යැංකින්ගේ වෙස් මුහුණු ගැලවෙයි?
හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රවලට අනුව එක්සත් ජනපදයට අයත් ගුවන් යානයක් සිරියාවේ ඩීර් එසෝර් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයෙන් රහසිගතව මුදාගෙන ගොස් තිබේ.නමුත් ඇමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
"අගෝස්තු මාසයේදී සිරියානු රජයේ හමුදා සිරියාවේ නැගෙනහිර කොටසේ සාර්ථකව ඉදිරියට ඇදෙමින් සිටින අතරතුර එක්සත් ජනපද විශේෂ සේවා විසින් ISIS සංවිධානයේ අණදෙන නිලධාරීන් පිරිසක් ඩීර් එසෝර් හි සිට ආරක්ෂිත කලාපයකට ගෙන ගිය බවත්,එහි අරමුණ ඔවුන්ගේ අත්දැකීම වෙනත් දිශාවක සටන් සඳහා යොදා ගැනීමයි" යනුවෙන් එම මූලාශ්‍රයේ සඳහන් කර තිබේ.
ඩීර් එසෝර් නගරය දිස්වන අයුරු
එම මූලාශ්‍රයට අනුව ප්‍රථම වරට එවැනි මුදාගැනීමක් සිදු කර තිබෙන්නේ මේ වසරේ අගෝස්තු මාසයේදීය.අගෝස්තු මස 26 දා රාත්රියේදී ඇමෙරිකානු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් වයඹදිග ඩීර් එසෝර් හි සිටි "යුරෝපියානු සම්භවයක් සහිත" ISIS අණදෙන නිලධාරීන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ව ඉවත් කරගෙන ගොස් තිබේ.
ඉන් දින දෙකකට පසුව එක්සත් ජනපද හෙලිකොප්ටර් යානා යොදාගෙන ISIS අණදෙන නිලධාරීන් සහ සටන්කාමීන් 20 දෙනෙක් ඩීර් එසෝර් නගරයේ ගිණිකොණදිග ප්‍රදේශයේ සිට උතුරුදිග සිරියාවට ප්‍රවාහනය කර ඇත.
"ඇමෙරිකානුවන් නිසා සිය අණදෙන නිලධාරීන් අහිමි වූ සටන්කාමීන් සාමාන්‍යයෙන් සංවිධානාත්මක ක්‍රියා මාර්ගවලට යොමුවීමෙන් වැළකී සිටියි,ඔවුන් තමන්ගේ ස්ථාන හැරගොස් අනෙකුත් ISIS කණ්ඩායම් සමග එක් වීම හෝ එකිනෙකා පළා යෑම සිදුකරයි.මෙය අවසානයේදී නැගෙනහිර සිරියාවේ සිරියානු රජයේ හමුදාවල මෙහෙයුම් සාර්ථක කිරීමට හේතු වී තිබේ." යැයි මූලාශ්‍රය පවසයි.
ISIS ත්රස්තවාදීන්ට ආරක්ෂිත මාර්ගයක් සපයාදීම සහ (මධ්‍යස්ථ කැරලිකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන හරහා)ඔවුන්ට වක්‍රාකාරව සැපයීම් ලබාදීම සම්බන්ධව එක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර සන්ධානයට චෝදනා එල්ල වේ.සමහර මූලාශ්‍රවලට අනුව මිත්‍ර සන්ධානය යම් අවස්ථාවලදී සෘජුවම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
එවැනි ප්‍රධානතම සිදුවීම වූයේ ඩීර් එසෝර් ගුවන් තොටුපොල රැක ගැනීමට රඳවා සිටි සිරියානු රජයේ හමුදාවල ස්ථානවලට "අහම්බෙන්/වැරදීමකින්" එල්ල කල ඇමෙරිකානු ගුවන් ප්රහාරයි.මෙය 2016 සැප්තැම්බර් මස 17දා සිදුවිය.එම ගුවන් ප්‍රහාරවලින් සිරියානු සෙබලුන් 90-100 අතර පිරිසක් මියගොස් 110 වැඩි පිරිසක් තුවාල ලැබීය.ඇමෙරිකානුවන්ගේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසුව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්‍රහාරය ඇරඹිණි.ISIS ත්රස්තවාදීන් 'තාර්ඩා' නම් කඳුරකයේ බලය අත්පත් කර ගන්නා ලදි.උපාය මාර්ගිකව වැදගත් එම කඳුකරය අහිමි වීමත් සමග ඩීර් එසෝර් නගරයේ ආරක්ෂකයෝ දැඩි අසීරුතාවයකට පත් විය.
සිරියානු නගර වන මන්බිජ්,ටැබ්කාහ් සහ රක්කා නගරවලින් ISIS ත්රස්තවාදීන් විශාල පිරිසකට නිදහසේ පසුබැස යෑමට ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා/කුර්දි හමුදා ඉඩ ලබාදුන් බව දැන් ඇමෙරිකානු ප්රමුඛ මිත්‍ර සන්ධානයට අමතක වී තිබේ.ඒ කෙසේවෙතත් සිරියානු-ලෙබනන දේශසීමාවේ කොටු වී සිටින ISIS ත්රස්තවාදීන් එම ප්‍රදේශවලින් හිස් කිරීමට හිස්බුල්ලා සංවිධානය ඔවුන් හා ගනුදෙනුවකට පැමිණීම ඇමෙරිකාව ඇතුලු මිත්‍ර සන්ධානයේ මාධ්‍ය හරහා ප්රබලව උලුප්පා දක්වමින් සිටියි.
ISIS නායකයින් ඩීර් එසෝර් වෙතින් ඉවත් කරගැනීමට ඇමෙරිකානු හමුදාව ක්‍රියා කිරීම සම්බන්ධව එල්ල වන චෝදනා විභාග කිරීම ජනපති ට්‍රම්ප් පරීක්ෂණයක් ආරම්භ කල යුතුය.මෙම සිද්ධිය සත්‍යයක් බව ඉතිහාසය හුවා දක්වමින් රුසියානු විශේෂඥයින් විසින් තහවුරු කරයි.ඔවුන් කියන්නේ රක්කා සටනේදී සහ 1979-1989 ඇෆ්ගන් යුද්ධය ආදියේදී මීට සමාන ආකාරයෙන් ත්රස්තවාදීන්ට පළා යෑමට ඇමෙරිකානුවන් අවස්ථාව ලබාදුන් බවයි.
"මේ සිද්ධිය සම්බන්ධව ජනපති ට්‍රම්ප් ප්‍රකාශයක් කල යුතුය,ISIS ත්‍රස්ත නායකයින් මුදා ගැනීමට තමන් පෞද්ගලිකව අවසරය දුන්නේද මෙම පියවර ගැනීමට ඔහු දේශපාලනිකව වගකිව යුතුද නැතහොත් ඔහුගේ අනුමැතියක් රහිතව එක්සත් ජනපද විශේෂ සේවා මෙම කාර්යය සිදුකලේද යන්න ට්‍රම්ප් පැහැදිලි කල යුතුය" -සඟරාවේ ප්‍රධාන සංස්කාරක ඉගෝර් කොරොට්චෙන්කෝ.
ISIS ත්රස්තවාදීන් මුදාගැනීමේ සිද්ධිය සත්‍යයක් යැයි සනාථ වුවහොත් ජාත්‍යන්තර ත්රස්තවාදයට සහාය දීම යන චෝදනාව යටතේ ඊට මැදිහත් වූ සියලුදෙනාම නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාව ට්‍රම්ප් සතුය.ඔහු එසේ නොකරන්නේ නම් ත්රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව කරනවා යැයි කියන සංග්‍රාමයේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි ඔවුන්ට එල්ල වන චෝදනාව තවදුරටත් මේ හරහා තහවුරු වීම නොවැලැක්විය හැකිය.
සිරියානු යුද්ධය අවසානයේදී පලා යන හෝ අනෙකුත් පාර්ශ්වය වල සහාය ඇතිව මුදාගන්නා ISIS ත්‍රස්තවාදී නායකයින් අනාගතයේ වෙනත් රටවල ත්‍රස්තවාදය නඟා සිටවීමට යොදා ගත හැකිය.ඇෆ්ගනිස්ථානය,පිලිපීනය යන රටවල මේ වන විටත් ISIS ත්රස්තවාදීන් ඇතුල්වී තිබේ.වරක් ඉරානය අනතුරු අඟවා සිටියේ ඉදිරි කාලයේදී ISIS ත්‍රස්තවාදය මධ්‍යම ආසියානු රටවලින් මතුවීමේ ඉහළ අවදානමක් තිබෙන බවයි.එසේ වුවහොත් එහි බලපෑම දැඩිව දැනෙන්නේ රුසියාවටයි.
මෙම සිදුවීම තවමත් 100%ක් තහවුරු කර නැතත් ඒ සම්බන්ධව යූටියුබ් වෙබ් අඩවියේ පළ කල වීඩියෝ පටයක් නිසා southfront.org වෙබ් අඩවියේ යූටියුබ් චැනල පවා අවහිර කිරීමට හේතුවක් බවට පත්විය.එහි අරමුණ වන්නට ඇත්තේ ඉහත සිදුවීම ලෝකයා ඉදිරියට යෑම වැළැක්වීමට වන්නට පුළුවනි.
සැප්තැම්බර් මස 7 වනදා වන විට සිරියානු රජයේ හමුදා රුසියාවේ සහාය ඇතිව ඩීර් එසෝර් නගරයට ප්‍රවේශ වීමට සමත්විය.මෙම නගරය වසර තුනක් තිස්සේ ත්රස්තවාදීන් විසින් වටලාගෙන සිටියහ.නගරයට අවශ්‍ය ආහාර සහ සටන් කිරීමට අවශ්‍ය යුද්ධෝපකරණ සැපයුනේ ගුවන් මගින්ය.
ගොඩබිම් මෙහෙයුමට සමගාමීව මධ්‍යධරණී මුහුදේ තිබෙන අද්මිරාල් ඇසෙන් නම් frigate වර්ගයේ යුද නෞකාව සැප්තැම්බර් මස 5දා ඩීර් එසෝර් නගරය ආසන්නයේ ඉලක්ක වෙත කලිබ්ර කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ කීය.
ඩීර් එසෝර් නගරයට පිවිසීමේ මෙහෙයුමේදී රුසියාව එල්ල කල ගුවන් ප්‍රහාර සහ නෞකාවලින් එල්ල කල කෲස් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඩීර් එසෝර් නගරය අවට ත්රස්තවාදීන්ගේ ආරක්ෂාව තරකල ප්‍රදේශ,උමං මාර්ග,කාලතුවක්කු රැදවුම් ස්ථාන සහ උණ්ඩ ගබඩා විනාශ වී තිබේ.නියමුවන් රහිත යානාවලින් සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් ඒ බව සනාථ කර ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.රුසියානු හමුදාවට අනුව හය අවුරුදු යුද්ධයේදී සිරියානු හමුදාව ලබාගත් ඉතාම වැදගත් ජයග්‍රහණය වන්නේ ඩීර් එසෝර් වෙත පිවිසීමයි.
Source:sputniknews.com
-HarshaLulzSec-

ඩීර් එසෝර් සටන් බිම

ඩීර් එසෝර් මෙහෙයුම

අද්මිරාල් ඇසෙන් නම් frigate වර්ගයේ යුද නෞකාව කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු

+29 