යුද්දෙ කාලෙ කොලඹ....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යුද්දෙ කාලෙ කොලඹ....


    ඒ 1997 ඔක්තොම්බර් 15 වෙනිදා.වප් පෝය දවස.
    වෙලාව උදේ හතට විතර ඇති.
    හාල් මලු පුරවගත්තු සේ පෙනුනු කහපාට ටාට ලොරියක් ගලධාරි හෝටලේ රථගාලෙ පිවිසුම ආසන්නයෙ නවතිනව.
    හදිසීයෙ ආපු ලොරියට රථගාලට ඇතුලුවන්න මාර්ගබාධකය නො ඇරෙන්නෙ ආරක්ශක නිලධාරීන් තුන්දෙනාට යම් සැකයක් ඇතිවූ නිසා වෙන්න පුලුවන්.
    රථයෙන් බැහැගත්තු අයෙක් පැහැදිලි සිංහලෙන් මාර්ගබාධකය ඉවත් කරන ලෙස ආරක්ශක නිලධාරීන්ට දැන්වූවත් ප්‍රතිචාර පමා වෙනව.
    අවට සැඟවී හිටපු සිවිල් ඇඳුම් කිහිපයකට උඩින් අඳුරු පැහැ සටන් ඇඳුම් ඇඳගත්තු ආයුධ සන්නද්ධ මාරයො ක්‍රියාත්මක වෙන්නෙ ඒ මොහොතෙයි.
    විශ්‍රාමික අරක්ශක අංශ සාමාජිකයො වෙච්චි හෝටල් ආරක්ශකයො තිදෙනාම වෙඩි ප්‍රහාරවලින් මිය යනව.
    මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත්තු ත්‍රස්තවාදීන් සිව්දෙනා හතර අතේ වෙඩි තියත්දි ලොරි රථය ගලධාරි හෝටලය හා ලෝක වෙලඳ මධ්‍යස්තාන ගොඩනැගිල්ල අතර තාප්පයෙ හප්පා නවත්වන්නෙ මග ඇහිරූ මෝටර් රතයකුත් තලාදාගෙන.
    ලොරි රථයෙන් බැසගත්තු රියැදුරා වහාම සෙසු සන්නද්ධ පිරිස හා එක්වෙනව.
    මිනිත්තු කිහිපයකට පස්සෙ බෝම්බ ලොරිය පුපුරා යන්නෙ දැවැන්ත ශබ්දයක් නගමින්.පිපිරුම් හඬ කටුනායක,බියගම,පාදුක්ක වැනි ඈතින් පිහිටි ප්‍රදේශවලටත් දැනෙනව.
    අවට පිහිටි හෝටල්වල සිවිලිම් බිමට කඩන් වැටෙනව.විදේශ සංචාරකයො රාශියක් සිදුවීමෙන් තුවාල ලබනව .
    බෝම්බ පිපිරුමට මුවාවෙච්චි ත්‍රස්ත කල්ලිය ලෝටස් පාර දිගේ පලායනව.
    පිපිරීම විපරම් කරන්න ආපු කොලඹ සම්බුද්ධාලෝක විහාරයෙ විහාරාධිපති විතාරන්දෙනියෙ චන්ද්‍ර ජෝති හිමියන්ටත් ත්‍රස්තවාදීන් වෙඩි තියනව.කකුලට වෙඩි වැදිල බිම වටුනු උන්වහන්සෙ අපවත්වෙන්නෙ තවත් ත්‍රස්තයෙක් එල්ල කරපු අත්බෝම්බ ප්‍රහාරයකින්.
    කොලඹ ස්තානගත කරපු යුධ හමුදා ක්ශණික විහිදුම් යතුරුපැදි කණ්ඩයෙ සෙබලු සිද්ධිය වූ ස්තානයට කඩා වදින්නෙ ඒ මොහොතෙ.
    ධාවකයාගේ පිටට හේත්තුවෙන්න විරුද්ධ අතර සිටගත්තු සෙබලෙක් ත්‍රස්ථවාදීන්ට වෙඩි තියෙනව.වෙඩි පහර කෑ ත්‍රස්තවාදිය මැරී වැටුනු පසු ඔහුගේ බෝම්බ ඇඳුම පුපුරායන්නෙ එයටද වෙඩි ප්‍රහාර එල්ල වීම නිසා.තවත් ත්‍රස්තවාදියෙකුට වෙඩි වැදුනත් වෙඩි පහර කාගෙනම පලායනව.
    සෙසු ත්‍රස්තයන් පිරිස රේල් පාර මාරුවී ලේක් හවුස් කාර්යාලය දෙසට දුවනව.
    ත්‍රස්තවාදීන් ලුහුබැඳගිය යුධ හමුදා සෙබලෙක් ත්‍රස්තවාදියෙකුගෙ කමිස කොලරයෙන් අල්වා නවත්වාගන්න හදනව.
    ඔහු බෝම්බ ඇඳු සෙනග මධ්‍යයේ පුපුරාගන්න හදනකොටම සෙබල ක්ශණිකව වෙඩිතබා ත්‍රස්තයාව මරා දමනව.
    ඉතිරි ත්‍රස්තවාදීන් තිදෙනා ලේක් හවුස් කාර්යාලයට කඩාවදින්නෙ එහි සිටි විසි ගනනක් වූ සේවක පිරිස ප්‍රාණ ඇපයට ගනිමින්.
    ප්‍රහාරකයන් බීමට වතුර සොයත්දි එක ප්‍රාන ඇපකරුවෙක් පලාගොත් තත්වය ආරක්ශක අංශ වලට දැනුම් දෙනව.
    කටුනායක ස්තාපිත කරපු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශේෂ පුහුණුව ලබපු භටයො ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් සිද්ධිය වූ ස්ථානයට එවන්නෙ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට.
    සියලුදෙනා කොමාන්ඩෝ සෙබලුන්ගෙ පැමිනීම අපේක්ශාඑන් සිටිත්දි කොලඹ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් ගාමිණී ගුණසේකර,කර්නල් විකුම් සිරිවර්ධන,ලුතිනන් කර්නල් දීපල් සුබසිංහ ඇතුලු පිරිසක් ලේක් හවුස් ගොඩනැගිල්ල අසකට එනව.
    ලේක් හවුස් ගොඩනැගිල්ලෙ පිටුපස තියෙන ආරක්ශිත ප්‍රදේශයකින් සෙබලුන් කීපදෙනෙක් සමග ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ ගොඩ නැගිල්ල අසලට ලංවෙනව.
    ගොඩ නැගිල්ලෙ පිටුපස දොරෙන් සෙබලෙක් ඇතුලුවෙන්න හදනවිටම සිවිලිමේ ඉඳපු ත්‍රස්තයෙක් සෙබලවගෙලෙන් අල්ලල උඩට අදිනව.පොරකෑම අතරෙ සෙබල වෙඩි තියෙනව.කලබල උනු ත්‍රස්තවාදීන් තව තවත් ගොඩනැගිල්ල ඇතුලට පලායනව.
    ඒ අවසරයෙන් හිරවී හිටපු ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න භට පිරිස් සමත් වෙනව.
    ඉන්පසු ඔවුන් වහාම පසු බසිනව.
    මේ අතරෙ කැප්ටන් චින්තක දිසානායක යටතෙ කොමාන්ඩෝ සෙබලුන් විසි දෙනෙක් ලේක් හවුස් පරිශ්‍රයට එනව.
    මුදාගැනීමේ සැලසුමට ගොඩනැගිල්ලෙ සිතියමක් පවා නොවූ නිසා මුර කරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සෙබලු මෙහෙයුම දියත් කරනව.
    හමුදාපතිවරයාගේ අවසර ලැබුනු වහා සිව් දෙනෙකුගෙන් යුතු කොමාන්ඩෝ සෙබල කණ්ඩායමක් ගොඩ නැගිල්ලට ඇතුවෙනව.
    ඔවුන් පිටුපසින් ජාතික ආරක්ශක බලමුලුවට අයත් සෙබල කණ්ඩායමක් සථානගත වෙනව.
    කඩදාසි වලින් ආවරණිත ජනේල සහිත කාමරයකට සෙබලුන් ඇතුලුවත්ම ඔවුගේ මග ඇහිරූ ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ජැකට්ටුව පුපුරවා ගන්නව.
    පිටුපසින් පැමිනි කණ්ඩායම් නායක කපිතාන් වරය විසිවීගොස් සුලු තුවාල ලබනව.
    සෙබලුන් දෙදෙනෙක්.අඳුරු කාමරය තුල ඇද වැටෙනව.
    කර්නල්.සිරිවර්ධන වහාම ඔවුන් කාමරයෙන් ඉවත් කරගන්නව.කමාන්ඩෝ සෙබල නිශාන්ත එම මොහොතේම ජීවිතක්ශයට පත්වෙනව.
    තත්වය බැරෑරුම් නිසා කමාන්ඩෝ සෙබලුන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිනෙනව.
    ජේශ්ඨ කමාන්ඩෝ නිලධාරීන් වෙන ලුතිනන් කර්නල් සමන්ත සූරියබන්ඩාරත්,මේජර් රෝහිත විජේපාලත් සිද්ධොය වූ ස්තානයට එනව.
    මෙහෙයුම අලුතෙන්ම සැලසුම් කරනව.
    අත්බෝම්බ පුපුරවමින් සෙබලුන් නැවතත් ගොඩනැගිල්ල තුලට කඩාවදිනව.
    සෙබලුන්ගෙ පැමිනීම දුටු.ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ඇඳුම පුපුරවා ගන්නව.
    අතිත් ත්‍රස්තයා බෝම්බය පුපුරවාගන්නට හදත්ම සෙබලෙකු ඔහුට වෙඩිතබා මරා දමනව.
    සවස 5 පමණ වනවිට ලේක් හවුස් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ආරක්ශිත බවට ආරක්ශක අංශ සනාත කලපසු ත්‍රාස ජනක ජවනිකාව අවසන් වෙනව.
    ත්‍රස්තවාදයේ වෙඩ් පුපුරුවලින් ගිණියම් වෙලාතිබ්බ රටකට මේ පවතින නිදහස අත් උනේ අපි වගේම පණ ගැහෙන මිනිස්සු ලේ මස් වලින් කරපු කැපවීම් හරහා බව ඔබේ දරුවන්ට කියාදෙන්න.

    යුධ සමයේ තවත් කතා මේ යොමු හරහා කියවන්න
    https://m.facebook.com/photo.php?fb...set=a.345858776164835&source=48&ref=bookmarks
    https://m.facebook.com/story.php?story_fbid=346317272785652&id=100022221472421&ref=bookmarks

    https://m.facebook.com/story.php?story_fbid=350336699050376&id=100022221472421&ref=bookmarks

    https://m.facebook.com/photo.php?fb...set=a.345858776164835&source=48&ref=bookmarks

    https://m.facebook.com/story.php?story_fbid=359116034839109&id=100022221472421&ref=bookmarks

    https://m.facebook.com/story.php?st...ref=m_notif&notif_t=feedback_reaction_generic
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    bump රට ගිහින් ආධාර දෙන්න එපා කියපු එකා අගමැති වුනා.:baffled:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,510
    113
    සමහර නපුංසකයන්‍ට අනුව නොමග ගියපු අපේම උතුරෙ දරුවො කරපු දග වැඩක් බං. මුන්ගෙ නම් ලිස්ට් එක දුන්නනම් හරි අපේ බදු මුදල් වලින් උන්ගෙ පවුල් වලට වන්දි ගෙවන්න