යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්

    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
    පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්
    රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්
    එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්

    ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගේ පුතුන්
    කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්




    user160933_pic3495_1271915535.jpg


    3-776671.jpg