යැංකි ඔත්තු බලන යානයක් ක්‍රියා කරන අයුරු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යැංකි ඔත්තු බලන යානයක් ක්‍රියා කරන අයුරු

    4RoauUU.jpg

    ලොව බලවත් රටවල්,අනෙක් රටවල දේශපාලනය,හමුදාව,ආර්ථිකය ආදිය ගැන ඔත්තු බලන බව ප්‍රසිද්ධ කරුණකි.නමුත් මෙම ඔත්තු බැලීම් කටයුතු පොදු ජන සමාජයේ අවදානයට ලක් නොවන අයුරින් සිදුකිරීමට අදාල සංවිධාන,ආයතන සහ පුද්ගලයන් කටයුතු කරයි.නමුත් සමහර අවස්ථාවල මෙම රහස් මෙහෙයුම්,ඔත්තු බැලීම් සම්බන්ධ කරුණු සමාජය ඉදිරියේ නිරාවරණය කරන පුද්ගලයන්ද සිටියි.ඔවුන් ඒවා කරන්නේ තම ජීවිතය ගැන හෝ නොතකමින්ය.ඔත්තු බැලීම් උපක්‍රමවල වේගවත් සංවර්ධනය සිදුවූයේ සීතල යුද සමයේදීය.එම කාල වකවානුවේ වැඩිම අවදානය ලක්වූ සිද්ධියක් වන්නේ ඇමෙරිකානු U-2 ඔත්තු බලන යානයක් සෝවියට් ගුවන් කලාපය තුලදී වෙඩි තබා බිම හෙළීමයි.නමුත් අද වන විටත් ගුවන් යානා ඔත්තු බැලීම් කටයුතු සඳහා යොදාගැනීම අතහැර නොමැත.නව ප්‍රවණතාවයක් වන්නේ දුරස්ථව පාලනය වන ගුවන් යානා(ඩ්‍රෝන් ) යොදාගෙන ඔත්තු බැලීමයි.

    mExVOQd.jpg

    මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය භාවිතා කරන EP-3E ARIES II (Airborne Reconnaissance Integrated Electronic System II)නම් අතිනවීන ඔත්තු බැලීමේ යානය සහ එය තොරතුරු රැස් කරන ආකාරය සම්බන්ධවයි.

    kfLd51Y.gif

    හමුදා නිලධාරීන්ට අනුව EP-3E යානය ගුවනේ ගමන් කරන වැකුම් ක්ලීනරයක් බඳුය.ඊට දුරකතන ඇමතුම්,ඊමේල් පණිවුඩ,නෞකා ගොඩබිමට යවන පණිවුඩ,ෆැක්ස් පණිවුඩ සහ චන්ද්‍රිකා සම්ප්‍රේෂණ ආදී ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් අල්ලා ගැනීමේ හැකියාව තිබේ.මූලිකව මෙම යානයේ කාර්යය වන්නේ ඉලක්ක ගත ප්‍රදේශයක සන්නිවේදනයන්ට රහසේ සවන් දීම සහ එසේ එකතු කරගත් තොරතුරු ඇමෙරිකානු හමුදාවට යැවීමයි.

    TR7o4Ns.gif

    EP-3E යානය ලොව තිබෙන අතිශය නවීනතම ඔත්තු බැලීමේ උපාංගවලින් සමන්විතය.නමුත් ගුවන් යානයේ තිබෙන පද්ධතිවලින් බොහොමයක තොරතුරු රහසිගතය.එසේ වුවද යානයේ තිබෙන සමහරක් ඔත්තු බැලීමේ උපාංග ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබේ.ඉලෙක්ට්‍රොනික් සංඥා අල්ලා ගැනීමට එහි සංවේදක,ප්‍රතිග්‍රාහක සහ දීසි ඇන්ටෙනා සවිකර තිබේ. ඇන්ටෙනා සවි කල හැකි අංශ දෙකක් යානයේ ඉහළ සහ පහළ කොටස් දෙකේ තිබේ.එහි AN/APX-134 රේඩාර් ඇන්ටෙනාව සහ radome(මෙය ඕනෑම කාළගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන සහ රේඩාර් පද්ධතියක් හෝ ඇන්ටෙනාවක් ආවරණය කරන ව්‍යුහයකි.රේඩාර් පද්ධතිය,ඉලෙක්ට්‍රොනික් උපාංග කාලගුණයෙන් ආරක්ෂා කිරීම සහ පිටතට පෙනීම වැළැක්වීම මෙහි කාර්යයි )එකක් සවිකර තිබේ.

    r9YlQQx.jpg

    1990 දශකයේදී ඇමෙරිකානු නාවික හමුදාව සතුවූ Lockheed-Martin සමාගමේ P-3C ගුවන් යානා 12ක් EP-3E ARIES II යානා බවට පරිවර්තනය කරන ලදි.මේවා යොදාගත්තේ යල්පැන ගිය ARIES I යානා වෙනුවෙන්ය.ARIES I යානා 1960 දශකයේ අවසානයේ සිට 1970 දශකයේ මුල් සමය තෙක් නිපදවන ලදි.EP-3E යානා නවීකරණය කිරීම 1996 වසරේ ආරම්භ විය.අවසන් EP-3E යානය නාවික හමුදාවට ලැබුණේ 1997 දීය.බොස්නියාවේ නේටෝ හමුදා සහ කොරියාවේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලදී EP-3E යානා ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදාගෙන තිබේ.

    ltyzopX.jpg

    EP-3E යානයක් Allison T56-A14 ටෝබෝප්‍රොප් එන්ජින් 4කි සමන්විතය.එක් එන්ජිමක් මගින් අශ්ව බල 4900ක බලයක් ලබාදෙයි.මෙම යානයකට පැයට සැතපුම් 345ක වේගයකින් ගමන් කල හැකිය.මෙහි ඉන්ධන ටැංකි 5ක් තිබෙන අතර ඉන් එකක් අමතර ඉන්ධන ටැංකියකි.

    QZEO6rf.jpg

    අවිවලින් සන්නද්ධ නොවන මෙම යානයේ 24 දෙනෙක් ගමන් කරයි.ඔවුන් අතර නියමුවන් තිදෙනෙක්,මාර්ගෝපදේශයකයෙක්,ගුවන් ඉන්ජිනේරුවෙක්,උපකරණ ක්‍රියාකරුවන්,තාක්ෂණික ශිල්පීන් සහ යාන්ත්‍රිකයන් සිටියි.

    hJR70W4.gif


    6WbDTVc.png

    EP-3E ARIES II ඔත්තු බැලීමේ යානය සම්බන්ධ ප්‍රසිද්ධතම සිද්ධිය වනුයේ 2001 වසරේදී චීනයේ හයිනාන් දූපත ආසන්න මුහුදට ඉහලින් චීන ප්‍රහාරක යානයක ගැටීමයි.මෙම සිද්ධිය සිදුවන්නේ 2001 වසරේ අප්‍රේල් මස 1 දාය.ජපානයේ ඔකිනාවා දූපතේ Kadena ගුවන් කඳවුරෙන් පිටත් වූ ඇමෙරිකානු නාවික හමුදාවේ EP-3E ARIES II යානයක් චීනයේ ඔත්තු බැලීම් කටයුතුවල නිරත වෙමින් තිබිණි.ඒ දකුණු චීන මුහුද ආශ්‍රිතවයි.මෙම මෙලෙස කාලයක පටන් තමන් ගැන ඔත්තු බලන ඇමෙරිකානු යානා ගැන චීනයද අවධානයෙන් පසු වූ අතර ඇමෙරිකානු යානා අවටින් චීන ප්‍රහාරක යානා අවදානම් සහගත ලෙස පියාසර කිරීම්ද සිදුකර තිබිණි.2001 අප්‍රේල් මාසයේ 1 දා හයිනාන් දූපත ආසන්න අහසේ පියාසර කරමින් තිබූ ඇමෙරිකානු EP-3E ARIES II යානය අවහිර කරමින් චීන J-8 ප්‍රහාරක යානා දෙකක් ගමන් කරමින් තිබී ඇත.

    HFUTWzp.png

    චීන J-8 ප්‍රහාරක යානයක් සිදුකල අවදානම් සහගත හැරවීමක් හේතුවෙන් එය ඇමෙරිකානු EP-3E ARIES II යානය සමග ගැටී තිබේ.එහිදී චීන ප්‍රහාරක යානය විනාශ වූ අතර එහි නියමුවා සොයා ගැනීමට නොහැකිවූ නිසා මිය ගිය බවට ප්‍රකාශ කෙරිණි.ගැටීමෙන් ඇමෙරිකානු EP-3E ARIES II යානයට සිදුවූ හානිය නිසා ඔවුන්ට හදිසි ගොඩබැස්මක් සිදුකරන්න සිදුවිය.ඊට පෙර ඔවුන් යානයේ තිබූ බුද්ධි තොරතුරු,ලිපිගොනු,දත්ත,ඉලෙක්ට්‍රොනික උපාංග ආදිය විනාශ කලේ ඒවා චීනුන් අතට පත්වීම වැළැක්වීමටයි.ඉන්පසු EP-3E ARIES II යානය අවසරයකින් තොරව හයිනාන් දූපතේ Lingshui ගුවන් තොටුපොලට හදිසි ගොඩබෑමක් සිදුකරන ලදි.

    4IKboQN.jpg

    ගොඩබැසීමෙන් පසුත් ඇමෙරිකානුවන් යානයේ තිබූ සංවේදී තොරතුරු විනාශ කර තිබේ. EP-3E ARIES II යානයේ 24ක් වූ කාර්ය මණ්ඩලය චීන අත්අඩංගුවට පත්විය.ඇමෙරිකානු ආණ්ඩුව කියා සිටියේ චීන ප්‍රහාරක යානයේ නොසැලකිලිමත් ක්‍රියාවක් නිසා මෙම අනතුර සිදුවූ බවත් තමන් ගමන් කරමින් සිටියේ ජාත්‍යන්තර ගුවන් සීමාවේ බවත්ය.නමුත් චීනය ප්‍රකාශ කලේ ඇමෙරිකානුවන් සිය ගුවන් සීමා උල්ලංඝනය කිරීම මෙම ප්‍රශ්නයට හේතුවු බවයි.අත්අඩංගුවට පත් වූ ඇමෙරිකානුවන්ට චීනය හොඳින් සැලකූ මුත් ඔවුන්ගෙන් නොනවත්වා ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.

    byMsNHL.jpg
    හයිනාන් දූපතට ගොඩබැස්සවූ ඇමෙරිකානු යානය​

    VlQDgf8.jpg
    ඇමෙරිකානු ඔත්තු බලන ගුවන් යානය සමග ගැටී විනාශ වූ චීන Shenyang J-8 81192 ප්‍රහාරක යානය​

    සිද්ධිය සම්බන්ධව කණගාටුව පළකරමින් ඇමෙරිකානු රජයෙන් ලිපියක් ලැබුණේ 2001 අප්‍රේල් 11 දාය.නමුත් ඒ ලිපිය සමාව ඉල්ලා එවන ලද්දක් නොවන බව ඇමෙරිකානු රජය ප්‍රකාශ කරන ලදි.තමන්ගේ පාර්ශවයෙන් කිසිදු වරදක් සිදුව නොමැති නිසා සමාව ඉල්ලීමට හේතුවක් නොමැතිබවයි ඇමෙරිකානුවන්ගේ අදහස වූයේ.මේ කාලය අතරතුර චීනුන් හානියට පත්වූ EP-3E ARIES II යානය සහ එහි උපාංග ආදිය පරීක්ෂාවට ලක් කරන ලදි.සමහර මූලශ්‍රවලට අනුව යානයේ තිබූ සංවේදී තොරතුරු සහ තාක්ෂණය විනාශ කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වී තිබෙන්නේ අඩ වශයෙනි.

    sjhCp5l.jpg
    ඇමෙරිකානු ගුවන් යානය චීනයේ හයිනාන් දූපතේ ගුවන් පථයක තිබෙන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්​

    hhA0vTW.jpg
    දින 11 ක් චීන අත්අඩංගුවේ පසුවූ යානයේ කාර්ය මණ්ඩලය සිය මව් රටට පැමිණි අවස්ථාව​

    කෙසේවෙතත් 2001 අප්‍රේල් 11 දා රඳවාගෙන සිටි ඇමෙරිකානුවන් 24 දෙනා නිදහස් කරන්නට චීන රජය පියවර ගන්නා ලදි.ඇමෙරිකානු EP-3E ARIES II යානය නිදහස් කරන ලද්දේ 2001 ජූලි මස 3දාය.එය රුසියානු Antonov An-124 ප්‍රවාහන යානයක් මගින් එක්සත් ජනපදයට රැගෙන එනු ලැබීය.විනාශ වූ චීන ප්‍රහාරක යානය සහ මිය ගිය නියමුවා වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන ලෙස චීනය ,ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියද එය කිසිදා ඉටු නොකරන ලදි.

    කොටස් කල EP-3E යානය රුසියානු Antonov An-124 යානයකට පටවන අයුරු​

    UnLoypm.jpg


    dbIydUB.jpg



    Source:howstuffworks.com

    -HarshaLulzSec-
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    පට්ට හැමදාම වගේ :)

    රෙප් දෙන්න බෑ ලු
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පට්ට හැමදාම වගේ :)

    රෙප් දෙන්න බෑ ලු
    Thanks

    patta.....
    ithin bn oka area ekaka wata gaha gahada inne?
    horen otthu balanna baane oken :/
    ඔව් හොරෙන් ඔත්තු බලන්න නම් ඩ්‍රෝන් වගේ සෑහෙන්න ඉහළින් යන යානයක් ඕනේ...ඒත් චන්ද්‍රිකා තාක්ෂණය, හොඳ ගුවන් ආරක්ෂණ පද්ධති තියෙන රටවල් එක්ක ඔය සෙල්ලම් බෑ.

    Thanks

    patt machan.. tfs.. rep denna belu..
    Thanks

    11.gif
    11.gif
    11.gif

    එල නියමයි මචං
    T F S !
    REP+++++++

    Thanks

    Thanks

    Good post Rep ++++
    Thanks

    Thanks

    Puka Denna Giyama Ohoma Wenawa:shocked:
    :baffled:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura