යමුද බඹලොව?

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    භව යනුවෙන් හැඳින්වෙන සත්ත්වයා ඉපදිය හැකි ස්‌ථාන තිස්‌ එකක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. මේවා කාම භව, රූප භව, අරූප භව යනුවෙන් නැවත කොටස්‌ තුනකට බෙදා වෙන්කර ඇත. මෙයින් භාවනාවෙන් සිත දියුණු කරගත් එහෙත් තණ්‌හාව නැතිකර නොගත් නිර්වාණය නොලැබූවන් උපදින රූපාරූප ස්‌ථානයක්‌ ලෙස බ්‍රහ්ම ලෝකය හෙවත් බඹලොව හැඳින්වේ. සත්ත්වයා සංසාරයේ කරන ලද කුසල්, අකුසල් ප්‍රමාණය මත ඔවුන්ගේ උත්පත්තිය සිදුවන ස්‌ථානය තීරණය වේ. මෙය පංච ගති ලෙස සලකයි. අකුසල් විපාකයෙන් නිරය ගතිය, තිරිසන් ගතිය හා ප්‍රේත ගතිය යන ස්‌ථානවලද, කුසල් විපාක වශයෙන් මනුෂ්‍ය හා දිව්‍ය ගතිවලද උපත ලබයි. බ්‍රහ්ම ලෝකය අයත් වන්නේ දිව්‍ය ගතියටය.

    අකනිට්‌ඨක - සුදස්‌සි - සුදස්‌ස - අතප්ප - අව්හ - අසඤ්ඤසත්ත - වේහප්පල - සුභකිණ්‌හක - අප්පමානසුභ - පරිත්තසුභ - ආභස්‌සර - අප්පමානාභ - පරිත්තාභ - මහා බ්‍රහ්ම - බ්‍රහ්ම පුරෝහිත - බ්‍රහ්මපාරිසඡ්ජ යනුවෙන් බ්‍රහ්ම ලෝක දහසයකි. මෙම බ්‍රහ්ම ලෝක දහසය මෙහි දක්‌වා ඇත්තේ පිහිටා ඇති අනුපිළිවෙළටය. ඒ අනුව අකනිට්‌ඨක බඹ ලොව ඉහළින්ම පිහිටා ඇති අතර බ්‍රහ්මපාරිසඡ්ජ පහළින්ම ඇති බඹ ලොව වේ. මෙයට අමතරව අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක්‌ ද තිබේ. ඒවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආනිසානඤ්ඤායතනය ලෙස හැඳින්වේ.

    බ්‍රහ්මපාරිසඡ්ජ බ්‍රහ්ම ලෝකයේ සිටින්නේ මහා බ්‍රහ්මයාගේ පරිවාර ජනයා බව සඳහන් වේ. බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයාගේ පුරෝහිත සේ වාසය කරයි. මහා බ්‍රහ්ම ලෝකයෙහි මහා බ්‍රහ්මයා වාසය කරන අතර මෙහි බ්‍රහ්මයින් වර්ණයෙන් හා ආයුෂ ප්‍රමාණයෙන් අනෙක්‌ බ්‍රහ්ම ලෝකවලට වඩා ඉහළය. පරිත්තාහ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් වටා ආලෝකයක්‌ විහිදේ. එම බ්‍රහ්ම ලෝකයට එම නම ලැබී ඇත්තේද එම නිසාය. අප්පමානාහ බ්‍රහ්ම ලෝකයෙහි ආලෝකය පරිත්තාහ හි ආලෝකයටත් වඩා දීප්තිමත් බැවින් එම නම කියනු ලැබේ. ඊට ඉහළින් ඇති ආභස්‌සර බ්‍රහ්ම ලෝකයේ වසන්නවුන් ගිනි පෙල්ලකින් ගිනි පුපුරු විසිවෙන්නාක්‌ මෙන් ඇවිදින නිසා ආභස්‌සර නමින් හඳුන්වනු ලැබේ. එසේම ලෝක විනාශයකදී සියලුම සත්වයා මෙහි උපදින බව බුදුරජාණන් දේශනා කර ඇති අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. අප්පමානසුභ බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍ර්‍රහ්මයින් කිව නොහැකි තරම් රූප සෝභාවකින් යුක්‌ත නිසා එම බ්‍රහ්ම ලෝකයට අප්පමානසුභ යෑයි කියනු ලැබේ.

    සුභකිනිණ්‌හක බ්‍රහ්ම ලොව වැසියන් රනින් කළ මංජුසාවක ඇති ගිනිගෙන දැවෙන දඹරන් පිඬක්‌ වැනි සිරුරු ඇති බැවින් එම නම භාවිත කරනු ලැබේ. බොහෝ ඵල ඇති බැවින් වේහප්ඵලබ්‍රහ්ම ලෝකයට එම නමද සඤ්ඤාවෙන් තොරවූ බ්‍රහ්මයින් වසන බැවින් අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය එනමින්ද හඳුන්වනු ලැබේ. මෙම අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයට ඉහළින් ඇත්තේ අව්හ නම් බ්‍රහ්ම ලෝකයයි. මෙහි වසන බ්‍රහ්මයින්ගේ සම්පත් නොපිරිහෙන නිසා මෙම නම ලැබී ඇත. අව්හ ලෝකයට ඉහළින් ඇත්තේ අතප්ප බ්‍රහ්ම ලෝකයයි. මෙහි වසන්නන්ට සෝක, දුක්‌, සංඛා නිසා තැවීමක්‌ නොමැති නිසා මෙම නම කියනු ලැබේ. අසස්‌ස නම් බ්‍රහ්ම ලෝකය ඉතා සුන්දරය. එම නිසා සුදස්‌ස යෑයි කියති. ඊට ඉහළින් ඇති සුදස්‌සි ලොව වැසියන් ඉතාමත් සුන්දරය. බ්‍රහ්ම ලෝක අතර ඉහළින්ම පිහිටා ඇති ලොව අකනිටා බඹ ලොවයි. භව සම්පත් අතරින් අග්‍රම බ්‍රහ්ම ලෝකය මෙය වේ.

    අකනිට්‌ඨක, සුදස්‌සි, සුදස්‌ස, අතප්ප, අව්හ යන බ්‍රහ්ම ලෝක පහ සුද්දාවාස බ්‍රහ්ම ලෝක ලෙස හැඳින්වේ. මෙහි විශේෂත්වය වන්නේ අනාගාමී මාර්ග ඵලයට පත්ව මියයන පුද්ගලයින් මිය යැමෙන් පසු මෙම බ්‍රහ්ම ලෝක පහෙන් එකක උපත ලැබීමය. ඔවුන් නැවත කාම ලෝකයකට නොපැමිණීම, එම ලෝකයන්හිදී රහත්භාවයට පත්වේ. එහෙත් අනාගාමී තත්ත්වයට පත්ව සිටින පුද්ගලයකු ආකාසඤ්ඤායතන ධ්‍යානයට සමවැදී සිටියදී මියගියහොත් ඔහු ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයේම උපදින බව බුදුදහමේ සඳහන් වේ.

    මෙම බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නන් බ්‍රහ්මයින් ලෙස හැඳින්වෙන අතර ඔවුන් දිව්‍ය ලෝකවල ඉන්නා දෙවිවරුන්ට වඩා ඉහළ සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සලකනු ලැබේ. එහෙත් බුදුදහමේ බ්‍රහ්මයින් ගැන දෙවිවරුන් තරමට සඳහන් නොවීම විමර්ශනයට ලක්‌ කළ යුත්තක්‌ව ඇත. සඳහන්ව ඇති බ්‍රහ්මයින් කිහිප දෙනකුගේ තොරතුරු මෙසේය.

    මහා බ්‍රහ්මයා - බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන සමය වන විට ජනතාව ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකුවේ මහා බ්‍රහ්මයාය. ලෝකය නිර්මාණය කළේද ඔහු බව සමහර ආගම්වල මතය විය. ලෝකය විනාශ වන්නේ කෙසේදැයි යන පැනය එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමකගේ සිතට පහළවූ විට එයට පිළිතුරු ලබාගත හැක්‌කේ මහා බ්‍රහ්මයාගෙන් යෑයි සිතා උන්වහන්සේ මහා බ්‍රහ්මයා සොයා ගියේය. මහා බ්‍රහ්මයා එයට පිළිතුරක්‌ තමාට නැතැයිද, ඒ සඳහා පිළිතුරු ලබාගත හැක්‌කේ බුදුරජාණන් වහන්සේගෙන් යෑයිද පැවැසීය. මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට වඩා ශේ්‍රෂ්ඨ බවය. බෞද්ධ සාහිත්‍යයේ සහම්පතී නම් බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා ලෙස සලකනු ලැබේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ පැවිදිව සිට සද්ධා, වීරිය, සති, සමාධි සහ පඤ්ඤා යන ඉන්ද්‍රිය භාවනා වැඩීම නිසා මොහු මෙම මහා බ්‍රහ්ම තනතුර ලබා ඇත. බෝසතාණන් ඉපදුණ අවස්‌ථාවේ මොහු සිනේරු පර්වතය තරම් විශාල රන්දමක්‌ පිදූ බව සඳහන් වේ. බෝසතාණන් බුදුවූ අවස්‌ථාවේ බුදුන්ගේ සිරසට උඩින් තුන් ගව්වක්‌ පමණ වටයක්‌ ඇති සුදු සේසතක්‌ උසුලා සිටි බවද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා තමා අවබෝධ කරගත් ධර්මය ගැඹුරු බැවින් ධර්ම දේශනා කිරීම ගැන මන්දොaත්සාහීව සිටින විට දහම් දෙසීමට ආරාධනා කළේද සහම්පතී මහා බ්‍රහ්මයාය. කෝකාලික නම් භික්‌ෂුව සැරියුත් මහ තෙරුන්ට අපහාස කර මරණින් මතු අපාගත වූ විට බුදුරජාණන් වහන්සේට ඒ බව දැන්වූයේද සහම්පතී මහා බ්‍රහ්මයාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්‌ථාවේ ඔහු ශෝක ගී ගායනා කළ බවද බෞද්ධ පොත්පත්වල සඳහන්ව ඇත.

    සනංකුමාර බ්‍රහ්මයා - කිසි දිනක වයසට නොගිහින් සැමදාම තරුණයකු සේ කුමාර ලීලාවෙන් සිටින නිසා මෙම බ්‍රහ්මයා සනංකුමාර නමින් හඳුන්වනු ලැබේ. පෙර ආත්මයක කුමාරයකුව සිටියදී ධ්‍යාන වඩා එම ධ්‍යානයෙන්ම මිය පරලොව ගොස්‌ කුමාර ලීලාවෙන්ම බ්‍රහ්ම ලෝකයේ ඉපදී ඇත. සනංකුමාර බ්‍රහ්මයා වරක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ ගෝත්‍ර අතර ක්‌ෂත්‍රීය ගෝත්‍රය ඉහළම ගෝත්‍රය බවත්, එහෙත් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස්‌ සත්වයා අතර ශ්‍රේෂ්ඨතමයා බවට පත්වූයේ උන්වහන්සේ සතු උසස්‌ දැනීමත් එම දැනීමට අනුකූලව හැසිරීමත් නිසා බව පැවැසූ බව සඳහන් වේ. වරක්‌ දිව්‍ය ලෝකයේ ඇති සුධර්මා දිව්‍ය සභාවට මොහු පැමිණ දෙවිවරුන්ට බණ කියූ බවද සඳහන් වේ.

    බක බ්‍රහ්මයා - බුදුරජාණන් වහන්සේ මෙම බ්‍රහ්මයා හමුවීමට බ්‍රහ්ම ලෝකයට වැඩි බව සඳහන් වේ. ඊට හේතුව වූයේ මෙම බ්‍රහ්මයා ලෝකය සහ ආත්මය සදාකාලිකය, නොවෙනස්‌වන සුලුය යනුවෙන් බ්‍රහ්ම ලෝකය පුරා දේශනා කරමින් ඇවිදීමය. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කර බක බ්‍රහ්මයාගේ වැරැදි අදහස්‌ බිඳ දමන ලදී. සිංහල වහරේ බක පණ්‌ඩිතයා යෑයි වහරක්‌ ඇත්තේ මෙම පණ්‌ඩිත කතාව නිසා විය හැක.

    ඝටීකාර බ්‍රහ්මයා - කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ ඝටීකාර නම් කුඹල්කරුවෙක්‌ විය. ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන අතිශයින් පැහැදී උන්වහන්සේගේ ඇසුර ලබා බණ භාවනා කර ධ්‍යාන වඩා මිය පරලොව ගොස්‌ ඝටීකාර නම් බ්‍රහ්මයා ලෙස බ්‍රහ්ම ලෝකයේ උපන්නේය. මහා අභිනිෂ්ක්‍රමණය කළ සිදුහත් කුමාරයාට අනෝමා නදී තීරයේදී පැවිදිවීම සඳහා සිවුරු ලබාදුන්නේ ඝටීකාර නම් මෙම බ්‍රහ්මයාය.

    නාරද බ්‍රහ්මයා - මොහු නම් අන් කවරෙක්‌ නොව අප ගෞතම බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ පෙර ආත්මයක බ්‍රහ්ම ලෝකයක උපත ලැබුවේය. ඒ නාරද නමිනි.

    මිනිසුන් සාමාන්‍යයෙන් කරනු ලබන දාන, සීලාදී කාමාවචර කුසල කර්මවලින් බ්‍රහ්ම ලෝකයේ ඉපදිය නොහැක. ඒ සඳහා ධ්‍යානමය කුසලයන් කළ යුතුය. එයට වීර්යය වඩා භාවනා කර සිත දියුණු කර ධ්‍යානය වැඩිය යුතුය. සිත දියුණු කර වඩන ධ්‍යානයකදී පවා ධ්‍යානය අභාවයට ගොස්‌ අවසානයට පත්විය හැකි බැවින් බ්‍රහ්මත්වයට පත්වූ අයද නැවත පහළ කාම ලෝකවල ඉපදීමට ඉඩ ඇත. එවිට අවීචි මහා නරකාදියට පවා යා හැකිය. මෙය බ්‍රහ්මස්‌කන්ධ, පඤ්ඤමයාගේ විපරිණාම ස්‌වභාවය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම ලෝකයේ ස්‌ත්‍රීන් නොමැත. සිටින්නේ පිරිමින් පමණි. එම නිසා කාන්තාවනට අකැමැති පුද්ගලයන්ට කුසල් කිරීමෙන් ඔවුන්ගෙන් මිදී බඹලොව යා හැක. ඒ සඳහා අඩුම වශයෙන් මෛත්‍රී භාවනාව කිරීමද සෑහේ. ඒ මෛත්‍රී භාවනාව කිරීමේ ආනිශංස ලෙස බ්‍රහ්ම ලෝකයේ ඉපදිය හැකි බව මෙත්තානිශංස සූත්‍රයේ සඳහන් වන නිසාය.

    වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
    විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ


    Code:
    http://www.divaina.com/2015/11/02/pansala01.html
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බඹලොව ගැන කවුද තව තොරතුරු දන්නෙ ?
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අපිට වඩා ශරීර ප්‍රමානයෙන් කුඩායිලු..
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මහා බ්‍රහ්මයා කියන්නෙ දෙචියන් වහන්සේට හෝ අල්ලා දෙවියන්ට වෙන්න පුළුවන් නෙඅද???
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලස්සන සැපසම්පත් තියෙනව කිව්වට ඕවයෙදි කසාද බදින්ටත් බෑලුනෙ, ඉතින් මොන සැපක්ද
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බ්‍රහ්මත්වයට පත්වූ අයද නැවත පහළ කාම ලෝකවල ඉපදීමට ඉඩ ඇත. එවිට අවීචි මහා නරකාදියට පවා යා හැකිය.

    :)

    බුද්ධ සාසනයක් නැති කාලෙකනම් බ්‍රහ්ම ලෝක වලට යන්න උත්සාහ කිරීම යම් තරමකට සාධාරනයි කියන්න පුලුවන්.ඒත් බුද්ධ සාසනයක් පවතින මෙවැනි කාලයක මගඵල ලැබීම පසෙක තබා බ්‍රහ්ම ලෝක වලට යන්න උත්සාහ කරන එක ඉතා අණුවනකමක්. එය එක්තරා ආකාරයකින් නිවන කල්ප කාලාන්තරයකට කල් දමාගැනීමක්.එසේම බ්‍රහ්ම තල වලින් චුතවී සුගතියක් ලැබීමද ස්තිර නැති නිසා නැවත සතර අපායේ උපතක් කරා ගියොත් අත්වන ඉරනමද අමුතුවෙන් කිව යුතු නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    අහෝ!
    මේ මිනිස් කය අතහැර ඒ බ්‍රහ්ම කයක් ලබාගැනීමට ඇත්නම්!
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අහෝ!
    මේ මිනිස් කය අතහැර ඒ බ්‍රහ්ම කයක් ලබාගැනීමට ඇත්නම්!

    එහෙම ඕනේ නම් එළකිරියේ ඉන්නේ නැතිව බණක් බවනාවක් කරපන්.;)