යට කරනවද පුච්චනවද
ඔවුහු පළමුව සිතාමතාම නිරෝධායනයෙන් මඟ හැරී කට්ටි පැන්නෝය. ඒ අඩුම තරමේ වෙන්වීවත් නොව සාමාජිකයන් 10-15 සිටිනා තම නිවෙස් තුලටම වී ගම රට පුරා සංචරණය කරමිනි.
අනතුරුව ඔවුහු කොරෝනා ආසාදිත නෑදෑයන් තොරතුරු සඟවා රෝහල්ගත කලෝය. ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් දෙපලක් විසින් තම සේවා ස්ථානයේ සැමදා එකට සිටි සහෝදර සේවකයන් ගැන පවා අබමල් රේණුවක තැකීමක් නොමැතිව එසේ කිරීමෙන් රෝහලම අනාරක්ෂිත වූයේ එලෙසිනි.
ඉනික්බිති ඔවුහු මියයන රෝගීන්ගේ ආගමික අයිතිවාසිකම් ගැන හඬ නගන්නට වූහ. ඒ මිනිසුන් ආදායම් අහිමිව, කුඩා දරුවන් කිරිටික අහිමිව, නිවෙස්ගතව ඉමහත් දුෂ්කර කාලයක් ගතකරන මොහොතක, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වලපල්ලට ගියද කම්නැති ස්ථාවරයකිනි.
දැන් ඔවුන් ලබ්බට තැබූ අත පුහුලටද තබා ඇත. ඒ කොරෝනා රෝගය ගැන මුලසිටම අධ්‍යයනය කරමින් ඒ ගැන බලධාරීන් හා පොදු ජනතාව නිවැරදි තොරතුරුවලින් බලගන්වමින් සිටි අන්තර්ජාතිකව පිලිගත් විශේෂඥයෙකු වන වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා ගැන ඔහුගේ සේවාස්ථානය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට අසත්‍ය හා ද්වේෂ සහගත පැමිණිල්ලක් කරමිනි.
ඒ මහතා කොරෝනා රෝගී ආසාදිතයන්ගේ මලසිරුරු බැහැර කලයුතු ආකාරය ගැන විද්‍යාත්මක හා සෞඛ්‍යමය ස්ථාවරක් දැරීය. ඒ මේ අර්බුදකාරී මොහොතේ ජීවත්වන මිනිසුන්ගේ වටිනාකම ආගම්, ජාති, කුල ආදී සියලු දේට ඉහලින් තිබිය යුතු බැවිනි. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද ඔහු සද්භාවයෙන් ක්‍රියා කලේය.
එහෙත්, රටේ අවාසනාවට ආගමික ඉගැන්වීම් හා රටේ ප්‍රමුඛතාවල වෙනස ගැන සංවේදීතාවයක් නැති අන්තවාදී මානසිකත්වයෙන් හෙබි ඔවුහු මේ මිනිසා ගැන වෛර බැඳගත්තෝය. එහි ප්‍රතිඵල දැන් ඇස් පනාපිට පෙනෙන්නට ඇත.
අප සියලු දෙනාම අවබෝධ කරගතයුතු කාරණාවනම් මේ අවකල් ක්‍රියාවලින් පාඩුව වන්නේ වෙන කිසිවෙකුටත් නොව පොදු සමාජයේ අපටම බවය. අද ඒ වෛද්‍යවරයා නිහඬ ප්රතිපත්තියකට යනු ඇත. හෙට තවකෙකු ඔවුන්ගේ අන්තවාදයට බිලිවෙනු ඇත. අවසානයේ කොරෝනා මාරයාද මොවුන්ගේ මේ ආගමික උන්මාදයද එකට අත්වැල බැඳගෙන මුලු ලංකාවම අමු සොහොනක් බවට පත්කරන දිනයනම් වැඩි ඈතක නොවන බව පැහැදිලිය. එය වැලැක්වීමට හැකි වන්නේද අපටම පමණි.
-ජාතික වෛද්‍ය එකමුතුව