යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇසෙන දකින යහපාලන විත්ති

    10898319_1592822164275133_7628851238653576401_n.jpg
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21616487_1910030065986658_8186218860689529623_n.png.jpg


    යහපාලන ආණ්ඩුව ථූපාරාමය ගැන කියන ඓතිහාසික සෙල් ලිපිය කොන්ක්රීට් දමා වහලා

    නාච්චාදුව - කිත්සිරි වනසිංහ

    ශ්රී ලාංකේය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදිකළ චෛත්ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථූපාරාමයේ නම සඳහන් ආදිතම පාළුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්රීට් බැම්මක් ඉදිකර ඇත. අනුරාධපුර - ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130ක් පමණ දුරින් පිහිටි පාළුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා තිබේ.
    පළමු වැනි ගජබා රජු කහවණු 5000ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථූපාරාමවාසී භික්ෂුන්ගේ සිවුපසය සඳහා පරිත්යාග කළ වගයි යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාරවාසී පුරාවිද්යා විශේෂවේදී ශාස්ත්රපති මැදමහනුවර ධම්මසිරි හිමියෝ පැවැසූහ.
    මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබාගන්නා ධන ධාන්ය ථූපාරාම භික්ෂුන් වහන්සේට සිවුපසය සඳහා ලබාදීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි.
    අදින් වසර 1800ක් පමණ පැරැණි ගාමිණී අබය (ගජබාහු රජු ක්රි.ව. 114-136) රජු සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේළි හයකින් සමන්විත වන අතර කොන්ක්රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේළි පහක් සම්පූර්ණයෙන්ම කොන්ක්රීට් බැම්මට යටවී තිබේ.
    දිගින් අඩි 8කින් හා අඟල් 4 සිට 7 දක්වා උසකින් මේ සෙල්ලිපිය යුක්ත වේ. අඟල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරැණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවැසූහ.
    ථූපාරාමය පිළිබඳ ග්රන්ථයක් රචනා කරන මල්වතු විහාර මැද මහනුවර ධම්මසිරි හිමියන් පාළුමැකිච්චාව සෙල් ලිපිය පරීක්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක ඒ පිළිබඳ තොරතුරු 'මව්බිම'ට හෙළි කළහ.
    සෙල් ලිපිය පිළිබඳ අදහස් දැක්වූ ධම්මසිරි හිමියෝ මෙසේද පැවැසූහ.
    මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණදරිය කියා. පච සහසි කියන්නේ පන් දහසකට. එම මුදල (දරිය යන්නෙන් සඳහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරලා තමයි මේ වැව ප්රතිසංස්කරණය කර තිබෙන්නේ. කහවණු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නේ රිදී කහවණු 5000ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්රීට් බදාමයට යට කරලා තිබෙන්නේ. ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාළුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනකුගේ ශිලා ලිපියක්. තමන්ගේ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේරා ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්රබල රටේ ගෞරවය රැක ගත්ත රජ කෙනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්යා දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් මේවට වගකිව යුතුයි.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    0912_01.jpg


    0912_02.jpg

    එලකිරියෙන්මයි ඉස්සුවෙ... අප්ලෝඩ් කල සහෝදරයට ස්තුතියි
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21616442_1909835762672755_8506991786273866325_n.png.jpg


    කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර ලංවිම මිලට ගනිමින් සිටිනවා

    දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව අඩු වියදම් බලාගාර ඉදිකිරීම පසෙකලා ලංකා විදුලි බල මණ්ඩලය අධික මිලකට පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමට කටයුතු කරන බවටත් රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝනය කරමින් මේ වන විට කල් ඉකුත්වූ පෞද්ගලික බලාගාර මිලදී ගනිමින් සිටින බවටත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය චෝදනා නඟයි.

    නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට 2006 වසරේදී මුල්ගල තැබූ අතර ඉන් පසුව මෙරට කිසිදු බලාගාරයක් පිහිටුවීමට මුල්ගලක්වත් තබා නැති බවත් එම ව්යාපාරය පවසයි.
    මේ වන විටත් කලම්බු බාච් බලාගාරය මිලදීගෙන ඇති අතර එය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වියදම් කර ඇති බවද මෙගාවොට් 100ක ධාරිතාවකින් යුතු ඇඹිලිපිටිය ඒස පවර් බලාගාරය, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුතු ඇග්රිකෝ බලාගාරය හා මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් ඒසියා පවර් බලාගාරය යන බලාගාර මිලට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කර ඇති බවද එම ව්යාපාරය පෙන්වා දෙයි.

    කුරුණෑගල, පල්ලෙකැලේ සහ හම්බන්තොට පිහිටි ඇග්රිකෝ පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 60ක් මිලට ගන්නේ රුපියල් 27 බැගින් බවද එම ව්යාපාරය පවසයි.

    මේ වසරේ පෙබරවාරි සිට මාස හයක් සඳහා මේ පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලට ගත් අතර එය තවත් මාස 6ක් දක්වා දීර්ඝ කර ඇති බවත් ඇමෙරිකානු සමාගමක් වන මෙහි ශ්රී ලංකාවේ ප්රධානියා ලෙස කටයුතු කරන්නේ ලං.වි.ම. සේවය කර පසුගිය වසරේ විශ්රාම ගත් සාමාන්යාධිකාරිවරයකු බවත් එම ව්යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.
    එසේ ලංවිම සේවයේ යෙදී සිටියදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට පිඹුරුපත් සකසා විශ්රාම ගත් පසු පෞද්ගලික විදුලි බලාගාර හිමියන්ගේ පිහිට පැතීම කෙතරම් සදාචාරසම්පන්නද යන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය ප්රශ්න කරයි.
    එසේම පරිසර හිතකාමී විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබියදී අදාළ සමාගමට එම බලාගාරය ඉදිකිරීමට අවශ්ය පහසුකම් ලබා දීමට ලංවිම කටයුතු කර නැති බවද එම ව්යාපාරය පවසයි.
    විදුලි බල මණ්ඩලයේ පවතින දූෂණ වංචා හෙළිකිරීමෙන් නොනවතින බවත් අදාළ නිලධාරීන්ට එරෙහිව දඬුවම් ලබාදීම සඳහා අධිකරණය වෙත යෑමට කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය වැඩිදුරටත් ප්රකාශ කරයි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21463097_1908886242767707_1390962945277841781_n.png.jpg

    බැදුම්කර කොමිසමේදී රෝසිගේ පුතාත් මාට්ටුයි..

    බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටුව ඉදිරියේ පාලිසේන මහතා ලබා දුන් සාක්ෂිය එම කමුටිවේ සාමාජිකාවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් පර්පචුවල් ට්රෙෂරීස් වෙත ලබා දී ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ හෙළි දරවු විය. අදාල සිදුවීමේ දුරකතන සංවාදවල මේ බව සඳහන්ව ඇති බවද එහිදී හෙලි විය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21314679_1908366759486322_7471735952740156439_n.png.jpg


    අගමැතිට තවත් වාහනයක් ගන්න පන්කෝටි අනූ අට ලක්ෂයක්..

    අගමැති යටතේ පවතින ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යංශයට තවත් වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59800000) අතිරේක මුදලක් වැය කළ බව දන්වමින් 2017.09.06 දා සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය. අමාත්යංශය යටතේ ඇති ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ ප්රතිපාදන අංක දෙකක් යටතේ ඉහත රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක මුදල වියදම් කළ බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21430550_1908363202820011_1825066335426911253_n.png.jpg


    බැඳුම්කර පත්තරයට ආණ්ඩුව මිලියන ගණන් දැන්වීම් දෙන්නේ කෙසේද?

    රටේ නම් දැරූ පුවත්පත් අතර පළමුවැනි හෝ දෙවැනි ස්ථානයවත් හිමි නොමැති බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ආරම්භ කළ ජනයුගය පුවත්පතට මිලියන ගණනක රාජ්ය දැන්වීම් ලැබෙන්නේ කෙසේ දැයි මහජනතාව
    රජයෙන් ප්රශ්න කරති.
    පසුගිය කාලය තුළ රාජ්ය බැංකුවල සහ ලොතරැයි මණ්ඩලයේ මිලියන ගාණක් දැන්වීම් එම ආධුනික පුවත්පතට ලැබී තිබෙන අතර එම දැන්වීම් ලබා දෙන අමාත්යාංශවල ඇමැතිවරුන්ගේ ගෙවල් කුලිය පවා අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇත. මෙම දැන්වීම්වලින් විශාල ප්රමාණයක් ලබාදී ඇත්තේ මුදල් හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින ආයතන මඟිනි.
     
    • Like
    Reactions: kinkon

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21369198_1907835892872742_8773481292560247382_n.png.jpg

    "දල ජාතික නිශ්පාදනයෙ ප්රතිශතයක් විදියට බදු ප්රතිශතය 16% ට වැඩි කරනව“

    - 2025 පොහොසත් රටක් , රනිල් වික්රමසිංහ

    2014 බදු ප්රතිශතය දල ජාතික නිශ්පාදනයෙන් 10% යි. 2016 වන විට එය 14% ට වැඩි කරනු ලැබුවා වැට් වැඩිකිරීම ඇතුල විවිධ බදු හඳුන්වාදීම හරහා. 2014 ට සාපෙක්ෂව 2016 වන විට රටේ මිනිස්සු රුපියල් කෝටි 41,400 වැඩි පුර බදු ගෙවනවා. භාන්ඩ හා සේවා මිල ඉහල යාම හරහා රැටේ සෑම පුරවැසියෙකුටම මේක දැනෙනවා. ඉස්සරහට කොහොම බදු ගහයිද කියල හිතා ගන්න පුලුවන් ටිකක් ගණිතය තේරෙන අයටනම්. උදහරණයක් වශයෙන් 2011 සිට බදු වලින් නිදහස් කර තිබූ පෞද්ගලික අංශයේ සේවකයෙකු විශ්රාම යන විට ලැබෙන අර්ථ සාධක ප්රථිලාබ වලටත් ඔන්න ඉදිරියෙදි බදු ගහනවා. මින් ඉස්සරහට තමන් ජීවිත කාලයක් ඉතුරු කරපු අර්ථ සාධකේ ගන්නත් ඕනේ ආන්ඩුවට ඉන් 14% දීලයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නේ මේකට තමයි.
    - ආචාර්ය නාලක ගොඩහේවා
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21317833_1906934252962906_2529444212693867755_n.png.jpg

    2019 උසස් පෙළ විෂයන් 5කට විෂය නිර්දේශ-ගුරු අත්පොත්-ගුරු පුහුණුව නැහැ

    අධ්යයන පොදු සහතික පත්ර (උසස් පෙළ) 2019 සඳහා
    විෂයයන් පහකට මෙතෙක් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හා ගුරු පුහුණුව විධිමත්ව ලබා නොදීමෙන් පාසල් පද්ධතිය බරපතළ ගැටලුවකට මුහුණ පා ඇතැයි ගුරු සංගම් පන්වා දෙයි.
    නව අධ්යාපන ප්රතිසංස්කරණවලට අනුව 2017 වසරේ සිට ක්රියාත්මකවීමට නියමිත වූ රසායන විද්යාව, ජීව විද්යාව, භෞතික විද්යාව, සිංහල සහ සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය යන විෂයයන් පහට විෂය නිර්දේශ, ගුරු අත්පොත් හා ගුරු පුහුණුව නොදීම නිසා සිසුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවට පත් වී ඇත.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21371183_1906411523015179_6014139465687605056_n.png.jpg

    ජගත් ජයසූරිය ගැන කළ ප්රකාශයට සරත් ෆොන්සේකා මුළු මහත් රටේම ජනතාවගෙන් සමාව ගත යුතුයි.ෆොන්සේකාගේ මෙම ප්රකාශය හේතුවෙන් රටටත්, යුද හමුදාවටත් විශාල අපකීර්තියක් මෙන්ම කැළලක් සිදුවී ඇත.

    - කරුණා අම්මාන්


    http://www.divaina.com/2017/09/04/news24.html
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පලවා හරින අන්තවාදී රෝහින්ග්‍යා මුස්ලීමුන් දහස් ගණනක් පසුගිය දා විශේෂ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානා කිහිපයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. එවන් එක් ගුවන් යානයකින් ආ පිරිස මෙම වීඩියෝවේ දැක්වෙයි. මෙවන් පිරිස් ගණනාවක් කිහිප වරකදී ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.
    රෝහින්ග්‍යා මුස්ලීම් සරණාගතයන් වෙනුවෙන් පසුගිය දා වත්මන් ආණ්ඩුවේම මුස්ලිම් දේශපාලඥයන් වන රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි වැන්නන් කොළඹදී උද්ඝෝෂණය කළෝ ය. ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරුණි. අන්තර්ජාල පුවත් වාර්තා කරන අන්දමට ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් දේශපාලන රැකවරණය දෙන බවට රිෂාඩ් බදියුදීන් පවසා ඇත.
    ඔහුගේ අරමුණ වී ඇත්තේ මෙසේ පැමිණෙන මුස්ලීම් සරණාගතයන්ට විල්පත්තුවේ එළි කළ ඉඩම් වල පදිංචි කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමයි. බෞද්ධ රටකින් පලවා හරින අන්තවාදීන්ව තවත් බෞද්ධ රටකින් (ආණ්ඩුවට අනුව මේක සර්වාගමික රටක් ලු) පුරවැසි කම දුන්නාම වෙන්න යන ව්‍යසනය ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට තේරෙන්නේ නැද්ද?
    මුස්ලිම් රටක් වන බංග්ලාදේශය පවා බාර ගන්න අදි මදි කරන රෝහින්ග්‍යා අන්තවාදීන්ව සරණාගතයන් කියමින් අපේ රට තුළට විත් මෙහෙත් බෞද්ධ මුස්ලීම් ගැටුමක් නිර්මාණය කරන දිනය වැඩි ඈතක නොවේ. මියන්මාරයේ සහ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හමුදා ආරක්ෂාව නොමැතිව පිඬු සිඟා වැඩීමටවත් ඉඩක් නැත්ත්තේ මෙම රෝහින්ග්‍යා අන්තවාදීන් නිසාවෙයි.
    වීඩියෝ සාක්ෂි සහිතවම හෙළි වී තිබෙන බැවින් මෙය වෙන දෙයක් බවට කීමට ආණ්ඩුවට කඩේ යන ජඩමාධ්‍ය යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඇඳන් එන ඇඳුම් ශ්‍රී ලාංකික මුස්ලීමුන්ගේ ඇඳුම් නොවන බවට ඕනෑම කෙනෙකුට වැටහෙයි.
    පටු ඡන්ද වාසිය තකා මෙවන් අන්තවාදීන්ව ගෙන්නගෙන අපේ රටේ තවත් ව්‍යසයන් ඇති කිරීමට ඉඩ දෙන්නට නොහැකියි. මෙම අන්තවාදීන්ව ආපහු පලවා හැරීමට ආණ්ඩුවට බල කිරීමට ජන මතයක් ඇති කිරීම සඳහා හැකි තරම් "Share" කරන්න.
    හම්බයෝ වැස්ස වගේ ලංකාවට එන ආකාරය

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10155757629716934/
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පලවා හරින අන්තවාදී රෝහින්ග්‍යා මුස්ලීමුන් දහස් ගණනක් පසුගිය දා විශේෂ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානා කිහිපයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. එවන් එක් ගුවන් යානයකින් ආ පිරිස මෙම වීඩියෝවේ දැක්වෙයි. මෙවන් පිරිස් ගණනාවක් කිහිප වරකදී ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.
    රෝහින්ග්‍යා මුස්ලීම් සරණාගතයන් වෙනුවෙන් පසුගිය දා වත්මන් ආණ්ඩුවේම මුස්ලිම් දේශපාලඥයන් වන රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි වැන්නන් කොළඹදී උද්ඝෝෂණය කළෝ ය. ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරුණි. අන්තර්ජාල පුවත් වාර්තා කරන අන්දමට ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් දේශපාලන රැකවරණය දෙන බවට රිෂාඩ් බදියුදීන් පවසා ඇත.
    ඔහුගේ අරමුණ වී ඇත්තේ මෙසේ පැමිණෙන මුස්ලීම් සරණාගතයන්ට විල්පත්තුවේ එළි කළ ඉඩම් වල පදිංචි කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමයි. බෞද්ධ රටකින් පලවා හරින අන්තවාදීන්ව තවත් බෞද්ධ රටකින් (ආණ්ඩුවට අනුව මේක සර්වාගමික රටක් ලු) පුරවැසි කම දුන්නාම වෙන්න යන ව්‍යසනය ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට තේරෙන්නේ නැද්ද?
    මුස්ලිම් රටක් වන බංග්ලාදේශය පවා බාර ගන්න අදි මදි කරන රෝහින්ග්‍යා අන්තවාදීන්ව සරණාගතයන් කියමින් අපේ රට තුළට විත් මෙහෙත් බෞද්ධ මුස්ලීම් ගැටුමක් නිර්මාණය කරන දිනය වැඩි ඈතක නොවේ. මියන්මාරයේ සහ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හමුදා ආරක්ෂාව නොමැතිව පිඬු සිඟා වැඩීමටවත් ඉඩක් නැත්ත්තේ මෙම රෝහින්ග්‍යා අන්තවාදීන් නිසාවෙයි.
    වීඩියෝ සාක්ෂි සහිතවම හෙළි වී තිබෙන බැවින් මෙය වෙන දෙයක් බවට කීමට ආණ්ඩුවට කඩේ යන ජඩමාධ්‍ය යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඇඳන් එන ඇඳුම් ශ්‍රී ලාංකික මුස්ලීමුන්ගේ ඇඳුම් නොවන බවට ඕනෑම කෙනෙකුට වැටහෙයි.
    පටු ඡන්ද වාසිය තකා මෙවන් අන්තවාදීන්ව ගෙන්නගෙන අපේ රටේ තවත් ව්‍යසයන් ඇති කිරීමට ඉඩ දෙන්නට නොහැකියි. මෙම අන්තවාදීන්ව ආපහු පලවා හැරීමට ආණ්ඩුවට බල කිරීමට ජන මතයක් ඇති කිරීම සඳහා හැකි තරම් "Share" කරන්න.
    හම්බයෝ වැස්ස වගේ ලංකාවට එන ආකාරය

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10155757629716934/

    සහජිවනේ බන්
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Fomseka-lttegov.jpg

    “යුද අපරාධ චෝදනා තහවුරු වුණා” – ෆොන්සේකාට එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවෙන් පැසසුම්!

    යුද සමයේ මෙරට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්ය සරත් ෆොන්සේකා, පසුගිය දා සිදුකළ ප්රකාශය ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්රාන්ති රජය නැමැති සංවිධානය විසින් ප්රසාදයට ලක් කර තිබේ.

    ජගත් සංවිධානය වෙත එමගින් ලිපියක් යොමු කරමින් ප්රකාශ කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්ය සරත් ෆොන්සේකාගේ ප්රකාශයෙන් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළේ යැයි තහවුරු වන බවයි.

    මෙරට යුද අපරාධ සිදුවූ බව පැවති රජයන් මගින් වසර 8ක් තිස්සේ ප්රතික්ෂේප කළ ද, රජයේ ජ්යෙෂ්ඨ තනතුරක් දරන හිටපු හමුදා සෙන්පතියෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව හෙළිදරව්වක් සිදුකර ඇති බව ද එහි තවදුරටත් සඳහන් වේ.
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    pwt265.jpg


    විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි

    විල්පත්තු වන සංහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්රීපාල සරිසේන මහතා විසින් පත්කළ “ස්වාධීන“ ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ වන විට මන්නාරම ප්රදේශයේ වැසියන්යන්ගෙන් අදහස් විමසමින් සිටිති.

    බදුර්දීන් ඇමතිවරයා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් විල්පත්තු වන සංහාරය සාධාරණීකරණය කළ පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය ෂාහුල් හමීඩ් හස්බුල්ලා ද මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් කොමිසමේ ස්වාධීනත්වය පිළිබදව බරපතල ප්රශ්නාර්ථයක් මතුවේ.

    එමෙන්ම ඊයේ මූසලී ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී එම “ස්වාධීන“ කොමිසමේ සාමාජිකයන් බදුර්දීන් ඇමතිවරයා සමග එකම මේසයේ ඉදගෙන මහජන අදහස් විමසන අයුරුද දක්නට ලැබිණි.