යසෝදරා බැලීමි.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    යසෝදරා බැලීමි.

    යසෝදරා බැලීමි.
    ඒක චිත්‍රපටයක් බැලුවට වඩා තොරණක් බැලුවා වගේය. පටන් ගනිද්දී චිත්‍රපටයට පාදක කරගත් පොත් අටෝරාසියක නම් දැම්මාට චිත්‍රපටයේ තිබ්බේ සිදුහත් කුමාරෝත්පත්තියේ සිට බුද්ධත්වය හා යසෝදරාවගේ මරණය දක්වා අපි දන්නා කියන ප්‍රසිද්ද සිද්ධි ටික රඟපාලා ය. ඒ ඒ කොටස ඒ එ සීන් එකෙන් දක්වා ඇත . මං පොඩි කාලේ හතර වසරේ ඉන්නාවිට බුද්ධ චරිතයේ ඇනිමේෂන් කතාවක් බලා ඇති අතර අද ඒක මතක් විය. චිත්‍රපටයක් කියනවාට වඩා වාර්තාමය වැඩසටනක් කීම සුදුසුය.

    "මහමායාට අසාධ්‍යයි." කියා ප්‍රජාපතී දේවිය සුද්ධෝදන රජු ළඟට දුවගෙන එන්නේ "අම්මේ වහිනෝ රෙදි වැලේ " කියන්නා වාගේය. සුද්ධෝදන රජුගේ මාලිගාව හදා ඇත්තේ වෙන්දේසි ඉඩමකය. පර්චස් විස්සක් වත් නැතුව ඇතිය. මාලිගාව පුරා සූ ගාලා පහක් හයක් එහෙ මෙහෙ යයි. එහෙම නිස්කලංක මාලිගාවක් දමා සිද්ධාර්ථ ඇත්තටම කැලේට ගියේ මොකටද කියා හිතුනි. එක්කෝ ඒකෙ ඉන්න උන් ෂූටිං වලට බයේ හැංගිලා ය.

    සිදුහත් කුමාරයයි දේවදත්තයි සිල්ප දක්වනවාට වඩා හොඳට ඉස්කෝලෙ ඉන්ටවල් එකට පොඩි උන් ගහගන්නවාය. අහසට පිඹිනා එරං කලේයා පොලොවට පිඹිනා බූමි කලේයා කියා කලගෙඩි නැටුමක් හෝ ලී කෙලි නැටුමක් නැටුවානං ඊට වැඩිය හොඳය. ආ මේං ඔයාට කඩු පාරක්.. පලිහ අල්ලන්න ඕනෙ හොඳේ කියා පහර දෙයි.
    ඇරත් ඒ සිල්ප දැක්වීමට බලන්නට හිටියාට වැඩිය සෙනගක් පෙරටුගාමී පක්සෙ මීටිමකටත් එනවාය. සාක්‍ය කෝලිය නුවරවල් වල රාජ කුමාරවරුන්ගේ සිල්ප දැක්වීම බැලීමට ඇවිල්ලා හිටිය ඔක්කොම උන්ව කුබෝටා එකක දැමිය හැක. උන් දෙන්නා තනියම ගහගත්තානං ඊට වඩා නම්බුය.චිත්‍රපටය පුරාම ඔය අඩුපාඩුව එහෙම්මම තිබූ අතර දර්ශන තල වල පටු බව හොඳින්ම දැනුනි.

    මම හිතනා විදිහට මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක යශෝදරා බුදුන්ගේ පාද අල්ලා අඬන අවස්ථාවය.. අවුරුදු හයක් නුදුටු ඇය කියන පරිදිම විශ්වයේ ඇය ආදරය කරන එකම වස්තුව වූ සිද්ධාර්ථ දකින පළමු මොහොතේදී සැබෑ යශෝදරා දේවිය තම ස්වාමියා වූ බුදුන්ගේ පාද අල්ලා ඇඬූ ආකාරය ඉතාමත් නාට්‍යානුසාරීව සිදුකල හැකිව තිබුණි. නමුත් එයට වෙන් කර තිබුනේ විනාඩියකටත් අඩු කාලයකි. ඒ සිදුවීම නිධානය චිත්‍රපටයේ අවසානයේ ගාමිනී මාලනී නිධානය ගන්නා අවස්ථාව මෙන් ඓතිහාසික එකක් කිරීමට තිබුණත් යසෝදරාගේ හෙයාර් ස්ටයිල් එක මේකප් එක ලිප්ස්ටික් සියල්ල කිසි වෙනසක් නොවී එසේම තබාගෙන කඳුළු බිංදු තුන හතරක් හලා ප්ලාස්ටික් කකුල් දෙකක් බදාගෙන ඉකි බිඳ විහිලුවක් කලේය. ස්වප්නා වගේය. යසෝදරාට කුඩා කාලයේ ලබා දුන් එන්නත් සලකුණක්ද ඇගේ අතක දැක්කා මතකය.

    ඒ වගේම චිත්‍රපටයට යසෝදරා කියා නම දමා සිදුකර ඇත්තේ යසෝදරා දේවියව විකිණීමය. මොකද චිත්‍රපටය පුරා තිබුනේ සාමාන්‍යයෙන් අපි දන්නා බුද්ධ චරිතය කතාව මිස වෙන එකක් නෙමේය. යශෝදරාවගේ චරිතය ඉලිප්පීමට සැබෑ උවමනාවක් තිබ්බානං සිද්ධාර්ථ ගිහිගෙය හැර ගිය හය අවුරුද්දේ යශෝදරාව ජීවිතය ගෙවුන ආකාරය චිත්‍රපටයට ඇතුළු කරන්නට තිබ්බාය.

    ඇරත් අවසානයේ පිරිනිවන් පාන්නේ තරුණ යශෝදරාමය. ඇයගේ වයසේ හෝ රූපයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. හිටියාටත් වැඩිය ලස්සනය.
    නමුත් මම දන්නා බුදුදහමට අනුව බුදුන්ද අවසාන කාලයේ ආනන්ද තෙරුන්ට කියන්නේ ආනන්ද මට වෙහෙසයි මහළුයි කියාය. සියළු සංස්කාර ධර්මයෝ නැසෙනවා කියාය. නමුත් යශෝදරාට එය අදාල නොවී ඇත.
    තුමිඳු දොඩංතැන්න ඉන්නේ කවිකාරයෙක්ටය. කවිකාරයා චිත්‍රපටය පුරා කවි කියයි. වෙන දේවල් පවසයි. වෙලාවකට හිතෙනවා ඒකත් ජෙහා... එක්කො ඕන්නෑ..

    අන්තිමට හිතුනේ "උප්පලවණ්ණා" හදපු සුනිල් ආරියරත්නමද මේක හැදුවේ කියාය.
    .
    -චමල් අකලංක පොල්වත්තගේ
     
    • Like
    Reactions: SSR@

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    සමහර ඒවා නම් ඇත්ත තමයි

    අන්තිම වෙනකොට ඇනුමක් දෙකකුත් ගියා මට නම්

    කවිකරයාට නම් ගලපෙන්නෙම නැ ජෙහාන්

    සම්මානනීය අධ්‍යක්ෂක වරු කියලා උඩින් තිබ්බට දැන් කටේ තියන්න බෑ කරන නිර්මාණ

    සුනිල් ආරියරත්නගේ "අලි කතාව" බලපන් හෝල් එක ඇතුලෙම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ ඉතින් ෆිල්ම් බලන් නැති හින්දාම හොදයි ;)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සමහර ඒවා නම් ඇත්ත තමයි

    අන්තිම වෙනකොට ඇනුමක් දෙකකුත් ගියා මට නම්

    කවිකරයාට නම් ගලපෙන්නෙම නැ ජෙහාන්

    සම්මානනීය අධ්‍යක්ෂක වරු කියලා උඩින් තිබ්බට දැන් කටේ තියන්න බෑ කරන නිර්මාණ

    සුනිල් ආරියරත්නගේ "අලි කතාව" බලපන් හෝල් එක ඇතුලෙම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා

    :yes::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    අනේ ඉතින් ෆිල්ම් බලන් නැති හින්දාම හොදයි ;)

    අනේ ඔව් මමත් දැන් යන්නේ නෑ
    අපරාදේ සල්ලි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    සමහර ඒවා නම් ඇත්ත තමයි

    අන්තිම වෙනකොට ඇනුමක් දෙකකුත් ගියා මට නම්

    කවිකරයාට නම් ගලපෙන්නෙම නැ ජෙහාන්

    සම්මානනීය අධ්‍යක්ෂක වරු කියලා උඩින් තිබ්බට දැන් කටේ තියන්න බෑ කරන නිර්මාණ

    සුනිල් ආරියරත්නගේ "අලි කතාව" බලපන් හෝල් එක ඇතුලෙම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා
    මේගොල්ලෝ ප්‍රබුද්ධ කට්ටියනේ
    ලංකාවේ ෆිල්ම් industry එකනම් ඉන්දියාවට කුලියට දුන්නනම් හරි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අහෝ
    විදග්ධ පුක් ශෝධක
    නුදුටු මොක් පුර

    කියලා තමයි ඉතිං අපිටත් කියන්න තියෙන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සමහර ඒවා නම් ඇත්ත තමයි

    අන්තිම වෙනකොට ඇනුමක් දෙකකුත් ගියා මට නම්

    කවිකරයාට නම් ගලපෙන්නෙම නැ ජෙහාන්

    සම්මානනීය අධ්‍යක්ෂක වරු කියලා උඩින් තිබ්බට දැන් කටේ තියන්න බෑ කරන නිර්මාණ

    සුනිල් ආරියරත්නගේ "අලි කතාව" බලපන් හෝල් එක ඇතුලෙම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා

    :lol::lol::lol:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ඇත්තටම මටත් ඕක තිබ්බ අවුලක්. රජ මාලිගයක තිබෙන වීශාලත්වය, රජ කෙනෙක් සතු වන තේජස ඒවා මොකුත් නෑ. අනිත් එක මා අසා ඇති පරිදි මේ ලෝකයේ වැඩියෙන්ම හැඩු කාන්තාවක් වුවා නම් ඒ යශෝදරා විසින් තම ස්වාමියා ගිහිගෙය හැර යන මොහොතේදී හඩන අවස්තාව බවයි. ඉතින් ඒ වෙලාවේ ඒ නිළිය අඩන විදියට කිසිම දුකක් ඇති වෙන්නේ නෑ. නිකන් ඉකි ගගහ අඩන්නේ. ඔයිට වඩා හොදට පූජා උමාශංකර් අර අංජලිකා movie එකේ අඩනවා. අර ජෙහානයගේ සින්දු මහා ඇඩියාවක්.

    අර දිග්විජය කියල නාටිටියක් අපේ ගෙදර බලනවා. ඒකෙ පට්ට විදියට රජ මාලිගා, රජවරු, locations අරන් තියෙනවා.:rolleyes::rolleyes: සිරාවට කියන්නේ. ඉන්දියාවට අදිනවා නෙවෙයි. උබලත් දැකලත් ඇති ඇලෙක්සැන්ඩර් අදිරාජ්‍යයා ගැන කතාවක් යන්නේ සිරසේ. ඒකෙ ඒ ගැම්ම එනවා. Game of Thrones වලත් ඒ රජ ගැම්ම එනවා.
    මේකයි මේ වගේ නිර්මාණ ඉදිරියටත් කවුරු හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට අදාළ හරි locations ගන්න. නළු නිලියෝ තොර්ගනිද්දී පවා අපි දැකල නැති චරිත ගන්න බලන්න. අනිත් එක මේ වගේ බුද්ධ කාලේ කතා වස්තු කරද්දී හෝ රජ කාලේ චරිත කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනි මොකද මිනිස්සු මේ කතා හොදට අහල තියෙන්නේ. එතකොට අපි දන්නා කතාවක් සිනමාවට නගද්දී ඒකට නාට්ටියමය ගතියක් එකතු වෙන්න ඕනි. නිකන්ම කතා පෙළගැස්මක් නම් කරන්නේ ඉන් වැඩක් වෙන්නේ නෑ. මේ වගේ නිර්මාණ කරන්න ලොකු budget එකක් කොහොමත් ඕනි වෙනවා. අඩු budget එකකින් කරද්දී තමයි මේ ප්‍රශ්න එන්නේ.කොහොම නමුත් උත්සාහය අගය කරනවා.
     
    Last edited:

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0

    Dikvijaya is the story of Chandraguptha Maurya who was the best empiroer of Asia all time even Alexander could not defeat him.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Very true. I still prefer the first Sri Lankan movie made around Prince Siddhartha's life "Shri Siddhartha Gauthama". Compared to that "Yashodhara" movie was a poor product starting from the cast.

    Also I should mention "Little Buddha" movie which was even more better than Sri Lankan adaptations.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඓතිහාසික කතා, බුද්ධ චරිතය අල්ලල කරපු නිර්මාණ නිසා සිද්ද වුණේ එකම එක දෙයයි.... ඒ කතාවල තිබ්බ වටිනාකම දියාරු වෙලා ගිය එක විතරමයි...
    දැන් දුටුගැමුණු කියපුවාම මැවිල පේන්නේ හාල් පාරුවෙක්....:oo:
    සිද්ධාර්ථ කියපුවාම මතක් වෙන්නේ මල් පොන්සියෙක්....:oo:
    පත්තිනි කියපුවාම මතක් වෙන්නේ ගණිකාවක්....:sorry:
    කරන්න බැරි දේවල් නොකර හිටිය නම් අඩුම තරමේ ඒ කතාවල ඓතිහාසිකත්වයවත් රැුකියල තියෙයි..... :baffled:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සමහර ඒවා නම් ඇත්ත තමයි

    අන්තිම වෙනකොට ඇනුමක් දෙකකුත් ගියා මට නම්

    කවිකරයාට නම් ගලපෙන්නෙම නැ ජෙහාන්

    සම්මානනීය අධ්‍යක්ෂක වරු කියලා උඩින් තිබ්බට දැන් කටේ තියන්න බෑ කරන නිර්මාණ

    සුනිල් ආරියරත්නගේ "අලි කතාව" බලපන් හෝල් එක ඇතුලෙම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා

    :yes::yes::yes::yes::yes: