යැංකි රහස් මෙහෙයුම්-5 (අවසන් කොටස)
යැංකි රහස් මෙහෙයුම් ලිපියේ අවසන් කොටස ගෙන එන්නයි මේ සූදානම් වන්නේ.සීතල යුද සමයේදී එක්සත් ජනපදය,සෝවියට් දේශයේ රහස් සෙවීමට දියත් කල මෙහෙයුම් පහක් සම්බන්ධව තොරතුරු පසුගිය කොටස්වලින් ඔබ වෙත සමීප කරන ලදි.මෙම ලිපියේ අවසන් කොටස ලෙසින් ගෙන එන්නේ ආක්ටික් ප්‍රදේශයේ අතහැර දමා තිබූ සෝවියට් ගවේෂණ සහ හමුදාමය මධ්‍යස්ථානයක් වෙත රහසේ ඇතුලුවී එහි රහස් සෙවීමට ඇමෙරිකානුවන් දියත් කල මෙහෙයුමක් ගැනයි.
එක්සත් ජනපද මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් 1962 වසරේදී ක්‍රියාත්මක කල මෙම මෙහෙයුම Project COLDFEET නමින් හැඳින්වීය.එහි අරමුණ වුයේ සෝවියට් දේශය ආක්ටික් ප්‍රදේශයේ පිහිටුවා තිබූ ගවේෂණ මධ්‍යස්ථානයක් වෙත පිවිසීම සහ එහි අතහැර දමාගිය වැදගත් සාක්ෂි එකතු කරගැනීමයි.මෙම මධ්‍යස්ථාන North Pole(NP,North Pole-1,North Pole-2 .... )යන නමින් හැඳින්වීය.මේවා හි සාගර ගවේෂණය,වායු විද්‍යාව,භූභෞතික විද්‍යාව ආදිය මෙන්ම නාවුකවේදය ගැනත් පර්යේෂණ සිදුකරන ලදි.
චුම්භකමානයක් සහිත හෙලිකොප්ටරයක්
Project COLDFEET මෙහෙයුම ඇරඹෙන්නේ 1961 මැයි මාසයේදීය.ඊට පෙර නාවික හමුදා ගුවන් යානයක් සිදුකල aeromagnetic සෝදිසි කිරීමකදී ආක්ටික් සාගරයේ අතහැර දැමූ සෝවියට් ගවේෂණ මධ්‍යස්ථානයක් අනාවරණය කරගන්නා ලදි(චුම්භකමාන සහිත ගුවන් යානා මේ සඳහා යොදාගන්නා බව කියවේ).එය NP 9 නම් මධ්‍යස්ථානයයි.මෙම සොයාගැනීම එක්සත් ජනපද නාවික හමුදාවේ Office of Naval Research(ONR)හි අවදානයට පාත්‍රවිය.පෙර වසරේදී ONR විසින් එක්සත් ජනපදය සතු ආක්ටික් මධ්‍යස්ථානයක් යොදාගෙන ප්‍රදේශයේ සැරිසරන සෝවියට් සබ්මැරීන නිරීක්ෂණය සඳහා ධ්වනික ඔත්තුබැලීමේ ජාලයක් නිර්මාණය කරන ලදි.ඇමෙරිකානු සබ්මැරීනවල ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සඳහා සෝවියට් දේශයද ඒ හා සමාන ක්‍රමයක් යොදාගන්නා බව ඔවුන් විශ්වාස කලහ.ONR ආයතනයට සෝවියට් සහ ඇමෙරිකානු තාක්ෂණයන් සංසන්දනයක් කිරීමට උවමනාවක් තිබිණි.නමුත් ඒ සඳහා ඔවුන් NP 9 මධ්‍යස්ථානයට පිවිසිය යුතුව තිබිණි.නමුත් එහි පිහිටීම හිමකඩන නෞකාවකට හෝ හෙලිකොප්ටරයකට ළඟාවිය නොහැකි සීමාවක පිහිටා තිබිණි.
මෙම රහස් මෙහෙයුමට අණ දුන්නේ කැප්ටන් John Cadwalader විසිනි.මෙහෙයුම සඳහා "Fulton surface-to-air recovery system" පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව තිබෙන බව ඔහුට වැටහිණි.NP 9 මධ්‍යස්ථානයට පිරිසක් ගොඩබැස්සවීමට 1961 සැප්තැම්බර් මාසයේ යහපත් කාලගුණයක් සහිත දිනක් යොදාගන්නා ලදි.NP 9 මධ්‍යස්ථානය ග්‍රීන්ලන්තයේ Thule හි එක්සත් ජනපද ගුවන් කඳවුරේ සිට කි.මී.970ක් දුරින් පිහිටා තිබිණි.
ONR ආයතනය විසින් මෙහෙයුම සඳහා අත්දැකීම් සහිත පැරෂූට්කරුවෙක් සහ රුසියානු භාෂාවේදියෙක් වූ මේජර් ජේම්ස් ස්මිත් නැමැත්තා සහ හිටපු ඇන්ටාක්ටික් භූවිද්‍යා විශේෂඥයෙක් වන ලුතිනන් ලෙනාඩ් ඒ ලෙස්චැක්(පැනීම සම්බන්ධව අත්දැකීම් නොමැති නිසා මොහුට පැරෂුට් පැනීම සම්බන්ධව පාඨමාලාවක් කිරීමට සිදුවිය.) තෝරාගන්නා ලදි.ඉන්පසු ඔවුන් දෙදෙනාටම Fulton surface-to-air recovery system පද්ධතිය සම්බන්ධ මනා පුහුණුවක් ලබාදෙන ලදි.
1962 මාර්තු මාසයේ අලුත් හෝඩුවාවක් ලැබිණි.ඒ NP 8 නම් සෝවියට් මධ්‍යස්ථානයද අතහැර දමා තිබෙන බවයි.එම මධ්‍යස්ථානය කැනඩාවේ ගුවන් පථයක් ආසන්නයේ පිහිටා තිබූ අතර NP 9 මධ්‍යස්ථානයට වඩා යාවත්කාලීන කල එකක් විය.ඒ නිසා ඇමෙරිකානුවන් ඔවුන්ගේ අවධානය NP 8 මධ්‍යස්ථානය වෙත යොමුකලෝය.1962 මැයි 28 දා CIA සංවිධානය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ B-17 Flying Fortress 44-85531 යානයක් මගින් LeSchack,Smith යන දෙදෙනා පැරෂූට් යොදාගෙන සෝවියට් NP 8 මධ්‍යස්ථානය වෙත ගොඩබස්සවන ලදි.ඉන්පසු ජූනි 1දා යළි පැමිණි B-17 යානය විසින් ඇමෙරිකානුවන් දෙදෙනා සොයාගත් සෝවියට් උපකරණ පළමුව ඉවත් කරගන්නා ලදි.ඉන්පසු LeSchack සහ Smith යන දෙදෙනා රැගෙන යාමට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කෙරිණි.මෙම මෙහෙයුමේදී B-17 යානයේ Fulton Skyhook system පද්ධතිය ස්ථාපනය කර තිබිණි.
Operation Coldfeet මෙහෙයුම සාර්ථක එකක් විය.සෝවියට් දේශයේ ආක්ටික් ගවේෂණ ක්‍රියාකාරකම් සහ අයිස් යටින් ගමන් කරන ඇමෙරිකානු සබ්මැරීන අනාවරණය කරගැනීමේ ධ්වනික පද්ධති ගැන වැදගත් තොරතුරු ඒ ඔස්සේ එක්සත් ජනපදය විසින් සොයාගෙන තිබේ.ඒ තොරතුරු අනුව යමින් ඔවුන් ආක්ටික් කලාපයේ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික තාක්ෂණයන් වැඩිදියුණු කරන ලදි.
Source:cracked.com
-HarshaLulzSec-

උත්තර ධ්‍රැවයේ සෝවියට් සහ රුසියානු ගවේෂණ මධ්‍යස්ථාන(කඳවුරු)
උත්තර ධ්‍රැවය ඒ ආශ්‍රිත රටවල් විසින් බෙදාගෙන තිබෙන අයුරු
එක්සත් ජනපද මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් 1962 වසරේදී ක්‍රියාත්මක කල මෙම මෙහෙයුම Project COLDFEET නමින් හැඳින්වීය.එහි අරමුණ වුයේ සෝවියට් දේශය ආක්ටික් ප්‍රදේශයේ පිහිටුවා තිබූ ගවේෂණ මධ්‍යස්ථානයක් වෙත පිවිසීම සහ එහි අතහැර දමාගිය වැදගත් සාක්ෂි එකතු කරගැනීමයි.මෙම මධ්‍යස්ථාන North Pole(NP,North Pole-1,North Pole-2 .... )යන නමින් හැඳින්වීය.මේවා හි සාගර ගවේෂණය,වායු විද්‍යාව,භූභෞතික විද්‍යාව ආදිය මෙන්ම නාවුකවේදය ගැනත් පර්යේෂණ සිදුකරන ලදි.
Project COLDFEET මෙහෙයුමේ ගමන් මාර්ග
චුම්භකමානයක් සහිත හෙලිකොප්ටරයක්
Project COLDFEET මෙහෙයුම ඇරඹෙන්නේ 1961 මැයි මාසයේදීය.ඊට පෙර නාවික හමුදා ගුවන් යානයක් සිදුකල aeromagnetic සෝදිසි කිරීමකදී ආක්ටික් සාගරයේ අතහැර දැමූ සෝවියට් ගවේෂණ මධ්‍යස්ථානයක් අනාවරණය කරගන්නා ලදි(චුම්භකමාන සහිත ගුවන් යානා මේ සඳහා යොදාගන්නා බව කියවේ).එය NP 9 නම් මධ්‍යස්ථානයයි.මෙම සොයාගැනීම එක්සත් ජනපද නාවික හමුදාවේ Office of Naval Research(ONR)හි අවදානයට පාත්‍රවිය.පෙර වසරේදී ONR විසින් එක්සත් ජනපදය සතු ආක්ටික් මධ්‍යස්ථානයක් යොදාගෙන ප්‍රදේශයේ සැරිසරන සෝවියට් සබ්මැරීන නිරීක්ෂණය සඳහා ධ්වනික ඔත්තුබැලීමේ ජාලයක් නිර්මාණය කරන ලදි.ඇමෙරිකානු සබ්මැරීනවල ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සඳහා සෝවියට් දේශයද ඒ හා සමාන ක්‍රමයක් යොදාගන්නා බව ඔවුන් විශ්වාස කලහ.ONR ආයතනයට සෝවියට් සහ ඇමෙරිකානු තාක්ෂණයන් සංසන්දනයක් කිරීමට උවමනාවක් තිබිණි.නමුත් ඒ සඳහා ඔවුන් NP 9 මධ්‍යස්ථානයට පිවිසිය යුතුව තිබිණි.නමුත් එහි පිහිටීම හිමකඩන නෞකාවකට හෝ හෙලිකොප්ටරයකට ළඟාවිය නොහැකි සීමාවක පිහිටා තිබිණි.
Fulton surface-to-air recovery system හෙවත් Skyhook එනම් ගමන් කරන ගුවන් යානයක් මගින් කේබලයක් ආධාරයෙන් පොළොවේ සිටින අයෙක් ඩැහැගැනීමේ ක්‍රමය සොයාගත් CIA සංවිධානයේ රොබට් ඊ. ෆෝල්ටන්
Fulton surface-to-air recovery system
Fulton surface-to-air recovery system ප්‍රායෝගිකව යොදාගත් අවස්ථාවක්
මෙම රහස් මෙහෙයුමට අණ දුන්නේ කැප්ටන් John Cadwalader විසිනි.මෙහෙයුම සඳහා "Fulton surface-to-air recovery system" පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව තිබෙන බව ඔහුට වැටහිණි.NP 9 මධ්‍යස්ථානයට පිරිසක් ගොඩබැස්සවීමට 1961 සැප්තැම්බර් මාසයේ යහපත් කාලගුණයක් සහිත දිනක් යොදාගන්නා ලදි.NP 9 මධ්‍යස්ථානය ග්‍රීන්ලන්තයේ Thule හි එක්සත් ජනපද ගුවන් කඳවුරේ සිට කි.මී.970ක් දුරින් පිහිටා තිබිණි.
Thule ගුවන් කඳවුරේ පිහිටීම
ONR ආයතනය විසින් මෙහෙයුම සඳහා අත්දැකීම් සහිත පැරෂූට්කරුවෙක් සහ රුසියානු භාෂාවේදියෙක් වූ මේජර් ජේම්ස් ස්මිත් නැමැත්තා සහ හිටපු ඇන්ටාක්ටික් භූවිද්‍යා විශේෂඥයෙක් වන ලුතිනන් ලෙනාඩ් ඒ ලෙස්චැක්(පැනීම සම්බන්ධව අත්දැකීම් නොමැති නිසා මොහුට පැරෂුට් පැනීම සම්බන්ධව පාඨමාලාවක් කිරීමට සිදුවිය.) තෝරාගන්නා ලදි.ඉන්පසු ඔවුන් දෙදෙනාටම Fulton surface-to-air recovery system පද්ධතිය සම්බන්ධ මනා පුහුණුවක් ලබාදෙන ලදි.
දකුණුපස ඉහළින්:Major Smith පහළින්:Lieutenant Leonard(1962 ජූනි 2 දා යානයක් තුල)
1962 මාර්තු මාසයේ අලුත් හෝඩුවාවක් ලැබිණි.ඒ NP 8 නම් සෝවියට් මධ්‍යස්ථානයද අතහැර දමා තිබෙන බවයි.එම මධ්‍යස්ථානය කැනඩාවේ ගුවන් පථයක් ආසන්නයේ පිහිටා තිබූ අතර NP 9 මධ්‍යස්ථානයට වඩා යාවත්කාලීන කල එකක් විය.ඒ නිසා ඇමෙරිකානුවන් ඔවුන්ගේ අවධානය NP 8 මධ්‍යස්ථානය වෙත යොමුකලෝය.1962 මැයි 28 දා CIA සංවිධානය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ B-17 Flying Fortress 44-85531 යානයක් මගින් LeSchack,Smith යන දෙදෙනා පැරෂූට් යොදාගෙන සෝවියට් NP 8 මධ්‍යස්ථානය වෙත ගොඩබස්සවන ලදි.ඉන්පසු ජූනි 1දා යළි පැමිණි B-17 යානය විසින් ඇමෙරිකානුවන් දෙදෙනා සොයාගත් සෝවියට් උපකරණ පළමුව ඉවත් කරගන්නා ලදි.ඉන්පසු LeSchack සහ Smith යන දෙදෙනා රැගෙන යාමට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කෙරිණි.මෙම මෙහෙයුමේදී B-17 යානයේ Fulton Skyhook system පද්ධතිය ස්ථාපනය කර තිබිණි.
මෙහෙයුමට යොදාගත් විශේෂිත B-17 යානය(1962 මැයි)
Operation Coldfeet මෙහෙයුම සාර්ථක එකක් විය.සෝවියට් දේශයේ ආක්ටික් ගවේෂණ ක්‍රියාකාරකම් සහ අයිස් යටින් ගමන් කරන ඇමෙරිකානු සබ්මැරීන අනාවරණය කරගැනීමේ ධ්වනික පද්ධති ගැන වැදගත් තොරතුරු ඒ ඔස්සේ එක්සත් ජනපදය විසින් සොයාගෙන තිබේ.ඒ තොරතුරු අනුව යමින් ඔවුන් ආක්ටික් කලාපයේ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික තාක්ෂණයන් වැඩිදියුණු කරන ලදි.
සීතල යුද සමයේ එක්සත් ජනපදය ,සෝවියට් දේශයේ රහස් සෙවූ අයුරු හෙළිකරන මෙහෙයුම් හයක් සම්බන්ධව පළවූ ලිපියේ කොටස් සියල්ල පහත දක්වා ඇත.
යැංකි රහස් මෙහෙයුම් -4
යැංකි රහස් මෙහෙයුම්-3
යැංකි රහස් මෙහෙයුම්-2
යැංකි රහස් මෙහෙයුම්
යැංකි රහස් මෙහෙයුම් -4
යැංකි රහස් මෙහෙයුම්-3
යැංකි රහස් මෙහෙයුම්-2
යැංකි රහස් මෙහෙයුම්
Source:cracked.com
-HarshaLulzSec-