යහපාලනයකට ඡන්දේ දීල සෑහිමකට පත් නොවන අය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගියපාර යහපාලනේට මේ පාර මහින්ද ප්‍රමුක සන්ධානෙට,රනිල් සහ ජේවීපී මේ රටට කරපු වැඩක් නැති නිසා මහින්දගෙ වැරදි මාර්කට් කරනවා විතරයි.මහින්දගෙ කාලෙ අඩුම ගානෙ අපිට බලාපොරොත්තුවක් තිබුනා මේ රට හොඳ තැනකට ගන්න පුලුවන් කියල,දැන් කරන්නෙ ඔලුගෙඩි ගාන බලලා සමුර්දියයි,දීමනායි කියවන එක විතරයි:growl::growl::growl::growl::growl:අලුත් ප්‍රොජෙක්ස්ට් එකක් පේන තෙක් මානෙක නෑ.ඒ මදිවට තියෙන ටිකටත් කෙලිනවා රනිලා :baffled::baffled:
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

    මුල් වසර හතර ඇතුලත,
    තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

    පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
    1. දකුණු අධිවේගය
    2. කටුනායක අධිවේගය
    3. නුවරඑලිය මහාමාර්ගය
    4. රත්නපුර බදුලු මහා මාර්ගය
    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

    “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)



    :yes::yes::yes: Bump
     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මොළේ දෙන්න බෑනෙ. ලෝකෙ මිනිස්සු අපේ රටට ඇවිත් තරු පහේ හොටෙල් එකෙන් කාල යනව බලන් උබට සවයං වින්දනේ විදින්න පුලුවන් උනාට අපිට බෑ. :lol::lol:
    රටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ රටේ තරු පහේ හොටෙල් එකෙන් සහ පිටරටවල් වල තරුපහේ හොටෙල් වලින් කන්න පුලුවන් ආර්තිකේකුයි හැදෙන්න ඕනෙ. :):rofl: ඒක තේරෙන්නෙ නැති ඔලමොට්ටලයො තමා පිටරට සුද්ද ඇවිත් කාල යන එකට සතුටු වෙන්නෙ. :lol::lol: අට පාස් නැති හරක් දේශපාලනේ කරනකනුයි.., දේශපාලනේ අර්තකතනය කරනකුනුයි මේ රට හැදෙන්නෙ නැහැ කොහොමත්..

    අනිත් තැන් වලත් පට්ටපල් කෙබර ලියල තියෙන්නෙ. මහින්ද අනුගාමිකයන්ට හොදයි. නොරොච්චෝලෙ ලාබ ලැබෙමින් පවතින හැටි හොදට පේනව. :rofl: අනික දක්ශින අධිවේගී මාර්ග ප්‍රොජෙක්ට් මහින්දගෙ නෙම චන්ද්‍රිකාගෙ. :P දන්නෙ නැත්නම් හොයපන්. 2005 නෙමේ පටන් ගත්තෙ. 2002 දි ඉඩන් ගත්තෙ. :lol: කට ඇරගෙන ඒ දවස් වල අයිටීන් බලපු වහල්ලුන්ටම තමා උබේ
    තර්ක ගැලපෙන්නෙ. මන් දැක්ක මත්තලත් අති සාර්තකයි කියන්න සෑහෙන්න ගේමක් දෙනව. අනේ බන් රිපයි නොකලට කමක් නෑ. උබල වගේ වහල්ලු එක තර්ක කරල කිසි තේරුමක් නෑ. :lol::rofl::(:(

    රටේ මිනිස්සුන්ට තරු පහේ හෝටල්වලින් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් හැදෙන්න ඕනේ කියන එක පිලිගන්නවා බන්. එත් ඒ ආර්ථිකේ එක රැයෙන් හදන්න බෑනේ. ඒ ආර්ථිකේ හදාගන්නනං අපිට ආදායමක් එන්න ඕනෙනේ. ඒ හින්ද තමයි මුලින් සුද්දොන්ට ඒවගෙන් කන්න දීල උන්ගේ සල්ලි අපේ රටට ගන්නේ. උඹ කියන විදිහට අපිට එක රැයෙන් තරු පහේ හෝටල්වලින් කාම කන්න පුළුවන් ආර්ථිකයක් හැදෙන්න ඕනේ.