යහපාලනයකට ඡන්දේ දීල සෑහිමකට පත් නොවන අය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    උබ ගියාට කමක නෑ බන් ගිය පාර මරාට ගහල සිත් හැරුන උන් ඕන තරම් මේ පාර අනිත් පැත්තට බන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    aurudu 10k MR rata kara ubala a aurudu 10 karapu wenasa Masa 3nen balaporothu wenawada?

    ඔව්. මෛත්‍රීට වෙනසක් කරන්න පුලුවන් ගතියක් පේන්න තියෙනව.

    1.මෛත්‍රීට ප්‍රධාන පක්ෂ දෙකේම බලයක් නැහැ. ඒ නිසා ස්වාධීනව වැඩකරන්න පුලුවන්.
    2.පෙනුන විදියට මේ ජනාධීපති තීරන ගන්නෙ කලින් විධායක ජනාධිපතිවරුන්ට වඩා වෙනස්ම විදියකට, ඒක තාම හුඟක් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    JVP.jpg

    උඹ ඕක දාපු නිසාම මං ජවිපෙට ඡන්දෙ දෙන අදහස අතෑරිය :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    දවසේ විහිලුව : කවුද මචං උඹට කිව්වේ KCC එක මහින්දගේ වැඩක් කියල?:rofl: මනුස්සයෝ ඒක පුද්ගලික ආයෝජනයක් :lol: ඕක පටන් ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ :rofl: දැන් තුසිත විජයසේන මහත්තයා හදපු KCC එකත් මහින්දගේ පොතටද වැටෙන්නේ :rofl:........මචං ප්ලීස් නොදන්න දේවල් කියන්න ගිහින් මෙහෙම බයිට් වෙන්න එපා බලන් ඉන්න අපිටත් ලැජ්ජයි :rofl:

    අපරාදේ උඹලට මේවා තේරුම් කරන්න යන කාලේ.
    KCC වගේ ව්‍යාපෘති ගොඩක් රට වටේ වුණා. ඒක මහින්ද කළා කියන එක නෙවේ පොයින්ට් එක. ඒකත් නෙළුම් කුළුණ වගේ Glamour Project එකක්. ඒක රජයෙන් කරපු එකක් නෙවෙයි. 2005 ඕපන් කළත් KCC ප්‍රොජෙක්ට් එකට කරපු investment වලට ආපහු මුදලක් උපයාගන්න තරමෙ Shop එකක් වැටුනෙත් 2008 දී. යටින් තියෙන ලින්ක් එක බලන්න.

    http://www.kandycitycentre.lk/shops.php

    PFIK එකට අවුරුදු හතරකට වඩා ගියා වාහන අංගනයෙන් ඇර සිටි සෙන්ටර් එකෙන් සැලකියයුතු ලාභයක් ගන්න පටන් ගන්න. KCC එක 2005 ඕපන් කළාට ඔපරේට් වෙන්න ගත්තේ 2008 දී. 2008 ඉඳලත් අවුරුදු ගණනක් ගියා Break-even point (https://en.wikipedia.org/wiki/Break-even) එකට එන්න. නෙළුම් කුළුණත් KCC එක වගේ තමයි. බලාගෙන ඉන්න ලාබ ලැබෙන්නෙ නැද්ද කියලා. මේ පෞද්ගලික ආයෝජකයන්ගේ ප්‍රොජෙක්ට් වලට මහින්දගෙ දායකත්වයයි ඒ ඔක්කොම ලාබ ගන්න හැටියි ලාබ නොලැබෙන ඒවා මොනවද කියලයි පහදන්න නම් ලියන්න වෙනවා පොතක්.
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අපිත් වයි පයි කෝටා එකටයි 10,000 පඩි කතන්දර වලටයි රැවටුනා. අන්තිමට උනේ මෛත්‍රී රනිල් සුසංයෝගයේ ස්වංවින්දනය දැකීම විතරයි. චම්පිකගේ බොරු, රවී ගෙ නයි, සුජීව ගේ කෙප්ප කෙබර වලින් දැන් නම් යහපාලනේ පඩේකට වැඩක් නෑ. බලය ලැබුණ ගමන් කලේ උන්ගේ මඩිය ගහගත්ත එක විතරයි.

    මහින්දයා හොරකම් කලා තමයි. ඒත් මුන් දින 180 ට රටට කරපු පාඩුව ඊට වඩා සෑහෙන්න බරපතලයි.

    ලයිට් බිලේ ඉදන් සේරටම දැන් කෙල වෙලා ඉවරයි. අඩු කරපු ඒවත් දින 180න් ශේප් එකේ පරන ගාණටම ආව.

    ආයේ නම් යහපාලනේ මගෙ බල්ලටවත් එපා
    :nerd::nerd:
     
    ඇයි රාජිතගේ බිලියන 30 මෙගා ඩිල් නයි නලින්ගේ ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් නයි මංගලගේ US$18billion නයි :lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිරෝද පක්ෂයක්* බවට පත් වූ බව මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමි.

    *ත්‍රිරෝද පක්ෂයක් යනු මුළු සාමාජිකත්වයටම එකට
    ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි පක්ෂයකි.

    ixb8eg.jpg

    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. මෛත්‍රීට වෙනසක් කරන්න පුලුවන් ගතියක් පේන්න තියෙනව.

    1.මෛත්‍රීට ප්‍රධාන පක්ෂ දෙකේම බලයක් නැහැ. ඒ නිසා ස්වාධීනව වැඩකරන්න පුලුවන්.
    2.පෙනුන විදියට මේ ජනාධීපති තීරන ගන්නෙ කලින් විධායක ජනාධිපතිවරුන්ට වඩා වෙනස්ම විදියකට, ඒක තාම හුඟක් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.

    1) බලයක් නැත්තන් පක්ශ නායකකම තියන් ඉන්නෙ මොන හේතුවකටද? බල ලෝබී කම ඇර වෙන නමක් නැහැ ඕකට කියන්න.

    2) :lol::lol::lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිරෝද පක්ෂයක්* බවට පත් වූ බව මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමි.

    *ත්‍රිරෝද පක්ෂයක් යනු මුළු සාමාජිකත්වයටම එකට
    ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි පක්ෂයකි.

    ixb8eg.jpg
    :oo::oo::baffled::baffled:
     
    sathhaanda

    Member
    Jul 26, 2015
    22
    5
    0
    මම යහපාලනේට ඡන්දේ දුන්නේ එත් දැන් යහපාලන කාරයෝ කියපුව කරන්නේ නැතුව ඡන්දෙකට ගියා .මම නම් ආයේ යහපාලන කාරයන්ට ඡන්දේ දෙන්නේ නෑ .උබලත් මම වගේ යහපාලනේ ගැන කලකිරිලා ඡන්දේ වෙනස් කරනවා නම් හේතුවත් කියමු.

    megadeal01.jpg

    පසුගිය දස වසර පුරා ශ්‍රී ලංකාවේ සිදුවූ සංවර්ධනය අන් කවරදාටවත් වඩා ඉහල මට්ටමක පැවතුනි. 1980 ගණන් වල සිදුවූ මහවැලි සංවර්ධන ව්‍යාපෘති මෙන් දහස් ගුණයක් විශාල ව්‍යාපෘති සිදු කරනු දක්නට ලැබුණි. ඒ තුලින් කෙටි කාලීන මෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ රාශියක් අත්කර දෙනු ලැබිණි. එහෙත් පසුගිය කාලය පුරා සමාජයේ පැතිරගිය නොයෙකුත් දුර්මත, මිත්‍යා කට කතා නිසා සංවර්ධනයේ නියම ප්‍රතිලාබ කෙසේ වෙතත් ඒ පිලිබදව ජනතාව සැකයෙන් සහ විෂම කෝණයකින් බැලීමට පටන් ගැනීම ඉතා කේදනීය තත්වයකි.

    පාඨලී චම්පික, එරන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි විෂාණු බද්ද දැනුම ඇති පුද්ගලයන් පවා තම පටු දේශපාලන වැසි තකා සිදු කරනු ලැබූ කිසිදු තර්කයක් නැති දුර්මත පිලිබදව කරුණු සහිතව ශ්‍රී ලංකා ඉංජිනේරු සංසදය විසින් එම කරුණු සංෂිප්ත පොතක් එළිදක්වා ඇත.

    ඔබට එය පහතින් කියවිය හැකිය.

    http://www.sathhanda.com/2015/07/blog-post_652.html
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මගේනම් කිසිම වෙනසක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නීතිය පක්ෂ පාට නොබලා ක්‍රියාත්මක වීම යන කරුනු සාධනීය ලෙස වෙනස් වෙලා තියෙනවා

    කොහොම උනත් මහින්ද ලොක්කම කිව්වා එයා වටෙ ඉන්නෙ හොරු උන්ව එයා ආරක්ෂා කලා කියලා තාමත් ඒ හොරු ටිකමයි එයා වටෙ ඉන්නෙ ඒනිසා මෙ පාරත් මගෙ චන්දෙ එයාට නෑ
     
    sathhaanda

    Member
    Jul 26, 2015
    22
    5
    0
    මෙන්න කොහොමද plan එක කියලා අහලම බලන්න

    මම යහපාලනේට ඡන්දේ දුන්නේ එත් දැන් යහපාලන කාරයෝ කියපුව කරන්නේ නැතුව ඡන්දෙකට ගියා .මම නම් ආයේ යහපාලන කාරයන්ට ඡන්දේ දෙන්නේ නෑ .උබලත් මම වගේ යහපාලනේ ගැන කලකිරිලා ඡන්දේ වෙනස් කරනවා නම් හේතුවත් කියමු.

    ffgggh.jpg

    එජාපය ජයග්‍රහණය කරවීමටනම් මහින්ද රාජපක්ෂ මහතාට හිමි සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙසේ හෝ බිද වැට්ටවිය යුතු බවත් ඒ ස‍දහා කළ යුතු සියල්ල මේ මොහොතේ කළ යුතු බවත් පසුගියදා නාරාහේන්පිට ජානකී හෝටලයේ පැවැති එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ නායක භික්ෂූන් වහන්සේලා තීරණය කර ඇතැයි වාර්තාවේ.

    එම භික්ෂූ පෙරමුණේ සමුළුවකින් අනතුරුව එහි ලේකම් තිනියාවල පාලිත හිමි ඇතුළු ප්‍රබලයන් පිරිස මෙම තීරණයට එළඹ ඊට අදාළ සැලැස්ම සකසා තිබේ. ඉහත සමුළුව සදහා ජනතා විමුක්ති පෙරමුණේ බහුජන නායකයකු වූ ප්‍රබලයකු වූ පූජ්‍ය දඹර අමිල හිමියන් ගෙන්ව දේශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

    මේ මොහොතේ එජාපයට සම්බන්ධ භික්ෂූන්ගේ භූමිකාව කුමක්ද? යන්නත් මහින්දගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය කෙළෙසන්නේ කෙසේද, යන්නත් එහිදී එක්සත් ජාතික භීක්ෂු පෙරමුණේ පූජ්‍ය අඹන්වැල්ලේ ප්‍රබලයකු වන ඥානාලෝක හිමියන් විසින් දැඩිසේ අවධාරණය කර ඇත.
    අපි දැන් කොලොන්නාවේ ගිහිල්ලා කතා කරන්නේ මොකක්ද? කුඩු සහ කුණු, කොළඹ දිස්ත‍්‍රික්කේ කතා කරන්නේ මොකක්ද? කුරුණෑගල කතා කරන්නේ මොකක්ද? ‘මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලට ගියේ මොකද?හම්බන්තොට නිදන් ටික හාරලා, මිනිහා බැලූවා ගම්පහට ගිහිල්ලා නිදන් තියනවාද කියලා. ඒවා බැසිල් හාරලා ඉවරයි. දැන් රාජධානි 5ක් තියන කුරුණෑගලට ගියේ නිදන් හාරන්න’ එහෙමයි අපි කතා කරන්න ඕනෙ. දැන් අපේ චන්න වික‍්‍රමසිංහ මහත්තයා මේ හාමුදුරුවරුන් එක්ක කතා කරලා සම්පත් දායකත්වය දෙන්න ඕනෙ. මේ හාමුදුරුවරුන්ට එහෙම නැතිව නිකන් මේ ප‍්‍රදර්ශනයක් කරලා වැඩක් නැහැ. ‘එහෙම නේද හාමුදුරුවනේ’

    දැන් මේ හාමුදුරුවරුන්ගේ මෙතැනට ආපු උද්යෝගය නැහැ. හාමුදුරුවරු නැගිටලා යනවා. මේකෙන් ප‍්‍රයෝජනයක් වුණේ නැහැ. චන්න වික‍්‍රමසිංහ මහත්තයෝ, ‘අපේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න, එක්සත් ජාතික පක්‍ෂය දිනන්න ඕන’ අපේ හාමුදුරුවරු මෙතෙන්ට ආවේ මහින්දට විරුද්ධව මිසක් ඉතිහාසය අහන්න නොවෙයි. ඉතිහාසය කන්ඩද? ඒක නිසා හැම හාමුදුරුවොන්ටම සම්පත් ලබාදීලා මොකක් හරි අන්න එහෙම වැඩපිළිවෙළකට යන්න ඕනේ’’

    එම හඬ පටය පහතින්

    http://www.sathhanda.com/2015/07/5-audio.html
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මගේනම් කිසිම වෙනසක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නීතිය පක්ෂ පාට නොබලා ක්‍රියාත්මක වීම යන කරුනු සාධනීය ලෙස වෙනස් වෙලා තියෙනවා

    කොහොම උනත් මහින්ද ලොක්කම කිව්වා එයා වටෙ ඉන්නෙ හොරු උන්ව එයා ආරක්ෂා කලා කියලා තාමත් ඒ හොරු ටිකමයි එයා වටෙ ඉන්නෙ ඒනිසා මෙ පාරත් මගෙ චන්දෙ එයාට නෑ

    11800313_1607513132832666_1380454941655811866_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අපරාදේ උඹලට මේවා තේරුම් කරන්න යන කාලේ.
    KCC වගේ ව්‍යාපෘති ගොඩක් රට වටේ වුණා. ඒක මහින්ද කළා කියන එක නෙවේ පොයින්ට් එක. ඒකත් නෙළුම් කුළුණ වගේ Glamour Project එකක්. ඒක රජයෙන් කරපු එකක් නෙවෙයි. 2005 ඕපන් කළත් KCC ප්‍රොජෙක්ට් එකට කරපු investment වලට ආපහු මුදලක් උපයාගන්න තරමෙ Shop එකක් වැටුනෙත් 2008 දී. යටින් තියෙන ලින්ක් එක බලන්න.

    http://www.kandycitycentre.lk/shops.php

    PFIK එකට අවුරුදු හතරකට වඩා ගියා වාහන අංගනයෙන් ඇර සිටි සෙන්ටර් එකෙන් සැලකියයුතු ලාභයක් ගන්න පටන් ගන්න. KCC එක 2005 ඕපන් කළාට ඔපරේට් වෙන්න ගත්තේ 2008 දී. 2008 ඉඳලත් අවුරුදු ගණනක් ගියා Break-even point (https://en.wikipedia.org/wiki/Break-even) එකට එන්න. නෙළුම් කුළුණත් KCC එක වගේ තමයි. බලාගෙන ඉන්න ලාබ ලැබෙන්නෙ නැද්ද කියලා. මේ පෞද්ගලික ආයෝජකයන්ගේ ප්‍රොජෙක්ට් වලට මහින්දගෙ දායකත්වයයි ඒ ඔක්කොම ලාබ ගන්න හැටියි ලාබ නොලැබෙන ඒවා මොනවද කියලයි පහදන්න නම් ලියන්න වෙනවා පොතක්.

    මචං දන්නේ නති දේවල් කියවන්න ගිහින් පජාත උන බව දැන්වත් පිලිගනින් :lol: KCC එක ලාබ ලැබුවත් පාඩු ලැබුවත් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි මොකද ඒක අදාළ ආයෝජකයාගේ පුද්ගලික සල්ලි මිසක් අපේ සල්ලි නෙවෙයිනේ :lol:......අනික KCC කියන්නේ නුලුම් කුලුන වගේ ලොන්ත පොලොස් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි :rofl:

    අනිත් එක KCC එකට මහින්දයෙක් සම්බන්ද වෙන්නේ කොහොමද KCC හදන පටන් ගත්තේ 1993 ...ඊට පස්සේ ආපහු කාලයක් නවත්තල තිබිලා අය පටන් ගත්ත 2003:lol:

    පොතක් එපා කෙටියෙන් කියපන්කො මහින්දයා KCC එකට සම්බන්ද වෙන හැටි පුතේ :rofl:

    නෙලුම් කනුව ආදායම් උපයනවා කියන්න ඕනේ අදාළ සංක්‍යා දත්ත එක්ක වරෙන් බබෝ :lol: