යාලුවනේ මම මාරම දුකක් විදින්නේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවනේ මම මාරම දුකක් විදින්නේ

    මම මේ Thread එක දාන්නේ යාලුවනේ මට තියන ලොකු ප්‍රශ්නයක් කියන්න.මට වැඩිය යාළුවො නැ .ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එළකිරි එකේ යාලුවොන්ගෙන් අහලා තමා විසදගන්නේ .ඉතින් මගේ මේ ප්‍රශ්නේ කියවලා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක්

    මට දැන් මාස 6ක් 7ක් ඉදන් gastritis තිබ්බා .දැන් මාස ගානක ඉදන් ඉංග්‍රීසි බෙහෙත් බිවුවා .මට gastritis තිබ්බට වමනේ යන්නේ එහෙම නැ බඩ රිදෙනවා.ඔලුවේ කැක්කුම .කලන්තේ ගතිය වගේ රෝග ලක්ෂණ තමා තිබ්බේ .ඉතින් මාස ගානක් බෙහෙත් බිලත් අඩු වුනේ නැති(මම එක දිගට නම් බෙහෙත් බිවුවේ නැ අඩුවෙනකොට නැවත්තුවා මොකද මම පොඩි කාලේ ඉදලම දවස් 4,5 කට වැඩිය english බෙහෙත් බොන්න කැමති නැ සමහර විට එක දිගට english බෙහෙත් බිවුවම ඔලුවේ කැක්කුම එහෙම හැදෙනවා) හින්ද අන්තිමට endoscopy එකක් කරා .ඒ කරන්න කලිනුත් ඒ ගැන එළකිරි යාලුවොන්ගෙන් විස්තර අහගෙන thread එකක් එහෙම දාල තමයි කරේ .ඉතින් endoscopy එක කරලා බලලා ඩොක්ට කිවුවා මගේ ආමාශයේ වත් බඩවැල් වලවත් තුවාල නැ හැබැයි ගලනාලය කෙලවර වෙන තැන තුවාල වගේ තියනවා එකට කියන්නේ reflux oesophagitis කියලා එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි,ගොඩක් අයට මේ acid reflux තියනවා කියලා ආමාශයේ තුවාල තියන තරම් වගේ මේක ලොකු ලෙඩක් නෙමෙයි කියුවා මට වමනේ යන්නේ එහෙම නැත්තේ ආමාශයේ තුවාල එහෙම නැති හින්ද කිවුවා.සාමාන්‍යයෙන් gastritis තියනකොට වමනේ යනවනේ.නමුත් මේකත් gastritis තත්වයක් තමයි කිවුවා.reflux oesophagitis වල grade II තමයි මට තියනවා කිවුවේ.

    ඉතින් යාලුවනේ මෙහෙම කියලා ඩොක්ට මට Esomeprazole,domperidone,mozid කියන බෙහෙත් තුන තමා දුන්නේ.මම endoscopy කරන්න කලිනුත් ගොඩක් ඩොක්ටලා දුන්නේ ඔය ටැබ්ලට් තමා.මම බෙහෙත් ගත්තෙත් යාලුවනේ ලංකාවේ ඉන්න හොදම ඩොකාලගෙන්.ඉතින් මම මේ ලෙඩේට මේ වෙද්දී බෙහෙත් ගොඩක් බිලා තියනවා කලින් කිඋවා වගේ උපරිම සතියක් හමාරක් තමා බිවුවේ.ඉතින් endoscopy එක කරලා ඩොක්ට කිවුවේ මේ බෙහෙත් තුන දවසකට දෙපාර ගානේ සති හයක් බොන්න කියල .ඔන්න ඕක තමයි කරන්න ගියාම එපාම වෙන වැඩේ.

    ඉතින් අද මම මේ thread එක දැම්මේ gastritis වල මේ වගේ තත්වයක් තිබ්බ කවුරුහරි ඉන්නවනම් එයා හොද කරගත්තේ කොහොමද කියලා දැනගන්න.මේ english බෙහෙත් මාස ගානක් බොන්න ඕනිද මේක හොදකරගන්න.
    අනික මට විශේෂයෙන්ම දැනගන්න ඕනි .මම මේ ලෙඩේ හින්ද ලොකු දුකක් විදිනවා මුළු ඇගම පන නැ වගේ වෙලාවකට.නිකම් උන ගතියක් වගේ ඔලුවේ කැක්කුමක් තියනවා හැම වෙලාවේම.අනික බඩ විතරක් නෙමෙයි රිදෙන්නේ ඒ අමාරුව ආවම මුළු ඇගම රිදෙනවා.කලන්තේ හැදිලා වැටෙයි කියලා හිතෙනවා ඒ වෙලාවට.මොනවත් වැඩක් පලක් කරන්න හිත දෙන්නේ නැ හැම වෙලාවේම ලෙඩ ගතියක් දැනෙද්දී කාට උනත් වැඩක් කරන්න හිතෙන්නේ නැනේ.ඉතින් මුළු දවසම ඔලුව බරවෙලා වගේ බඩ පපුවේ කැක්කුමකුයි.හිසරදයකුයි එක්ක ලෙඩ ගතියකින් තමයි මම දවස ගෙවන්නේ ඉතින් මේක බලන අය ඇතිනේ ඕනි තරම් gastritis හැදිච්ච අය.ඉතින් මට වගේ එයාලටත් මේ අමාරුකම් තිබ්බද කියලා තමයි මට විශේෂයෙන්ම දැනගන්න ඕනි.මොකද මේ අමාරුකම් gastritis හැදුනම තියන සාමාන්‍ය ඒවාද දන්නේ නැනේ ඉතින් gastritis ගැන දන්න හැදිලා හිටපු යාළුවො ඉන්නවනම් මට තියන මේ වගේ අමාරුකම් තිබ්බද කියල කියන්ඩ .හොදකර ගත්තනම් හොදකර ගත්ත විදිහත් දාන්න.මට වගේම මේ ලෙඩේ හැදිලා ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ බඩේ තුවාල නැත්නම් ගෑස්ටික් වලට සිංහල බෙහෙත් කරපං.. ඒත් ගෑස්ටික් හොඳ කරන්න බෑ.. පාලනය කරන්න විතරයි පුළුවන්.. මීකිරි, අන්නාසි, බියර්, සමපෝෂ, තෙල් කෑම, මස් ජාති එහෙම කන්න එපා..:yes:

    මමත් ඔය ලෙඩේ හැදිලා මාර දුකක් වින්දා.. මට ගෑස්ටික් හැදුනෙ ඩ්‍රින්ක් එක දාලා රෑට නොකා නිදාගෙන.. බඩේ තුවාල හිටන් දැම්මා.. ඒවා හොඳ උනා.. නමුත් ගෑස්ටික් තවම තියෙනවා.. සමහර දවස් වලට බඩ පුරෝදාලා වගේ තියෙනවා.. කරකැවිල්ලට එනවා.. එපා වෙනවා බං..:dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ගැස්ට්‍රයිටිස් හොඳ කරන්න බෑ මම දන්න විදියට. පාළනය කරන්න පුලුවන්. මගේඅම්මටත් තියෙනව :dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹගෙ බඩේ තුවාල නැත්නම් ගෑස්ටික් වලට සිංහල බෙහෙත් කරපං.. ඒත් ගෑස්ටික් හොඳ කරන්න බෑ.. පාලනය කරන්න විතරයි පුළුවන්.. මීකිරි, අන්නාසි, බියර්, සමපෝෂ, තෙල් කෑම, මස් ජාති එහෙම කන්න එපා..:yes:

    මමත් ඔය ලෙඩේ හැදිලා මාර දුකක් වින්දා.. මට ගෑස්ටික් හැදුනෙ ඩ්‍රින්ක් එක දාලා රෑට නොකා නිදාගෙන.. බඩේ තුවාල හිටන් දැම්මා.. ඒවා හොඳ උනා.. නමුත් ගෑස්ටික් තවම තියෙනවා.. සමහර දවස් වලට බඩ පුරෝදාලා වගේ තියෙනවා.. කරකැවිල්ලට එනවා.. එපා වෙනවා බං..:dull:

    මචන් උබ ගොඩක් කල් බෙහෙත් බීලද බඩේ තුවාල හොද කරගත්තේ?
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Oya gastrities vala eka version ekak thiyanava telecobactor da mokakda kiyala bacteria ekakin hadena,, ekanam masa 6k antibiotic bonakan hondawenne na. Habai ithin umba doctorslata pennala thiyana nisa apita mukuth kiyanna ba machan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උබ ගොඩක් කල් බෙහෙත් බීලද බඩේ තුවාල හොද කරගත්තේ?
    ටික කාලායක් බිව්වා.. හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.. සාමාන්‍ය අයට පෙන්නලා වැඩක් නැහැ.. ආයෙම තුවාල හැදෙන්න පුළුවන් ඇසිඩ් තියෙන කෑම කෑවම, වෙලාවට කෑම නොකෑවම, කෑම කාපු ගමන් නිදාගත්තම, නිදිමැරුවම, චුවින්ගම් හැපුවාම, ඩ්‍රින්ක්ස් ගත්තාම එහෙම.. ඔව්වා පාලනය කරගන්න වෙනවා ලෙඩේ පාලනය කරගන්න නම්..

    බඩේ තුවාල වලට සිංහල බෙහෙත් කරන්නෙපා.. වැඩේ වර්චස් වෙනවා.. ඒක හොද කරගෙන අහවර වෙලා ඉංශ්‍රීසි බෙහෙත් කරපං ගෑස්ටික් පාලනය කරගන්න..

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    යකෝ තොට කැමති කැමති විදියට බෙහෙත් බිලා වැඩක් නෑ.ලංකාවේ නෙමෙයි ලෝකේ හොඳම DR ගෙන් බෙහෙත් ගත්තත් වැඩක් නෑ උබ බබා වගේ උබට ඕන ඕන විදියට බෙහෙත් බොනවානම්. DR කෙනෙක් බෙහෙත් වගේම ඒක කොච්චර කාලයක් ගන්න ඕනද කියලත් තීරණය කරනවා.ඒක හරියටම කියපු විදියටම ගනින්.එක වේලක් වත් අතහරින්නේ නැතිව. හොඳ උන වගේ දැනුනට ඔක්කොම බොනකන් හොඳ වෙන්නේ නෑ. හරියට බීපන්.එතකොට අනිවා හොඳ වෙනවා.
    අනේ අම්මපා දෙන්න හිතෙන්නේ පොල්ලක් අරගෙන තොට කරන ගොන්කන් වලට.
    ජය වේවා ........
     
    • Like
    Reactions: crazybuddy

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යකෝ තොට කැමති කැමති විදියට බෙහෙත් බිලා වැඩක් නෑ.ලංකාවේ නෙමෙයි ලෝකේ හොඳම DR ගෙන් බෙහෙත් ගත්තත් වැඩක් නෑ උබ බබා වගේ උබට ඕන ඕන විදියට බෙහෙත් බොනවානම්. DR කෙනෙක් බෙහෙත් වගේම ඒක කොච්චර කාලයක් ගන්න ඕනද කියලත් තීරණය කරනවා.ඒක හරියටම කියපු විදියටම ගනින්.එක වේලක් වත් අතහරින්නේ නැතිව. හොඳ උන වගේ දැනුනට ඔක්කොම බොනකන් හොඳ වෙන්නේ නෑ. හරියට බීපන්.එතකොට අනිවා හොඳ වෙනවා.
    අනේ අම්මපා දෙන්න හිතෙන්නේ පොල්ලක් අරගෙන තොට කරන ගොන්කන් වලට.
    ජය වේවා ........

    ඒකත් හරි මචන්
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    උඹගෙ බඩේ තුවාල නැත්නම් ගෑස්ටික් වලට සිංහල බෙහෙත් කරපං.. ඒත් ගෑස්ටික් හොඳ කරන්න බෑ.. පාලනය කරන්න විතරයි පුළුවන්.. මීකිරි, අන්නාසි, බියර්, සමපෝෂ, තෙල් කෑම, මස් ජාති එහෙම කන්න එපා..:yes:

    මමත් ඔය ලෙඩේ හැදිලා මාර දුකක් වින්දා.. මට ගෑස්ටික් හැදුනෙ ඩ්‍රින්ක් එක දාලා රෑට නොකා නිදාගෙන.. බඩේ තුවාල හිටන් දැම්මා.. ඒවා හොඳ උනා.. නමුත් ගෑස්ටික් තවම තියෙනවා.. සමහර දවස් වලට බඩ පුරෝදාලා වගේ තියෙනවා.. කරකැවිල්ලට එනවා.. එපා වෙනවා බං..:dull:

    ingiriye weda mahattayek innawa eya patta oya ledeta. matat uparimetama tibuna eth dan naththatama naa wage.. habayi kaama beema hodatama palanaya karanna wenawa beheth bona atharathura. masa 3 wage bonna wenawa eta passe awulak na. dan thel kaawath arakku biwwath gas enne na. etanata gihin balanna.