යාල කොටියාගේ දත් ගලවා ඇත්තේ සජිත්ගේ පිරි&#3523

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    යාල කොටියාගේ දත් ගලවා ඇත්තේ සජිත්ගේ පිරි&#3523

    යාල කොටියාගේ දත් ගලවා ඇත්තේ සජිත්ගේ පිරිසක්.

    යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක මහතාට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගන්නා ලෙස තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බලපෑම්කර ඇතැයි වාර්තා වේ.

    මෙසේ අදාළ උද්‍යාන භාරකරුට සමාව ගැනීමට බලපෑම් එල්ලව ඇත්තේ යාල වනෝද්‍යානයේ සිටි කොටියෙකු ඝාතනයකර එම සත්වයාගේ දත් ගලවමින් සිටි පිරික් පසුගියදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් එම පිරිස සජිත් ප්‍රේමදාස මහතාගේ සහචරයන්වීමත් නිසාය.

    එම මස්වැද්දන් අමාත්‍ය සජිත්ගේ සහචරයන් බව වනජීවී නිලධාරීන් විසින් හෙළිකිරීම නිසා මේ තත්ත්වය උද්ගතව තිබේ.

    අදාළ බලපෑම හේතුවෙන් සුරංග මේවන විට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බවත් ඔහුගේ රැකියාව අහිමිවේය යන බිය හේතුවෙන් ඔහු මෙසේ පැමිණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

    මේ ගැටුම හේතුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    හෙන ගහලත් මදි පරයෝ තොපිට. පවුල් පිටින් හෙන ගහලා අකුලෝල පල.
    :angry::angry::angry::angry::angry::angry:

    පලි: රාජපක්ෂ කෙනෙකුත් ඔහොම කරා කියලා ටොයියෙක් කිවොත් පුදුම වෙන්න එපා. නොකීවොත් තමා පුදුමේ.
    :):):):)