යහපාලන News 24x7[Updates]✔️

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    21369198_1907835892872742_8773481292560247382_n.png.jpg

    "දල ජාතික නිශ්පාදනයෙ ප්රතිශතයක් විදියට බදු ප්රතිශතය 16% ට වැඩි කරනව“

    - 2025 පොහොසත් රටක් , රනිල් වික්රමසිංහ

    2014 බදු ප්රතිශතය දල ජාතික නිශ්පාදනයෙන් 10% යි. 2016 වන විට එය 14% ට වැඩි කරනු ලැබුවා වැට් වැඩිකිරීම ඇතුල විවිධ බදු හඳුන්වාදීම හරහා. 2014 ට සාපෙක්ෂව 2016 වන විට රටේ මිනිස්සු රුපියල් කෝටි 41,400 වැඩි පුර බදු ගෙවනවා. භාන්ඩ හා සේවා මිල ඉහල යාම හරහා රැටේ සෑම පුරවැසියෙකුටම මේක දැනෙනවා. ඉස්සරහට කොහොම බදු ගහයිද කියල හිතා ගන්න පුලුවන් ටිකක් ගණිතය තේරෙන අයටනම්. උදහරණයක් වශයෙන් 2011 සිට බදු වලින් නිදහස් කර තිබූ පෞද්ගලික අංශයේ සේවකයෙකු විශ්රාම යන විට ලැබෙන අර්ථ සාධක ප්රථිලාබ වලටත් ඔන්න ඉදිරියෙදි බදු ගහනවා. මින් ඉස්සරහට තමන් ජීවිත කාලයක් ඉතුරු කරපු අර්ථ සාධකේ ගන්නත් ඕනේ ආන්ඩුවට ඉන් 14% දීලයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නේ මේකට තමයි.
    - ආචාර්ය නාලක ගොඩහේවා

    :growl::growl::growl::angry::angry:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    21271217_1905524716437193_3241426993915778692_n.png.jpg

    තඹ සුදාගෙ ෆුට් නෝට් කතා
    ඔවි හිටියා නම් ලංකාවෙන් බාගයක් ඊළම වෙලා ඉවරයි. ඊට පසුව, LTTE ඊලාම් ආණ්ඩුව ඉන්දියාවෙන් උදව් අරගෙන අප සමග යුද්ධයක් පටන් අරගෙනත් ඉවරයි මේ වෙනකොට.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඊයේ රාත්රියේ අර්ජුන් මහේන්ද්රන් සංගප්පූරුවට යයි..

    අර්ජුන් මහේන්ද්රන් හිටපු මහ බැංකු අධිපතිරයා ඊයේ රාත්රියේ සිංගප්පුරැව බලා පිටත්ව ගොස් ඇත.
    කටුනායක ගුවන් තොටුපලින් රාත්රි 01.00ට පමණ ඔහු පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පුරැ විදේශ ගමන් බලපත්රයක් සිංගප්පූරු ගුවන් සේවාවේ යානාවකිනි.
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කර මගඩි පත්තරේට ආණ්ඩුවෙන් කෝටි 50ක දැන්වීම් එකවර…!

    සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහත්මා පිළිබඳව කළ ප්රකාශය සම්බන්ධයෙන් අතීශයින්ම කනගාටුවට පත්වන බවත්, එය දීන නීච ප්රකාශයක් බවත් මේ හේතුවෙන් ඔහු ඇමතිධුරයක් හෝ හමුදාවට අදාළ නිලයක් හෝ දැරීමට නුසුදුසු බවත් ‘‘මහජන සභාව ජාතික ව්යාපාරයේ’’ සභාපති පූජ්ය උලපනේ සුමංගල හිමියන් පැවැසීය.
    කොළඹ පැවැති මාධ්ය හමුවක දී උන්වහනසේ මේ බව ප්රකාශ කළේය.
    නාරාහේන්පිට, නාවල පාරේ, ධර්මායතන ශ්රවණාගාරයේ පැවැති මෙම මාධ්ය හමුව කැඳවා තිබුණේ රටට බලපාන ප්රධාන කරුණු තුනක් සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම උදෙසාය. එම කරුණු තුන ලෙස සඳහන් වූයේ
    *රටේ ආරක්ෂාවට හා අභිමානයට ඍජුව බලපාන සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන්
    *බැඳුම්කර මගඩියේ අලුත්ම තත්ත්වය පිළිබඳව
    *කොළඹ මහ නගර සභාවේ කලස ප්රතිචක්රීය කරණයේ සිදුව ඇති මහා වංචාවන් සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමය.
    මෙහිදී අදහස් දැක්වූ මහජන සභාව ජාතික ව්යාපාරයේ සභාපති පූජ්ය උලපපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතා තවදුරටත් ඇමතිමණ්ඩලයේ තබාගතයුතුද යන්න ජනාධිපතිවරයා විසින් තවදුරටත් සලකා බැලිය යුතු බවයි.
    ‘‘…සරත් ේරාන්සේකා මහත්මයාට දේශපාලනික වශයෙන් යම් යම් හිරිහැර සිද්ධවෙන්නටත් සිද්ධවෙලා තියෙන්නටත් පුලුවන්. නමුත් තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිප්රායන් දඩමීමාකරගෙන රටේ සමස්ත හමුදාවම ජාත්යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වන, රටේ ත්රිවිධ හමුදාවම අපහසුතාවයට පත්කරන මෙවන් ප්රකාශ අපි තරයේ හෙළා දකිනවා.
    සරත් ෆොන්සේකා මහත්මා හිරගතකරනවිට ප්රගතිශීලී කොටස් සමග අපි, ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටියා. හැබැයි අපිට ඔහු පිළිබඳව පුද්ගලික අදහසක් නැහැ. නමුත් ඔහු අද දවසේ මොන තනතුර දැරුවත්, මොන ඇමතිකම දැරුවත් රට පිළිබඳව, රටට අදාළ කාරනා පිළිබඳව, ජාතික ආරක්ෂාව පිළිබඳව, ආරක්ෂාවට අදාලවන කාරණා පිළිබඳව මෙවැනි වගකීම් විරහිත ප්රකාශ සිදු නොකළ යුතුයි.
    ඔහු දේශපාලනයෙදි ඡුන්ද 3000ක් පමණ අරගෙන ජනතාවගෙන් ප්රතික්ෂේප වුණත් මේ රටේ මැතිවරණ ක්රමයේ තිබෙන නිහීනකම නිසා ඔහුට හැකියාව ලැබිල තියෙනවා අද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්න. ඒ මදිවට බංකොළොත් අමාත්යධූරයක් ලබාගන්නට පුලුවන්කමක් ලැබිල තියෙනවා.
    රටේ කැබිනට්ටුව නියෝජනය කරන ඇමතිවරයෙක් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට, රටේ සමස්ත හමුදාවම පහත හෙළන ආකාරයට ප්රකාශයක් කිරීම බරපතල කාරණයක්.
    විජේදාස රාජපක්ෂ මහත්මයාව ඉවත්කරන්නට යෙදුණේ ඇමතිමණ්ඩලයේ සාමූහික බව බිඳ හෙලූ බවට වූ චෝදනාවටයි. එහෙමනං, රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල තත්වයක් උදාකරන – විශේෂයෙන් ජාත්යන්තර වශයෙන් බරපතල තත්ත්වයන් ඇතිකරවන ප්රකාශ කරන මෙවන් පුද්ගලයන් මේ ඇමති මණ්ඩලය ඇතුලෙ තියාගත යුතු ද ? අපි ඒ ප්රශ්නය රටේ පාලකයිනගෙන් අහනවා.
    විජේදාස රාපක්ෂට එරෙහිව කෑගහපු මන්ත්රීවරු රටේ ආරක්ෂාව ගැන, ජාතියේ ආරක්ෂාව ගැන, ත්රිවිධ හමුදාව ගැන අබමල් රේණුවක ඇල්මක් තියෙනවනං දැන් ඇයි කෂාය බීපු ගොලුවන් වගේ හැසිරෙන්නේ කියන ප්රශ්නයත් අපිට නගන්න වෙනවා. ඇයි ඔවුන් මුනිවත රකින්නේ..? ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා ජනාධිපතිවරයා විසින් ඔහුගේ හමුදා සේවයට ගෞරවයක් වශයෙන් සරත් ෆොන්සේකා මහතාට ලබා දීපු ෆීල්ඩ් මාෂල් තනතුරත් වහාම අහෝසි කළ යුතුයි.
    මේ ආකාරයට තමන්ගේ හමුදාව පිළිබඳව, තමන් නායකත්වය දීපු හමුදාව පිළිබඳව, එහි හිටපු හමුදාපතිවරු පිළිබඳව මෙබඳු ප්රකාශ කරන පුද්ගලයන්ට මෙබඳු ගෞරවනාම විශේෂයෙන් හමුදාවට ලබාදෙන ගෞරවනාම දැරීමට කිසිසේත්ම සුදුසු නොවන බව අපි අවධාරණය කරනවා.
    ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා වැරදීමකින් හෝ මෙවැනි පුද්ගලයින්ට මෙවැනි තාන්න මාන්න ලබා දීම දැන්වත් නිවැරදි කිරීමට පියවර ගෙන හෝ ඔහුගේ මෙම තනතුරු ගලවා ඉවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් හඬ නගන්න සූදානම් කියන එකත් මතක් කරනවා.
    එමෙන්ම බැඳුම්කර මගඩියේ චූදිතයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග දැඩි කරන්න මේ හෙළිවූ කරුණු ප්රමාණවත්ව තියෙනබවත් කිවයුතුයි. එහි ප්රධාන විධායක නිලධාරීන් පවා මේවනවිට ඒ මගඩියේ ඇතිත තත්ත්වය හෙළි කරමින් සිටිනවා. අපිට ඇති ගැටලුව මේ කරුණු අනාවරණය වීමම නොවෙයි. මේ සොරකම් කරනලද මුදල් මේ මොහොතේත් මේ රටේ විවිධ දේට ආයෝජනය වෙමින් පැවතීමයි.
    නැගෙනහිර පළාතේ විශාල මත්පැන් නිෂ්පාදනාගාරයක් වෙනුවෙන් මේ මුදල් ආයෝජනය වෙනවා. මේ මත්පැන් නිෂ්පාදනාගාරය බදු මුදල්වලින් පවා නිදහස්ව රටේ සංවර්ධන කාර්යයක් සේ සලකා පහසුකම් සපයා තිබෙනවා. මේ ස්කාගාරය ගොඩනගන්න බදු නිදහස ලබා දී ඇති බව අපි වගකීමෙන් යුතුව පවසනවා. රටේ මහජනතාවට මේ ආකාරයේ බදු සහන ලැබී නැහැ.
    තවත් පැත්තකින් මූල්ය ආයතන-බැංකු, නිවාස සංකීර්ණ, ආදියේත් ජනමාධ්ය ක්ෂේත්රයේත් මේ මුදල් ආයෝජනය කරල තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා මේ පර්පෙචුවල් ටේරෂරීස් ආයතනය හා බැඳුණු මේ ආයතනව රජයට පවරාගෙන – රාජසන්තක කර නීතිය ක්රියාත්මක කරන්න කියලා. නමුත් මේ සමහර ගිණුම් අත්හිටවූවා විතරයි. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඊට වඩා කරපු දෙයක් නැහැ.
    පත්තරයක් පවා ඒ බැඳුම්කර මගඩියේ මුදලින් කරගෙන යනවා. ඒකට රජයේ දැන්වීම් විශාල වශයෙන් ලබා දෙමින් පවතිනවා. විශේෂයෙන්ම රජයේ බැංකු සහ ලොතරැුයිමණ්ඩලය ආදිය මේ පුවත්පතට මිලියන 400 ක 500 ක දැන්වීම් එකවර ලබා දී ඇති බවට අපි ලග තොරතුරු තියෙනවා. ආධුනික පුවත්පතකට රජයේ දැන්වීම් මේතරම් ලබා දෙන්නේ කෙසේදැයි අපි අහනවා. මේ දැන්වීම් ලබාදෙන අමාත්යංශවල ඇමතිවරු දිහා බැලුවොත් එක්කෝ අර්ජුන් ඇලෝසියස් ගෙවල්කුලී ගෙවලා තියෙනවා. එහෙමත් නැත්නම් කෝප් කමිටුවේ ෆුට් නෝට් දාපු කට්ටිය. ඒවගේම අපේ රටේ ජනතාවගේ අර්ථසාධක මුදල් මංකොල්ල කාලා නඩත්තුවෙන මෙවැනි කුප්රකට මාධ්ය ආයතන ගැන ජනතාව දැනුම්වත් විය යුතුයි.
    මේ මාධ්ය ආයතන ජනමාධ්ය නංවන්න හෝ ජනතාව වෙනුවෙන් ආරම්භ කරපුවා නෙවෙයි. ඒ නිසා අපි වර්තමාන මුදල් අමාත්යවරයාගෙන් අහනවා, ඔහු යටතේ තියෙන ලොතරැුයි මණ්ඩලය විශාල වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දීලා තියෙනවා. කොහොමද මේවා මේ ආකාරයට සිද්ධ වෙන්නේ…?
    කොමිසන් හරහා මෙපමණ කරුණු පැහැදිලි වුණත් මේ මගඩිකාරයෝ, වංචාකාරයෝ අවසන් මොහොත දක්වාම මේ ඇමතිවරුන්ගෙත් සහායෙන් හා දැනුම්වත්භාවයෙන් ඉදිරියටම යන බවයි පේන්න තියෙන්නේ.
    ඊලග කාරණය තමයි මීතොටමුල්ලේ ඛේදවාචකය. මේ ඛේදවාචකයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර නමැත්තා වගකිව යුතුයි. අපි එහෙම කියන්නේ මෙහි ඇති වංචා හා දූෂණ නිසා පමණක් නොවෙයි. ඒ හේතුවෙන් වසරගණනාවක් තිස්සේ මේ කසල ප්රතිචක්රීයකරණය නිසි පරිදි සිදු නොවීම නිසා යි. මේ කුණු කන්ද හේතුකරගෙන දැඩි මූල්ය අක්රමිකතා රාශියක් නගරසභාව කේන්ද්ර කරගෙන සිද්ධ කරගෙන යන බවත් අපි වගකීමෙන් යුතුව කියනවා.
    කොළඹ නගරයේ දවසකට ඝන අපද්රව්ය මෙට්ට්රික් ටොන් 750 ක් බැහැර කරනවා. මේ අපද්රව්ය බැහැරකිරීම ආයතන දෙකකට ලබා දීලා තියෙනවා. එකක් අබාන්ස් ආයතනය. අනෙක් එක ක්ලෙයාර් ක්ලීන් කියන ආයතනය. නාගරික කොමසාරිස්වරයාගේ අත්තනෝමතික ක්රියා පිළිවෙත හරහා ටෙන්ඩර් අවලංගු කර ඇතිබවට අප සතුව සාක්ෂි තිබෙනවා.
    මෙහි ඇති විශේෂත්ව වන්නේ මේ ටෙන්ඩර් ලියවිලිට අනුව කසල බැහැර කරනු ලබන ස්ථානවලින් බැහැරව මේ කසල දීර්ඝකාලක් තිස්සේ බැහැර කර තිබීමයි. මේ අය මේ සියලු කසල බැහැර කැර ඇත්තේ මීතොටමුල්ලටමයි. මෙන්න මේ ක්රියා පිළිවෙත වැරදි සහගතයි. එසේනම් මීතොටමුල්ල කුණු කන්දේ සැබෑ හිමිකාරයා බවට පත්වන්නේ වර්තමාන කොළඹ නාගරික කොමසාරිස්වරයායි. ඒ අනුව කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුත්තේ නාගරික කොමසාරිසිවරයායි. ඒ බැවින් අපි අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට මහජන සභාව ලෙස අපි බලාපොරොත්තු වෙනවා.
    මෙයට අමතරව මේ කසල බැහැරකිරීමේ ක්රියාවලියට වාහන කුලියට ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බවත් දැනගන්නට ලැබෙනවා.
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මධ්යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයෙන් ඇත්තටම රටට මුදල් ඉතිරි වුණා ද?

    බැඳුම්කර වංචාව ගැන අප 2015 මාර්තු 08 වැනිදා අප මුල්වරට හෙළි කිරීමෙන් පසුව අගමැතිවරයා එය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ කළ ප්රකාශය ඔබට මතක ද?
    අප පෙන්වා දුන්නේ සංවේදී අභ්යන්තර තොරතුරු ලබාගෙන බැඳුම්කර වෙන්දේසියේදී අක්රමිකතාවක් සිදුකර රජයට බිලියන ගණනක පාඩුවක් සිදුකර ඇති බව ය.
    පෙන්වාදුන් කරුණු වලටත් එහා තොරතුරු එකින් එක ජනාධිපති කොමිසට ස්තුතිවන්ත වන්නට දැන් අනාවරණය වෙමින් තිබේ.
    පෙරේදා කොමිසමේදී හෙළි වූයේ අභ්යන්තර තොරතුරු පමණක් නොව සංවේදී මූල්ය තොරතුරු පවා බැඳුම්කර ගනුදෙනුවලදී අර්ජුන් ඇලෝසියස්ලාට ලැබුනු බව ය.
    ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් පවා ඉවත්වන තත්ත්වයක් දැන් මතුවී තිබේ.
    රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් පැහැරගත් මේ වංචාව ගැන ජනතාව වෙනුවෙන් මුල්වරට හෙළි කිරීමට හැකිවීම පිළිබඳව
    අපට ඇත්තේ ආඩම්බරයකි.
    ජනතාව සමඟ ජනතාව වෙනුවෙන් අප අඛණ්ඩවම මෙවැනි වංචා හෙළි කරනු ලැබේ.
    බැඳුම්කර වංචාවෙන් රටට සිදුකළ පාඩුව දිනෙන් දින හෙළිවෙමින් තිබෙද්දී, අගමැති රනිල් වික්රමසිංහ මහතා මධ්යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කොන්ත්රාත්තුව ලබාදීමේදී සිදුව ඇති අක්රමිකතා පිළිබඳ අපකළ අනාවරණයට අදාළව අද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කළේය.
    මේ විශේෂ ප්රකාශනය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක පුරා එක්තරා මාධ්ය ජාලයක්.ඒක වහලා කියන්න ඕන නැහැ සිරස මාධ්ය ජාලය මගින් මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේශ සහගත අවලාද සහ මඩ ප්රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත් ‍මේ රටේ ජනතාවටත් සත්ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි. ජපාන රජයේ අදහස් අනුව 2016 ජූනි 22 වැනිදා ජපන් සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. එක සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්ෂණික අඩුපාඩු කම් තිබුණා.ජපාන අග්රමාත්යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝතෝ ඉෂුමි මහතා 2016 ඔක්තෝම්බර් 10 වැනිදා මා හමුවී සාකච්ඡා කළා. එතුමා පැවසුවේ නැවත මිල ගණන් කැදවන අවස්ථාවේ ඊට නිසි ප්රතිචාර ලැබෙන බවට ජපන් ‍රජය වග බලා ගන්නා බවයි.ඔය තත්ත්වය මත මිල ගණන් අලුතින් කැදවීමෙන් ජපන් සමාගම වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණ පිළිබදව කැබිනට් කමිටුව 2016 ඔක්තෝම්බර් 26 වැනිදා තීරණය කළා. මිල ගණන් ඉදිරිපත් කලේ ජපාන සමාගම් දෙක්ක පමණයි.ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 ක් ටයිසේ සමාගම බිලියන 159 යක්
    මේ කියන්නේ ඇත්තද ?
    ෆුජිටා සමාගම මේ ඉදිකිරීම් කොන්ත්රාත්තුව සදහා සුදුසු නොවන බව කරුණු 4 ක් මත පදනම්ව නිගමනය කලේ ව්යාපෘති කමිටුවයි.
    ඩොලර් මිලියන 600 ඉක්මවූ මෙවැනි මහා පරිමාණ ව්යාපෘතියක් අවසන් වසර 5 තුළ මේ සමාගම සිදුකර නොතිබීම, මෙවැනි ඉදිකිරීම් සම්බන්ධව ප්රමාණවත් අත්දැකීම් නොමැතිවීම , මූල්යමය හැකියාව තහවුරු කිරීමට ප්රමාණවත් ලේඛණ ඉදිරිපත් නොකිරීම එම කරුණු අතර විය.
    මේ අතර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීම ටයිසෙයි සමාගමේ ලංසුවද ප්රතික්ෂේප වුණේ කොන්ත්රාත්තුවට අදාළව ඉදිරිපත් කළ යුතු ඇපකරය ගැන සඳහන් නොකිරීම හේතුවෙනි.
    මේ අනුව මධ්යම අධිවේගී මාර්ගයේ කොන්ත්රාත්තුව සඳහා මේ සමාගම් දෙකම නිසි සුදුසුකම් සපුරා නොතිබූ බව අගමැතිවරයාගේ ප්රකාශයෙන්ම තහවුරු නොවන්නේ ද?
    අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා
    ෆුජිටා සමාගමට කොන්ත්රාත්තුව ලබාදීම සුදුසු බව 2016 දෙසැම්බර් 6 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.මේ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ දන්වා සිටියේ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්යෙන් සුදුසුකම් සපුරා නැති බවයි. ඒ නිසා ඊළගට ගත යුතුව තිබුණේ පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අනෙකුත් ආයතනය වූ ටයිසේ සමාගම සමග සාකච්ඡා කිරීම. 2017 අප්රේල් 12 වැනිදින ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගිතාව පිළිබද තානාපති ෂිගේරු කියෙමා මහතා ජපන් රජය වෙනුවෙන් මහාමාර්ග අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ෆුජිටා සමාගම වෙතද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ සැලකිල්ලට ලක්වනු ඇති. ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කළා ටයිසේ සමාගමට රුපියල් බිලියන එක්ලක්ෂ තිස් හතර දාහකට ඉදිකිරීමේ කොන්ත්රාත්තුවක් ප්රදානය කිරීමට. 2017 අගෝස්තු 28 වැනිදා ටයිසේ සමාගම සාමාන්යාධිකාරි හා පුජිරා සමාගමේ ප්රධාන විධායක නිලධාරි විසින් මහාමාර්ග අමාත්යතුමන්ට ලිපියක් ලිව්වා. ඒ ලිපියේ මෙසේ සදහන් වුනා. ජපානය හා ශ්රි ලංකා රජයන්ගේ අවශ්යතාවයන් සැලකිල්ලට ගනිමින් අප සමාගම් දෙක ඒකාබද්ධව ක්රියාකිරීමට අවශ්ය පියවර ආරම්භ කරනවා.මේ අනුව මට එන ආරංචි හැටියට තුන්වැනි අදියරේ කොටස් දෙකකට බෙදා ගන්න යනවා. එකක් ටයිසේ සමාගම එකක් පුජිසා සමාගම
    ජපාන රජයේ නිල ස්ථාවරය එම වසරේ ජුනි 05 වැනිදා තානාපතිවරයා එවූ ලිපියේ පැහැදිලිව සදහන් වුනා.
    තානාපතිවරයා අගමැතිවරයාට ලිඛිතවම දැනුම් දුන්නේ ශ්රී ලංකාවේ නීතියට හා ටෙන්ඩර් ක්රියාවලියට ජපාන රජය සම්පූර්ණයෙන් ගරු කරන බවයි.
    එසේ නම් රටේ නීතියට අනුවත් විධිමත් ටෙන්ඩර් ක්රියාවලියට අනුවත් ව්යාපෘති කමිටුව කරුණු සහිතව ප්රතික්ෂේප කළ සමාගමක් ජපාන රජය වෙනුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මත ඒ සදහා සම්බන්ධකරගත් බව අගමැතිවරයා කළ ප්රකාශය සත්යයක්ද?
    ශ්රී ලංකාවේ නීතියට ගරු කරන බව ජපාන රජය පැහැදිලිව ප්රකාශ කරද්දි එය උල්ලංඝනය කරමින් ප්රතික්ෂේප කළ සමාගමකට කොන්ත්රාත්තුවට හවුල් වීමට අවස්ථාව දෙන්නේ කාගේ උවමනාවකට ද?
    2017 ජුනි 29 මහාමාර්ග අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවති සාකච්ඡාවේ සාරංශය මේ.
    ඇමතිවරයා සමග ඔහුගේ උපදේශක චමින්ද ද සිල්වා නැමැත්තා සමග පැවති මේ සාකච්ඡාවට ටයිසෙයි හා ෆුජිටා සමාගම්වල නියෝජිතයින්ට අමතරව ෆුන්ජි ලොයිඩ් සමාගමේ විධායක උපසභාපති තරික් අලාම් සහ මෙට්රිකා රී ලොකේෂන් ප්ලස් සමාගමේ මෙරට නියෝජිත ආර්.ටී.ලෝකේෂ්වරන් යන දෙදෙනාද මේ සාකච්ඡාවට පැමිණියේය.
    එහිදී ටයිසෙයි සමාගම සමග ඒකාබද්ධව ව්යාපෘතියට සම්බන්ධවන්නැයි අමාත්යවරයාගෙන් ලැබුණු ඉල්ලීම පිළිබදව ෆුජිටා සමාගමේ නියෝජිතයා මවිතය පළකර තිබුණි.
    ඔහු එසේ මවිතය පළ කළේ, ප්රතික්ෂේප වූ සමාගම නැවත කොන්ත්රාත්තුවට සම්බන්ධකර ගැනීමට යෝජනාවීම පිළිබඳවයි.
    ටයිසෙයි සමාගමේ නියෝජිතයා මෙහිදී පවසා තිබුනේ ශ්රී ලංකාවේ නීතිය හා ටෙන්ඩර් ක්රියාවලිය උල්ලංඝනය කිරීම පිළිබඳව තමන්ද කණස්සල්ට පත්වන බව ය.
    එසේ තිබියදී මේ ක්රියාවලියෙන් නීතිය හෝ ටෙන්ඩර් ක්රියාවලිය උල්ලංඝනය නොවන බව ඇමතිවරයා වෙනුවෙන් ඔහුගේ උපදේශක බව කියන චමින්ද ද සිල්වා නමැත්තා මේ සාකච්ඡාවේදී පවසා තිබුණි.
    අමැති බලතල අතට ගත් මේ උපදේශක එවැනි තීරණයක් ප්රකාශ කළේ කෙසේද?
    අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා
    මිලියන 25000 ක් අඩුවෙන් මේ ව්යාපෘතිය ඉදිකිරීමට ශ්රි ලංකාව රජය කටයුතු කිරීම පිළිබදව අපිට හොරා කියනවා. මට හොරා කියනවා. 25000 ක් අඩුකර නිසා මිලියන. වැඩි කරානම් හරි කියන්න පුළුවන්. බිලියන 25 යි. මිලියන 25000 ක් මං අඩු කරා. අපි අඩුකරා. මං නෙමෙයි කැබිනට් මණ්ඩලයේ අනුකමිටුව ඉතිං හොරා කියනවා. ඉතිං මේකනම් හොරකම් කරන එක මොකක්ද වෙන්නේ ඇත්තවශයෙන්ම හොරකම් කලාම. මිලියන 25000 ක ලාභයක් ලැබීම ගැන මේ මාධ්ය ආයතන සිත් වේදනාවක් ඇතිවී තිබෙන්නේ ඇයි. අපි මිලියන 25000 ක් බේරුවා කියලා ඇයි ඔච්චර හිත්වේදනාවක් තිබෙන්නේ. ඇයි අඩන්නේ. ඇයි දොස් කියන්නේ. මධ්යම අධිවේගි මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්ය ආයතන ප්රශ්න කරනවා. ඒක හදන්නේ ජනතාවට.
    අගමැතිවරයා මේ මිලියන විසි පන්දහස ගනන් බලන්නේ ටයිසෙයි සමාගම මුලින් රුපියල් බිලියන 159 ක ලංසුවක් ඉදිරිපත්කර පසුව එය රුපියල් බිලියන 134 ක් දක්වා අඩුකර ගැනීමට හැකිවූ බව පෙන්වමින් ය.
    එහෙත් කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ අවසන් නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මේ ව්යාපෘතියේ ඉංජිනේරු තක්සේරුව රුපියල් බිලියන 123 යි දශම 5 ක් ලෙස ය.
    රුපියල් බිලියන 123 යි දශම 5 ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් ඇති ව්යාපෘතියක් රුපියල් බිලියන 134 කට යෝජනා කිරීමෙන් ලැබෙන ඉතිරිය කුමක්ද?
    අගමැතිතුමනි, ඒ ඉතිරියේ වාසිය ජනතාවට ද?
    අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා
    ජපානය සහය ලබාදිය හැකි ආකාරයන් දෙක්ක පිළිබද සදහන් කර තිබුණා. එක ජපාන ආනයන සහ ආයෝජන සමාගමේ රක්ෂාවරණ සහිත ටෝකියෝ මිට්සුබිෂි බැංකුව හරහා මූල්ය ආධාර ලබාදීම. දෙක – ජයිකා ආයතනය හරහා නිල සංවර්ධන සහයෝගිතා ණය මුදලක් ලබාදීම. ජයිකා ණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත ගණනාවක් තිබෙනවා.ඒ පිළිවෙත අනුව සම්පූර්ණ ණය මුදල ලබාගැනීම සදහා දීර්ඝ කාලයක් ගත වන බව ඔවුන් දන්වා සිටියා.වසර තුනක කාලයක් තුළ ව්යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තුවන නිසා වඩාත් ප්රායෝගික වන්නේ මිට්සුබිෂි බැංකුව මගින් ණය ආධාර ලබාගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව දැන්වුවා. ඒ නිසා ව්යාපෘතිය සදහා ණය ආධාර ලබාගැනීම පිළිබදව දැන් ටෝකියෝ මිට්සුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.
    අගමැතිතුමනි, ඉතා ඉහළ පොලියට දැඩි කොන්දේසි මත ලබාගන්නා මේ ණය මුදල ගෙවා දැමීමට සිදුවන්නේ රටේ ජනතාවටයි.
    ජයිකා ආයතනය හරහා රජයන් දෙක අතර ණය මුදලක් ලබාගත්තේ නම් ඉතා අඩු පොළියකට සහනදායී පදනම මත ණය ලබාගත හැකිව තිබුණි.
    ඒ, සඳහා අවුරුදු ගණනක් ගත වන්නේ නැහැ.
    මෙවැනි අන්තර් රාජ්ය ණය මුදලක් කඩිනමින් ලබා ගන්නා අකාරය සමාගමක් ලෙස අපට වුවද පෙන්වාදිය හැකියි.
    එසේ සහන ලබා නොගෙන ජනතා මුදල් බිලියන ගනනින් වියදම්කර අවුරුදු තුනකින් මාර්ගය සාදා නිමකරන්නැයි ඉල්ලන්නේ කවුද?
    හදීසි වී අධික පොළියට වාණිජ්යය ණය ලබාගෙන කරන මේ ඉදිකිරීමවලට අවසානයේ ගෙවිය යුත්තේ මේ රටේ ජනතාවම නොවේද?

    Source
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැංකු ගිණුම් වාර්තා ඉල්ලා
    සීඅයිඩිය ඇලෝසියස්ගේ නිවසට යයි



    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්ඩායමක් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12 වැනිදා) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා මේ බව කොමිසමට කීවේය.
    මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇලෝසියස් මහතාගේ නිවසේ සිටින බවද ඔවුන් බැංකු වාර්තා ලබාදෙන ලෙස බලකර සිටින බවද නීතිඥ ප්රේමරත්න මහතා කියා සිටියේය.
    පෙරේදා (11 වැනිදා) සවස වන තෙක් කොමිසමේ රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ප්රශ්න කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා රැගෙන පසු දින නැවත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥ ප්රේමරත්න මහතා පැවසීය.
    රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාට එසේ දැනුම් දී ඇතත් බැංකු ගිණුම් වාර්තා බැංකුවෙන් ලබාගැනීම ඉක්මනින් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
    මේ අවස්ථාවේදී ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස් මහතා හමුවීමට රහස් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි.
    ඇලෝසියස් මහතාගේ බැංකු වාර්තා ලබාදෙන ලෙස බැංකුවලට දන්වා ඇති බවත් ඒ අනුව එම බැංකු වාර්තා අද (13 දා) සහ හෙට (14 දා) දිනවලදී කොමිසමට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ ප්රේමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය. ඒ සඳහා කොමිසමේ අවසරය ලැබිණි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බුද්ධාගමට ප්රමුඛස්ථානය අහෝසි කරන්න, ෆෙඩරල් ව්යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වෙයි.

    එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වැනි ව්යවස්ථා සංහෝධනයට තම පක්ෂය සහාය දෙන්නේ කොන්දේසි තුනකට යටත්ව බව දෙමල ජාතික සන්ධානය පවසයි.
    එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්ය වෙත සදහන් කර ඇත්තේ

    ෆෙඩරල් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගෙනැවිත් සම්මත කිරීම, බුද්ධාගමට ව්යවස්ථාවෙන් ලැබී ඇති ප්රමුඛස්ථානය ඉවත් කිරීම, උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීම එම කොන්දේසි බවයි.
    මෙම කොන්දේසි තුනට ආණ්ඩුව එකග වූ නිසා තම පක්ෂය 20 වන ව්යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ඔහු සදහන් කර ඇත.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අපට ඕන වුනේ ලංකාව අලෙවි කේන්ද්රයක් කරන්නයි.. ඒත් අද ලංකාව මත්ද්රව්ය කේන්ද්රස්ථානය වෙලා..- මලික්

    නිල නොවන වාර්තාවලට අනුව ශ්රීලංකාව දැනටමත් කේන්ද්රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා, ශ්රීලංකාව මත්ද්රව්ය, නීති විරෝධී ද්රවයවල කේන්ද්රස්ථානයක් බවටද පත්ව තිබෙන බවට වාර්තා පල වුනා යයි ජාත්යන්තර වෙළෙඳ කටයුතු හා ආයෝජන ප්රවර්ධන අමාත්ය මලික් සමරවික්රම මහතා ” දකුණු ආසියාව ලෝකයට විවෘත කිරිම” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ දි සාර්ක් ආයෝජන 2017 සමුළුව අමතමින් ප්රකාශ කල බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
    එට්කා වැනි ගිවිසුම් හරහා ශ්රීලංකාව සැපයුම්දාම, මූල්ය,පර්යේෂණ සංවර්ධන, නිර්මාණ යන ක්ෂේත්රවල ඉන්දීයානු සාගරයේ කේන්ද්රස්ථානය බවට ශ්රීලංකාව පත්කිරීමට බලාපොරොත්තුවන බවත් හෙතෙම පැවසු බව එම පුවතින් වැඩිදුරටත් වාර්තා කරයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුද්ධාගමට ප්රමුඛස්ථානය අහෝසි කරන්න, ෆෙඩරල් ව්යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වෙයි.

    එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වැනි ව්යවස්ථා සංහෝධනයට තම පක්ෂය සහාය දෙන්නේ කොන්දේසි තුනකට යටත්ව බව දෙමල ජාතික සන්ධානය පවසයි.
    එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්ය වෙත සදහන් කර ඇත්තේ

    ෆෙඩරල් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගෙනැවිත් සම්මත කිරීම, බුද්ධාගමට ව්යවස්ථාවෙන් ලැබී ඇති ප්රමුඛස්ථානය ඉවත් කිරීම, උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීම එම කොන්දේසි බවයි.
    මෙම කොන්දේසි තුනට ආණ්ඩුව එකග වූ නිසා තම පක්ෂය 20 වන ව්යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ඔහු සදහන් කර ඇත.


    :dull::dull::dull:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම
    අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා

    නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක


    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    ගුණතිලක මහතා මේ බව කීවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනු උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂි විභාගයේදීය. එහෙත් පලිසේන මහතා කීවේ වෙනත් බැඳුම්කර ගනුදෙනුවලින්ද සමාගම ලාභ උපයා ඇති බවයි.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් අඩු පලදා අනුපාත යටතේ සේවක අර්ථ සාධක අරමුදලට විකුණා විශාල වශයෙන් ලාභ උපයා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්‌වමින් පලිසේන මහතා ඒ බව ප්‍රතික්‍ෂේප කළේය.

    ඔහු කීවේ වෙළෙඳ පොළ අනුපාත යටතේ එම බැඳුම්කර ගනුදෙනු අර්ථ සාධක අරමුදල සමග කළ බවත් ඒවා අඩු හෝ වැඩි අනුපාත ලෙස හැඳින්විය නොහැකි බවත්ය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්‌ කළේය.

    එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක්‌ එම තොරතුරු ලබාදීමට හැකියාවක්‌ නැතැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    ඇලෝෂියස්‌ මහතාගේ දුරකථනයෙන් පිටු 8600 ක දත්ත ඉවත් කරගෙන ඇති බවත් තම සේවාදායකයා අද දින කොමිසම හමුවේ සාක්‍ෂි දීමට නියමිත බැවින් ඒවා ගැන ප්‍රශ්න කිරීමට පැය 24 කටවත් කලින් ඒවා තමාට ලබාදෙන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    එම දුරකථනයෙන් ඉවත් කරගත් දත්ත ඇසුරින් සාක්‍ෂිකරුගෙන් (අර්ජුන් ඇලෝෂියස්‌) මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඒවා ලබාදෙන බව දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ඊයේ (12 දා) දිවුරුම් දීමත් සමග බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්‌ඩලය ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත වන බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.


    source
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගෑස් මිල 8% කින් ඉහළට

    ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් වෙන යෝජනාවක් ඊයේ (12දා) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව තිබේ.
    එහිදී අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි විය යුතුය යන්නයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැනීමට නියමිත බව රජයේ ඉහළම අමාත්යවරයෙක් සඳහන් කළේය.යම් හෙයකින් ගෑස් මිල වැඩිවුවහොත් එය ලබන වසරේ සිට ක්රියාවට නැංවෙනු ඇති බවත් වාර්තා වෙයි


    source
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !
    ‘සයිටම්’ පෞද්ගලික වෛද්ය උපාධි ආයතනයේ හිමිකාරීත්වය දැරූ නෙවිල් ප්රනාන්දු ආදායම් නොමැතිව තිබූ සිය රෝහල (නෙවිල් ප්රනාන්දු) හේතුවෙන් රාජ්ය බැංකු වෙත ගෙවීමට තිබූ ණය ගෙවීම සඳහා රෝහල රජයට පැවරූ බව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි.
    රජය නෙවිල් ප්රනාන්දු රෝහල වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 300 බැගින් ගෙවීමට එකඟ වී ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.

    අද (13) එම පෙරමුණ විසින් පවත්වන ලද මාධ්ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

    පාඩු ලබන ආයතන විකිණීමට ප්රතිපත්ති හදන ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉඩ දී මහජන මුදල් අවභාවිතයට ඉඩ දී ඇති බවද ඔහු පැවසීය.

    සයිටම් ආයතනයට ‘සුජාතභාවය’ ලබා දීමට උත්සාහ දරණ ඇතැම් ඇමතිවරුන් සිටින්නේ මුදල් වෙනුවෙන් බව ඔහු පැවසීය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සියළු ධීවර වරායන් විකුණන්න අමරවීරගේ කැබිනට් යෝජනාව අනුමතයි.

    රට පුරා ඇති ධීවර වරායන් සියල්ල විකුණා දැමීම සදහා කැබිනට් පත්රිකාවක් ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවසීය.

    කැබිනට් අනුමැතියද හිමිව ඇති මෙම යෝජනාවට ජනාධිපති හෝ මුදල් ඇමති විරෝධය පල කර නැති බවද ඔහු සදහන් කරයි.

    දැනටමත් ධිවර වරායන් 11ක් තක්සේරු කිරීමද සිදු කරන අවසන් වන බවත් රටේ සියලූම ධීවර වරායන්, නැංගුරම් පොළවල් බදු දීමට නියමිතව තිබෙන බවත් මන්ත්රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් කැමතිනම් සාක්ෂි දෙන්න පුළුවන් – අපි බලකරන්නේ නැහැ
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට අවශ්යතාවකයත් ඇත්නම් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට හැකි බවත් ඔහුට ඒ සඳහා බල බල කිරීමේ හැකියාවක් කොමිසමට නැති බවත් බැඳුම්කර වංචාව සඳහා පත් කළ ජනාධිපති කොමිසම අද (13) දැනුම්දී තිබේ.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කරගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද එම කොමිසම ප්රකාශ කර ඇත.

    source
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සිරිසේන සොහොයුරු කල රිය අනතුර රටේ ප්රධාන මාධ්ය ආයතන පවා වහන්න හැදුවා…ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාරයට

    මෛත්රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන ජවිපෙ සමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරිම සම්බන්ධයෙන් රටේ ප්රධාන මාධ්ය ආයතන පවා මෙම අනතුර සිදු කර පළා ගියේ ජනාධිපතිවරයාගේ සොහොයුරා යැයි පැවසීම බියක් දැක්වූ බවත් ඒ අනුව පෙනී යන්නේ වර්තමානයේ පවතින ප්රජාතන්ත්රවාදයද බිය ගෙන දෙන්නක් වන අනතුරින් ජිවිතක්ෂයට පත් වු සමාජිකයන් දෙදෙනාගේ අවමංගල්යය උත්සවයට සහභාගි වෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති සදහන් කළා.

    එමෙන්ම ජනතාවගේ මැදිහත්වීමත් ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමත් නොවන්නට අද මෙම අනතුරද කාලයේ වැලිතාලාවේ ගිලී යන්නට තිබූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

    ඒ.ජේ.එම්. ජයරත්නගේ සහ ඒ.ජේ.එම්. බුද්ධදාසගේ පවුලට යුක්තිය ඉටු වියයුතු බවත් නීතිය ක්රියාත්මක වන ආකාරය දෙස ජනතා විමුක්ති පෙරමුණ විමසිලිමත්ව සිටින බවත් පැවසූ අතර තමන්ද ඒ සම්බන්ධයෙන් විමසිල්මත්ව සිටින ලෙස සුනිල් හඳුන්නෙත්ති ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පසුගිය 09වනදා පොලොන්නරුව පොලීසියට බාරවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොලොන්නරුව මහේස්ත්රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබේ.


    අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්රකාශ අනුව සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත ලාල් සිරිසේනට පොලීසියට බාර වීමට සිදුවුනා.
    මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    මධ්යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයෙන් ඇත්තටම රටට මුදල් ඉතිරි වුණා ද?


    අදිවේගී මාර්ග රත්තරන් වලින්ද හදන්නේ ............. එහෙම නැත්තම් බැසිල්ගේ ගැහිලි නැතිනම් මෙට වඩා අඩුවෙන් හදන්න පුළුවන් කියාපු අය අද කෝ?