යාලුවනේ අපේ ආච්චී නැතිවුනා!

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මගෙ ආච්චි අම්මත් දැන් අවුරුදු 3 කට කලින් අපිව දාල ගියා.
    මටත් එදා පුදුම දුකක් දැනුනා. ඒ දුක තාමත් එහෙමයි.

    අච්චි අම්මාට නිවන්සුව!
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අපේ ආච්චිත් අවුරුදු 6 කට කලින් නැති උන වෙලාවේ මටත් ඔය වගේම දැනුනා. එයත් හුගක් අසනීපෙන් දුක් විදලා නැති උනේ. මම එයා අසනීපෙන් දුක් විදපු හැටි දැක්කා. පිළිකාවකින් නම් නෙමේ. නමුත් මචන් මම හිතන්නේ ආච්චි මැරුණු එක ජීවත් වෙලා ඉන්න අපට දුකක් උනත් එයා මරණයත් එක්ක ලොකු වේදනාවකින් මිදුන. එක නිසා හිත හදා ගනින්. ආච්චිට නිවන් සුව පතනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට ඕකෙන් ගන්න දෙයක් තියනව පුත්තරයා.....
    පිළිකා කියන්නේ සුව කරන්න බැරි එකක් නෙවෙයි. මුලින් ම ප්‍රතිකාර කලා නම් ආච්ච බේරගන්න තිබ්බා. ඒ නිසා මොනව හරි සැක කටයුතු යමක් තමන් ගේ සිරුරේ වෙනව නම් හංගගෙන ඉන්න එපා..........

    මිත්තණියට නිවන් සුවය පතමි!!!
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉපිද මැරේ...
    යළි ඉපැදේ...
    නොතිර සසර සාගරේ,


    ආච්චි අම්මට අමා මහ නිවන් සුව ලැබේවා!!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම තමයි බන් අද මිනිස්සු රේස් එකක් වගේ සල්ලි පස්සේ යනවා ලගින් ඉන්න අය අමතක වෙනවා .එ ගොල්ලෝ ගියාට පස්සේ තමයි තේරෙන්නේ එ අයගේ අගේ අපි අතින් මගඇරුන දේවල්ගැන පසුතැවෙන්න වෙන්නේ ඔක තමයි හැමෝටම වෙන්නේ . ආච්චි අම්මට නිවන් සුව ප්‍රාර්තනා කරනවා.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ..
    ජීවිතේ හැටි ඔහොම තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජිවිතේ යාම් ඊම් විතරයි බන් තියෙන්නෙ
    අපි ආදරේ කරන අය හැමදාම අපි එක්ක ඉන්නෙ නෑ
    කවද හරි එයාල යන්න වෙනවා
    හැබැයි එයාලගෙ මතකයන් අපි ගාව තියලා
    දුකයි තමයි හැබැයි ඇත්ත ඕක තමයි මචන්
    අපි ඕවත් විද දරාගෙන ඉස්සරහට යන්න ඕනෙ
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    නිවන් සුව පතනවා ... සහො හිත ශක්තිමත් කරගනින්... :yes: