යැනීද_ලෝරල්ද

මට ඇහෙන්නේ


  • Total voters
    78

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යැනීද ලෝරල්ද? වෙනස - එකම වචනය දෙවිදිහකට ඇසීමේ අරුමය නිසා අන්තර්ජාලය කැළඹේ



ly.jpg








මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන ශ්‍රව්‍ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් යැනී හෝ ලෝරල් ලෙස දෙවිදිහකට ඇසීමේ සංසිද්ධිය ප්‍රසිද්ධවී තිබේ. මෙම වචනය උච්චාරණය කරන ලද හඬ පටය පරිගණකයක හෝ වෙනයම් යන්ත්‍රයක වාදනය කිරීමේදී
එකවර ඒ ආසන්නයේ සිටින දෙදෙනෙකුට දෙවිදිහකට ඇසෙන්නට ඉඩ තිබෙන අතර එකම වචනයක් දෙදෙනෙකුට හාත්පසින්ම වෙනස් දෙවිදිහකින් ඇසෙනුයේ ඇයිද යන්න ගැටලුකාරී වී ඇත. ඇතැම් විට එකම අයෙකුට වුවත් උදේට ඇසෙන්නේ යැනී ලෙස වුවත් රාත්‍රියට එයම ලෝරල් ලෙස ඇසෙන්නට හැකිය.


මෙම සංසිද්ධිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී යාමත් සමග ට්විටර් මාධ්‍යය තුළ පාඨක සමීක්ෂණයක් සිදුවූ අතර එහිදී ලක්ෂ 5 ක් එය අසා සියයට 53 ක් ලෝරල් ලෙස ඇසෙන බවටත් සියයට 47 ක් යැනී ලෙස ඇසෙන බවටත් දන්වන ලදි.


ශ්‍රව්‍ය විද්‍යා මහාචාර්ය බෙන්ජමින් මන්සන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් "යැනී" වැඩි සංඛ්‍යාතවලින් ශබ්දය ඇසෙන අයටත් "ලෝරල්" පහළ සංඛ්‍යාතයෙන් ශබ්දය ඇසෙන අයටත් ඇසෙන බව දක්වයි. ඒ අනුව තරුණ කොටස් වලට යැනී ලෙස ඇසීමට හා වැඩිහිටි අයට ලෝරල් ලෙස ඇසීමේ සම්භාවිතාව වැඩිවන නමුත් ඒ ඒ අයගේද ඉන්ද්‍රීය සංවේදීතාවයේ වෙනස මතද යැනී නැතිනම් ලෝරල් ලෙස ඇසෙන්නට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ ශබ්ද පරීක්ෂණ අනුව 20% කින් ස්වර අගයයන් ඉහළ පහළ දැමීමේදී මුලින් ඇසෙන වචනය වෙනුවට අනෙක් වචනය ඇසෙනුද වාර්තා කර තිබේ.


මින් කලකට ඉහත කාන්තා ගවුමක පැහැය විවිධ අයට වෙනස් ආකාරයක පෙනීම සම්බන්ධයෙන් ඇතිවුණ ආන්දෝලනයට සමාන අන්තර්ජාල පිබිදීමක් යැනීද ලෝරල්ද? යන සංසිද්ධිය ගැනද මේ වනවිට පැතිර තිබේ.

මෙම වචනය පිළිබඳ හාහෝව මුලින්ම ඇතිවූයේ 15 හැවිරිදි සිසුවෙකු ඉන්ස්ටග්‍රෑම් තුළ දැමූ පෝස්ටුවක් නිසාය.
Laurel නමැති ‘ජයග්‍රහණයේ පළඳනාව‘ අරුත ඇති වචනය ගැන ඔහු සොයා බලද්දී එම වචනය උච්චාරණය කරන පිටුවේ ඇසෙන්නේ මුළුමණින් වෙනස් වචනයක් වීම ගැටලු සහගත බවත් තමාට එය ඇසෙන්නේ Yanny ලෙස බවත් සිසුවා දන්වා තිබේ.
එම වචනය කියවන හරිම විදිහ ගැන සංවාදය බිහිවූයේ ඒ අයුරිනි.


පසුව එය යූටියුබ් රෙඩිට් හා ට්විටර් තුළ හරි කෝකදැයි විමසමින් එක් එක් අය පෝස්ටු දමමින් පැතිරිණි.

සිසුවා සොයාබැලූ වචනය උච්චාරණය කර පළව තිබෙන්නේ Vocabulary.com නමැති වෙබ් අඩවියේය. Jay Aubrey Jones නමැති ඔපෙරා ශිල්පියෙකුගේ හඬ එහිදී ඇසේ. එම වෙබ් අඩවිය ලක්ෂ දෙකක් පමණ ඉංග්‍රීසි වචන උච්චාරණය කර අන්තර්ජාලයට යොමුකර තිබෙන්නේ අධ්‍යයන කටයුතු කරන අයගේ පහසුවටයි.‍

Yanny or Laurel අන්තර්ජාල මත විමසුම ගැන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහසක් පළ කර ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ "I hear covfefe" ලෙස විහිළුවකි. (ඒ ඊට පෙර වසරේ ඔහුට ඈඳණු වෙනත් සිද්ධියකට අදාළ වචනයකි.)


කෙසේ වෙතත් බොහෝ අය දැන් තම පරිගණක තුළ මෙම වචනය එක් එක් අයට අසන්න සලස්වා එහි අරුමය විමසමින් සිටී. ඉහත පළවන්නේ අදාළ හඬ කොටසයි.
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,771
    8,096
    113
    Kotahena
    පරණයි බන්. ඕකත් නිකන් රනිල් ද ලප රත්නේද කියල ඇහුව වගේ. දෙකම එකයි
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    yanni kiyalane ban ahenne..sound adu karath wadi karath wenasak na..mokakda hari word eka?