යහපාලන පිහිටෙන් වර්ධරාජා යළි යාපනයට

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
යහපාලන පිහිටෙන් වර්ධරාජා යළි යාපනයට

උතුරු නැගෙනහිර දෙපළාත ඊළාම් රාජ්‍ය බවට ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් පසුගිය සිකුරාදා (17) යාපනයට පැමිණ තිබේ. 1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ 1988 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්‌වා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස පත්විය.

වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා ඊලම ප්‍රකාශ කර පැය ගණනාවක්‌ ඉක්‌මවීමට මත්තෙන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර එහි පූර්ණ බලය ආණ්‌ඩුකාර ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්න මහතාට පැවරීය. මේ අනුව පෙරුමාල්ගේ ඊළාම් සිහිනය සුළඟට ගසාගෙන ගියේය. සැබැවින්ම මෙය ඊළාම් විගඩමක්‌ම පමණක්‌ විය. උතුරු නැගෙනහිර ඊළම පිහිටුවීම ගැන කළ විමසුමකදී එවක රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා ප්‍රකාශ කළේ පෙරුමාල්ගේ ඊළම් කතාව අහලා මම හිනාවුණා" යනුවෙනි. ඉන්දියාවද වහාම නිවේදනයක්‌ නිකුත් කරමින් මේ ඊළාම් ප්‍රකාශය හෙළා දැකීය. තටු සිඳුණු වර්ධරාජා අවසානයේ ඉන්දීය ඔත්තු සේවාවල පිහිටෙන් ඉන්දියාවට පැන ගත්තේය.

ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් වසර 25ට පසු පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ. අනතුරුව නල්ලූර්හි අප්‍රේල් 17 දාම පැවති ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත. එමෙන්ම දැනට උතුරේ වැඩි ප්‍රමාණයක රජයේ හමුදාව සිටීම උතුරේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට භාධාවක් බවද හෙතෙම පවසා තිබේ. ඊට අමතරව යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සාකච්ඡාවකටද පෙරුමාල් සහභාගි වී ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් වර්ධරාජා පෙරුමාල් නියෝජනය කළ ටී.යූ.එල්.එෆ් නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා මීට විරෝධය පලකරමින් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී නොමැත.

දින 400 ක්‌ උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස කටයුතු කළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැතැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්‌වූ එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය.

1979 දී ඊ.එෆ්.ආර්. එල්. එන්. පක්‍ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්‌ථාපිත කළේය. එම බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්‍රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද?

වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය. එවන් පසුබිමක වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්‌ද යන්න අවධානයට ලක්කළ යුතුය. මේ පසුබිම තුළ ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවයි.

එපමණක් නොව මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්‍රියාදාමයේ යථාර්ථය කුමක්‌ද?

ඉතිහාසය දෙස බැලූ කල, 1990 මාර්තු 01දා මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී උතුරු නැගෙනහිර පළාත් සභාව රැස්‌විය. එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ මහ ඇමැති වර්ධරාජා උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය බවට ප්‍රකාශයට පත්කරන බවත් පළාත් සභාව ඊළාම් ජනරජයේ ජාතික රාජ්‍ය සභාව වශයෙන්ද නම්කරන බව ප්‍රකාශ කළේය. මෙහිදී ඔහු විශේෂ ප්‍රඥප්තියක්‌ද ප්‍රකාශයට පත් කළ අතර එය කියවද්දී ඊ. පී. ආර්. එල්. එෆ්. සභිකයන් අත්පොළසන් දෙන්නට විය. මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ සභිකයන් සභාවෙන් ඉවත්ව ගිය අතර මෙදින එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් සභාවට පැමිණ සිටියේ නැත. ඊළාම් රාජ්‍යය ප්‍රකාශ කරමින් වර්ධරාජා පෙරුමාල් කොළඹ ආණ්‌ඩුව වෙත ඉල්ලීම් ගණනාවක්‌ද ඉදිරිපත් කළ අතර එයට 1957 න් පසු ඇති කළ උතුරු නැගෙනහිර ජනපද විසුරුවා හැරීම, රජයට ලැබෙන විදේශ ආධාරවලින් 20% ක්‌ උතුරු නැගෙනහිරට ලැබීමට සැලැස්‌වීම, කඳුරට සඳහා වෙනම පළාත් සභාවක්‌ ඇති කිරීම, උතුරු නැගෙනහිරින් විශේෂ කාර්ය බළකාය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්‌ විය.

අද ප්‍රභාකරන් නැතද, වර්ධරාජා පෙරුමාල් මේ කැස කවන්නේ එදා දිනාගත නොහැකි වූ ඊළම යලි දිනාගන්නද යන්න හොඳින් සිතා බලා පමා නොවී පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.
source: http://offair.nethfm.com/article/16360
http://offair.nethfm.com/article/16360#sthash.IKGMhSyr.dpuf
 
Last edited:
  • Like
Reactions: kinkon

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊලමට දෙමු අපි අපමණ අගයක් -
    මීට මෛත්‍රී.. නැ නැ රනිල්

     
    Last edited: