ආයෙත් අට අටහ මාර වෙනකොට පාසලට වාර්තා කරන්න ඕනෙ... සීනියර්ස්ල නැති උනත් අපිට කරන්න වැඩ ඕනෙ තරම්...
උනකොළපු හොයන්න .. උනගස් ගේන්න ... ඒ විතරද...හුබස් මැටි, කරත්ත රෝද, බිම් තබුරු, මූදුවැලි, පිදුරු , පොල් අතු,
වීදුරුකටු , වලං කටු ...... ඔඅන එකී මෙකී නොකී දේවල් එකසිය ගානට... වැඩිහරියක් හොරකමේ.... නැතිනම මොන දේවාලෙකින්ද වලං කටු හොයන්නෙ... අහල පහල ගෙදරක පිටිපස්සෙ වලං මැස්සට පැනල වලං උස්සගෙන ඇවිත් පොලවෙ ගහනව ඇරෙන්න...
ඔය ගාල්ල පැත්තෙ පොඩිමෑන් ගියපු ඉකෝලෙ ෆ්‍රිෆෙක්ට් ඩේ එක ගැන දන්නවනම් ඕව මොකටද කියල දන්නව ඇති ගියපු කෙනෙක්... අන්තිමට ඩේ එක දවසෙදි ලැබෙන සතුට විතරක් ඉතුරු උනාට... ඒ අත්දැකීමට ආස කරපු අපි හැමෝම සති ගානක් රෑ නිදිමරාගෙන වැඩ කරා... එයින් එක දවසක දෙවනි සීසන් එක අරම්බ කරන්න කලින් හවස් වරුවෙ නාද්දි වෙච්ච කතාබහක් තමයි අර උඩින් තියෙන්නෙ...
තංගෙයි කියන්නෙ දෙමල බාසාවෙන් නංගි කියන එකටනෙ... ඌට ඔය කාඩ් එක වැටුනෙත් උගේ ඔය තියෙන ලැජ්ජාව නිසාමයි... හවසට නාලා කාල කෑදරලග බැල්කනියෙ ටයිල් පොලවෙ කොල්ලො ටික හාන්සියක් දාගෙන ඉන්න වෙලාවත් ටී ෂ්‍ර්ට් එක නැතුව ඉන්න ඌට ලැජ්ජයි....
කොහොමින් කොහොම හරි එදත් නාල කාලා කට්ටිය සුපුරුදු විදියට විවේක සුවෙන් කයියක් දාගෙන පහුගිය ඒවට හිනා වෙවී පුරුදු තැන හාන්සිවෙලා ඉදියා... ඔය අතරෙ තංගෙයිගෙ ජොක්කු ප්‍රස්නෙත් කතා නොවුනා නෙවෙයි.... රු 18 ඒවා අටක් දහයක් අලුවෙලා යද්දි දන්නෙම නැතුව පැය දෙක තුනකුත් ගෙවිල ගිහිං... රෑ වැඩමුරේට වෙලාව හරි...
අපි ස්කෝලෙ ගාවට එනකොට නමයහමාර විතර වෙලා... ලිස්ට් එකේ හැටියට හෙට උදේ වෙනකොට හුඹස් මැටි ගෝනි 10 ඕනෙ... බයිසිකල් ටික ස්කෝලෙ දාල අපි රිංගුවා බීක්කෙ කැලේට හුඹස් මැටි ගේන්න...
ටෝච් එකක්වත් තිබුනෙ නැති නිසා ෆෝන් වල බැට්‍රි බැහැලම යනකං හුබස් මැටි කඩපු අපි ටාගට් කවර් කරණ කොට උදේ දෙකවත් වෙලා... අන්තිම හුඹස් මැටි ගෝනියත් අරගෙන අපි එනකොට මෙන්න බොලේ වැලිකඩ වත්තෙ තාපෙ අයිනෙ තියෙනව හෙන සයිස් ආනමාලු කැනක්..... යකඩෝ.. මෙච්චරකල් මේක නොදැක ඉදියෙ කොහොමද.... ??
"අඩෝ බලපං මේකෙ සයිස් එක... කපල හංගමු ලයිබ්‍රිය පිටිපස්සෙ .... සදුද වෙනකොට කන්න පුලුවන්...."
කෑදරට කෑදර කියන්නෙ නිකන් නෙවෙයි.....
" ඇත්ත තමයි දෙමු ගේම.... හෙට ගෙදර ගිහින් නිදාගන්න එකනෙ.... පරක්කු උනාට අවුලක් නෑ..."
හෙට සෙනසුරාද දවසක්.. ඒකයි එච්චර ගැටලුවක් නෑ... නැතිනම් ස්කෝලෙට පැනල ටැප් එකක් උඩ පැත්තට හරවගෙන ආයෙ නාල තියෙන ඒව හෝදල නිදාගන්නවා... උදේ 5ට හොස්ටල් එකේ බෙල් එකට නැගිටල.. මූන හෝදල ඇදුම් මැදල 6.15 වෙනකොට ආයෙ ගේට් ගාව ඩියුටි... ඒ දවස්වල ස්තීර පදිංච්ය ස්කෝලෙ නිසා අපේ රූම් එකේ.. දත් බුරුසුව රේසරේ ඉදල හැම එකාගෙන අවශ්‍ය සියලු අඩුම කුඩුම ටික තිබුනා...
"ගිහිල්ල පිහියක් අරන් ආයෙ හෙමීට එමු... මෙතන කට්ටියත් වැඩියි... "
දැන් යෝජනාව ස්තීරයි... ගෙනියපු හුඹස් මැටි ටික දාලා හොද තඩි මන්න පිහියකුත් අරගෙන හය දෙනෙක් ආයෙ පල්ල බැස්ස වැඩේට... මේ ප්‍රාන්තෙ ෆැමිලියර් කට්ටියට දන්නව ඇති චන්ද්‍ර මිස් කාල්ස් කරපු වීමංස එක... ඒක පහු කරගෙන ටිකක් උඩහට එනකොට තියෙන පට්ට උස කොලපාට තාප්පයක් දාපු ගෙදර... අපි කිවුවෙ වැලිකඩ ගෙදර කියල .... තාප්පෙ එච්චරම උස නිසා...
තාප්පෙ එච්චර උස ගෙදර වත්ත් පාරෙන් සෑහෙන්න උසයි... වත්ත් ඇතුලෙන් තාප්පෙට එල්ලිල නැගගන්න පුලුවන් උනාට පාර පැත්තෙන් කෑදරටත් පොඩි මෑන්ටත් තාප්පෙ උඩට බඩගාගන්න උනේ තාප්පෙ අයිනෙම තියෙන ටෙලිෆෝන් කනුවක හෙල්ප් එකෙන්.. තාප්පෙ උඩ හිටගත්තාම ටෙලිපෝන් කනුවෙ මුදුන අතින් අල්ලන්න පුලුවන්... තාප්පෙ එච්චරටම සයිස්...
කෙසෙල් ගහ තියෙන්නෙ වත්තෙ අතුලෙ... තාප්පෙට නැගාම කපාගන්න ආයෙ කියාපු උස...
කෑදරයි පොඩි මෑනුයි තාප්පෙ උඩ දැන්... දෙන්නෙක් පාරෙ උඩ යට ඔත්තු බලනව.. අනිත් දෙන්න තාප්පෙ මුල...
" මම අල්ලන්නම් කැන උඹ එක පාරෙන් කපපං..."
පොඩි මෑන් කැන අල්ලගෙන කෑදරට රහසිං කිවුවා.... ඒත් පොඩි මෑන්ට ෂුවර් නෑ කැනේ සයිස් එක හැටියට අගල හයක් විතර පලල තාප්පෙ එකපාරට කපන කැන උස්සගෙන බැලන්ස් එකේ ඉන පුලුවන්ද කියල....
එහා පැත්තෙ අඩි 15 විතර පාතාලෙ...
පොඩි මෑන් කැන බදාගත්තා...
කෑදර පලවෙනි පාර දෑත බෙදල ගැහුවෙ කැනේ නැට්ටට නෙවෙයි කෙහෙල් ගහට...
"දබස්... "
ගහපු පාරෙ සැරකමට පිහිය ගහේ හිට වෙලා... කෑදර පිහිය හොලවනව අදින්න... කෙහෙල් ගහත් එක්ක පදුරම
හෙලවෙනවා.....
"සර බර.. සර බර.."
කෙහෙල් පදුර අස්සට කුලුමීමෙම් ඇවිල්ල වගේ.....
" හු ... ... ... ... සද්ද කරන්න එපා.... ”
පොඩි මෑන්ට කියාගන්න පුලුවන් උනේ එකම එක සුමිහිරි වචනයක් විතරයි... මූනට වැදුන ටෝච් එලියකින් පොඩි මෑන් ආලෝක පොට්ටයෙක් වෙලා ගියා....
“ අම්මට හුඩු මුරකාරයා.... බැහැපං ඉක්මනට... “
ඒ කටහඩ ආවෙ පල්ලෙහායින්...
“ මුරකාරයෙක් ඉන්නව කියල දැන්ද යකෝ කියන්නෙ..... ”
පොඩි මෑන් කිවුවෙ ඇස් දෙක වහගෙනම..
“ඒයි ඒයි.......”
ටෝච් එලිය පටන් ගනිපු තැනින් අහස ගොරවනව වගේ සද්දයක් ආවා.... ඒ එක්කම පිහිය ගලවල ගනිපු කෑදර.. මුරකාරයෙක් තියා හමුදාවක් ආවත් කෙසෙල් කැන අරගෙන යෑමේ පරම පිවිතුරු චේතනාවෙන් එක පාරෙන් කෙසෙල් කැන ගහෙන් වෙන් කරා...
කිලෝ තිහක විතර කෙසෙල් කැනේ බරෙන් මුරකාරයට මීටර් කීපයක් දුරින් අඩි පාලවක් උස අගල් හයක් පලල තාප්පෙක හොර හිතක් එක්ක හිටගෙන ඉදපු පොඩි මෑන්ගෙ හිතේ බය... මරණ බය දක්වා වර්දනය වර්ධනය උනේ කෙහෙල් කැන ගහෙන් වෙන්වෙන්න ගියාටත් වඩා අඩු කාලයක්...
“ඕක දාපං.. ඕක දාපං....
පල්ලෙහායින් පුලාගෙ කටහඩ අහුනෙ රෑට හීනෙන් දීපිකා පදුකෝන් පොඩි මෑන්ට කතා කරනවටත් වඩා ආස හිතෙන විදියට...
පොඩි මෑණ් අතඇරපු කෙහෙල් කැන අනිත් එකාගේ සහය ඇතුව පුලා විසින් බිම පෙරලී රැක ගද්දි මුරකාරයා ඔන්න මෙන්න තියා ටෙලිපෝන් කනුව දිගේ බඩේ ලෙලි යවාගෙන බිමට සම්ප්‍රාප්ත වෙන්න කෑදරට සහ පොඩි මෑන්ට හැකි උනා... ...
ඊට පස්සෙ තිබුනෙ මහා මාර්ග ධාවන තරගය....
වක්වැල්ල පාරට වැටිල ජූල්ගහ හන්දිය පැත්තට අපි හය දෙනෙක් කෙහෙල් කැනකුත් උස්සගෙන පන එපා කියල දිවුවා.....
“නැවතියං නැවතියං... ඕක විසි කරපං..... පොලිස් යකෝ පොලිස්......”
ඉස්සරහින්ම දුවපු ලේකමා කියනකොටම පුලාගෙ කරේ තිබුන කෙහෙල් කැන සෙට් එකේ ඔලුවලට උඩින් ගිහින් කානුවට වැටෙනවා පොඩි මෑන් යන්තම් දැක්කා...
තවත් තප්පර දහයක් ඇතුලත අපේ ඉස්සර නැවතුනේ... සුදු ඉරි අංකල්ල දෙන්නෙක්....
“ මේ මහ රෑ කොහෙද යන්නෙ.... ?? ”
මෙ.. මෙ යාලුවෙක්ගෙ ගෙදර සැල්බ් එකක් දැම්ම අංකල්... ඒකට උදවු වෙලා අපි මේ හොස්ටල් එකට යනගමන්.....
“ බොරු නේද කියන්නෙ... “
“අනේ නෑ අංකල් කෝල් කරල අහන්න ඕනෙනෙම යාලුවලගෙ ගෙදරින්....”
“හා.. ගන්නව කෝල් එකක් යාලුවගෙ ගෙදරට...”
“ෆෝන් එකේ සල්ලි නෑ අංකල්...”
“ඇයි අනිත් අයගෙ ෆෝන්...”
පොලිස් අංකල් බයික් එකේ ඉදගෙනම අනිත අයගෙ මූන බැලුවා....
“ මගේ එකෙත් නෑ අංකල්... ”
“ මගෙත් නෑ ”
“ මගේ බැට්‍රි ලෝ ඕෆ් වෙලා ”
“ මට ෆෝන් එකක් නෑ අංකල්”
ඒ පාරනම් අංකල්ට තද උනා...
“උඹල මාව ගොනාට අංදන්න නේ හදන්නෙ.... වෙන කොහෙද කුපාඩි කමක ගිහින්.. පෙන්නපල්ල සාක්කු...”
අංකල් බයිසිකලෙන් බැහැල එනකොට මට බැලුනෙ කානුව දිහා.....
නැට්ට විතරක් ලාවට පේනවා... දැක්කොත් සුං..... ඒ මදිවට අවසං විසිරයාමට තියාගනිපු මල් වෙඩි දෙකක් සාක්කුවේ.....
පොලිස් අංකල් මුලින්ම බැලුවෙ.... පුලාගෙ සාක්කු .... සාක්කු ටික බලල කලිසමත් ඇදල බැලුවා...
“ මුගේ ලග ගස් ගද....”
ඊලගට තංගෙයි....
උගෙත් සාක්කු ටික බලල කලිසම ඇදල බලපු අංකල් අඩියක් පස්සට විසි උනා...
“ චික් අයියෙ තමුසෙල ලොකු ළමයිනෙ... යටට මොනවත් ඇදගන්නවකො... හැම මල මගුලම කරනව යටට මුකුත් නැතුව... ඕක බහීවි ඕයි... ඊට පස්සෙ යට එක ගෙනියන්න විල්බැරෝවක් ඕන වේවි...
ජොකා ගලවන්න ලැජ්ජාවට ජොකා පිටින් නාන මූ හැමදාම එන්නෙ එතකොට සිවිල් පිට... ...
එලියට පනින්න එන හිනාව නවත්තගත්තෙ අපි බොහොම අමාරුවෙන්...
“ පලයල්ල යන දේවාලෙක... ආයෙ රෑට අහු උනොත් අල්ලගෙන ගිහින් දානව කූඩුවෙ...
උදේ ඉදං රාජකාරි කරල මහන්සිවෙලා ඉදපු අංකල් කාරයට පැය දොලහකට වඩා තැම්මි තැම්බි තිබුන කරවල ගදගහන දර්ශනෙන් එපා වෙන්න ඇති.....
අපිට එහෙම කියපු පොලිස් අංකල් කාරයා...බයික් එකේ නැගල යන්න ගියා...
බයික් එක වංගුවෙන් නොපෙනී යද්දි ...තංගෙයි ලැජ්ජාවෙන් රතු වෙද්දි... ඒ එක්කම තරහෙන් පිපිරෙද්දි... මහපාරෙ හාන්සිවෙලා බඩවල් අල්ලන් අපි සෙට් එකම වක්වැල්ල පාර දෙවනත් වෙන්න පෙරලි පෙරලි හිනා උනා.....
src:

Code:
mamaiarui blog