යහපාලන NEWS.... එසැනින් ඔබ වෙත...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දලයි ලාමා තුමාට ශ්‍රී ලංකා වීසා නොලැබෙයි ද?

    දයා ලංකාපුර

    තිබ්බතයේ බෞද්ධ නායක දලයි ලාමා තුමාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

    ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ සඳහා පැමිණෙන ලෙසට මහාබෝධි සමාගමේ අධිපති බානගල උපතිස්‌ස නාහිමියන් විසින් දලයිලාමා තුමාට ආරාධනා කොට තිබේ.

    එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා දලයිලාමා තුමාට වීසා නිකුත් කිරීම චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට හේතුවිය හැකි බැවින් විදේශ අමාත්‍යාංශය ඒ සඳහා අවසර නොදෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

    චීනය :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවටම?:lol:
    උඹ දන්නවද භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියල?:lol:

    තාම ඒ ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දැම්මේ නැතෙයි...:rofl: කෝ :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්දට එරෙහි පෙත්සම ඉවතට

    සරත් ධර්මසේන

    ඉකුත් ජනාධිපතිවරණයට ආසන්න දින කීපයේ පළාත් ගණනාවක සන්නද්ධ හමුදා ස්‌ථානගත කිරීම බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්‌ ලෙස තීන්දු කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු ආරක්‌ෂක ප්‍රධානීන්ට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31 දා) ප්‍රතික්‌ෂේප කළේය.

    අගවිනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ විභාගයක්‌ පැවැත්වීමට තරම් නඩුවක්‌ පෙත්සමෙන් උසාවියට ඉදිරිපත්වී නැති බවයි.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේක ඉන්දියාවේ කොලනියක් බන් දැන්. පාරේ රෙන උන් , රෙන්න වැසිකිලි නැති උන්

    චීනේ කෝලනියක් උන නං මීට වැඩ කොච්චර හොඳයි ද ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාම ඒ ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දැම්මේ නැතෙයි...:rofl: කෝ :P

    එරෝසන්ගෙන් ඇහුවනම් කතිපයාධිකරේට අනුව පැහැදිලි කරයි :rofl:

    බයියෝ නාවන්න වෙලාවක් නෑ :rofl: මෙතනින් කියවල තේරුම් ගන්න :P
    දවසින් දවස පාඩුව වෙනස් වෙන භාණ්ඩාගාර බැඳුම්කර ඇත්තේ නලින් ද සිල්වාගේ ජාතික චින්තනේ වෙන්ටෑ :rofl:


    http://en.wikipedia.org/wiki/Government_bond
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එරෝසන්ගෙන් ඇහුවනම් කතිපයාධිකරේට අනුව පැහැදිලි කරයි :rofl:

    බයියෝ නාවන්න වෙලාවක් නෑ :rofl: මෙතනින් කියවල තේරුම් ගන්න :P
    දවසින් දවස පාඩුව වෙනස් වෙන භාණ්ඩාගාර බැඳුම්කර ඇත්තේ නලින් ද සිල්වාගේ ජාතික චින්තනේ වෙන්ටෑ :rofl:


    http://en.wikipedia.org/wiki/Government_bond

    ඒ කියන්නේ දැන් මොනම පාඩුවක් වත් වෙලා නැහැ ඕන්.. උන් සුද්දෝ :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11124806_1036888579673182_7984572830098414719_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ දැන් මොනම පාඩුවක් වත් වෙලා නැහැ ඕන්.. උන් සුද්දෝ :rofl:

    නෑ එහෙම කිව්ව තැනක් තියනවා නම් පෙන්නපන්කෝ?
    පාඩුවක් වෙලා නම් ඒක අරු කිව්වා වගේ දවසින් දවස වෙනස් වෙන්නේ නෑ කියල කිව්වේ......තෙරුනයි?:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ එහෙම කිව්ව තැනක් තියනවා නම් පෙන්නපන්කෝ?
    පාඩුවක් වෙලා නම් ඒක අරු කිව්වා වගේ දවසින් දවස වෙනස් වෙන්නේ නෑ කියල කිව්වේ......තෙරුනයි?:rofl:

    :yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What happened to MR killings of innocent BOI worker at Biyagama inside the factory premises for protest against EPF Act amendment.
    What happended to killings of 3 innocent people brutally killed (including 2 children) at Ratupaswala for protest against the pollution of drinking water fron Heyleys factory
    What happened to UNP supporters who were killed either in protest or otherwise.
    What happended to illegal Hotel that was under construction at Sri Pada forest who did it and what happended.
    ....... too many to write here
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    What happened to MR killings of innocent BOI worker at Biyagama inside the factory premises for protest against EPF Act amendment.
    What happended to killings of 3 innocent people brutally killed (including 2 children) at Ratupaswala for protest against the pollution of drinking water fron Heyleys factory
    What happened to UNP supporters who were killed either in protest or otherwise.
    What happended to illegal Hotel that was under construction at Sri Pada forest who did it and what happended.
    ....... too many to write here

    Oh come on man... I'm not talking about MR... this is not about him.MR was chased away by the SL voters.Also I'm not comparing governance of MR and M3. Just revealing what M3 and Ranil are doing.SO talk about these things.. Don't try to connect MR here.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරියට එරෙහිව
    අල්ලස්‌ කොමිසමටම පැමිණිල්ලක්‌
    රාජ්‍ය සේවයේ වැටුප් දෙකක්‌ අරගෙන

    අජිත් අලහකෝන්, ලසිත දුමින්ද සහ සමන් රණවීර

    රාජ්‍ය සේවයේ වැටුප් දෙකක්‌ ලබාගත් නිලධාරිනියක්‌ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කිරීම නීති විරෝධී බව පවසමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ඊයේ (01) එම කොමිසමේ සභාපතිවරයාට පැමිණිල්ලක්‌ භාර දුන්හ.අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස මෑතකදී පත් කළ නිලධාරිනිය 2003 වසරේ සිට 2008 වසර දක්‌වා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් වැටුප් ඉපයූ බව මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලේ පෙන්වා දී තිබේ. ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමේ නීති උපදේශිකාව ලෙසද සේවය කරමින් ඇය එම කාලය තුළදී තවත් වැටුපක්‌ ලබාගෙන ඇතැයිද පැමිණිල්ලේ දැක්‌වේ.

    මෙය විෂමාචාර ක්‍රියාවක්‌ බවද, අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස ඇය දේශපාලන හේතූමත ඇතැම් පැමිණිලි විභාග කිරීම කඩිනම් කරමින් සහ තෝරාගත් පැමිණිලි විභාගය හිතාමතා ප්‍රමාද කරමින් සිටින බවටද පැමිණිලිකාර මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලේ වැඩිදුරටත් දක්‌වා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා, මනූෂ නානායක්‌කාර, උදිත ලොකුබණ්‌ඩාර සහ ජානක වක්‌කුඹුර යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක්‌ මෙම පැමිණිල්ල භාර දුන්හ.

    මෑතකදී පත්කරන ලද අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඊයේ (01 දා) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්‌ එම කොමිසමට පැමිණියහ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    "පළිගැනීම් ඉවර නෑ... මිනිස්‌සු අපිට හිනා වෙනවා"
    දිවුරුම් දී දින 10කින් කරල්ලියද්ද ඉල්ලා අස්‌වේ

    අජිත් අලහකෝන් සහ නෝමන් පළිහවඩන

    බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස දින දහයකට පෙර (පසුගිය 22 දා) දිවුරුම් දුන් තිස්‌ස කරල්ලියද්ද මහතා එම ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය පෙරේදා (31 දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට යවා ඇත. ජාතික ආණ්‌ඩු සංකල්පයට ගමේ ජනතාව එතරම් පැහැදීමක්‌ නෑ. ආණ්‌ඩුවේ දින සීය අවසන් වෙන්නත් ළඟයි. ඒත් එක්‌සත් ජාතික පක්‍ෂය අපේ අයගෙන් පළිගන්න එක ඉවර වෙලා නෑ. ජාතික සේවක සංගමයට බැඳෙන්න කියලා ඊයේත් ලංගම සේවක පිsරිසකට බලපෑම් කරලා. මිනිස්‌සු අපිට හිනාවෙනවා. ඒ නිසා ඉල්ලා අස්‌වෙනවා යෑයි කරලියද්ද මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

    හෙතෙම මෙසේද කීවේය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 2005 දී ජනාධිපති වුණාට පස්‌සේ 2006 දී ජාතික ආණ්‌ඩු සංකල්පය ගෙනාවේ. ඒ යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කරන්න. ඒත් විපක්‍ෂය එදා ඒකට විරුද්ධ වුණා.

    යහපාලන සංකල්පය දුෂ්කරයි. ඒත් හොඳයි. රටට අවශ්‍ය දෙයක්‌. ඒත් ඒ යහපාලනය එක පාර්ශ්වයකට විතරක්‌ තනිව කරන්න බෑ. මා වසර විස්‌සක්‌ දේශපාලනයේ නියෑළුණා මම යහපාලන සංකල්පයේ සිටින කෙනෙක්‌. වැරදි වැඩ කරලා නෑ.

    ඒත් අපේ පාක්‍ෂිකයන්ගෙන් එජාපය තවමත් පළිගන්නවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරක්‌ තනිව යහපාලනයක්‌ ගෙනයන්න බෑ. මගේ ආධාරකරුවන් මට ඉදිරියෙන් ඉන්නවා. මට ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න සිද්ධ වුණා. මම පාර්ලිමේන්තු මහ ලේකම්ටත්, ජනාධිපතිතුමාටත් දැනුම් දුන්නා නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වෙනවා කියලා. මම ජනාධිපතිතුමාගේ යහපාලනයට සියට දාහක්‌ එකඟයි. විරුද්ධ පක්‍ෂයට ගියත් මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහාය දෙනවා. කිසිම විරුද්ධත්වයක්‌ නෑ යෑයිද කරලියද්ද මහතා කීවේය.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දරුණු කොටි රඳවා සිටින මැගසින් හිරගෙදර
    ආරක්‍ෂාවෙන් යුද හමුදාව ඉවත් කෙරේ

    සමන් ගමගේ

    දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊශ්‍රායල් සටන් පුහුණුව පවා ලැබූ ප්‍රබල ත්‍රස්‌තවාදී සැකකරුවන් රාශියක්‌ රඳවා සිටින බැවින් එම බන්ධනාගාරයට විශේෂ ආරක්‍ෂාවක්‌ සැපයීම සඳහා පසුගිය කාලයේ මැගසින් බන්ධනාගාරයට හමුදා නිලධාරීන් යොදවා තිබිණි.

    මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ත්‍රස්‌තවාදී සැකකරුවෝ ඉකුත් කාලයේ අවස්‌ථා කිහිපයකදී බන්ධනාගාරය තුළ උපවාස හා උද්ඝෝෂණද පැවැත්වූහ. එම තත්ත්වය හමුවේ මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීම බරපතළ ගැටලුවක්‌ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවසීය.

    වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් පසු කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ට ලබාදී තිබූ ටී. 56 ගිනි අවිද ඉවත් කර ඇත. මේ හේතුවෙන් මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීමෙන් මැගසින් බන්ධනාගාරය දැඩි අනාරක්‌ෂිත තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Koo ban ara weradi weda kaloth wirudda wenawa kiwa toyyo
    Me kala kanni rata winasa karanawa henama gahapiya
    :(