යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සියලු බදු මුදල් ලබන අප්රේල් 1දා සිට අය කිරීමට කටයුතු යොදනවා



    පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව දේශීය ආදායම් බදු පනත මඟින් අය කිරීමට නියමිත සියලුම බදු ලබන වසරේ අප්රේල් 1දා සිට අයකිරීමට කටයුතු කරන බව මුදල් අමාත්යාංශය පවසයි.
    කොටස් දෙකක් යටතේ මෙම දේශීය අදායම් බදු පනත ක්රියාත්මක කෙරේ.
    මුදල් අමාත්යාංශය පවසන්නේ වසරක් තුළ මුදල් ගිණුම් දෙකක් පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවන් ඇතිවිය හැකි බැවින් බදු ගෙවන්නන්ට පහසු වන අයුරින් මෙම පනත ක්රියාත්මක කිරීම ලබන අප්රේල් 1දා දක්වා කල් දැමූ බවයි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් හා ඔබ මහේන්ද්රන්ගේ කාලේ සිදු කළේ මහ බැංකුව සමඟ හවුල් වී කූට ජාවාරමක් නේද?

    අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපතිව සිටි කාලය තුළ ඔබත් අර්ජුන් ඇලෝසියසුත් යන දෙදෙනා එකතු වී පර්පචුවල් ට්රෙෂරීස් සමාගම මෙහෙයවා ඇත්තේ මහ බැංකුවේ ප්රාථමික ගනුදෙනුකරුවකු ලෙස නොව මහ බැංකුවද හවුල් කරගනිමින් ජනතාවගේම මුදල් යොදවා කූට අන්දමින් සල්ලි ගරා ගැනීමේ ජරා ජාවාරම්කරුවකු ලෙස නොවේ දැයි පෙරේදා (13දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටි පර්පචුවල් සමාගමේ ප්රධාන විධායක කසුන් පලිසේනගෙන් ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විමසා සිටියේය.
    එය ඔහු ප්රතික්ෂේප කළේය. එහෙත් ඊළඟ ප්රශ්නයට ඔහුගේ ප්රතිචාරය මෙය විය.


    එලෙස කූට ලෙස මුදල් ඉපැයීමට ඇලෝසියස්ට හවුල් වූ නිසා වාර්ෂික පාරිතෝෂිත (බෝනස්) ගෙවීමේදී ඇලෝසියස්ට ලැබුණු මුදල මෙන් සිවු ගුණයක මුදල් ඔබට ලැබුණා නොවේද යනුවෙන් නැඟූ ප්රශ්නයට පිළිතුරු දෙමින් එය සැබෑ බව ඔහු පිළිගත්තේය.
    තමාට ලැබුණු පාරිතෝෂිත මුදල සමස්ත සේවක මණ්ඩලයට ලැබුණු පාරිතෝෂිත මුදලෙන් හරි අඩක් එනම් සියයට 50ක් (50%) තරම් විශාල බෝනස් එකක් නොවේ දැයි යන ප්රශ්නයටද ඔහුගේ පිළිතුරු වූයේ එයද සැබෑ බවය.
    තමාට ලැබුණු බෝනස් මුදල් ආයතනයේ දෙවැනියාට වැඩිපුරම විශාල බෝනස් එක ලැබූ තැනැත්තාගේ මුදල මෙන් 8 ගුණයක් බව පිළිගන්නවාද යන ප්රශ්නයට ඔහු කියා සිටියේද 'ඔව්' යන්නය.

    කොමිසම එහි සභාපති ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ජේයෂ්ඨ ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන, විශ්රාමික නියෝජ්ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.

    කොමිසමේ ලේකම්වරයා වනුයේ සුමතිපාල උඩුගම්සූරිය මහතාය.
    නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාත් ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන, ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්රමුඛ රාජ්ය නීතිඥ මණ්ඩලයක් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා සාක්ෂි විභාග පැවැත්වීමේ කටයුතු මෙහෙයවමින් කොමිසමට සහාය වෙති.

    විටින් විට සී.ඩී. පටිවල අන්තර්ගත බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධත තොරතුරු පරිගණක යන්ත්රය හරහා තිරයේ ප්රදර්ශනය වීමට සලස්වමින් සාක්ෂිකරුගෙන් ප්රශ්න ඇසීම මඟින් නියෝජ්ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කොමිසම හමුවේ වාර්තා වී ඇති තොරතුරු සාක්ෂිකරු ලවා තහවුරු කරගනු ලැබීය.

    සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්රී ලංකා රක්ෂණ සංස්ථා, සේවක භාරකාර අරමුදල යනාදී ආයතනයන්ගේ අරමුදල් මෙහෙය වන කවීන් කරුණාමූර්ති, නවීන් අනුරාධ, සමන් කුමාර, ධනුක යනාදී පුද්ගලයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටිමින් ඔවුන් හරහා එකී අරමුදල්වලට 'අලාභත්' පර්පචුවල් සමාගමට 'ලාභත්' ලැබෙන ආකාරයෙන් ගනුදෙනු සිදු කිරීම මඟින් අසීමිත ලාභ ඉපැයීමට පර්පචුවල් ට්රෙෂරීස් සමාගම ක්රියාකොට ඇති ආකාරය තහවුරු කරලීම සඳහා ගුණතිලක මහතා දිගින් දිගටම විවිධ ලේඛනද ඉදිරිපත් කරමින් අදාළ කරුණු තහවුරු කළේය.
    එකී ගනුදෙනු මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතනවල අරමුදල්වලට සිදුකොට ඇති පාඩුව හා අලාභය අසීමිත බවද ගුණතිලක මහතා මෙහිදී කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

    කොමිසම අද උදේ 10.00ට යළි රැස්වේ.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සාක්ෂි නොදී ඉන්න ඇලෝසියස්ට ඉඩදීමේ
    කොමිසමේ තීන්දුවට නීතිපති එකඟ නෑ
    -ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා

    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය පිළිගන්නේ නැතැයි කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවන නීතිපතිගේ නීතිඥ කණ්ඩායමේ ප්රධානියා වන ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ කොමිසම හමුවේ දැඩිව කියා සිටියේය.

    කොමිසම ගත් තීන්දුවට අප එකඟ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්ගේ සාක්ෂිය විමසිය යුතු බවට මා ප්රබල කරුණු රැසක් ඉදිරිපත් කළා. ඒවා ගැන නොසලකා ගත් වැරදි දඩබ්බර තීන්දුවක් " යෑයි ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවිය යුතුය යන ස්ථාවරයේ තමා දැඩිව සිටින බවත් තමා දැන් ප්රකාශ කරන්නේ කොමිසම ගත් එකී තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන මතය බවද ඔහු කීවේය.

    දැනට තමා මේ ගැන වැඩි යමක් ප්රකාශ නොකරන බවත් ඉදිරියේදී ගත යුතු ක්රියා මාර්ගය නීතිපතිවරයා සමග සාකච්ඡා කර කොමිසම හමුවේ ප්රකාශ කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    ජ්යෙෂ්Aඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසම හමුවේ ප්රකාශයක් කිරීමෙන් අනතුරුවය.

    අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙනවා ද නැද්ද ඒ පිළිබඳව ඔබේ තීරණය කුමක්දැයි කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ කොමිසම රැස් වූ අවස්ථාවේදී ප්රථමයෙන්ම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගෙන් ඇසුවේය.

    මාරපන මහතා- ස්වාමිනි, අපි ගත් තීරණයේ වෙනසක් නැහැ. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ නැහැ. සාක්ෂි දෙන්න ඔහුගේ කැමැත්තක් නැහැ.

    තම සේවාදායකයා වන අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවීමට කොමිසම ගත් තීරණය හා ඒ පිළිබඳ කොමිසම දැක්වූ අදහස් වලට තමා සැලකිල්ල යොමු කළ බව ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

    කොමිසම හමුවේ සඳහන්වූ ඇතැම් සිද්ධීන් ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඔහු කොමිසම හමුවේ සාක්ෂියට කැඳවූ බව කොමිසම ප්රකාශ කළ නමුත් තමා දුන් උපදෙස් පිළිගෙන ඔහු සාක්ෂි නොදීමට තීරණය කළ බවද ඔහු කීවේය.

    කොමිසම ප්රකාශයට පත් කළ තීන්දුව තමා ඉතා අගය කරන බවද ඔහු කීය. එය ආදර්ශමත් නඩු තීන්දුවක් බවත් විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට අනාගතයේ දී එය ප්රයෝජනයට ගත හැකි බවත් මාරපන මහතා කීය.

    http://www.divaina.com/2017/09/15/news01.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දුන් වහාම නඩු පවරනවා
    - ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    රනිල් ධර්මසේන

    ඇතැමුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදෙන්නේ තමන්ට සාක්ෂි දීමට බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා බවත් කොමිසමේ වාර්තාව භාර දුන් වහාම ඒ අනුව නීතිපති නඩු පවරන බවත් ව්යවසාය සංවර්ධන රාජ්ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    බැඳුම්කරය මගින් මහා වංචාවක් සිදුව ඇති බව කිසිම ගැටලුවක් නැතිව මුළු රටම පිළිගෙන අවසන් බවද ඊයේ (14 දා) ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවකදී මාධ්යවේදිනියකු නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.
    බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්ෂි දීමට සිදුවන බවද එහිදී සාක්ෂි දීමට නොහැකි බව කාටත් කිව නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

    සාක්ෂි දීමට බැහැ කීමෙන් පැමිණිල්ල තවත් ශක්තිමත් වන බව කී ඇමැතිවරයා මෙහිදී කොමිසමෙන් ගත් පියවර ඉතා නිවැරැදි බවද සඳහන් කළේය. කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසුව නඩු පැවරීමද කඩිනමින් සිදු කරන බවත් ඒ වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

    සිල් රෙදි බෙදීමේ සිද්ධියේදී සිල් රෙදි මහජනතාව අතට ලැබී ඇති බවද බැඳුම්කර වංචාවේදී අති විශාල මුදලක් තනි පුද්ගලයකුට ගොස් ඇති බවට ද පෙනී යෑයි යන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සිල්රෙදි බෙදීමේ සිද්ධිය හා බැඳුම්කර වංචාව සමාන කළ නොහැකි යෑයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ

    http://www.divaina.com/2017/09/15/news05.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දේශපාලන ප්රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..


    ගාල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප්රදේශයේ දැවැන්ත ප්රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප්රදේශවාසීහු පවසති.

    මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප්රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප්රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත.

    ගාල්ල දිස්ත්රික්කයේ එජාප මන්ත්රිවරයෙකුගේ බිරිදක් වන නිරෝෂා ප්රියංගනී නමින් මෙම අරක්කු ගබඩාව ඉදිකරන බව එහිදී හෙලි විය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Loss-3-spot-tenders-of-Petrolium.jpg

    රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..!

    කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව වාර්තා වේ.

    කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව (SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC) නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක් අනුමත කර තිබේ.
    එම විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට් දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග කටයුතු කර නැත.
    කාලීන/වාරික ටෙන්ඩර් 3 ප්රදානය කිරීම 2017 අගෝස්තු 23 වන විට අවසන් විය යුතුව තිබුණු නමුත් එම ටෙන්ඩර් ප්රදානය කිරීමෙන් වැළකී ඛනිජ තෙල් සංස්ථාව එහි සඳහන් නිෂ්පාදන සඳහා හදිසි ටෙන්ඩර් 3 ක් (Spot Tender) ප්රදානය කර ඇත්තේ ඒ වන විටත් විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද, කැබිනට් අනුමැතිය ලැබූ කාලීන/වාරික ටෙන්ඩර් මගින් වඩා අඩු මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තිබියදී ය. තවත් එක් හදිසි ටෙන්ඩරයක් Ref No: BK/71/2017 අවසන් කිරීමට නියමිතව තිබුනේ 2017 සැප් 07 වෙනිදා ය.

    ඛනිජ තෙල් සංස්ථාවේ BK/65/2017, BK/69/2017 සහ BK/70/2017 යන අනුක්රමික සංඛේත අංක වලින් හඳුන්වනු ලබන අගෝස්තු මාසයේ අනුමත කළ හදිසි ටෙන්ඩර් 3 හේතුවෙන් මේ වන විටත් සංස්ථාව විඳිමින් සිටින පාඩුව ඇ.ඩො. 7,064,446 . 00 කි. එනම් ඩොලර් එකක් රු. 153 ක් හුවමාරු වටිනාකම ලෙස සැලකුව හොත් රු. 1,080,860,238 ක් හෙවත් රුපියල් බිලියන එකයි මිලියන අසූවකටත් අධිකය. රු. කෝටි 108 කට අධිකය

    රණතුංග සොයුරන් කැබිනට් මණ්ඩලයටද කොකා පෙන්වමින් මෙලෙස කටයුතු කරන්නේ අන් කිසිවක් නිසා නොව මෙම ගණුදෙනු වලින් ලැබෙන අධික කොමිස් මුදල් නිසා බව නොරහසකි.

    විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් තුනෙහි විස්තර සහ දැනටමත් ගණු දෙනු අවසන් කර පාඩු විඳින හදිසි ටෙන්ඩර 3 හි දත්ත පහත ඉමේජයේ ඇති වගු වල දැක්වේ.

    Source:ලංකා ඊ නිව්ස්
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් කෝප් එකට කිව්වේ බොරු
    පර්පෙචුවල් ට්රෙෂරීස් ප්රධාන විධායක කසුන් පලිසේන
    බැඳුම්කර කොමිසමේදී පිළිගනී

    kas1.jpg


    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය.
    කොමිසමේ සාමාජික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න එස්. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා ඇති දේ නිවැරදි නොවන බව පලිසේන මහතා පිළිගත්තේ එම ප්රශ්නයට පිළිතුරක් නොදී යම් වේලාවක් නිහඬව සිටීමෙන් පසුවය.

    ඒ ප්රශ්නයට පිළිතුරු දීමට විනාඩි දෙකක පමණ කාලයක් ගතවූ බව කොමිසමේ සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සාක්ෂිකරු එම පිළිතුර ලබාදීමෙන් පසු ප්රකාශ කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කෝප් කමිටුවට ලබාදී ඇති පිළිතුරු කසුන් පලිසේන මහතාට ඉදිරිපත් කරමින් ඔහුගෙන් ප්රශ්න කිරීම නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් සිදුකරන ලදී.

    ඒ අනුව ඇලෝසියස් මහතා කෝප් කමිටුවට ප්රකාශ කර තිබුණේ ඔහුගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) මහ බැංකු අධිපති තනතුරට පත්වූ නිසා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධවීම නුසුදුසු නිසාත් එය අරමුණු අතර ගැටුමක් ඇති වීමට හේතුවක් වන නිසාත් තමා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි තනතුරින් ඉල්ලා අස් වූ බවය.

    ඇලෝසියස් මහතා කෝප් කමිටුවට ලබා දී තිබූ එම පිළිතුර කසුන් පලිසේන මහතාට කොමිසම හමුවේ කියවන ලෙස මිලින්ද ගුණතිලක මහතා විසින් දැනුම් දුන් අතර ඉන් පසු මේ ප්රකාශය සත්යයක්දැයි විමසූ අවස්ථාවේදී ඇලෝසියස් මහතා ප්රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් වූ පසුවත් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්ථාවලදී සම්බන්ධ වූ බවට පලිසේන මහතා පිළිගත්තේය.

    මෙහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කීවේ ඇලෝසියස් මහතා ඇතැම් අවස්ථාවල පමණක් නොව පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට මුළුමනින්ම සම්බන්ධ වී ඇති බවයි.
    මේ අනුව අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්යාපාර කාරක සභාවට බොරු කර ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා ප්රකාශ කළ අතර ඒ ගැන සාක්ෂිකරුගෙන් විමසූ විට පලිසේන මහතා මුලින්ම ඊට දුන් පිළිතුර වූයේ ඒ ගැන තමාට හරියටම කිව නොහැකි බවයි.

    මුලින් අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව එක්වරම නොපිළිගත් පලිසේන මහතා ඇලෝසියස් මහතා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්ථාවලදී සම්බන්ධ වූ බව පිළිගත්තේය.
    මෙහිදී කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරු අමතමින් කීවේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ උපදෙස් අනුව කටයුතු කර පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම බිලියන ගණන් ලාබ ඉපයූ බවයි. ඒ අනුව ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා ඇත්තේ සත්ය නොවන බව පලිසේන මහතා පිළිගත් අතර අවසානයේ විනිසුරු ජයවර්ධන කළ ප්රශ්න කිරීම් හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව කසුන් පලිසේන මහතා පිළිගැනීම සිදු කළේය..

    http://www.divaina.com/2017/09/16/news01.html
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රවිගේ මස්සිනා සංවර්ධනය ලොතරයියෙන් පන්නා චන්ද්රිකාගේ හිතවතකු නව සභාපති ලෙස පත් කරයි…


    එජාප නායක රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවක එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්රියාකාරි දායකත්වයක් සැපයු ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා 03/09/2017 දා ශ්රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්රය මගින් වහාම ඔහු දැරු එම තනතුරින් ඉවත් කරනු ලැබිය.

    ඔහු හිටපු මුදල් අමාත්ය මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතාගේ මස්සිනාය.

    ඒ වෙනුවට ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස කලක් චන්ද්රිකා රජයේ ලංකා සිමෙන්ති සමාගමේ සභාපති ලෙස සිටි සේන සූරියප්පෙරුම මහතා පත් කොට ඇත

    ඔහු චන්ද්රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ කිටුටුම හිතවතු බැව් ආරංචි මාර්ග සඳහන් කරයි...
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස්ගේ රෙදි පලිසේන අතින්ම ගැලවෙයි
    17-9-2017%20mawnm%20(4).jpg


    අර්ජුන් ඇලෝසියස් පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව හමුවේ ප්රකාශ කොට ඇත්තේ පට්ටපල් බොරු බව ඇලෝසියස්ගේ පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේම ප්රධාන විධායක කසුන් පලිසේන පෙරේදා (15දා) බැඳුම්කර කොමිසම හමුවේදී පිළිගත්තේය.

    තම මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට තමා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ නිලතලවලින් ඉවත් වූ බවත් එතැන් සිට සමාගමේ කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ නොවූ බවත් 'කෝප්' කමිටුව හමුවේදී අර්ජුන් ඇලෝසියස් විසින් කරනු ලැබූ ප්රකාශය සම්පූර්ණයෙන්ම සාවද්ය ප්රකාශයක් බවත්,
    ඇත්ත වශයෙන්ම සිදුවූයේ ප්රධාන විධායක නිලධාරි වශයෙන් ඔහු විසින් එතෙක් සිදුකළ කටයුතු හා කාර්යභාරය ප්රායෝගිකව ඔහු විසින්ම දිගටම සිදුකළ අතර, නිල වශයෙන් එම කටයුතු එකී තනතුරට පත් වූ තමා මඟින් සිදුවීම පමණක් බවත් පලිසේන, කොමිසමේ කොමසාරිස්වරයකු වන ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන මහතා විසින් නඟන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් ප්රකාශ කළේය.

    භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී තමා විසින් සමාගම වෙනුවෙන් මිල ගණන්පත් (ඕඪඤඵ) ඉදිරිපත් කළ නමුත් එම මිල ගණන්පත් සඳහා අවශ්ය සියලු තොරතුරු ලබාදීම දිගටම සිදුකළේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද පලිසේන තවදුරටත් කොමිසම හමුවේ පිළිගත්තේය.

    2015 සිටම දිගින් දිගටම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි ඇතුළු සියලු ව්යාපාරික කටයුතු මෙහෙයවන ලද්දේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා නඟන ලද හරස් ප්රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

    පිළිතුරු දීමේදී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කොමිසමේ සභාපති ජේයෂ්ඨ ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්රසිරි මහතා සාක්ෂිකරුට දැඩිව අවවාද කරමින් "තමාද සත්යයම පවසන බවට කොමිසම හමුවේ දිවුරුම් දී සිටිමින්ම පට්ටපල් බොරු ප්රකාශ කරන බව මේ වන විටත් නිරීක්ෂණය වී තිබෙන බව අමතක කරන්න එපා" යැයි පැවැසීය..
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කර චෝදනා ඇති 10 දෙනෙක් අපරාධ අධිකරණයට?


    රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් සිදුවූ බවට සැලකෙන බැදුමකර වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකුට පමණ අපරාධ අධිකරණයක් හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි වාර්තා වෙයි.

    බැදුම්කර කොමිසම හමුවේ මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්කි විශ්ලේෂණය කිරීමේදී කොමිසමේදී ඇගිල්ල දිගුවෙන පුද්ගලයින්ට එරෙහිව මෙලෙස චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

    මහබැංකුවෙි හිටපු අධිපතිවරයා, මෙම වංචනික කටයුත්ත සදහා ඔහුට සහාය පළ කල මහා බැංකුවේ නිලධාරින් පිරිසකට, වංචනික අන්දමට ලංසු ඉදිරිපත් කල සේවක අර්ථසාධක අරමුදලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුලු දස දෙනෙකුට අධික පිරිසකට අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ඔවුහු පෙන්වා දෙති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද


    :P:P:love:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද

    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මරුසිරා;22238278 said:
    නරිඇල්ල නම් ගොන්රජාගේ ඉල්ලන් කෑම :P


    මධ්යම අධිවේගී ව්යාපෘතියේ ටෙන්ඩර් ක්රියාවලිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විසින් සිය ප්රවෘත්ති විකාශණය අතරේදී මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ලට එරෙහිව දැඩි චෝදනා ඉදිරිපත් කලේය.
    කිහිප වතාවක්ම ප්රතික්ෂෙප වූ සමාගමකට වැඩි මුදලකට මෙම කොන්ත්රාත්තුව ලබා දී ඇතැයිද සදහන් විය.

    ඕනැ ගොනා හයිවේ හදපු හැටි! කියල කිව්වලු.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද

    :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද

    :yes::yes::yes: