අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගිල්ලක් ගැන.
එය නමින් මන්ත්‍රී මාළිගයයි.යාපනේ යන හුග දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මේ මාළිගය මගහැරෙනවා.
මේ මාළිගයට රාජ මන්ත්‍රී මාළිගය කියාලත් කියනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලා.. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා.
හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වූ මාළිගය කියලයි.
ඒ වගේම ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල එවකට බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස පැවති බව ද සදහන්.
ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක හමුවෙලා නෑ..
කොහොම වුණත් මෙම මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරන්නේ සංගිලියන් තොරනත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බවට සාධක පවතින නිසාය..
බැලූ බැල්මට මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වගෙයි.දිරා ගිය යකඩ ගේට්ටුවකින් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ වූ බිත්ති නිසා වැසීයමින් පවතින්නේ අපේ තේජාන්විත අතීතයක සටහන් නේද කියා සිහිවෙද්දී දුකකුත් එනවා..
මෙම මාළිගය මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරන ලද්දකී.. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබෙනවා.
ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂයක් පෙන්නුම් කිරීම සුවිශේෂි කරුණකී.
උස් වූ ආරුක්කුවෙන් ඇතුළු ව පසුව මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය.
ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස පෙන්නුම් කරයී.ඒ වගේම තට්ටු දෙකට නිර්මාණය වූ මාළිගාවකී.
යාපනයයේ නල්ලූර් හි තමා මේ මාළිගය තියෙන්නේ.නමුත් කණගාටුව වන්නේ මෙම මාළිගය දිනෙන් දින ප්‍රතිසංස්කරණ වීමක් නොව ගරා වැටීමයි.
මෙම මාළිගයේ චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැති අතර මෙය රැක ගත යුතු බව නම් සැබෑවකී.මෙවැනි ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතුයි
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here