1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ
යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.
7.උදළුකාරයෝ
යහපාලනේට චීත්ත ඇඳන් කඩේ ගිය අනික් කොටස තුන්තිස් පැයේම උදැල්ල කරතබාගෙන සිටින්නෝය.නැත ගොවියෝ නොවේය.නමුත් කෙනෙකුට වල කපන්නට එවරෙඩි උන්දැලාය.හොඳින් සිතා බලන්න.කෙනෙකුට කේළමක් කියා, බිඳවා, බොරු වපුරා, මඩ කරවා, උල් සිටවූ වළක් උඩින් බංගලි පලසක් එලා සතුරා ඒ මතින් කැඳවාගෙන යන්නෝ යහපාලනේ මිට මොලවා උපන් බව වචනයෙන් මනාව කියා පෑවෝය; ඔවුන්ගේ සැබෑව දන්නා අපි හිටං සිනාසීමු.සාමාන්‍යයෙන් වියයුතු සේම මේ උදළුකාරයන්ට තවකෙකුගේ දියුණුවක් බලා ඉන්නට බැරිය.උදේ හවා මුණ නොගැහෙන සංගක්කාර වුව දිගට හරහට නෙලමින් ඉන්නා අතරේ විවා ඇඩ් එකක් ගියෝතින් "මුන්ට මෙච්චර හම්බකරලා තවත් මදි" කියා කුහකයා දොරට වඩම්මවන්නෝ එලෙසෙම යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි අපූරුවට වමෑරූහ.
9.නිකම්මු
සිරිසේනගේ ප්රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු ටිකක්ද ඔය අතර ඉන්නෝය.එයින් බහුතරය නිකම්මුය.ගෙයි ගෙම්බෝ සේ ගෙටවී රූපවාහිනියත් ජංජාලයත් හරහා පමණක් යාවත්කාලීනවන මේ නිකම්මු දන්න ඉටිගෙඩියකුත් නැත, ඒවුණාට කෙන්ද කන්ද කොරගන්නට නම් උපන් හපන්ය.ඔවැනි බහුතරයක් ගෙට වූ ගැහැණුය.සමහරෙක්ට දරුමල්ලෝද ඇත, යහපාලනේ නැතිනම් කාගේ හෝ පවුලක් හෝ අල්ලාගෙන වධවෙන්නට තරම් උන්ට වේලාව ඇති නිසා යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය.