යාළුවො ද මාළුවො ද?
මචං උබලා කවුරුත් හිතට තට්ටු කරලා අහපල්ලා මේ කතාව බොරු ද කියලා
උබට පොඩි කාලෙ ඉදලා ඔළුවට දාලා තියෙන්නෙ උදවු කරපන් පුළුවන් හැම වෙලාවෙම. අනිත් මිනිහාව උබට වැදගත් කියලා ඌට දැනෙන්න දුන්නොත් උබව උගේ බොක්කට ම වදිනවා කියලා මම කියවපු පොතක තිබුණා.
ඒක ඇත්ත ද?
මමත් ඔය තියරිය ඔළුවෙ තියන් හිටියා.මම හිතුවෙ මට යාළුවො ගොඩක් හදා ගන්න පුළුවන් වෙයි කියලා.
ඒත් ඇත්තට ම උණේ උන් උන්ට ඕන වෙලාවට මගෙන් උදව් ඉල්ලනව. මමත් ඉතිං බොක්කෙන් ම කරනව. උදව්ව අරගෙන ඉවර උණාම ඌට මාව මතකවත් නෑ.
හැබැයි ආයෙත් උදව්වක් ඉල්ලන් එනවා.
මම එතකොට මොනවා හරි සාධාරණ හේතුවක් නිසා ඒ උදව්ව කරන්න අපොහොසත් වෙනවා.එතකොට දාහක් කුණු කතා අහන්න වෙනවා
ඔය වගේ එවුන් තමයි මට හැමදාම හම්බ උනේ.
මම බොක්කෙන් කරාට මට කිසිම බොක්කෙ යාළුවෙක් අදටත් නෑ.
යාළුවො කොහොමත් හිටියෙත් නෑ උන තරමක් උණෙත් පාඩු ඒ නිසා මමත් අතෑරලා දැම්මා සේරම.
මම මගේ හැමදේම කවදත් කර ගත්තෙ තනියම.මට රංචු පිටින් හිටියෙ නෑ කිසිදේකට
එදත් එහෙමයි අදත් එහෙමයි.ඉතිං කවුරුවත් නෑ කියල වෙනසක් නෑ.
ඒත් එදාට වැඩිය අද සතුටින් ඉන්නවා මොකද එක එකා එන්නෙ නෑ දැන් අරින්න.
උබ කවදාවත් පැන පැන උදවු කරන්න යන්න එපා. එතකොට අනිත් එකා හිතන්නෙ උබ බොක්කෙ යාළුවෙක් කියල නෙමෙයි. උබ ඌට හිතෙන හිතෙන පැත්තකට නවලා හිතේ හැටියට අරින්න පුළුවන් එකෙක් ගානට.
එහෙම වෙන්න එපා.
උබ උබේ වටිනාකම දැනෙන්න ඉදපන්
කවුරු හරි මොනවා හරි ඕනෙ කියාගෙන ආපු ගමන් එවෙලෙම උදවු කරන්න එපා.උබට උදවු කරන්න ඕන නම් උබේ වැඩ ඉවර වෙලා කරපන්
මෙහෙම හිතපන් උබට කෙනෙක් තෑගි දෙනව මුල් ම දවසේ ඇලියන් එකක්. ඊට පස්සෙ බෙන්ස් එකක්. ඊළග දවසේ ටොෆියක්. එතකෙට උබට මොකද හිතෙන්නෙ?
මුලින් ම උඩින් ම දුන්නම පස්සෙත් ඒ විදියට ම බලාපොරොත්තු වෙනවා මිනිස්සු. උබ අතින් පොඩි වැරැද්දක් උණත් ඌ උබට බණී. උබගෙ උදව්වට වඩා අඩුපාඩු දකී.එහෙම උන් හලපන්
අනික තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්රය කරපන් අතේ දුරින්.
කරට අත දාන් මචං ලෙවල් එකට යන්න එපා.
වඩුවැඩ කරන එකෙක් එක්ක යාළු ෆිට් එකේ හිටියා මම. ඌ නිතරම මගේ අතින් මොනවා හරි වැරදුණාම " බලපන් මචං මූ නිකං හරකා වගේ අරම කරා මෙහෙම කරා" කියලා මං ඉන්න තැනම අනිත් උන් එක්ක කියනවා. මම දැන් නම් සතේකට ගණන් ගන්නෙ නෑ ඌ.
හෙණ ම දුප්පත් උන් එක්ක කිසි වෙනසක් නැතුව ෆිට් එකේ ඉන්න ට්රයි කරලා තියෙනවා. පොඩ්ඩක් ඇත්තන් උන් බලන්නෙ හිනා වෙන්න.අනිත් එකා නෝන්ඩ් කරල බයිට් කරලා සතුටු වෙන්න.
මිනිහෙක් වැටුණත් හිනා වෙනවා.
කතා කරන විදියෙන් මිනිසුන් මැනපන්. කාගෙ හරි අඩුපාඩුවකට හිනා වෙන එවුන් එකෙන්ම හලපන්. සෙට් එකේම එකෙක්ට හිනා වෙලා පොර වෙන්න හදන උනුත් හලපන්. උන්ට ඕන උන් හෙණ පොර කියලා පෙන්නන්න.ඒ වගේ එවුන් එක්ක උබට උණ පාඩු කරදර අකරතැබ්බ ගැන කියන්න එපා.උන් හෙණම චීත්ත.
උබගෙ ප්රශ්නවලට හිනා වෙන උන්ව හලපන්.
කවදාවත් උබගෙ අඩුපාඩු ලෝකයාට පේන්න දෙන්න එපා. මේකෙ උනත් රියල් එකෙන් ප්රශ්න කියාගෙන එන්නෙ නෑනෙ උබලා.
ඔහොම ගිහින් 99% ක් ම උන් කැපිලා ම යයි.
කපලා දාපන්.
දුක් වෙන්න එපා. උබ ඒ හලන්නෙ පාප මිත්රයො ම තමයි.
අන්තිමට ඉතුරු වෙන එකෙක් ඉන්නවා නම් ඌ තියා ගනින්.හැබැයි ඌ උණත් කොහොම කෙනෙක් ද කියලා කිරල මැනලා බලන්න ට්රයි කරපන්.
ඇත්ත ම කියපන් මෙහෙම හලන්න ඕන උන් කීයක් උබ ළග ඉන්නව ද? කමෙන්ට් එකක් දාගෙන පලයන්

Last edited:

ඔෆිස් එකේ, ක්ලාස් වලදි හම්බුන උන්, ඒ වගේ යාලුවො ටික කාලයයි. පස්සෙ අමතකයි. මෙරු වගේ. ආව ගියා 